IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මොරගහකන්ද සිඳෙයි - නටබුන් මතුවෙයි

(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර )
 
මේ දිනවල පවතින දැඩි  වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මොරගහකන්ද ජලාශයේ ජලය අනෙකුත් ජලාශවලට මුදාහැරීම හේතුවෙන් එහි ජලය සිඳී ගොස් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ ජලාශයට යටවූ ගම්මාන 12 ක් පමණ නැවත මතුවී තිබේ.
 
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල සීමාව අක්කර අඩි හාරලක්ෂ හටදහසක්ව පැවති නමුත් මේවනවිට ඉතිරිව ඇත්තේ අක්කර අඩි එක්ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සීය  අසූ දෙකක් පමණි.
 
ජලය සිඳී යාමත් සමඟ ජනතාව පදිංචි වී සිටි ස්ථානවල නිවාස නටබුන් රැසක් ජලයෙන්  මතුවීම හේතුවෙන් ප්‍රදේශවාසීහු බොහෝදෙනෙක් තම ගම්බිම් පැවති ස්ථාන දැකබලා ගැනීමට දිනපතා සිදීගිය මොරගහකන්ද ජලාශයට පැමිණෙමින් සිටිති. වියළී ඉරි තැලී ගිය අඹන්ගඟ ඉස්මත්තේ දිය නෑම සඳහා ද කිලෝමීටර් දෙකහමාරක් තුනක පමණ සිට ජනතාව පැමිණෙති. 
 
පසුගිය කාලයේ  මෙම ප්‍රදේශය නිවාස ගම්මානවල අඩි 40 ක ට ඉහළ ජල ධාරිතාවක් පැවති බවට මේ වනවිට නටබුන්වලින් දැකගැනීමට හැකිය. තවමත් තැන තැන ඇළ මාර්ග ඔස්සේ ජලය පවතින අතර කඳු ගැට, වියළී ගිය ගස් , එකල ජනතාව විවිධ දේ භාවිත කළ කොටස් මතුවී පෙනේ. පැරණි නාඋල මහියංගනය ප්‍රධාන මාර්ගයද, ඇතැම් පාලම් බෝක්කු ද, බුදු මැදුරු, බෝධීන් වහන්සේලා ද දැක ගැනීමට හැකි විය.
 
තම ගම්බිම් අතහැර ගියද නිසි පහසුකම් ලබා නොදීම නිසා  මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා ඇතැම් ජනකොටසක් සුඛ විහරණය ලැබුව ද තවත් කොටසක් අන්ත දුගී භාවයට පත්ව සිටින බවද, එහෙත් තම සිත්තැවුල ප්‍රකාශ කරන්නට අඩුම තරමේ මාධ්‍යකින් හෝ ඉඩක් නොලැබෙන බව ද ඩබ්ලිව්. එම්. එස්. විජේකෝන් (69) මහතා කියා සිටියේය. 
 
මේ වන විට ජලාශයේ ජලය පහළ ප්‍රදේශයේ ගොවිතැන් සඳහා  මුදාහැර තිබෙන බවත් අඹන් ගඟේ ජල ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය අඩුවී ඇති බවත් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී එම්. දයානන්ද මහතා පැවසීය.

 

 



අදහස් (12)

මොරගහකන්ද සිඳෙයි - නටබුන් මතුවෙයි

රජින්ද Tuesday, 16 July 2019 05:55 AM

නුගතුන් රටේ පාලනය බාර ගත්තම මෙහෙම දේවල් වෙනවා. මොරගහකන්දට වතුර පුරවන්න අක්කර දහස් ගානක වන විනාශයක් කළා. ඒවා අපේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් ඔය විනාශ කරපු වනාන්තරයට හරියන්න ජල මුලාශ්‍ර ටික රැකගන්නවත් එක අක්කරයකවත් වන රෝපණයක් කලේ නැහැ. කපන එකයි එලි කරන එකයි විතරමයි කලේ.ඔය මොරගහකන්ද පුරවන්න යාන්තන් හරි වතුර ටිකක් ගෙනාවේ නකල්ස් වලට පින් සිද්ධවෙන්න. අවුරුදු 70ක මේ රටේ දේශපාලනය අසාර්ථකයි. මේ වෙනකන් කරපු කිසිම දෙයකින් ප්‍රතිලාභයක් නැහැ. මහවැලිය කියන්නේ එක්තරා ආකාරයක සුදු අලියෙක් මහවැලියෙන් ඔය කියපු සංවර්ධනයක් මේ රටේ උනානම් හාල්,පොල්,අල,ළුණු ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර මේ රටේ හිග වෙන්නේ කොහොමද?

:       205       706

rrerThursday, 18 July 2019 02:17 AM

වසර 35 කින් නිම ක‍රන්න යෝජනා කරපු මහවැලි යෝජනා ක්‍රමය අපේ ඉංජිනේරුවරු නැතුව පිටරටින් ඉංජිනේරුවරු ගෙනැල්ලා වසර 7කින් නිමකර අපි එපා කියද්දී... මොකද වසර 35කට මැතිණියගේ පාලන යුගයේ හැදුවේ පරිසරයට වන හානිය අවම කරමින් මහවැලිය නිමකරන්න රටේ සල්ලි වලින් 77 පාලකයෝ කඩිනම් මහවැලිය කියල පිටරට ණය අරන් එ්කෙන් කොමිස් ගහලා කරපුවගේ පවා අද අපි ගෙවනවා. ඕක කරපු පාලකයකුගේ පුතෙක් අද ඉන්නවා පාර්ලිමේන්තුවේ... ඒ පුත්තු පිටරටවල ගිහිල්ලා සැප අරගෙන ඇවිල්ලා ඉන්නේ.. එම මුදල්වලින් තමයි.

:       0       225

isurandi Tuesday, 16 July 2019 07:48 AM

මේ කාලකන්නි ශතවර්ෂය ගෙවෙනකන් ඔහොම තමයි. කාලකන්නි මිනිස්සු ඉන්නකම් මේ රටට සෙතක් නැහැ. ස්භාවධර්මයා පවා කම්පාවෙලා ඉන්නේ.

:       2       52

Maaraya Tuesday, 16 July 2019 07:50 AM

මුළු රටම ඉරි තලලා තියෙන්නේ කොන්ද පණ නැති මිනිස්සු ඉන්නකල් ඉරි තලලම තියේවි

:       2       75

shan Tuesday, 16 July 2019 08:06 AM

කිසිම අත්‍යවශ්‍ය හේතුවක් නැතිව ප්‍රධාන මාර්ගයක් තිබියෙදී විල්පත්තුව මැදින් මුදල් උපයීමේ උවමනාව මත වැසි වනාන්තරය වනසා මහා මාර්ගයක් තනා එම වනාන්තරයේ තිබු සියලු වෘක්ෂලතා සියල්ල කපාවිනාස කර පසුව තවත් කණ්ඩායමකට නිවාස ඉදිකිරීමට රක්ෂිතය ලබාදී අක්කර 2500 වඩා වනාන්තරය විනාශ කල අපේ රටේ නායකයන් සිටින කල රටේ මෙවැනි දුර්භික්ෂයන් මෙටත් වඩා දරුණුවට පැමිණීම අප බලාපොරොත්තු විය යුතුය එන්න එන්නම දේසපලකයන් හා ඔවුන්ගේ පරම්පරාවල උන් මෙන්ම ඔවුන්ගේ හෙන්චයියන් විසින් ලංකාවේ වැසි වනාන්තර නීති විරෝධීව අත්පත් කරගන රටේ ජල පෝෂක පිහිටි බිම්වල සියලු වෘක්ෂලතා කපා දමා හෝටල සහ ඔවුන්ගේ නිජබිම් නිවාස තැනීම යහමින් සිදු වේ තව නොබෝ කලකින් රටේ සියලු ගොවි බිම් විනාස වන අතර බීමට ජල බිදක් නැතිවීම කිසිවෙකුට නතර කල නොහැක වැසි ජලය රදවා ගැනීමට කිසිම ජලාශයක් අලුත්වැඩියා නොකර ලැබෙන ජල බිද පවා මුහුදට යවමින් මේ කරන විනාසය නිසා වර්ෂාවෙන් මස 3 යනවිට සියලු ජලාශ සිදී සතෙකුට බොන්නවත් ජල බිදක්ය නැතිවනු ඇත මේ රට නුදුරේදීම කාන්තර සහිත මුඩු බිමක් වනු නොවනුමානය රටේ මෝඩ ජනතාවට බොරු කියමින් තම ප්‍රතිරුප හදාගන්නා දේසපාලකයන් නිසා රට විනාස වේ

:       1       172

HettigamageTuesday, 16 July 2019 09:07 AM

සහතික ඇත්ත . ඔබ කදිමට විස්තර කරලා තියනවා ..තව මිට එකතුකරන්න ඕන මේ සියලු විනාශ වලට වගකියන්න ඕන ප්‍රධානතම කෙනා තමයි හැම දේම දැනගෙනත් බයේ ගුලිවෙලා ඉන්න කොන්ද පන නැති නිවට නියාලු මහජනතාව , යකෝ ඕව කරනකොට හැමදෙනාම එලියට ඇවිල්ල හමුදාවට පොලිසියට බය නැතුව විරෝධය පලකරලා මහපාරේ බුදියගෙන හරි ඔය වනාන්තර විනාශකරන උන්ට යන්න එන්න නොදී මේවට විරුද්ද වුනා නම් ඕව කරන්න බැහැ. මොකද හැමෝටම වෙඩි තියන්නද , එතකොට ලෝකෙම අවධානය යොමු වෙනවා ..මෙහෙමයි කෙන්යාව වගේ රටවල මිනිස්සු ඉතිරිවෙලා තියන වනාන්තරයවත් රැකගත්තේ ..එකට අපේ ඉන්නේ පුදුම නිවට ජනතාවක්.

:       0       1

kolanboss Tuesday, 16 July 2019 08:29 AM

තව අවුරුදු 1000කින් විතර අපේ උන් ඔය නටඹුන් නිදන් හොයන්න හාරයි .

:       1       11

shantha Qatar Tuesday, 16 July 2019 08:34 AM

මේ ලඟදි මම දැක්ක වික්ටෝරියා හිඳිලා නටබුන් මතු වෙලා , ඒ වෙලාවේ අවංකවම කඳුළු ආව ඇස දෙකට. මේ වගේ අපරාද කරන්න එපා.( ප්‍රතිලාභ තියෙනවනම් මහවෙලියෙන් හාල්,පොල්,අල,ළුණු ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර මේ රටේ හිග වෙන්නේ කොහොමද? ) සම්පූර්ණ ඇත්ත.මේකෙන් අපිට නම් උනේ අපේ දෙමව්පියන් නෑදයන් ගම්මු ඈත වුන එක විතරයි . සමහර මිනිස්සු ලෙඩ හැදිලා( මැලේරියාව ) මැරිලා ගියා. උපන් දා ඉඳල නොකා නොබී හරි සතුටින් හිටිය ගම අපෙන් ඈත කලා. කවුරු කලත් මේවා දුර දිග නොබලා කරපු අදූරදර්ශී ව්‍යාපාර.

:       4       73

de silva Tuesday, 16 July 2019 09:49 AM

කැලේ කපා හැමෝටම නිවාස හදාගන්න කියලා හැමෝටම අක්කර භාගය බැගින් සහ මුදල් දෙන්න එපා, කරුණාකර රජය මගින් තට්ටු නිවාස ඉදිකරන්න ඉන්පසු නිවාස නොමැති අඩු ආදායම් ලාභී පුද්ගලයන්ට, අඩු කුලියකට එම නිවාස දෙන්න, එම මුදල් වලින් පුළුවන් එම නිවාස ව්‍යාපෘති නඩත්තු කරන්න, දැන් තිබෙන ක්‍රමය අනුව හැමෝම ඉඩම් කැබැල්ල බැගින් ලබාගෙන පසුව විකුණලා දමනවා. බොරුවට කැලේ කපනවා ඉන්පසු වැස්ස නැත .

:       0       6

amila Tuesday, 16 July 2019 10:10 AM

ජල විදුලියෙන් යැපෙන්න තරම් ප්‍රමාණවත් වැස්සක් ඉදිරියේදී ලැබෙන එකක් නෑ මේ ගස් කපන විදියට. න්‍යෂ්ටික බලාගාරයක් මුහුදේ ඉදි කිරීම තමයි හොඳම විසදුම.

:       0       3

SL Tuesday, 16 July 2019 11:15 AM

තවත් කඳුකර ජලමුලාශ්‍ර කපන්න. දැන් තියෙන්නේ තව ටිකයි. ඒකත් විනාශ කරල. මේ පාර වෙන බලවේගයකින් හරි එකතුවෙලා මේ ඉන්න 225 ගෙවල් වලට යවන්න ඕනේ. සංවර්ධිත රටවල නායකයින් තමන්ගේ පරිසරය රැකගන්න කරන දේවල් දැක්කහම දුක හිතෙනවා.

:       0       12

Hafeel Tuesday, 16 July 2019 12:08 PM

උත්සවයක් පවත්වමින් මේක බලන්න ගියොත් පුදුමයක් නොවේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site