IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මියන්මාර හමුදා පාලනයට විරුද්ධව විරෝධතාවයක්


(ළහිරු හර්ෂණ)

මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළකරමින් හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මල් පාරේ පිහිටි  මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද(10) මියන්මාර ජනතා සහයෝගිතා කමිටුව විසින් විරෝධයක් පැවැත්විණි.



අදහස් (13)

මියන්මාර හමුදා පාලනයට විරුද්ධව විරෝධතාවයක්

බද්රානි Wednesday, 10 March 2021 09:45 AM

රෝහීන්ග්‍යා ජනතාව සාහසික ලෙස ඝාතනය කරමින් ඔවුන් එරටින් පන්නා දමා සමෘධිමත් රටක් පැතූ මියන්මාර ජනතාවට දැන් තමයි ඔවුන්ගේ මිලේච්ඡ බවට නියම පිළිතුරු ලැබී තිබෙන්නේ... බහුතරයක් වූ පමණින් කෙරුමුන් යයි සිතා සුළුතරය පාගා දමා නැගිටීමට වෙර දරන කවර ජාතියකට හෝ අවසානයේ අත්වෙන ඉරණම තමයි මේ... රටේ ජීවත් වෙන සියලුම පුරවැසියන්ට නීතිය සමාන ලෙස ක්‍රියාත්මක නොවීම හා ජනතාව නීතිය අතට ගැනීමේ බිහිසුණු ප්‍රතිඵලය තමයි මේ... මෙවන් ජාතියකට කෙතරම් සශ්‍රීක භූමියක් තිබුණත් ඔවුන්ට එයින් ප්‍රයෝජනයක් නැත. ජනතාවගේ හැටියටම ඔවුන්ට සුදුසු පාලකයින් පත්වී ඇත. මෙතන මේ උද්ඝෝෂණය කරන්නෙත් මියන්මාර් වර්ගයේ ලේ පිපාසිත වූවන්ම වෙන්න ඇති... ස්වභාව ධර්මයේ නීතිය ඉතාම සාධාරණයි...!!!

:       39       23

YohanThursday, 11 March 2021 06:30 AM

එසේ නම් දෙවියනි, අහිංසක රටවැසි මිනිසුන් කෝටි ගණනක් මරා දමමින් ලොවටම පිළිලයක් වූ ඇමරිකානුවන්ටත්, තම යටත් විජිත යැයි පවසා කෝටි ගණනක් මිනිසුන් අමු අමුවේ මරාදමා ඔවුන්ගේ ධනය පැහැරගත් යුරෝපා රටවලටත් මෙවන් ප්‍රමාණයෙන් කෝටි ප්‍රමාණයක් ඵල ලැබේවා..!!!

:       5       6

SamanThursday, 11 March 2021 07:55 AM

අනේ හලෝ දැන් කාටද එතකොට අසාධාරණ ඉල්ලීම් ලැබිලා තියෙන්නේ... මිනී වළලන්න, නූර්කා අඳින්න, බහු විවාහ... මේ හැමදේම ලැබිලා තියෙන්නේ බහුතරයකටද?

:       5       5

බද්රානිThursday, 11 March 2021 11:59 AM

යොහාන් හා සමන් කියන දෙදෙනාටමයි මේ ලියන්නේ.., සීනිගම දේවාලේ පැත්තේ ගිහිල්ලා ඇමරිකාවට හා යුරෝපයට වස් වදින්න කියලා පොල් ගහලා මිරිස් අඹරන්න වෙන්න ඇති මේ හදන්නේ? අනේ අපේ රටේ මෙහෙමත් මෝඩයින් ඉන්නවානේ... ඇමරිකාවට හා යුරෝපයට මොන හෙනයක් වත් නැහැ. වැදෙන්න තියන හෙන 07ම වැදී කාටද කියලා දන්නේම නැහැ වගෙයි කතා කරන්නේ... දැන් ඔය සමන් කියන විදිහට සුළුතරයට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීමට සිදුවී තිබෙන්නේ.., ඔවුන් මේ රටේ මහා ජාතියට වඩා හැම අතින්ම ප්‍රබල නිසයි. සිංහල පාලකයින් මෝඩ සිංහලයාට කොකා පෙන්නුවාට, මේ රටේ ජීවත්වන සුළු ජාතීන් බුද්ධිමත්, ඔවුන් සමග සෙල්ලම් බැහැ. දෙකට නැවී හතරගාතෙන් පාලකයින්ගේ කකුල් සිඹින ඡන්ද දායකයින් දෙමළ හා මුස්ලිම් පක්ෂවල නැහැ. අනික, ඒ පක්ෂවල දේශපාලකයින් හොරු නොවෙයි. ඔවුන්ගේ ජනතාවට ආදරය කරන පිරිසක්. අලි සබ්රි හා ශාක්ඛ්‍යන් හා සුමන්දිරන් වැනි උගත්, බුද්ධිමත්, වැදගත් ලෙස නිර්භීතව කතා කරන එක සිංහල මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවාද? පුහු කයිවාරු කාරයින් නම් ඉන්නවා තොග පිටින්..?

:       1       7

අනාපුරෑනා Thursday, 11 March 2021 03:28 AM

ලංකාවේ ජුන්ටාලා ගැන කථා නැහැ, කොහෙවත් ඉන්න මියන්මාර් ජුන්ටාවකට කෑ ගහනවා. මේ අයට පොල් කෝම්බවලින් ගහන්න ඕනෑ..

:       4       7

SamanThursday, 11 March 2021 07:56 AM

ලංකාවේ විදේශ ඇමැති මියන්මාර් හමුදා රජයට නිල පිළිගැනීමක් දෙන්න හදනවා... සමුළුවකට ආරාධනා කරලා. ලෝකෙම රටවල් ඒක පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

:       2       4

kasun Thursday, 11 March 2021 03:56 AM

අනුන්ගේ රටවල්වල කෙහෙල්මල් වලට කළින් මේ රටේ තියන අසාධාරණකම්වලට විරුද්ධව උද්ඝෝෂණය කරපන්..

:       4       15

qatar sitaThursday, 11 March 2021 06:50 AM

අනේද කියන්නේ? අඩුම තරමේ රට විරුවන්ට වෙන අසාධාරණය වෙනුවෙන් කෑගහන්නකෝ.. අපි මෙහේ ලංකාවට එන්න බැරිව දඟලනවා.

:       1       2

SamanThursday, 11 March 2021 07:58 AM

මියන්මාරයේ හමුදා පාලනේ ලෝකෙම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ව පිළිගන්නේ නැහැ නිල වශයෙන්.. අපේ රටේ රජය, ඒ අයව නිල පිළිගැනීමකට ලක්කරන්න හදනවා. ලෝකෙම අපවාදයකට ලක්කරනවා ලංකාව. එතකොට මේක ලංකාවේ ප්‍රශ්නයක් තමයි.

:       3       4

විජිත් Thursday, 11 March 2021 10:39 AM

මුළු ලෝකයම පිළිකුලෙන් යුතුව හෙලා දකින මේ මියන්මාරයේ මිලිටරිය ගැන, ඔබ සැම පමණක් නොව මුළු ලෝකයේම අවධානය යොමුවී ඇති ඉතාම සංවේදී මොහොතක අපේ රටේ මැටිමෝල් විදේශ අමාත්‍යාංශය කරලා තියෙන දෙයක් ගැනයි මම මේ කියන්නේ. අපේ රටත් ඇතුළුව අවට රටවල් 7 ක් එකතුවෙලා චූටි සහයෝගිතා සංවිධානයක් හැදුවා BIMSTEC කියලා. මේ සියලුම රටවල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති රටවල් 7 ක්, ඒ වගේම මියන්මාරයත් ඒ අතරේ සිටිනවා. තවදුරටත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ඒ බව චූටි ළමයි පවා දන්නා දෙයක්. නමුත්.. අපේ රටේ විදේශ අමාත්‍යාංශයේ සිටින බුද්ධි හීන මෝඩයින් විසින්, මියන්මාරයේ මිලිටරියට ලිපියක් යවලා මේ අවුරුද්දේ අපේ රටේ පවත්වන BIMSTEC සමුළුවට සහභාගී වෙන්න කියලා. ලැජ්ජයි...මුළු ලෝකයම පිළිකුලෙන් හෙලාදකින.., මිනී මරණ ... තුච්ඡ හමුදා පාලනයක් සහිත මියන්මාරයේ හමුදාව සමග අපේ රටේ රජයට ඇති සම්බන්ධය කුමක්ද...? ඊයේ සමාජ මාධ්‍යවල මේ ගැන මුළු ලෝකයෙන්ම අපේ රට විවේචනය කළා. හෙලා දැක්කා. හිතන්න මොලයක් නැති මේ මෝඩ ගොබ්බයින්ට අපේ රටට ඇතිවූ අපකීර්තිය වටහාගන්නවත් හැඟීමක් නැතිව ඇති...

:       1       5

පිටරැටියා Thursday, 11 March 2021 01:41 PM

ලංකාවේ ඉන්නේ විදේශ ඇමතියා මොලේ උඩ ඉන්න කෙනෙක් කියලා ලෝකෙටම පෙන්නුවා. තාත්තා බොරලුගොඩ සිංහයා වුණාට පුතා නම් ඒ වගේ නැහැ.

:       1       3

sorisenaFriday, 12 March 2021 03:49 AM

පුතා බොරළුගොඩ පිම්පියා..!!!

:       0       1

Ratawiruwa Wednesday, 17 March 2021 08:52 AM

රටේ ආරක්ෂාව වගේද එක්කෙනෙකුට කැපෙන 1000?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site