IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මිනිසුන් හැර නොයන බකමූණා

(උපුල් තම්මිට)

බකමූණා ජනවහරේ හැඳින්වෙන්නේ දිවා කාලයේ ඇස් නොපෙනීම හේතුවෙන් නිද්‍රාවෙන් ගතකරන බවත් රාත්‍රීය එළඹීමත් සමඟ දඩයම් සොයා පියාඹා යන බවත්ය.

නමුත් ඒ න්‍යාය පුස්සක් කරමින් දිවිගෙවන බකමූණෙකු මහවිලච්චිය වනජීවී අඩවි කාර්යාලයේදී දැකගැනීමට හැකිවිය.

මීට මාසයකට පමණ පෙර තලාව ප්‍රදේශයේදී  තුවාල වී සිටි මෙම බකමූණා තලාව වනජීවී නිලධාරීන් විසින් අනුරාධපුර පණ්ඩුලගම පිහිටි වනජීවී පශුවෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා වෙත භාර දීමෙන් අනතුරුව සති දෙකක පමණ කාලයක් ප්‍රථිකාර ලබා දීමෙන් පසුව නැවත වනයට මුදාහැරීම සඳහා මහවිලච්චිය වනජීවී කාර්යාලයට භාර දී තිබේ.

එහි වනසත්ව අඩවි ආරක්ෂක ජයවීර මහතාගේ අධීක්ෂණය මත සුවය ලබා සිටි බකමූණා නිදහසේ ජීවත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබියදීත් වනාන්තරය ප්‍රතික්ෂේප කරමින් නිරන්තරවම වනජීවී අඩවි කාර්යාලය ආසන්නයේම රැඳී සිටිමින් වනජීවී නිලධාරීන්ගේ සත්කාර ලබමින් ජීවත් වීමට පුරුදුව සිටී.  දිවා කාලයේදී සාමන්‍ය පක්ෂීන් මෙන්  ඇහැරී සිටින බවත් ඇදිරි වැටෙත්ම නිදාවැටෙන බවත් ඒ මහතා පවසයි.

කුසගින්න ඇතිවූ විට වනජීවී නිලධාරීන් අසලට පැමිණිමට පුරුදුව සිටින මෙම බකමූණා වනජීවී නිලධාරීන් ලබාදෙන මත්සයෙකු හැරෙන්නට වෙනත් කිසිඳු දෙයක් ආහාරයට නොගන්නා බව පවසන වනජීවී අඩවි ආරක්ෂක ජයවීර මහතා තම කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමක එම්.බී.විජිත මහතාට දැඩි ලැදිකමක් දක්වන බව සඳහන් කර සිටියේය.

 

 

 



අදහස් (15)

මිනිසුන් හැර නොයන බකමූණා

Champa Sunday, 12 July 2020 02:36 PM

ස්තුතියි ලස්සන පින්තූර ටිකට... සත්තුත් තමන්ට වඩා හිතකර පරිසරයට අනුවර්තනය වෙනවා.

:       2       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 July 2020 07:44 PM

හරිම අපූරු සුන්දර පුවතක්.. මේ සතාගේ මූණ දැක්කම ආදරේ බෑ.. වනාන්තරයේ හුරුපුරුදු වුණත් මේ කරුණාවන්ත හිත් ඇති සුන්දර මිනිසුන් දමා වනයට යාමට මේ සතාට දැඩි අකැමැත්තක් ඇති.. සතා සිවුපාවා වුණත්, ආදරය කරුණාවට මොන තරම් කැමතිදැයි මෙයින්ම හොඳ හැටි ඔප්පු වෙනවා. මේ සුන්දර මිනිසුන් මේ සතාට දැක්වූ කරුණාව නිසා මේ සතාට ඔවුන්ව දාලා යන්නට සිතක් නැහැ. ඇත්තටම වනජීවී එකට, සිවිල් ආරක්ෂක බලකායට මෙවැනි සුන්දර හිතැති මිනිසුන් සිටිනවා නම් එය මොනතරම් භාග්‍යයක්ද? නැවතත් මා මේ කියන්නේ මේ සතාගේ දුකට පිහිට වූ ඔබතුමන්ලාට අනේක වාරයක් ස්තුතියි. මේ සතා හොඳින් රැකබලා ගන්නවාට නැවතත් ස්තූතියි. වනසතුන්ට පුඩු අටවන, වෙඩි තබන, හක්ක පටස් තියන මෙවන් රටක මේ වැනි සත්පුරුෂයන් දැකීම ඉමහත් වාසනාවක්..

:       0       105

පූජා Sunday, 12 July 2020 10:09 PM

අනේ, බකමූනු යාලුවේ, 3වෙනි, පින්තූරයේ, ඔයා ඉන්න විදිහ බලනකොට මට මේ අදහස හිතට නැඟුනා. මයුර සංදේශය, තිසර සංදේශය, පරෙවි සංදේශය සැළලිහිණි සංදේශය, කෝකිල සංදේශය, ගිරා සංදේශය, නීල කොබෝ සංදේශය, කහකුරුලු සංදේශය, සැවුල් සංදේශය මෙකී නොකී සංදේශ වලින් පනිවිඩ හුවමාරැ කරගත්තේ, නවීන පහසුකම් නොමැති අතීතයේ. ඒත් අද කාලයේ, මෙතරම් අති නවීන පහසුකම් වලින් පිරුන ලොවක සමහරු, ගොලුවන් බිහිරන් සේ ඉන්නේ ඇයිදැයි මට නොතෙරේ.. කොරෝනා මාරයා ඉදිරියේ වික්ශිප්ත වී සිටින අපගේ අනිත්‍ය ජීවිතය ගැන කුමන ගැරන්ටියක්ද..?

:       0       130

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 14 July 2020 10:47 AM

පූජා, මටනම් ආදරයක් වගේම සතුටකුත් ඇති වෙනවා මේ සුරතල් මූණ දැක්කම... බකමූණෝ හ්ම්... හ්ම්... මෙයා මේ වගේ වුණාට වෙනත් රටවල අය මීට වෙනස්. මම නම් ආසම මේ තද කහපාට බෝල රවුම් ඇස් දෙකට. ඒකෙ මැදට කළු තිත් ආවම පුදුම ලස්සනක් තියෙන්නේ. හොටයි, මුහුණ පිහාටු ඇතුළු සියලුම අංග සමහර වෙලාවට සිතට ගෙන දෙන්නේ බියමුසු හැඟීමක්. ඒත් තමන්ට බෙහෙත් කරපු මාමලාව දාලා යන්න දුකක් මේ බකමූණු හිතේ ඇති. තමන්ගෙ පරපුරට වඩා මෙයා මිනිස් පරපුරට ආස වගේ ඉන්නේ මේ මාමලා කරුණාවන්ත වුණා මිනිස් පරපුර ඒ හැටි මෙයා දන්නේ නැතිව ඇති සමහරවිට මට හිතෙන්නේ... මෙයාට තමන්ගෙ පරපුරෙන් මොකක් හෝ ලොකු අකරතැබ්බයක් වෙලා තුවාල වෙන්න ඇති. ඒ නිසා ගෙදර යන්න අකමැති ද දන්නෙත් නැහැ. කොහොම වුණත්... මෙයාව සුවපත් කරපු, මෙයාව බලාගන්න්නා සංවේදී හිතැති මේ මහත්වරුන්ට අහිංසක සතා වෙනුවෙන් අනේක වාරයක් ස්තුතියි...

:       0       130

[email protected] Monday, 13 July 2020 04:23 AM

තවත් අනාථයෙක්... අපි සාමාන්‍යයෙන් පක්ෂීන් වර්ගීකරණය කරද්දී බකමුනන් එකතු කරන්නේ නිශාචර පක්ෂීන් අයිති කුලකයටයි. හැබැයි... මේ විශේෂ කේස් එකක්. මට පෙනෙන හැටියට මේ හාදයා ටිකක් ඇට්ටර එකෙක්. කැලෑවේදී කාත් එක්කහරි ගෝරියක් දාගෙන මදි නොකියන්න කාලා කැලෑවෙන් එලියට පැන්න, පන බේරාගන්න. ඒක තමයි කැලෑවේ නිතිය. ශක්තිවන්තයා ජය ගන්නවා. වනජීවී මහත්තුරුන්ට අහුවෙලා බෙහෙත් දාලා.

:       1       202

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 14 July 2020 10:57 AM

විජිත්, මටත් හිතෙන්නේ මෙයා තමන්ගෙ වර්ගයා අතර මොකක් හෝ ගෝරියක් දාගෙන කොටාගෙන තුවාල කරගෙන පැනලා එන්න ඇති සමහරවිට. කට්ටිය වටකරන් කොටපු එක මතක් වෙනකොට බෙහෙත් දාපු වනජීවි මාමලා තමන්ගෙ වර්ගයාට වඩා හොඳයි කියලා හිතෙනවා ඇති ... පවු නේද ? වෙලාවකට දුකත් හිතෙනවා . අහිංසක සත්තු. ඒත් ඉතිං මාළුවෙක් දෙන්නෙක් කාලා මේ මාමලාගේ ආරක්ෂාව යටතේ මෙහෙම ඉන්න එකත්, එයාට ලොකු සතුටක් ගෙන දෙනවා ඇති. ඒ වගේම නිශාචර පුරුද්ද වෙනස් කොට ලෝක වාර්තාවක් තියන්න හදනවා ද දන්නෙත් නැහැ නේද .. ?

:       0       101

saminda Monday, 13 July 2020 05:02 AM

සතුන් තමන්ට ආදරේ කරන කෙනෙක්ට ආදරෙයි.

:       0       72

Akila Monday, 13 July 2020 09:10 AM

මේකාව උකුස්සෙක් වගේ පේන්නේ මට විතරද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 10:46 AM

මෙය විශ්මය දනවන, එහෙත් කලාතුරකින් සිදුවිය හැකි සත්‍ය පුවතක්.. සාමාන්‍යයෙන් බකමුණා නිශාචර අයෙක්.. එසේ වුවත්, මේ සතාට සිදුවූ තුවාල සුවකොට සාත්තු කිරීම නිසා එම සතා මේ කරුණාවන්ත සිත් ගැන පැහැදෙන්න ඇති යැයි සිතන්නට පුළුවන්.. ඒත් පුදුමය කියන්නේ කැලයට ඇතහැරියා වුණත් ආපහු මිනිස් වාසයට පැමිණියේ ඔවුන් දැක්වූ කරුණාව නිසා නොවෙයිද? මේ සුන්දර සතුන් මෙසේ ආදරයෙන් රැකබලා ගන්නා අය බොහෝ විරලයි. එසේ කළ මේ සොඳුරු සංවේදී සිත් ඇත්තන්ට අපගේ ස්තූතිය..

:       0       25

සමන්ති Monday, 13 July 2020 03:04 PM

ඔය රූපවල ඉන්නේ උකුස්සෙක්.. බකමූණෙක් නොවෙයි...

:       22       0

කපිල Tuesday, 14 July 2020 03:11 AM

බොහෝරටවල බස්සන් ගෙදර හුරතලයට ඇති කරනවා. අපේ මිනිස්සු මෝඩ විශ්වාස නිසා මේ අලංකාර අහිංසක සතුන් කොන් කරනවා.

:       0       12

පූජා Tuesday, 14 July 2020 04:45 AM

මේ බකමූනු යහලුවා, 3වෙනි ෆොටෝ එකේ ඉන්න හැටි බලන්නකෝ... හරිම හොර පාටයි. මොකක්දෝ හිතේ තියාගෙන ඉන්නවා වාගෙයි. ඒ අපිට පේන හැටිද මන්දා... අපේ සමහර අයත් එහෙමනේ... හිත ඇතුලේම තියාගෙන ඉන්නවා.

:       0       112

විජිත් Monday, 20 July 2020 04:47 PM

පුජා,මම මුලින්ම කිවේ මේ හාදයා හරිම ඇට්ටර එකෙක්. ගෝරි දාගෙන මෙහෙට පැනලා . දැන් කෑම ටිකත් ළඟටම ලැබෙනවානේ...

:       0       112

පූජාTuesday, 21 July 2020 06:09 AM

ඔය කියන තරම් මෙයා ඇට්ටර නැහැ....තිරිසන් සතෙකු උනත් කෙලෙහිගුන දන්න සතෙක්.... ඇට්ටර කියල හිත හදා ගන්නවා හැර වෙන කුමක් කරන්නද.?. මෙයාව බලාගන්නෙත් විජිත කියලා කරුනාවන්ත කෙනෙක්.... හැම විජිතලාම එක වාගේ නැහැ.

:       0       112

විජිත්Tuesday, 21 July 2020 11:19 AM

පුජා.... " විජිත් " කියන හාදයා කරුණාවන්ත නැතුව ඇති නේද...?

:       0       111

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site