IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මිනිසුන් ඈත් වෙද්දි පරිසරය ප්‍රබෝධයෙන් ඇළලෙයි

 

(ශාන්ත චන්ද්‍රසිරි)

කොරෝනා වයිරසය පැතිරීයාමේ අවධානම හේතුවෙන් මාසයකට අධික කාලයක් රට පුරා පැවැති ඇදිරි නීතිය හමුවේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් හා ජනතාවගෙන් හුදකලා වු නුවරඑළිය, කන්දේඇල ජලාශය අවට පරිසර පද්ධතිය අන් කවරදාවටවත් වඩා සුන්දර ලෙස මේ දිනවල දැකිය හැකි බව උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.

නුවරඑළිය නගරයේ සිට හෝර්ටන්තැන්න වනෝද්‍යානය හා අඹේවෙල නවසීලන්ත සත්ත්ව ගොවිපල දැක බලා ගැනීමට දිනකට විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් ගමන් කරනු ලබන ප්‍රධානම මාර්ගයේ පිහිටි කන්දේඇල වනෝද්‍යානය, කන්දේඇල ජලාශය අවට පරිසර කලාපය සහ අඹේවෙල ගොවිපල ආශ්‍රීත ප්‍රදේශත් වෙනත් වසරවල අප්‍රේල් මාසයේදි දහස් ගණනක දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් නිරන්තරයෙන් සැරිසරණ ප්‍රදේශයක් බවද ඔවුහු පෙන්වා දෙති.

කන්දේඇල වනෝද්‍යානය හා කන්දේඇල ජලාශයත් අඹේවෙල නවසීලන්ත සත්ත්ව ගොවිපලත් අවට පරිසර කලාපය අධික වාහන ශබ්දයත්, වාහනවලින් පිට කරනු ලබන අධික දුමත්, විශාල පිරිසක් ගැවසීමෙන් හේතුවෙන් මෙසේ අන් කවරදාවටත් වඩා එම ප්‍රදේශ සුන්දර වී ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.

රට තුල පැන නැගුන හදිසි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශය මසකට අධික කාලයක් මෙසේ ජනශූන්‍ය කලාපයක් බවට පත්ව තිබේ.
 



අදහස් (9)

මිනිසුන් ඈත් වෙද්දි පරිසරය ප්‍රබෝධයෙන් ඇළලෙයි

N. K. A. Weerasinghe Saturday, 18 April 2020 09:02 AM

පරිසරය මිනිසා නිර්මානය කරන්නා සේම විනාශ කරන්නත් වෙයි. පරිසරයට ආදරය දක්වද්දී අපට පරිසරය ලබාදෙන දේද බොහෝ වෙයි...

:       42       168

පුජා Saturday, 18 April 2020 09:15 AM

හරිත වර්ණයෙන් ,බැබලෙන පරිසරය මොනතරම් සුන්දර දර්ශනයක්ද.? මිනිසා නමැති සත්වයාගෙන් මදකට හෝ මිදුන මිහිකත, ස්වභාව ධර්ම මාතාවගේ තුරුලේ නැලවෙමින්, සැනසුම් සුසුම් හෙලන, අතිශය සුන්දර වූ ඒ අසිරිමත් දර්ශන පෙළ සැමදාටමත් බැලීමට තරම් අප වාසනාවන්තයෝ වෙම්ද ..?

:       0       250

rana Saturday, 18 April 2020 09:52 AM

කුඩා කල දුටු ලංකාව මතක් වෙනවා. නුදුටු අයට සහ මෙය විනාශ කරන අයට දෙනෙත් පැදෙවා...!

:       0       164

විජිත් Saturday, 18 April 2020 09:59 AM

මේ චයාරුප දැක්කම මට මතක් වෙනවා... මගේ කුඩාම කාලයේ වරක් අපේ පවුලේ අය ලෝකාන්තය බලන්න ගියා. මේ තියෙන්නේ ඒ පරිසරයමයි.. කියලයි මට නම් හිතෙන්නේ. අහස පැහැදිලියි... ශීතලයි... මිදුම තැනින් තැන අපිව පහුකරගෙන යනවා. මම හිතන්නේ රතු ඉන්දියානු නායකයා... සියැටල් ආදරය කලෙත් මේ වගේම පරිසරයකට වෙන්න ඇති. නමුත් ආක්‍රමණික සුදු මිනිස්සු පරිසරය ආරක්ෂාකල ඒ පරපුරම විනාශකලා. පරිසරය විනාශකිරීම පටන්ගත්තා. ඔය කතාවම තමයි අපේ මේ ලස්සන රටටත් වුනේ. 1970 ගණන්වල පටන් ටිකෙන් ටිකේ පටන් ගත්ත වනවිනාශය ඊටත් වසර 10 ට විතර පස්සේ රටට නොව තමන්ටම ආදරේ බලලෝභී දේශපාලුවන් විසින් ඔවුන්ගේ හෙන්ච්ලා සමග අද වෙනකම්ම කරගෙන යනවා. ඒ සියල්ලටම මුලිකම හේතුව නිසිපරිදි ක්‍රියාත්මකවන " නීතියක් නැති රටක " අප අසරනයින්වී සිටින නිසයි. සොබාදහම කියන අපේ අම්මාගේ දරුවන් තමයි මේ ඔබ මම, සතුන්, වනගහනය. ක්ෂුද්‍රජිවින් මේ සියලු දෙනාම. ඒ අම්මා අපිට අවශ්‍ය සියලුදේම මේ පරිසරයේ ඇතිකරලා තියෙනවා. නමුත්.. මිනිසා කියන අකීකරු දරුවා පමණක් පරිසරය විනාශකලා. සුදුසු පරිසරය නොමැතිව මිනිසාට ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි බව ඔහු අදවත් තේරුම් ගනීවිද..? මන්ද සොබාදහමට මිනිසා එකම එක සතෙක් පමණයි..!!!

:       0       370

sunil perera Saturday, 18 April 2020 07:14 PM

තව ටික දවසකින් යාල වන උද්‍යානයේ පරණ කසිකබල් ජිප් සහ ඉන්දියාවේ ලදරන් වලින් එන ජරා දුමයි මුසුවෙච්ච තොර තෝංචියක් නැති මානසික අසහනකාරී මිනිසුන්ගේ දඩබ්බර ක්‍රියාකාර කම් නිසා අහිංසක සතුන්ට සිදුවන හිරිහැර විදේශිකයන්ට විකුණන විනිමය උපයන පිපාසිතයන්ගේ සංග්‍රාමය ඇරබෙනු ඇති ...!!!

:       0       7

dd Saturday, 18 April 2020 11:20 PM

CV -19 පාඩමක් අරගෙන මේ කාලේ නයකයෝවත් පරිසරය ආරක්ෂා කරයි නම් අපි ඉතා ඉහළින් අගය කරන අතර ඊට සහය දෙන්ඩ සුදානම්. ඒ වුනාට කෙසේ හෝ එහෙම යන අතරමග දේශපාලුවෝ පරිසරය පාලු කරන්න ගත්තොත් අපි ලංකාව පරිසරය ආරක්ෂා කිරීමෙන් අයින් වෙමුද?

:       0       5

kamal Sunday, 19 April 2020 07:06 AM

අධික වාහන ශබ්දයත්, වාහනවලින් පිට කරනු ලබන අධික දුමත්, විශාල පිරිසක් ගැවසීමෙන් හේතුවෙන් මෙසේ අන් කවරදාවටත් වඩා එම ප්‍රදේශ සුන්දර වී ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති...

:       0       0

ravi Sunday, 19 April 2020 08:45 AM

මෙහෙමහරි දෙවියෝ අපි යම්..යම් දේවල් කියල දෙන එක ගැන අපි දෙවිවරුන්ට ස්තුති වෙමු .

:       0       448

Raveendra Sunday, 19 April 2020 11:41 AM

හරිම ලස්සනයි. මේ විදියටම පවත්වාගෙන යන්න පුළුවන් නම් කොච්චර හොද ද ?

:       0       12

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site