ක.ග කරුණාරත්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බල ඇණි ආධාරක අවි සහ මිසයිල අවි පාඨමාලාව හැදෑරූ නිලධාරීන් සහ සෙසු නිලයන්ට අයත් 121 දෙනෙකු විසිර යාමේ පෙළපාලියක් එම පාබල පුහුණු මධ්‍යස්ථානයේ සරඹ පිටියේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික පනන්වල මහතා සහභාගි විය.
එහිදී බල ඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ නිලධාරියාට හිමි කුසලානය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කේ.ජී.ජේ කරුණාරත්න විසින්ද මිසයිල පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම ශිෂ්‍යයා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් දෙවන ලුතිනන් එම්.පී.පී.යූ මුත්නායකද බල ඇණි ආධාරක අවි ජේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ශිෂ්‍යයා ලෙස 19 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් කේ.එම්.එස් කුමාරරත්න යන අය විසින් හිමිකර ගන්නා ලදී.
ජය සංකේත පිරිනැමීම ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිදු කෙරුණු අතර එම අවස්ථාවට මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා මහතාද එක්ව සිටියේය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිරිසක් විසිර යති
Raveendra Saturday, 28 April 2018 06:43 AM
රණවිරුවනි නුඹලාට අපගේ මාතෘභූමිය දිවිහිමියෙන් රැකුමට තව තවත් ශක්තිය, දිරිය ලැබේවා!!!.