IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මාතෘභූමි සුරක්ෂා පදනමෙන් පා ගමනක්

රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය ඉවත්වී මාතෘභූමිය සුරක්ෂා කිරීම උදෙසා මාතෘභූමි ‘‘සුරක්ෂා පදනම‘‘ සංවිධානය කළ පා ගමනක් අද (06) සම්බෝධි විහාරයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණියේය.

නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සිංහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 400 ක් පමණ මෙම පා ගමනට එක්වුහ.

(ඡායාරූප සහ විඩියෝ ශාන්ත රත්නායක)

 



අදහස් (14)

මාතෘභූමි සුරක්ෂා පදනමෙන් පා ගමනක්

සෙනෙවි Thursday, 06 December 2018 06:56 PM

අනේ මෙහෙම කඩේ යෑමක් ! බුදුන් මේ විකාර දැකීමට සිටියේ නම් ?

:       292       344

ලුම්බිණි Thursday, 06 December 2018 11:29 PM

පා ගමන් යනවට වඩා මේ අවුල ඇති කරපු අයට අනුශාසනා කළා නම නේද වඩා හොඳ?

:       247       441

dhammika perera Friday, 07 December 2018 03:17 AM

මාතෘ භුමිය සුරක්ෂා කරගත යුත්තේ සිවුරු පුරවාගෙන ඉන්න උතුමන්ගෙන්...............

:       76       150

දිමුත් Friday, 07 December 2018 04:03 AM

හොරු රකින්න පින්ඩපාතේ ගියා වගේද?

:       33       150

රොෂාන් Friday, 07 December 2018 06:36 AM

මව්බිම කෙසේ වෙතත් මේ යන්නේ කා වෙනුවෙන්ද කියලා පැහැදිලියි. හොරුන්ට මිනීමරුවන්ට රට කාපු හොරුන්ට අවවාද අනුශාසනා දෙනවා මෙහෙම කඩේ යන්නේ නැතුව?

:       155       203

sirimal Friday, 07 December 2018 09:30 AM

හරිනම් ඔය සංවිධානය නම් කරන්න තිබුනේ "මාතෘභූමි සුරක්ෂා පදනම" කියල නෙවේ "රාජපක්ෂ පවුල සුරක්ෂා පදනම " කියලයි.

:       2       220

saliya Friday, 07 December 2018 10:02 AM

වරද නිවරද කුමක් දැයි වටහා ගන්න බුදු දහමට අනුව. මෙම තත්වයට මුල් වුයේ කවුද? නීතියක් යුක්තියක් ව්‍යවස්ථාවක් නැති රටක් බවට පත් නොකරන්න . ගැතී භාවය ප්‍රදර්ශනය කරමින්, නීත්‍යානුකූල රජයකට එරෙහි වීම දේශප්‍රේමය නොවේ. රටවැසියා නොමඟ යැවීම බුදු දහමට අනුකූල නැත. .

:       1       123

වොට්මෝර් Saturday, 08 December 2018 04:41 AM

පව් අහිංසක අලියා ඉස්සරහට දාගෙන, මාධ්‍ය ආවරණ ගන්න කරපු වැඩක්... ඕක පෙරහරක් නොවෙයි, නාරාහේන්පිට හොරුන්ට කඩේ යන බව හොරු ආරක්ෂා කරන බව මුළු ලොවම දන්නවා.

:       2       67

sili.bili Saturday, 08 December 2018 11:56 AM

අපේ හාමුදුරුවනේ, මෙහෙමත් බණ කීමක් තියෙනවා . ඔය බණ ජානාධිපතිතුමාටයි, මහින්ද මහත්තයාටයි අහන්න සැලසුවොත් අගනෙයි...

:       2       39

Prof. Edward Perera Sunday, 09 December 2018 12:36 AM

මම රටේ ජනාධිපතිනම් මොනම ආගමක පූජක වරයෙකුට වත් දේශපාලනයට සම්බන්ධ වෙන්න ඉඩ තබන්නේ නැහැ. ඒ වෙනුවට හැකිපමණ ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලීමට කාලය හා අවකාශය ලබා දෙනවා. දේශපාලන නිළ කටයුතුවලදී පන්සල්, පල්ලි, දේවස්ථාන හා කෝවිල් වලට ගොස් පිරිත් නූල් හෝ වෙනත් ආගමික පුද පූජා මගින් ආශීර්වාද ලබා ගැනීම අකැප ලෙස සළකා ඒවයින් වැළකී සිටින ලෙස මැති ඇමතිවරුන්ට ආදර්ශයක් දෙමි. දේශපාලකයින් විශේෂයෙන්ම පන්සල් ගානේ රස්තියාදුවෙමින් ජනතාවට වැඩ කරන්න තිබෙන වටිනා කාලය කාදැමීම තහනම් කරමි. රාජකාරි වේලාවෙන් බැහැරව පෞද්ගලිකව ඕනෑ තරම් කාලය පන්සල් පල්ලිවල ගත කිරීමට බාධාවක් නැත. කෙටින් කියතොත් දේශපාලකයා දේශපාලනය පන්සලට හෝ දේවස්ථාන වලට ගෙන යාමත් පැවිද්දන් පන්සල පාර්ලිමේන්තුවක් කර ගැනීමත් පුර්ණ වශයෙන් නතර කරමි. මේ අන්දමින් තම තමන්ගේ ආගම්වලට අපහාසයක් සිදුවීම මෙන්ම බැතිමතුන්ට හිත් වේදනා ඇතිවෙන පහත පෙළේ හැසිරීම් වලටද තහංචි පණවමි.

:       0       52

සෙනෙවි Sunday, 09 December 2018 12:42 AM

උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා ඇයි මේ රිජුෆොම් ලංකාවකට වඳින්නෙ ඇයි ? ආගම සහ ජාතිය පෙරට දමා කරන මේ සෙල්ලම වහාම නතරකර නිර්දේශපාලන , යහපත් පුරවැසියෙකු රටේ නායක කමට පත්කල යුතු කාලය පැමිණ ඇත. ඔහු ආගම කර තබා යන්නෙක් නොවිය යුතු අතර සියළු ආගම් සමානව සැලකන්නෙක් විය යුතුය.

:       0       60

parakkrama Sunday, 09 December 2018 01:30 PM

මේ සියල්ල එක්තරා පාර්ශවයක් රජ කරවා, ඔවුනට එල්ල වී ඇති චෝදනාවලින් ගොඩයාමට සළස්වා තමන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කරවා ගන්නට සිදු කරන ව්‍යායාමයන් බව පැහැදිළියි. අන්‍යයන් හට බණ දෙසුවත්, මේ මහා සංඝයාවහන්සේලා තුල කළ යුත්ත හෝ නොකළයුත්ත හෝ කුමක් දැයි නොදන්නා බව පෙන්නුම් කිරීමේ එක් සාධකයක් වන්නේ හය හතර නොදන්නා, හරි දේ වැරදි දේ නොදන්නා, රටේ සිදුවන බරපතල සිදුවීම් ගැන කිසිදු අවබෝධයක් නොමැති, යන්නේ කොහේ ද ,කරන්නේ කුමක් ද ගැන අවබෝධයක් නැති කුඩා සාමනේරයන් වහන්සේලාද මෙවැනි දේශපාලන යටි අරමුණු ඇති කටයුතුවල යොදවා ගැනීමයි.

:       1       97

sudesh Monday, 10 December 2018 11:44 AM

මේ අයම තමයි මේ විනාශය ඇතිකළේ..

:       0       1

ravi Monday, 10 December 2018 01:31 PM

අවුරුදු 18ට අඩු ළමයින් පැවිදිකර ගැනීම තහනම් කරපු දවසට තමයි මෙයාලගේ... මාතෘ භූමිය ආරක්ෂා කිරීමත් අවසන් වෙන්නේ ... !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site