IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මහින්ද - ශිරන්ති රගර් බලන්න යති

කොතෙකුත් දේශපාලන හැලහැප්පීම්,  තර්ක විතර්ක මෙන්ම අර්බුද මැදින් ජීවිතය ගෙවී ගියද තම දරුවන් ක්‍රීඩා කරන රග්බි තරගයක් නැරඹීමට යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් අමතක නොකරති. කොළඹ තුරඟ තරග පිටියේදී  (17 වැනිදා) සී.එච්. පිල සහ සී.ආර්. පිල අතර පැවැති තරගය නැරඹීමටද මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාවේ පැරණිතම රග්බි තරගාවලිය වන ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිලට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම පුතණුවන් වන රෝහිත රාජපක්ෂයි. මද්දුමයා වන යෝෂිත රාජපක්ෂද සී. එච්. පිල වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ජ්‍යෙෂ්ඨයා වන නාමල් රාජපක්ෂ උපදේශකවරයකු ලෙසින් සී.එච්. පිලට එක්ව සිටී. 

කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ පැවැති මෙම තරගයේදී යෝෂිත සහ රෝහිත ක්‍රීඩා කළ සී.එච්. පිල ලකුණු 46-29 කින් පරාජය කිරීමට සී.ආර්. කණ්ඩායමට හැකිවිය. 

ඡායාරූපය - ගයාන් අමරසේකර



අදහස් (43)

මහින්ද - ශිරන්ති රගර් බලන්න යති

perera Sunday, 18 February 2018 10:09 AM

ඔය දරු සෙනෙහසම තමයි තාජුඩීන්ගේ දෙමව්පියන්ටත් තියෙන්නේ..

:       5134       10013

dahamSunday, 18 February 2018 10:31 AM

ඔව්... ඉතින් ඔහේ මොකද කියන්නේ?

:       2856       2417

pereraSunday, 18 February 2018 10:22 PM

මට දනුනදෙතමා ලිඋවේ . ඔබතුමාගේ දරුවෙකුටහරි ,සහෝදරයෙකුව හරි දේශපාලන බලයයෝදගෙන මරල දෙම්මොත් , ඉතින් ඔහෙට මොකද දැනෙන්නේ?

:       245       805

SathyayaaMonday, 19 February 2018 12:51 AM

ප්‍රභාකරන් කිව්ව කතාව ඇත්ත. සියල්ල අමතක වෙන්න යන්නේ සතියයි. තව තජුඩීන් කෙනෙක් හොයා ගන්න කාලය හරි. නඩුත් නැහැ කඩුත් නැහැ.

:       192       450

ගුණරුවන්Monday, 19 February 2018 04:23 AM

88/89 UNP ආණ්ඩුව අතින් මිය ගිය ගම් වල දහස් ගණනක් දුප්පත් තරුණයින්ගේ අම්මලා තාත්තලට තියෙන්නෙත් ඒ දරු දුකම බව අමතක කරන්න එපා.

:       251       812

KamalMonday, 19 February 2018 05:55 AM

ඇයි 71 ආණ්ඩුව මරපු කොල්ලෝ.

:       122       393

Rasi Sunday, 18 February 2018 10:15 AM

ඒ කාලේ මෙතන කොට කොටා දේශපාලන බලෙන් රගර් ගහනවා කිව්ව අයට පේනවා ඇති, යෝශිතලා, රෝහිතලා තාමත් රගර් ගහනවා කියලා. මොකද දක්ෂතාවයක් නැත්තම් ඔය සමාජ වලට තාමත් ගන්නේ නැහැනේ... අනෙක් ඒවත් ඔය වගේ තමයි. ඒකට කියන්නේ ගොබෙල්ස් නියාය කියායි.

:       2481       2451

banda Sunday, 18 February 2018 10:58 AM

දක්ෂකම වැඩි නිසා තමයි පරාද වුනේ ...

:       897       1466

NeelakaSunday, 18 February 2018 01:15 PM

බණ්ඩාර, දිනුවානන් කියන්න තිබුණා රාජපක්ෂලා බලෙන් හොර කරලා දිනුව කියල නේද? ඕකට කියන්නේ රාජපක්ෂ භීතිකාව කියලා මහත්තයෝ...

:       1228       1617

asadMonday, 19 February 2018 04:27 AM

නීලක ඕකට කියන්නේ රාජපක්ෂ ගැතිකම (වහල් කම ) කියල.

:       2017       1851

NeelakaMonday, 19 February 2018 11:33 AM

අසාද්, ඕකට කියන්නේ ඉරිසියාව කියලා, ඕකටනං බෙහෙත් නෑ. හිත හදාගන්න බලන්න.

:       216       605

CRFCSunday, 18 February 2018 11:01 AM

රගර් බොලේ හැඩේවත් දන්නවද?

:       973       853

janatha anura Sunday, 18 February 2018 05:21 PM

ඔව් දන්නවා හරියට දිය ලබ්බක් වගේ කොල්ලෝ පොරකනවා මේක බදාගෙන පෙරළෙනවා දුවනවා ඉංගිරිසියෙන් මක්කද කියෝනව.

:       1       130

asankaSunday, 18 February 2018 11:17 AM

ඒක තමයි අම්බානෙට පරදින්නේ...

:       571       849

yaka mahathayaMonday, 19 February 2018 05:56 AM

ඔබතුම දන්නවද කු(මාරයෝ) දෙන්න ඉස්සෙල්ල නේවි ගැහුවා. දැන් CH ගහන්නේ එකට සල්ලි විසිකරන්නේ නාමල් එක්ක තිලංග .. CH සහ CCC කියන්නේ එකම ක්ලබ් එක. තිලංග එකේ ලොක්කෙක්.. හැබැයි එක දෙයක් කියන්න ඕනේ.. යෝ නම් මේ සීසන් එකේ හොදට සෙල්ලම් කෙරුව.. චිචී නම් වාත කෝච්චියක් . පුහුණුකරු ට කර කියාගන්න දෙයක් නැතිව ඉන්නේ..

:       2       325

mahinda Sunday, 18 February 2018 10:48 AM

බලය තියෙද්දී ඔය තරගය පැරදුණා නම් විනිසුරුවන් හා ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ සියලුදෙනා අම්බානක ගුටි කනවා.

:       1089       1567

kumar (galf) Sunday, 18 February 2018 11:27 AM

කොයි කෙනාද මනාප, අමනාප දාන එක හිරකරලා තියෙන්නේ?

:       18       156

rohana kumara mendis Sunday, 18 February 2018 01:16 PM

අනේද කියන්නේ? රගර් තියා නීතිය දන්නෙත් නැහැ ඔය නීති මහත්තයා. මේ ගොල්ලන් ගහන රගර්...

:       375       426

rocky Sunday, 18 February 2018 01:23 PM

තවත් බොහෝ දෙනෙකුට තාජුදීන්ව මතක් වෙනවා ඇති!

:       229       379

RasiMonday, 19 February 2018 12:45 AM

ඕක ගැන නිතර මතුර මතුර ඉන්නේ නැතුව, ඔයා ඉන්න දේශපාලන මතය දරන පක්ෂයට කියන්න ඉක්මනින්ම ඔප්පු කරලා වැරදි කාරයන්ට දඩුවම් කරන්න කියලා. නැත්තම් 2025 ඡන්දෙ ඉල්ලද්දීත් ඕක කිය කිය මතුරනවා. එහෙම කියනවනම් 1971, 1989, ආදී වශයෙන් හැමෝගෙම කිල්ලෝට තියනවා අපුල්ලන්න. මේ රටේ හැමෝටම අයිතියක් තියනවා සත්‍ය දැනගන්න. මේවා වෙළඳ දැන්වීම් නෙවෙයි.

:       147       125

Jagath Leanage Sunday, 18 February 2018 01:29 PM

ගෙදරට වෙලා හිටිය නං ඔය තරගය දිනා ගන්න තිබ්බා. ඉස්සර ක්‍රිකට් මැච් වලටත් වුණේ ඔය සිද්ධියම තමයි.

:       783       769

gunawardena Sunday, 18 February 2018 01:56 PM

අනේ මොනවද? ඔයාලා දන්නා රගර් ! මම දන්නෙත් නැහැ අප්පා.

:       2       159

CHFC Sunday, 18 February 2018 06:36 PM

මම කිව්වා යන්න එපා කියල, ගියොත් පරාදයි.

:       1       226

චන්දා Sunday, 18 February 2018 06:58 PM

බටලන්ද කුමක්ද යන්න නොදන්නා ජන පිරිස සිටීම කරුමයකි.

:       215       133

chathuri Sunday, 18 February 2018 07:58 PM

තජුදින් ඔබ කොහේ සිටියත්. මේ මැච් එක පරද්දුවා වගේ. ඔබගේ. නඩුවත් දිනන්න කිසිම. දෙයක්. නොකරපු. ගානට ඉදගේන ඉන්න ලස්සන

:       18       193

කුසුමලතා හේමවිර Sunday, 18 February 2018 08:50 PM

වයස 60 පැන්න මට නම් ඔය බම්බු කලිසම් අල්ලන්නෙන් නැහැ සායක් හරි සාරියක් මිස

:       98       261

Chanak Los angeles Sunday, 18 February 2018 09:26 PM

මේ පුත්තුන්ට රගර් ගහන්න තියා ක්‍රීඩක ආදේශ බැංකුවේ වත් වාඩිවෙන්න දක්ෂ නොමැත කියලයි කියන්නේ ..

:       112       168

tikira Monday, 19 February 2018 01:56 AM

අපේ මිනිස්සු කතා කරන්නේ හරියට මේ රගර් ක්‍රීඩාවත් අපි හොයා ගත්තා වගේ මහා ලොකු දැනුමකින්.

:       5       87

Raawana Monday, 19 February 2018 04:20 AM

පහුගිය දවස්වල කඹ ඇදල,ඔය වගේ එකක් බලන එක හොඳයි.

:       1       112

R. Gunathilake Monday, 19 February 2018 05:05 AM

බේබිල බෝලේ අතට ගත්තම කව්රුවත් ගේමට යන්නේ නෑ ... අැඟේ හැපෙන්න යන්නේ නෑ .. චාන්ස් එක දෙනවා ... ගියොත් වැඩේ තාජුඩීන් ! නාවික හමුදා - වැලිසර කඳුවූර , ගුවන් හමුදා - රත්මලාන / කටුනායක කඳුවූරු වල සේවය කල ඕනෑම සාමාජිකකගෙන් අහල ඇත්ත නැත්ත තහවරු කරහන්න පුළුවන් !

:       23       297

samMonday, 19 February 2018 06:04 AM

ගුණතිලක, ක්‍රීඩකයෝ විතරක් නොවෙයි , රිෆෙරිලාත් ගුටි කාපු යුගයක් තිබුන බව දැන් බොහෝ දෙනෙකුට අමතක වෙලා .

:       1       422

yaka mahathaya Monday, 19 February 2018 05:05 AM

කෑවා නේ අම්බානට. .. ඒ දවස්වල රජ කු(මාරයෝ) පැරදුණා නම් CR එකේ කොල්ලොන්ගේ කෑලි හොයන්න වෙනවා

:       36       292

කුමාර් (ගල්ෆ්) Monday, 19 February 2018 06:14 AM

මෙයාලා දෙන්නාට ඒකාලේ මරාපු මිනිස්සුන්න්ගේ සොහොන්කොත්, මිනීවළවල් බලන්න යන්න කියන්න.

:       63       256

Sameera Monday, 19 February 2018 06:19 AM

කොමෙන්ට් බලපුවම තේරෙනවා අපේ මිනිස්සු මොනතරම් වහල්ලුද කියල.. මේ දේශපාලුවෝ වෙනුවෙන් මේ මිනිස්සු මෙතන මරාගන්නවා.. උන් හොදට සතුටින් කලේ ගෙවනවා.. දැන්වත් හැදියල්ල..

:       2       80

shelton Monday, 19 February 2018 08:00 AM

පෙරේරා.. ඔයා තාජුඩීන් මරපු තැන සිටියා වගේනේ කතා කරන්නේ... ඒකට ඉතින් මොනවා කරන්නද?

:       154       96

athulaWednesday, 21 February 2018 05:53 PM

නෝනට තජුදීන් එහෙම හීනෙන් පෙනෙන්නේ නැතිද ? දන්නේ නැහැ ? වචනයක් එහා මෙහා උන ගමන් අම්මල අප්පල පුතාල එකට එකතුවෙලා මිනී මැරෙන්නේ ශි හික් විතරක් ....

:       0       28

Mas Monday, 19 February 2018 09:07 AM

ශිරා කලිසමට බැහැලා.. අද තමයි දැක්කේ.!!! ස්වීට්

:       87       65

pradeep Monday, 19 February 2018 09:30 AM

හැමෝම දැනගතයුතු දෙයක් තමයි තාජුඩීන් මරනවා කවුරුත් දැකපු කෙනෙක් නැහැයි කියන එක. දේශපාලන මිනීමැරුම් ගැන බැලුවොත් කොටින්ට ආයුධ එහෙම දුන්නේ රටේ අහිංසක මිනිස්සු මරන්නනේ.. කොහොම නමුත් කොටි මරලා යුද්ධය දිනපු මහා රජ තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ...

:       256       126

athuraTuesday, 20 February 2018 03:45 AM

රජ කාලෙ වගේ කඩුවෙන් සටන් කරලද මහරජ වුණේ......

:       14       96

RANJITH Monday, 19 February 2018 09:46 AM

ක්‍රීඩාවයි දේශපාලනයයි එකට අදා ගන්නේ නැතුව හිටියනම් හොදයි. මේ ක්‍රීඩා සමාජ දෙක රගර් පිටියේ පිළිගත් දෙකක්. ඔවුන් කවදාවත් අදක්ෂයන් කණ්ඩායමට දාල පරදින්න කැමතිවෙන එකක් නැත.

:       25       105

kapila Monday, 19 February 2018 10:16 AM

සාක්කි හංගපු හින්දා තමයි මේ හැමදාම පොලිසියේ කෙනෙක් ඇතුළට යන්නේ. එහෙම වුණේ ඇයි කියලා විස්තර කරන්න ඕනෙ නැහැනේ. ඔයාටත් ඔයාගේ පවුලේ කාටවත් මේ වගේ දෙයක් වුණේ නැති නිසා ඔයා මේ වගේ දේවල් ලියනවා. ඒත් වේදනාව දැනෙන්නේ ඒ නැතිවුණු අයට මිසක් අපිට නෙමෙයි. ඒක නිසා සාධාරණව හිතන්න. තව දෙයක්.. කොටින්ට ආයුධ දුන්නෙ බලෙන් නැගෙනහිර අල්ලගත්තු වර්ධරාජා පෙරුමාල් නැති කරන්න...

:       16       132

මෑනික් හාමි Monday, 19 February 2018 10:27 AM

ඩේසි ආච්ච් ආවේ නැතෙයි?

:       1       118

sumithra dharmasena Wednesday, 21 February 2018 07:42 AM

ක්‍රීඩාවෙන් දිනුම පැරදුම දරාගන්න පුළුවන්නේ!

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site