හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක් හරහා අද ( 15 ) සවස හමා ගිය මහා සුළගකින් නිවාස 300 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ආපදා කලමනාකරණ ඒකකය පවසන්නේ මෙම සුළග ආණමඩුව , පුත්තලම ,කරුවලගස්වැව , නවගත්තේගම ,යන ප්‍රදේශ වෙත 15 සවස 4 ට පමණ හමා යාමෙන් බරපතල හානි සිදුව ඇති බවයි.
සුළි සුළගත් සමග නවගත්තේම ප්‍රදේශයට අයිස් වැස්සක් ද පතිත වී ඇති බව ජනතාව පවසයි.
ගස් ඉදිරී ගොස් නිවෙස් මතට කඩා වැඩි විශාල හානි සිදුව බව ජනතාව පවසයි.
එසේම මෙම සුළග හේතුවෙන් මාර්ගවල ගස් අධිබල විදුලි පද්ධති හා ග්‍රාමිය විදුලි පද්ධති මතට කඩා වැටිමේන් ගම්මාන 40 ක පමණ පවුල් 15000 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය සම්පුර්ණයෙන් නැවති ඇති බව ආණමඩුව හා පුත්තලම විදුලි බල මංඩල නඩත්තු අංශ පවසයි .
සුළි සුළගින් සවස් වන විට නිවාස 300 කට ආසන්න සංඛ්‍යාවක් ආපදා සහන නිළධාරින් ,ග්‍රාම නිළධාරින් ගණන් බලා ඇතත් එය වැඩි විය හැකි බවද වාර්තා වේ .
සුළග හේතුවෙන් වගා බිම් රැසක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව ගොවියෝ පවසති.
එසේම නවගත්තේගම වේලේවැව ප්‍රදේශයේ දැවැන්ත ගොඩනැගිල්ලක වහලය දැවැන්ත යකඩ තාප්ප ද සමග මිටර් 200 දුරට ගසා ගෙන ගොස් තිබෙනු දැක ගත හැකිවිණි.
ආපදාවෙන් පිඩාවන්ට පත්වු පිරිස වෙත කඩිනමින් සහන සැලසිමට රාජ්‍ය නිළධාරින් කටයුතු කරමින් සිටි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහා සුළගකින් පුත්තලමේ නිවාස 300 කට හානි