IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහර බන්ධනාගාරයේ රැඳවියෝ මුඛ ආවරණ මසති

(කවිතා සුබසිංහ) 

කොරෝනා වයිසරය  ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමට මහර බන්ධනාගාරයේ රැඳවියෝ මේ දිනවල කටයුතු කරමින් සිටිති.
 
මහර බන්ධනාගාරයේ වෘත්තිය පුහුණු පාඨමාලා යටතේ ක්‍රියාත්මක වන ඇගළුම් නිෂ්පාදන පාඨමාලාවේ නිරතව සිටින සිර දඬුවම් විඳින රැඳවියන්  විසින්  මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන විරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සපයන ලද අමුද්‍රව්‍ය ඒ සඳහා යොදා ගෙන ඇත.
 
ඒ අනුව මෙම නේවාසිකයින් විසින් නිම කරන ලද මුඛ ආවරණ ප්‍රථමයෙන්ම මහර බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින නේවාසිකයින් වෙත ලබාදීමට කටයුතු කර ඇත.

රටටම අවශ්‍ය හිඟ මුඛ ආවරණ නිපදවීම සඳහා ද මහර බන්ධානාගාරයේ නේවාසිකයින් ක්‍රියා කරන අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගේ වැඩිදුර උපදෙස් මත එම කටයුතු ඉතා ඉක්මණින් සම්බණ්ධීකරණය කර රාජ්‍ය ආයතන සදහා මුඛ ආවරණ ලබාදීමට කටයුතු කරන බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන විරසිංහ මහතා ප්‍රකාශ කළේය.
 



අදහස් (3)

මහර බන්ධනාගාරයේ රැඳවියෝ මුඛ ආවරණ මසති

Rohan Saturday, 28 March 2020 07:19 AM

ඉතාම හොදයි අගයකල යුතුයි. නමුත් මෙම රෙදි මුහුණු ආවරණ තුළින් විසබීජ ගමන් කරයි. මේ සදහා සුදුසු මුහුණු ආවරණ වන්නේ N95 සහ සුර්ගිචාල් මුහුණු ආවරණයි.

:       0       22

ලියනගේ Saturday, 28 March 2020 12:29 PM

කෝ මේ දයා ගමගේ, දයා ගමගේ රටට සේවය කරන්න රජයේ ඇමතිවරයෙක්ම වීමට අවශ්‍ය නැත ඔබගේ තිබෙන්නා වූ කර්මාන්ත ශාලා යොදවා මුහුණු ආවරණ, වෙනත් දේවල් සකස් කර රජයේ රෝහල්වල ට බාර දෙන්න කට යුතු කරන්න. හැකිනම් නොමිලේ දෙන්න.

:       1       0

ලාල් Sunday, 29 March 2020 01:43 AM

ලුණු ආලේපිත මුහුණු ආවරණ මගින් (එහි තෑවරෙන) කොරෝනා වයිරසය විනාශ කළ හැකියයි කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ කරන ලද පර්යේෂණකදි සොයාගෙන තියනවා. - biomedical engineer - Asst. Prof. Hyo-Jick Choi එය සෝඩියම් ක්ලෝරයිඩ් ( මේස ලුණු) සහ පොටෑසියම් ක්ලෝරයිඩ් (ලේ වල පොටෑසියම් ඌනතාවය සඳහා ප්‍රතිකාර කරන්න භාවිතා කරනවා - hypokalemia) මිශ්‍රණයක් මුහුණු ආවරණය දෙපැත්තම ලුණු ද්‍රාවණයක් ඉහල (spray) අපට එය සැලසුම් කළ හැකියි (improvise). එය වියළී ගිය විට පාවිච්චි කරන්න පුළුවන්. American Lung Association එකත් කියනවා සිහින් ලුණු අංශු ආශ්වාස කිරීම හොඳයි කියලා. ( ලුණු පතල් කම්කරුවන්ට ශ්වසන ආබාධ හෝ පෙනහළු රෝග ඇති නොවන බව 1843 දී, ෆීලික්ස් බොස්කොව්ස්කි නම් පෝලන්ත වෛද්‍යවරයෙක් දුටුවේය)

:       0       41

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site