(චමිල් රුපසිංහ)
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (17) දකුණු දිශාභිමුඛව ගමන් කිරීම ඇරඹුනි.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ ඉන්දි රාජා හස්තියා මතිනි.
ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිවුමහා දේවාල වල පෙරහැර සමගින්,ඩී.එස් සේනානායක වීදිය,ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
ඊයේ (16) ඇරම්භ වුණු කුඹල් පෙරහර අගෝස්තු මස 20 දින දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර අගෝස්තු මස 21 සිට 25 දක්වා පුරාදින පහක් වීදී සංචාරය කිරීමට නියමිතය.
මහනුවර ඓතිහිසික ශ්‍රී දළදා මාලිගාවේ මෙම වසරේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස (25) රාත්‍රී වීදි සංචාරය කර (26) දින පැවැත්වෙන දහවල් පෙරහැර විදි සංචාරය කිරිමෙන් මෙවර ඇසළ මංගල්‍යයේ අවසානය සනිටුහන් වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැර 18 දින පස්වරු 7 පසුවි විනාඩි 41 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ කිරීමට නියමිතය.
පෙරහැර පිටත්ව දළදා වීදිය,ඩී.එස්.සේනානායක වීදිය,කොළඹ වීදිය,ඊ.එල්.සේනානායක වීදිය,ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහනුවර කුඹල් පෙරහරේ දෙවැනි දිනය ඇරඹේ