IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහ නාහිමි දේහය කොළඹ නිදහස් චතුරස්‍රයට වැඩම කරවති

(ඩයනා උදයංගනී)

විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේනමක මෙන්ම සුපේෂල ශික්‍ෂාකාමී මහ තෙරනමක් වූ අපවත් වී වදාළ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙන්, කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (25) පස්වරුවේ ඇරඹිණි.

මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (25) දිනය රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබිණි.

උන්වහන්සේට ගෞරව පිණිස කොළඹ නගරයම කහ පැහැති ධජයන්ගෙන් සරසා තිබිණි. මහ නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර උන්වහන්සේ විහාරාධිපතීත්වය දැරූ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයෙන් අද (25) පස්වරු 1.30ට ගමන් ආරම්භ කෙරිණි. ඒ එම විහාරස්ථානයේදී සිදුකෙරුණු පාංශුකූල චාරිත්‍ර ඇතුළු ආගමික වතාවත්වලින් අනතුරුවය. මහ නා හිමි දේහය මලින් සැරසූ රන්සිවි ගෙයක් සහිත විශේෂ රථයක තැන්පත් කර පෙරහැරින් වැඩම කරවනු ලැබූ අතර ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයෙන් පස්වරු 1.30 ට ගමන් ඇර්ඹූ රිය පෙරහර ගල්කිස්ස ශ්‍රී ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාරට පිවිස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, හැව්ලොක් පාර, තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර, ජාතික කෞතුකාගාර හන්දිය, ඇල්බට් ක්‍රසන්ට්, නන්දා මෝටර්ස් හන්දිය ඔස්සේ නිදහස් වටරවුම, නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රයට ළඟා විය.

ඒ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ගෞරවය මධ්‍යයේය.

මහ නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර කොළඹ නිදහස් චතුරස්‍රය වෙත පස්වරු 3.20ට පමණ ළඟා වූ අතර අනතුරුව දේහය තැන්පත් කෙරෙන විශේෂ පීඨිකාව වෙත වැඩම කරවනු ලැබිණි.

අනතුරුව දේහය වෙත යුද හමුදා ආචාරය දක්වමින් දේහය සිවු කොන මුර සෙබළුන් ස්ථානගත කිරීම සිදුකෙරිණි.

මහා සංඝරත්නය, කාදිනල්තුමන්, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 



අදහස් (3)

මහ නාහිමි දේහය කොළඹ නිදහස් චතුරස්‍රයට වැඩම කරවති

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 March 2021 01:20 PM

සැබැවින්ම සිල්වත් දිවියක් ගතකළ උන්වහන්සේගේ අපවත් වීම විශාල පාඩුවක්... ඒත්, මේ අවස්ථාවට සුදුවතින් සැරසුණු, කළු හිත් ඇති දේශපාලකයන් පැමිණීම නිසා සිත කිළුටු වුණා. ලකුණු දාගන්න ඒ අය කතාකරන විට රූප පෙට්ටියෙන් ඉවතට ගොස් ආදාහන කටයුතු කෙරෙන වෙලාවේදී නැවතත් මා එතැනට ආවා...

:       1       5

විජිත්Thursday, 25 March 2021 02:31 PM

මුලින්ම , අපවත්වූ අපේ ගරුතර, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේට උතුම්වූ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!! සහතික ඇත්ත සමිත, මමත් ඔබකළ දේ අගය කරනවා. අපවත් වුණු අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ වැනි , සුපෙක්ශාකාමි සිල්වත් මහා නා හිමිවරු අපේ රටේ සිටි නම් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. ඊයේ මම රූපවාහිනියෙන් දැක්කා ඒ සිල්වත් බුද්ධ පුත්‍රයන්ගේ දේහයට ගෞරව කරන්න " කහ සිවුරු පටලවාගත් ජූජක බමුණන් හතර පස්දෙනෙක් ඇවිත් හිටියා.. ඔබ කීවා වගේ සුදු ඇඳගත් කළුම කළු - මිනීමරු - චරිත ඇති දේශපාලුවෝ පිරිලා සිටියා. සමහරවිට ඒ මෝඩයින් හිතනවා ඇති, ධම්මාවාස ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු වලට සහභාගි වුණාම තමන්ගේ කළු චරිතය හේදිලා, පිරිසිදුවෙලා නිවනට මග පෑදෙනවා කියලා. එහෙම හිතුවත් පුදුම වෙන්න දෙයක් නැහැ.." ලංකාවේ දේශපාලුවන් කියන්නේ මෝඩයින් " නිසා.

:       0       4

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 25 March 2021 02:58 PM

ස්තූතියි විජිත්...

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site