IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට අවසන් ගෞරව

 

රිය අනතුරකින් මරණයට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා පාංශකූල කටයුතු මහා සංඝරත්නය විසින් අද (11) පස්වරුවේ  සිදු කෙරිණි.

අවසන් කටයුතු  සඳහා සරත්චන්ද්‍ර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පොලිසියේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පසුගිය 24 වැනිදා සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සරත්චන්ද්‍ර මහතා  සෙනසුරාදා (9) අභාවප‍්‍රාප්ත විය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 

 



අදහස් (18)

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට අවසන් ගෞරව

kap Monday, 11 March 2019 10:52 AM

යුනිෆෝම් ගහන ඉන්න කට්ටියම ලැජ්ජ වෙන්න ඕනේ... තමන්ගේ සගයා මරපු අයගේ මවිලක් හොල්ලන්න බැරි වුණාට...

:       3       1390

kusalMonday, 11 March 2019 01:33 PM

අපි එහෙම කියන එක හරි නැහැ කියන එකයි මගේ අදහස.. අපි හැම වෙලේම හිතන් ඉන්නේ රටේ නීතියක් නැහැ කියලා.. එ්ක හොඳ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්වන ප්‍රශ්නය සමහර වෙලාවට එහි වෙනසක් තියෙනවා. එය අපි අවබෝධ කරගන්න ඕනෑ. මගේ රට නරක රටක් නෙමෙයි. අඩුපාඩු බොහොයි. එහෙව් අපි නිතරම රට නිවැරදි මගට ගන්න කටයුතු කලොත් නේද හොඳ සහෝදරයා...?

:       1026       145

Raveendra Monday, 11 March 2019 11:01 AM

නොහික්මුණු පාදඩ බේබද්දන්ගේ අසීලාචාර හැසිරීම්වල අවසන් ප්‍රතිඵලයක් වශයෙන්ම "මුළුමහත් සමාජයේම සාපයට ලක්වූ නමුත් වීරයන් සේ ඇප ලබා එළියට පැමිණි එම කාලකන්නින්ගේ ඇස් ඉදිරිපිටම " අවසන් ගමන යන මෙම නිලදරියාට නිවන් සුව අත්වේවා !!! මෙවන් නීතියට අවනත නොවෙන බූරුවන් ඉන්න සමාජයක යලි නොඉපදෙවා !!!

:       0       2160

[email protected] Monday, 11 March 2019 11:26 AM

පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය කට අරින්නේ උසස්වීම් සහ පඩි වැඩිකිරීම් සදහා විතරද?

:       0       343

rama Monday, 11 March 2019 11:26 AM

මරණ දඩුවම කියාත්මක කරන්න. නැත්නම් අලුත් නීති හදලා හරි ක්‍රියාත්මක කරන්න.

:       0       226

kulendra Monday, 11 March 2019 11:33 AM

ජනාධිපතිතුමනි මෙම නිලධාරියා අනතුරට පත්කළ අයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.

:       1       376

Uditha - London Monday, 11 March 2019 11:36 AM

ඔබට නිවන් සුව ලැබේවා!!! යලි කිසි දිනක ලංකාව වගේ මිනිස්සු ඉන්න රටක නොඉපදේවා!!!! දරුවන්ට තාත්තා කෙනෙක් නැති කරපු, බිරිදට තම ස්වාමියා අහිමි කරපු අපරාධකාරයන්ට තියන ලොකුම දඩුවම ලබා දෙන්න..

:       0       503

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 11 March 2019 11:53 AM

රවීන්ද්‍ර, මෙය ශෝකජනක අවස්තාවක් වුනත්, ඔය කියන අයට මේක ලොකුදෙයක් නොවෙයි.

:       10       79

පිටිගල මිලානෝ Monday, 11 March 2019 01:41 PM

නිවන් සැප ලැබේවා කියලා නවතින්නේ නැතුව ඔය වාහනේ ගමන් කළ සියලු දෙනාම මෙම මරණයට වගකිවයුතුයි යන්න පෙන්වා දෙන්න. බේබද්දෝ, මත් පෙති බීපු නොහොබිනා ළමයින්ගෙන් පිරුණු මෙම ජීප් රථයේ සිටි සියලු දෙනාටම මිනී මරුවන් හැටියට චෝදනා ගොනු කරන්න. මේ අයව සමාජයෙන් අවුරුදු විස්සකට වත් ඈත් කර තබන්න.

:       0       711

චමින්ද Monday, 11 March 2019 02:10 PM

දේශපාලන බලයෙන්... නිලධාරි බලයෙන් මුදල් බලයෙන් මෙලොවදී බේරී සිටිය හැකිය. නමුත් ස්වභාව ධර්මයෙන් බේරීම හා පරලොව පව්පොතේ ලියවීම කෙසේවත් මකාදැමිය නොහැක. ඒවාට කවදා හෝ විපාක ලැබෙනු ඇත. මෙය සිදුකළ අයටද ජීවත්ව සිටින මොහොතක් පාසා මෙය සිතට එනු ඇත. එම විඳවීමද පහසු නොවේ.

:       0       248

RaveendraMonday, 11 March 2019 02:48 PM

චමින්ද මයා වෙත , ඔබගේ වටිනා අදහස් මේ අමනුස්‍යයන් කිසිවෙකුට ඔබ පැවසු පරිදි මෙම පාපකර්මයෙන් බේරීමට නොහැක. නීතියෙන් බේරුනත් මෙය සිදුවූ මාර්ගයේ මෙන්ම ඒ අසලින් යනවිටත් මොවුන්ගේ මනස විකෘති වෙනු ඇත.

:       0       242

ranjith Monday, 11 March 2019 02:13 PM

මැති ඇමැතිවරුන්ගේ අසීලාචාර ඩිෆෙන්ඩර් සංස්කෘතියේ ප්‍රතිඵලයක් ලෙස මේ නිලධාරියට ජීවිතෙන් සමුගන්න සිදු වුණ මේවට එරෙහිව පියවර ගන්න කෙනෙක් මේ රටේ ඉන්නවද? රටේ අවාසනාවද මේ?

:       0       148

Kap Monday, 11 March 2019 03:37 PM

බමුණුආරච්චි කෝ?

:       0       41

kumarage Monday, 11 March 2019 03:44 PM

මේ රටේ දරුවෙක් වෙලා හරි ඉපදෙන්නේ පෙරකළ කරුමෙකට... නීතිය බල්ලට ගිය නඩු කාරයොත් පගා ගහන ලෝකෙන් උතුම් රට..අනේ මගේ කට.. දැන් කව්ද මේ අසරණ දරුවන්ට තාත්ත ගෙනත් දෙන්නේ.. පොලිසියේ උසාවියේ පිහිටෙන් ගෙදර...

:       0       284

Sumeda Tuesday, 12 March 2019 03:56 AM

රටේනිතිය අනුවම මේ බේබද්දන්ට නීතිය අනුව කටයුතු කරන්න බයද... ඔය ඇමතිලා පුත්තු කියන අයට තියෙන්නේ පුදුම උණක්.

:       0       27

ජනක027 Tuesday, 12 March 2019 06:41 AM

මේ දේ සාමාන්‍ය මිනිහෙක් අතින් වුනා නම් කොහොම වෙයිද?

:       0       3

Jehaan Tuesday, 12 March 2019 09:09 AM

කෝ මේ බමුනුතුමා.? හැම පාඨක අදහසකටම මැදමුලන ප්‍රතිභාව පෙන්වනවා. කෝ මේකට අනේ අපොයි කියලාවත් නැහැ. අපිට නම් සමාජයේ කාගේ වුනත් ජීවිතයක් අකාලයේ නැති වුනොත් හිතේ කනගාටුවක් ඇතිවෙනවා. සමහරවිට මෙතන කොටන වෙලාවේ ලොක්ක එක්ක මළගෙදරට සෙට් වෙන්න ඇති .

:       0       1

banga Wednesday, 13 March 2019 02:34 AM

මේ අනතුරට සම්බන්ධ රථයේ සිටි සියළු දෙනාම කොකේන් පරීක්ෂාවට ලක්කල යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site