IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව

(චතුර එස් .කොඩිකාර)

පළාත් පාළන මැතිවරණය  පිලිබඳව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ  මාධ්‍ය හමුවක්   අද (11)  බත්තරමුල්ල  නෙළුම්  මාවතේ  පිහිටි එම  පක්ෂ   කාර්යාලයේ  දී   පැවැත්විණි.

එම  අවස්ථාවට   ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගණවර්ධන  ,ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ  සභාපති  ජී.එල්  පීරිස්.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   විමල්  වීරවංශ ,  උදය  ගමිමන්පිල  ,ඩලස් අලහප්පෙරැම,  ගාමිණී  ලොකුගේ, යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.



අදහස් (37)

පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව

sirimal Sunday, 11 February 2018 09:55 AM

ජනාධිපතිවරයා පොරොන්දු වූ අන්දමට අවුරුදු තුනක් යනතුරු අල්ලනවා කියමින් සිටි හොරු කණ්ඩායමට නිදැල්ලේ කටයුතු කරන්නට ඉඩහැර බකන් නිලාගෙන සිටිමින් කයිවාරුවෙන් පමණක් රට පාලනය කිරීමට යාමේ අනිසි විපාකයකට මුහුණ දෙමින් සිටියි. ඉදිරි දින කිහිපය තුල ඔහුට තවදුරටත් මේ රටේ ජීවත්වෙනවාද නැත්නම් වෙන කොහේ හරි යනවාද කියා සිතන්නට වෙන ජාතියේ තීරණ තීන්දු ගැනීමට සිදුවෙනු ඇත. දැනට රටතුල සිංහල බහුතරයකගෙන් ගිලිහි ගොස් අැත. ඔහු පිළිබඳ තිබු පිළිගැනීම, බලාපොරොත්තුව සහ ප්‍රසාදය නැවත අංශු මාත්‍රයක් හෝ ගොඩනංවා ගැනීමට නම් ඔහු දැන්වත් ඍජු තීන්දු ගැන පොරොන්දු වූ ආකාරයට මහබැංකු සිද්ධියට අදාළ අයට පමණක් නොව වැරදි කල සියලුදෙනාහටම නීත්‍යානුකූල දඬුවම් ලබාදීම සඳහා කඩිනම් පියවරක් ගත යුතුව ඇත. නැත්නම් වෙන්නේ පණබේරාගැනීමට වෙන කොහේහරි යන්නට සිද්ධ වෙන තැනට කටයුතු යෙදීම වන්නට බැරි නැත.

:       6024       3827

kapilaSunday, 11 February 2018 10:32 AM

ඔබගේ අදහසට මම එකග වෙමි.

:       25       245

erdiSunday, 11 February 2018 10:44 AM

සිරිමල් මයා අපි දිවි හිමියෙන් වැඩ කලේ හොරුන්ට අපරාධකාරයන්ට දඬුවම් කරන ආණ්ඩුවක් හදාගන්නයි.. එය සාර්ථක වූවත් අවුරුදු තුනක් තිස්සෙ මේ ආණ්ඩුව කරපු දෙයක් නැති නිසා ජනතාවම පෙරළා දුන් දඬුවමක් මේක.

:       14       498

kumagSunday, 11 February 2018 10:46 AM

බොරුවට ආයුෂ නැති බව ඔප්පු වුණා

:       122       916

roshanWednesday, 14 February 2018 04:00 AM

මොකක්ද බොරුව? රාජපක්ෂලා හොර කලේ නැහැ කියනෙකද? එක බොරුවක් නොවනබව රාජපක්ෂලාට ජන්දෙදීපු අයත් දන්නවා . මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා බේරිලා ඉන්නවා.

:       165       19

chathura pieris Sunday, 11 February 2018 10:48 AM

ඔබ හරියටම හරි

:       98       91

sirimal Sunday, 11 February 2018 10:10 AM

එහෙනං අද ප්‍රවෘත්ති බලන එකෙන් වැඩක් වෙන්නේ නෑ. කන්දොස් කිරියාව අහගෙන ඉන්නවා මිසක්.

:       115       160

BamunuarachchiSunday, 11 February 2018 04:26 PM

අපි අවුරුදු 3 කන්දොස්කිරියාව අහගෙන හිටියේ

:       0       0

nuwan Sunday, 11 February 2018 10:18 AM

දැන්වත් හිරේ ඉන්න රට වෙනුවෙන් වන්දි ගෙවන අපේ රණ විරුවෝ නිදහස් කරන්න බල කරන්න.

:       790       2142

ර0ග Sunday, 11 February 2018 10:21 AM

ජී.එල්.පීරිස් මහත්මය පොහොට්ටුවෙ සභාපති වීම ගැන තිබ්බ ප්‍රශ්නය කට්ටියට විසඳී ඇතැයි සිතමි....

:       12       105

kapila Sunday, 11 February 2018 10:33 AM

මේ අය හිතන් ඉන්නෙ ජය සමග ඇදුම්වල තියෙන මඩ, කුණු පෑල්ලම් ඔක්කොම නැතිවෙලා ගිහින් කියලා.

:       343       559

erdi Sunday, 11 February 2018 10:54 AM

රටක අරාජිකත්වයක් දැක සිනාසෙන කපටි මුහුණු. මේක මහා ලොකු කැළඹීමක් නොව රටක සාමාන්‍ය සිද්ධියක්. හැබැයි හොරු, මිනීමරුවෝ තුච්ච සතුටක් ලබනවා මෙය ඔවුන්ගේ ජයග්‍රණයක් බවට. මේක තනිකරම රටේ බහුතරයකට කරපු නින්දිත අපහාසයක්. ගුවන්තොටුපල වහලා දඬුවම් දීලා තිබුනානම් අද අපට සැනසීමක්. මොකද ජනාධිපතිවරණයත් සමග පැන ගිය කෙනෙක් තමයි මේ ජයග්‍රහණයේ නියමුවා.

:       3033       2547

BamunuarachchiSunday, 11 February 2018 04:21 PM

ඉවසගන්න බැරිනම් වහ වත් කන්න

:       0       0

Nuwan Sunday, 11 February 2018 11:09 AM

මටත් 22222222වි කියලා හැඳුනුම්පතක් හදාගන්න බැරිවෙන එකක් නැහැ දැන්නම්...

:       320       580

Kumara Sunday, 11 February 2018 11:57 AM

සිංහලයාගේ ඉවසීමේ සීමාව ඉතා ආසන්නයටම ඇවිත් තියෙන්නේ කියල කව්රුත් තේරුම් ගත්තොත් ලොකු දෙයක් .

:       273       740

saranelis Sunday, 11 February 2018 12:02 PM

රට නොබෙදා ඉන්න පුළුවන් වුණොත් එ්කම ඇති...

:       16       120

sam Sunday, 11 February 2018 12:27 PM

සිංහල අකුරුලියන කාලකන්නි සුනඛයින් මේක මිනිස්සුන්ගේ කැමැත්ත මිස වෙස්ට්මිනිස්ටර්ලාගේ කැමැත්ත නොවේ !, රට අරාජික "එර්දි" තමුන් ඉන්නේ මහපොළවේද?

:       604       1096

LAKSITHA PARIS Sunday, 11 February 2018 12:55 PM

ඔක්කොම හොරු බොරුකාරයෝ

:       20       110

naradha Sunday, 11 February 2018 01:03 PM

මේ අය හිනා වුනාට, ඔය දිනුම තනිකර මහින්ද රාජපක්ෂ නිසා ලබා ගත් ජයක්. මේ අයට මහින්ද රාජපක්ෂගෙන් තොර පැවැත්මක් නැහැ.

:       30       342

Sameera Sunday, 11 February 2018 02:43 PM

වාසියට ඔය දේශපල්කොයෝ හැමෝම එකවගේ. අපේ ජාතියේ අවාසනාව. තවමත් දේශපාලන වහල්කමෙන් නිදහස් නැති ජාතියක්..

:       0       114

Nanan Sunday, 11 February 2018 03:24 PM

දිනුවේ රටවත්, ජනතාවවත් නොවේ.. බොරුව, කපටිකම හා හොරකම් කල සල්ලි වල බලය. ජනතාව ජවිපෙ එකට චාන්ස් එකක් දෙන්නේ නැත්තේ ඔවුන් කපටි දේශපලයනය නොදත් නිසාද? හොරකම් කල එස්එල්පීපී හා එජාපය 75%ක් ගන්න තරම් මේ රටේ ජනතාව බංකොලොත්ද? අන්ධද? මෝඩද? මේක නම් හැදෙන්නේ නැති රටක්...

:       557       856

SLSunday, 11 February 2018 04:31 PM

නැහැ ජනතාව බුද්ධිමත්! ධනපතීන්ට බනිමින් ධනපති-පන්තියේ ගමනයන වැදි-බණ දෙස්නන ජවිපෙ නායකයන් ජනතාව හදුනාගෙන අවසන්!

:       0       1

Ajith Kumara Sunday, 11 February 2018 03:40 PM

දැන් ඉතින් සිරිසේනට මරක්කලයින් එක්කම තමයි ඉන්න වෙන්නේ... නැත්තන් මහින්ද මහත්තයා ලඟට ගිහින් සමාව ගන්න.

:       508       374

PrisianMonday, 12 February 2018 12:26 AM

නුවර එළියේ මහින්දගේ කට්ටිය කුකුළා පිටේ යනවා නොපෙනේද?

:       0       0

වේතාල Monday, 12 February 2018 04:18 AM

ඇයි මොනවටද මහින්දගෙන් සමාව ගන්නෙ.?

:       193       211

chaminda Sunday, 11 February 2018 04:39 PM

පසුගිය පළාත්පාලන චන්දෙ ප්‍රතිපල එක්ක මෙවර ප්‍රතිපල සංසන්දනය කරද්දී මහින්ද මහත්තයට ඇත්තටම ප්‍රතිපල වැඩි වෙලාද ? අනේ මන්ද ?

:       0       0

rohani Monday, 12 February 2018 03:01 AM

මේ කට්ටිය හිනාවෙන කොට හරි කපටියිනේ...

:       0       0

rocky Monday, 12 February 2018 03:09 AM

කඩුව අතට ගත්තේ පරක්කු වෙලා. එ්ත් ගත්තු හැටිය වනවනා හිටියා. තමාටම කෙලවන තුරු !!!

:       0       0

bandula Monday, 12 February 2018 03:33 AM

අප කිසිකෙනෙකුට මහින්ද මහතාගේ ජයග්‍රහණය ගැන කිසිම ගැටලුවක් නැත , නමුත් එතුමාගේ සාටකයේ එල්ලී ගොඩයන්න හදන අනිත් අපතයන් ගැන තමයි ගැටලුව . මොකද එතුමාව නැති කරන්නේ ඒ අයයි.

:       5       45

indika Monday, 12 February 2018 04:27 AM

ජයම වේවා. මොනවා උනත් මහින්ද මහත්තය දාල ගියපු උන් ටිකනම් අයෙත් ලං කර ගන්න නම් එපා.

:       25       41

Rishad Monday, 12 February 2018 04:37 AM

මේක තමයී ශ්‍රී ලංකාවේ දේශපාලනය. ගමේ උදවියට ප්‍රබුද්ද මනසක් කවදාවත් ලබන්න බැරි බව ප්‍රතිපල වලින් පැහැදලි වේ . විකල්පයක් කියන්නේ මහින්ද නෙවේ.

:       325       375

malindaMonday, 12 February 2018 11:49 AM

ප්‍රබුද්ධ වීම යනු යහපාලනයට ඡන්දය දීමද ඔබගේ අදහස පැහැදිලි නැත.

:       98       122

KANDEPOLA Monday, 12 February 2018 06:54 AM

මේ ඡන්ද ප්‍රතිපලය යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතාව දුන් දඬුවමක් ලෙස පෙනුනත්, සැබෑවටම දඬුවම් විදින්න සිද්ධ වෙන්නේ ජනතාවටම බව සිතන්න තරම් දේශපාලන බුද්ධියක් අපේ රටේ ජනතාවට නෑ. තව කාලයකට ඒ බුද්ධිය පහල වෙන්නෙත් නෑ. බලය හුවමාරු කරගනිමින් දේශපාලකයින් ඉදිරියට යනවා. ජනතාව එක තැන පල් වෙනවා.

:       61       257

Wavihadha Monday, 12 February 2018 02:58 PM

පොදු ජන පෙරමුණේ ජයට මූලිකම සාධකය මහින්ද ජනාධිපතිතුමා. කෙසේ වුණත් පක්ෂයක් විදියට සාර්ථක වන්නට නම් පුද්ගල ප්‍රතිරූපය වටා ගොඩ නොනැගී සාමුහික ප්‍රතිපත්ති සහ දුර දක්නා දර්ශනයක් තිබුණොත් හොඳයි. නැතිනම් කාලයක් ගියාම නායකත්වයට පොරකාවි. පක්ෂය දියවෙලා යාවි. අලුත් ඉපදුණු පොදු පෙරමුණ වසර 60 - 70 ක් පරණ පක්ෂ අභිබවා ආවා. එය පවත්වා ගෙන යාම අනිත් අයගේ සාමූහික වගකීම වෙනවා. නැතිනම් ඉතින් හෙළ උරුමයට වගේ වෙයි.

:       0       61

Chaminda Wednesday, 14 February 2018 01:20 AM

චන්ද ප්‍රතිපලය පෙන්නුම් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් අවශ්‍යම බවත්. වර්තමාන නායකත්වයට පහල මධ්‍යම පන්තික ජනතාව පිලිබඳ අවබෝදයක් නැතිකමත්ය. ඔහු මෙරට දේසපාලනයට සුදුසු නැති බවත්ය. වත්මන් රජය පාලන තන්ත්‍රයේ වෙනසක් කලද එය ජනතාවට තේරුම් ගැනීමට නොහැකි වුයේ ජනතාවට රජය මගින් ඇතිකළ ආර්ථික පීඩනය සහ දුන් පොරොන්දු ඉෂ්ට නොකිරීමත් නිසාය. වසර 3ක කාලයක් දුන් පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාණවත්ය. පොරොන්දු ඉටු කිරිමට උනන්දුවක්වත් රජයට නොමැති බව පෙනී ගිය බැවින් ජනතාව එයට දුන් පිළිතුර මෙයයි. කොටින්ම කියතොත් රජය ඉල්ලන් කෑවේය. දැන්වත් රජය නිසි මාවතට පැමිණිය යුතුය.

:       0       30

mf.. Thursday, 15 February 2018 12:01 PM

මෙතන ඉන්න පක්ෂවල නායකයින්ට කියන්නේ ඔයාලා මැතිවරණයකට තනියෙන් තමතමන්ගේ පක්ෂයෙන් තරග කරලා පුළුවන්නම් ඡන්ද 100 අරන් පෙන්වන්න ඔයාලට බැහැ. මේ වගේ කට්ටිය මහින්ද මහත්මයා අයින් කරගෙන ඉදිරියට යන්න. එතකොට ඔයාගේ පැවැත්මට හොඳයි..

:       0       0

Sathyayaa Friday, 16 February 2018 01:18 AM

මහින්ද රාජපක්ෂ ඇතුළු ගෝල බාලයින්ගේ මුහුණු දකින කොට අපට කුඩා කාලයේදී අසන්නට ලැබුන ගැමි කතාවක් මතක් වෙනවා. දිව්‍යය ලෝකේ යෑම සඳහා පියාඹන ඇතාගේ වලිගෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site