IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පානීය ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘති 5 ක් ජනතා අයිතියට

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් කරන ලබන ප්‍රජා සත්කාරක සේවාවලින් එකක් වන පානීය ජලය පිරිසිදු කිරීමේ තවත් ව්‍යාපෘති 5 ක් අද (28) ජනතා අයිතියට පවරන ලදි. ඒවා අනුරාධපුර මහබුලංකුලම මහා විද්‍යාල‍ය, පදවිය ශ්‍රී පුර ජයන්තිපුර විද්‍යාලය, හොරොව්පොතාන රස්නකවැව, වව්නියාව මාමඩුව සහ වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යන  ස්ථානයන්හි ස්ථාපිත කොට තිබේ.


වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු සඳහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ඒවා සිදුකෙරේ.


මහබුලංකුලම මහා විද්‍යාල‍යේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 1670 කට සහ එම ප්‍රදේශයේ පවුල් 1725 කට, ජයන්තිපුර විද්‍යාල‍යේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 695 කට සහ එම ප්‍රදේශයේ පවුල් 897 කට, රස්නකවැව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 1452 කට, මාමඩුව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 926 කට සහ වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 1796 ක් සදහා පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට අවස්ථාව තිබේ.

මහබුලංකුලම මහා විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සදහා ෆයර් ෆ්ලයි මිෂන් සිංගප්පූරු ආයතනයේ සහ අනෙකුත් ජල පිරිපහදු යන්ත්‍ර සදහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මුල්‍ය දායකත්වය ලබා දි ඇත.

 



අදහස් (4)

පානීය ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘති 5 ක් ජනතා අයිතියට

lalith Friday, 28 April 2017 08:47 PM

ඔය ජනතා අයිතියට පවරන්න කලින් එක කාගේද? ආණ්ඩුවේ නේද? එතකොට ආණ්ඩුව කියන්නේ ජනතාව නෙවෙයිද?

:       0       0

Gama Saturday, 29 April 2017 03:32 AM

අපේ රටේ 60% - 70% පමණ දෙනෙක් ආහාර පිසීමට ගන්නේ මැටි මුට්ටි. ඒ මැටි බොහෝ විට ලබා ගන්නේ කුඹුරු වලින්. කුඹුරුවලට ගහන තෙල් බෙහෙත්වල අඩංගු සංයෝග මැටිවලට එකතු වෙනවා කාලයක් තිස්සේ. මේ මැටි භාජන සවිවරයි. ඒ කියන්නේ මේ භාජන වල කුඩා සිදුරු තියෙනවා. ඒ නිසා මේ මැටි වල තියෙන heavy metals පිසින ආහාර වලට එකතුවෙන්න පුළුවන්. අපේ රටේ වකුගඩු ප්‍රශ්නයට මේකත් එක හේතුවක් වෙන්න පුළුවන්. මට මතකයි අපේ අම්මලා මැටි භාජන ආහාර පිසීමට ගන්න ඉස්සෙල්ල දහයියත් එක්කල රත් කරලා කළු කර ගන්නවා. එතකොට ඒ කාබන් අංශු වලින් මේ සිදුරු වැහිලා යන්න පුලුවන්. විශේෂයෙන්ම අපේ රටේ වතුර සීතල කර ගන්නට පාවිච්චි කරන ගුරුලේත්තු වල මේ තත්වය බොහෝ අනාරක්ෂිතයි. අපේ පාසල් වලත් කියල දෙනවා ගුරුලේත්තු වල ක්‍රියාකාරිත්වය. මේක මට හදිසියේ හිතට ආපු දෙයක්. මේ ගැන විධිමත් පර්යේෂණයක් කරනවා නම් හොඳයි.

:       1       4

Hafeel Saturday, 29 April 2017 03:54 AM

රණවිරුවෝ විසින් මෙච්චර හොඳ වැඩ කළත් දෙමළ මන්ත්‍රීවරු කියන්නේ හමුදාව උතුරෙන් යවන්නයි කියලා.

:       0       1

kumar (gaf) Sunday, 30 April 2017 06:34 AM

වටිනා වැඩක් කරලා අඩු ගාණෙ PVC පයිප්ප කරාම දාල, කොල්ලො, කුරුට්ටෝ මේවා කඩලා දැම්මාම නිකන් ජලය අපතේ යාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site