IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාඨලීට නිදහස පතා මහා සංඝරත්නය සත්‍යග්‍රහයක

(හසිත රංග ගුණතිලක)

බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට නිදහස පතා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී මහා සංඝරත්නය අද (23) පස්වරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ.

සත්‍යග්‍රහයෙන් පසු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඉටිපන්දම් සහ පන්දම් දල්වමින් ආණ්ඩුවේ දේශපාලන දඩයමට එරෙහිව සිය විරෝධය පළ කළහ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් වන රවුෆ් හකීම් , පලනි දිගම්බරන් , මනෝ ගනේෂන් සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (42)

පාඨලීට නිදහස පතා මහා සංඝරත්නය සත්‍යග්‍රහයක

රජින්ද Monday, 23 December 2019 06:22 PM

මෙවැනි මුග්ධ දේශපාලන චරිත වෙනුවෙන් උතුම් වූ ත්‍රිවිධරත්නයට අපහාස නොකරන්න.

:       1916       2933

සෙනෙවිරත්න Wednesday, 25 December 2019 12:34 PM

සැවොම ත්‍රිවිධ රත්නය අවභාවිතයේ යොදවා ඇත. දඩ ගෙවන්න පිඩුසිඟා යෑම උදාහරණයකි. මොවුන් කිසිමදාක හැදෙන්නේ නැත.

:       0       88

ROHAN Monday, 23 December 2019 06:49 PM

මෙය එක කණ්ඩායමකගේ වැරදි තීන්දුවක් අනික් කණ්ඩායම වේ වැරැද්ද රටට හරියට නිවැරදිව තේරුන්කර දුන්නොත් අනාගතේ ලැබියයුතු තීන්දුව හාත්පසින් වෙනස් වේවි ...!!!

:       2       76

Nilu Monday, 23 December 2019 06:50 PM

නීතියට පටහැනි දෙයක් කරපු කෙනෙක් වෙනුවෙන් මහජන නියෝජිතයා හැසිරෙන ආකාරය ඉතාමත් පිළිකුල් සහගතයි නේද?

:       1264       1548

Binkunndaa Monday, 23 December 2019 07:11 PM

කෝ මේ දෙපැත්ත කන රනිල්?

:       66       291

යහපාලන Monday, 23 December 2019 08:06 PM

මෙහෙව් රටට පායාවිද සූරියා?

:       155       343

Bandara Monday, 23 December 2019 08:31 PM

ඔක්කොම හොරු එකතැනක.

:       410       1551

Chandu Galagedara Monday, 23 December 2019 08:45 PM

මෙම නීති සම්පාදකයින් අනතුරට ලක්වූ සන්දීප වෙනුවෙන් සත්‍යග්‍රහය කළ නොහැක්කේ ඇයි? මෙය ඔවුන්ගේ සම්පූර්ණ ආත්මාර්ථකාමිත්වය පෙන්නුම් කරයි.

:       251       1105

banda Monday, 23 December 2019 09:46 PM

අල්ලන්න කිව්වේ පාස්කු ප්‍රහාරය සහ මහා බැකුව කඩපු අය නමුත් ඇල්ලුවේ පිරිසිදු සිංහල බෞද්ධ නායකයෙක්. මේ ආණ්ඩුව පන්නන සටන මෙතනින් පටන් ගනිමු.

:       3307       2212

kosala Monday, 23 December 2019 10:44 PM

මේවා දියුණු රටවල මිනිස්සු දැක්කොත් කියාවි ගෝත්‍රික යාගයක් කියලා. මිත්‍යා දෘෂ්ටිය ඉහ වහා පැතිරිලාගිය දුපතක්. ලැජ්ජයි.

:       43       353

මෝ Monday, 23 December 2019 11:46 PM

මටනං හිතෙන්නෙ කරපු පව් මතක්වෙලා දෙවියන් යදිනවා වගේ තම තමන් වෙනුවෙන්. හොර තක්කඩි මූනු ගොඩක් මෙතැන තියෙනවා.

:       200       469

prakaash Tuesday, 24 December 2019 12:53 AM

බුදු දහමට නිගා කරමින් පසු ගිය කාලයේ කල දේවල් අමතක වෙලාද?

:       217       1099

nimali Tuesday, 24 December 2019 01:04 AM

හොදම බොරු කාරයෝ ටිකයි, බැංකු හොරු ටිකයි, පන්දම් පත්තු කරන් කොහෙද යන්නේ .. මෙහෙම ජෝගියක්. කරපු දේවල් නිසා දහඅට සන්නි නැතුවට ගැලවීමක් නැහැ.

:       199       645

Gamarala Tuesday, 24 December 2019 01:23 AM

පන්දම් අල්ලන එක අවුරුදු ගානක ඉඳල ඒ ගොල්ලන් කරන එකක් නිසා කමක් නැහැ. ඒ එක්කම අර අනතුරට පත් වූ ළමයටත් සෙත්පතා යමක් කලොත් තමයි වටින්නේ!

:       134       426

මුණසිංහ Tuesday, 24 December 2019 01:40 AM

ආ.... මේකෙ ඉන්න අය ගෙනුත් වැඩි දෙනෙක් ළගදීම ජම්පර් අන්දවන්න සුදුසු අය. දැන්ම ආගම දහම සිහි කර ගන්න එක හොදයි.

:       257       507

lgj dharmarathna Tuesday, 24 December 2019 02:00 AM

හොරුන්ටත් කණ්ඩායම් ඉන්නවා නේ. ඉතින් ඒ තමයි ලෝකෙ හැටි.

:       219       656

gamaya Tuesday, 24 December 2019 02:21 AM

වසල දේසපාලකයන්ව උඩ දම දමා හුරේ දාන මෝඩ මිනිස්සු ඉන්න හරිම අවාසනාවන්ත රටක් විදියට මේ උතුම් මාතෘ භූමිය පත්වෙලා තියෙන එක ගැන දැනෙන්නේ අසීමිත කනගාටුවක්.

:       116       342

MP Tuesday, 24 December 2019 02:50 AM

දැන් මේ අය කරන්නේ පිළිකා රෝගීන්ගේ බෙහෙත් ටිකත් විකුණගෙන කාපු මිනිහෙකුට තෙරුවණ් සරණ පතන එකද? ඒක වෙනවා හිතාගෙන මේක කරනවා නම් ඔක්කොටම ඉස්සෙල්ලා අං තට්ටුවක් පැළඳ ගත්තොත් හොඳ!

:       234       416

p.d goonawardena Tuesday, 24 December 2019 03:41 AM

අපිටත් පන්සල් එපා කරවනවා.....

:       89       239

[email protected] Tuesday, 24 December 2019 03:45 AM

අර පිට්ටනි සුද්ද කරන්න තාප්ප පිරියම් කරන්න ජනතාව එක් රැස් වුවා සේ මේ අමනයින් ඉවත් කිරීමටත් ජනතාව එක් රැස් විය යුතු කාලය පැමිණ ඇති බව හැගේ.

:       111       385

Sureni Tuesday, 24 December 2019 04:15 AM

බොරු කාරෝයෝ සහ බැංකු හොරු එක පෙලට, දෙවියන් සිහි වෙච්ච මොහොතක් ...!!!!!!

:       56       323

amila Tuesday, 24 December 2019 04:21 AM

අර අහිංසක කොල්ලට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්න මේ අයට බැහැ

:       52       255

Bandula. Tuesday, 24 December 2019 04:31 AM

අනේ මන්ද හොරකමක් කලත්, මිනීමැරුමක් කලත්, කුඩු වික්කත් පිරිත් කියන රටක්, අපේ ආගමට ගිය කලක්.

:       58       132

sharm warn Tuesday, 24 December 2019 04:41 AM

පිටිපස්සෙන් ඇවිල්ල හප්පලා තමන් තුවාල කර ගත්ත මිනිහ වෙනුවට ඉස්සරහින් ගිය මිනිහව හිරේ දාපු එක කොහෙත්ම සාධාරණ නැහැ .. සන්දීප් මාර්ගනීති කඩ කරලා රථ වාහන නීති උල්ලංඝනය කරලා නඩු කිහිපයකට වැරදි කරු වෙන්න සුදුසු කම් ලබල ඉන්න වෙලාවේ එක පාර්ශවයකට විතරක් දඩුවම් දුන්න එක ලොකු අසාධාරණයක් (පක්ෂ භේදයකින් තොරව ප්‍රකාශ කරමි ) මෙයාලටත් මෙහෙම වෙන්නත් ඕන මොකද අවුරුදු 5ක් හොරුන් කියලා පෙනී පෙනී නැලෙව්වානේ .. දැන් ඉතින් කන්නකෝ ආණ්ඩුවේ බත් එක ..

:       813       321

SeneviratneTuesday, 24 December 2019 05:17 AM

ඇත්ත, මිග් හොරු, ටෙන්ඩර් හොරු, 10% කට්ටිය, ශ්‍රී ලන්කන් හොරු, සිරිලිය හොරු, හොර නීතිග්ඥයෝ, බොරු නේවි කාරයෝ සහ තව ඉන්න හොරු ටික හිරේ යැව්වේ නැහැනේ, ඩීල් දැම්ම මිසක්, දැන් ඉතින් ඉල්ලන් කන්න,

:       404       144

lakviduTuesday, 24 December 2019 07:06 PM

මට එකම එක දෙයක් පැහැදිලි කරලා දෙන්න. අැයි මේ පිරිසිදු සිංහල බෞද්ධ නායකයා තමන් වෙනුවට වෙනත් රියදුරෙක් ඉදිරිපත් කලේ?

:       1       43

AkilaWednesday, 25 December 2019 04:00 AM

සිද්ද වෙච්චි දේ නොදැන කියවන්න එපා. සම්පුර්ණ වැරදිකරු තමයි දැන් හිරේ ඉන්නේ.

:       1       24

sashikaThursday, 26 December 2019 02:57 AM

ඇත්ත එත් එදාම පොලිසියට ගිහින් භාරවෙලා වෙචිචි දේ කිවනම් ඉවරනෙ.

:       1       17

janahitha Tuesday, 24 December 2019 05:09 AM

කිසිවෙකුටත් බුදුන් වහන්සේට පන්දම් ඇල්ලිය නොහැකිය. දේශපාලන වාසිය සඳහා නම් පන්දම් අත්‍යවශ්‍ය වේ මෙතන සිදු උනේ තම වාහනය සංඥා ලාම්පු නොදල්වා අතුරු මාර්ගයට හැරවීමත් එම නිසාම පසු පසින් පැමිණි යතුරු පැදිය එහි ගැටිමත්ය පළමු වරද අත් වැරදීමකි දෙවනුව සිදු උනේ වාහනය නොනවත්වා දාවනය කිරීම සහ පොලිසියේ අනුග්‍රහය ඇතිව වෙනත් රියදුරෙක් නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමය.

:       43       181

janahitha Tuesday, 24 December 2019 05:11 AM

පන්දම් කාරයෝ කවදත් පන්දම් තැනක් නොතැනක් හරි වැරැද්ද නොබලාම අල්ලති අර අසරණ ළමයට ඉක්මන් සුවය ලැබෙන්න වෙන්න ඇති.

:       30       81

seneth Tuesday, 24 December 2019 06:27 AM

මහා සංඝරත්නය මෙවැනි දේ සිදු කිරීමට පෙර සිතා බැලිය යුතුයි.

:       0       1

eresh S kumara Tuesday, 24 December 2019 06:31 AM

හොඳ ලී පාට නෑ. පාට ලී හොඳ නෑ.

:       1       0

isurandi Tuesday, 24 December 2019 08:54 AM

එදා සිට නීතියේ තිබ්බ හිදැස් නිසා තමයි අද අපේ රටට මෙහෙම කලක් උදා වුනේ... එක්කෝ නීතිය ස්වාධීන විය යුතුයි... මාරුවෙන් මාරුවට පත්වෙන ආණ්ඩුවලට ගොට්ට අල්ලන්නේ නැතුව...

:       0       1

Aaala Paalu Tuesday, 24 December 2019 09:40 AM

හොඳ වෙලාවට සීනිගම පොල් ගහන්න කලින් ඇප දුන්නේ...

:       0       1

beau Tuesday, 24 December 2019 01:26 PM

මේවා හිනා කාල මැරෙන වැඩ.

:       1       1

Deepal Nirosh Tuesday, 24 December 2019 02:38 PM

සංඝ රත්නය ප්‍ර‍තික්ෂේප කරපු අයට සංඝ රත්නයේ පිහිට පතන්න වෙච්චි හැටි?

:       1       0

ධම්ම Tuesday, 24 December 2019 03:56 PM

අනේ එස්එෆ්!

:       0       2

Rukshan Cooray Wednesday, 25 December 2019 12:24 AM

ළමයෙක් හප්පන් ගිහින් පොලිසියේ සාක්ෂි වසන් කළ අය වෙනුවෙන් පෙනී සිටින අපුරුව...

:       1       1

jayantha Wednesday, 25 December 2019 12:46 AM

කරන්න ඕන දේ හරියට නොකර දැන් මොනවා කරන්නද?

:       0       1

sunil aththanayake France Wednesday, 25 December 2019 01:16 AM

ඕනෙම දේශපලුවෙක් හොරා කාලා ,මිනි මරලා ,කරන්න තියෙන සේරම ජඩ වැඩ අපේ රටට එරෙහිව අපේ ජාතියට එරෙහිව කරලා එක්කෝ ොආයේම ඊළඟ ආණ්ඩුවට හේත්තු වෙලා ඇමතිකම් ගනියි. බොරුවට දේශපාලන සංදර්ශන තියනවා අලුත් ආණ්ඩුවක් ආව ගමන් ඒ අර ඡන්දේ දාපු මිනිස්සුන්ව පොඩ්ඩක් චුන් කරන්න. මට හිතෙන්නේ මේ වෙන්නෙත් එකම තමයි. අනික දේශපාලු නරියෝ හිරේට දැම්මම ඒ අය ඉල්ලනවා ඇප.එහෙම නැත්නම් උන් යනවා ඉස්පිරිතාලෙකට. කෑම බිම ගේන්නේ ඒ අයගේ අය. මාර සැප ඒ අයට. අහිංසක එකෙක් ගියොත් පොල් ගෙඩියක් කඩලා අහුවෙලා හතර හන්දි කඩල දානවා හත් අවුරුද්දකට හිරේ. දේශපාලුවන්ට ඇප දුන්නත් දෙන්නේ පොඩි ගානක්. අර අහිංසකයන්ට නියම කරනවා ගෙවන්න ලක්ෂ ගණන්. ඇයි ඒ අයට විතරක් එක නීතියක් ...මේක තේරුම් ගන්න කාලේ හරි අපේ රටේ මිනිස්සුන්ට. අපේ අය ආයෙම රැවටෙනවා. මේක හොඳ අවස්ථාවක් තේරුම් අරගෙන එනපාර ඡන්දෙන් අපි හිටපු එක නරියෙකුටවත් ඡන්දෙ දෙන්න එපා. රට ගොඩ ගමු. දේශපාලන පක්ෂ පාට කණ්නාඩි දාගෙන ඉන්න අය මට බනීවි.

:       0       5

PA - RA Wednesday, 25 December 2019 03:36 PM

සත්‍ය සොයා යනගමනේ බඩවඩා ගත්තෝ හමුවෙනවා දකිනවා. හොර, බොරු, වංචා සඟවා ගත නොහැකිය.

:       0       4

Nishshanka Wednesday, 25 December 2019 08:04 PM

ලැජ්ජා නැති කම තමයි. ගුරුකන්දේ හාමුදුරුවන්ගේ අාදාහනයට කටවහන් හිටපු අය... ගොබ්බයෙක් නිදහස් කරන්න දඟලනවා.

:       0       105

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site