IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ප්‍රතිකාර කරන්න ඔරුවේ ආ වනජීවී නිලධාරීන්ට අලියා පහර දෙයි

(කුෂාන් ජයවරධන)

වනජීවී නිලධාරීයකු ඇතුළු තිදෙනෙකු ගමන් ගත් ඔරුවකට අද (13) සවස කලාවැවේදී වල් අලි ප්‍රහාරයක් එල්ල වූ බව වයඹ වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීහු පැවසූහ.

වල් අලි ප්‍රහාරයෙන් ඔරුවට බරපතල හානි සිදුව ඇති බවත් ඔරුවේ ගමන් ගත් පිරිසගේ දිවි බේරී ඇති බවත් වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.

දුම්රියේ ගැටීමෙන් අනතුරටපත් වල් අලියෙකුට දෙවන වරටත් ප්‍රතිකාර කිරීමට වයඹ වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීහු අද කටයුතු කරනු ලැබූ අවස්ථාවේ දී මෙම වල් අලි ප්‍රහාරය එල්ල වී ඇත.

වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා ඇතුලු පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් හා ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අලියාට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණ සිටියහ.

කලාවැව දියෙහි බැස ගොඩ බිම ආසන්නයේ සිටි අලියාට ගොඩබිම සිට බෙහෙත් එන්නත් කිරීමෙන් පසු වැව් දියෙහි දුරට ගිය අලියාට සෙසු ඖෂධ එන්නත් කිරීම සඳහා වනජීවී නිලධාරීන්ට එම අලියා සිටි ස්ථානය ආසන්නයට ගමන් කිරීමට සිදුවිය.

ඒ අනුව ඔරුවක ආධාරයෙන් අලියා සිටි ස්ථානය ආසන්නයට ගමන් කිරීමට වනජීවී නිලධාරීන්ට සිදුවූ අතර ප්‍රදේශයේ ධීවරයින්ගේ සහය ඇතිව සපයා ගත් ඔරුවක ආධාරයෙන් වනජීවී නිලධාරීයකු අලියා සිටි ආසන්නයට ගමන්කර අලියාට තවත් එන්නතක් ලබා දීමට කටයුතු කරනු ලැබීය.

ඒ සමඟම කුපිත වූ වල් අලියා වනජීවී නිලධාරියා ඇතුලු තිදෙනෙකු ගමන් ගත් එම ඔරුවට පහර දෙනු ලැබීය. අලියාගේ පහර දීමෙන් ඔරුව පෙරැළී ගොස් එම ඔරුවට බරපතල හානි සිදු විය.

එම අවස්ථාවේ එහි ගමන්ගත් වයඹ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ක්ෂේත්‍ර සහකාර සපුමල් උදයකාන්ත මහතා ඇතුලු තිදෙනාගේ දිවි බෙරී ඇත.

දියමත පිහිනා සැඟව ගොස් දිවි රැක ගැනීමට එම අවස්ථාවේ නිලධාරීයා ඇතුලු පිරිස සමත්ව තිබිණ. එම අවස්ථාවේ වනජීවී නිලධාරියා අතවූ බෙහෙත් විදින අවිය ද කලාවැවට වැටී තිබූ අතර පසුව නිලධාරීන් එක්ව කිමිදී කළ මෙහෙයුමකදී එම ගිනි අවියද සොයා ගැනීමට හැකිවිය.

මෙම අලියාට ප්‍රතිකාර කිරීම සඳහා මීට පෙර අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන්ද කටයුතු කළ අතර එම අවස්ථාවේදී ද ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු සමග වනජීවී නිලධාරියකු ගමන්ගත් ඔරුවක් ද කලා වැවේ පෙරැළි අනතුරට පත්වී ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.

 



අදහස් (11)

ප්‍රතිකාර කරන්න ඔරුවේ ආ වනජීවී නිලධාරීන්ට අලියා පහර දෙයි

ravi Tuesday, 14 July 2020 07:58 AM

දැන් එක අලියයි, ඔරුව පලු දෙකයි නේද.?

:       2       31

sam Tuesday, 14 July 2020 08:01 AM

මෝටර් බෝට්ටුවකනේ යන්න තිබුනේ.

:       1       2

raviTuesday, 14 July 2020 04:13 PM

එතකොට ඉතින් අලාභය සියගුණයකින් වැඩිවෙන්න තිබුණා නේද?

:       0       0

manoj Tuesday, 14 July 2020 09:53 AM

මෝටර් බෝට්ටුවක වනජීවී එකට තිබුනානම් යන්න තිබුනා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 July 2020 08:07 AM

අප අඩුපාඩු විවේචනය කළාට වනජීවීයේ මහත්වරු කරන්නෙත් මහා අනතුරුදායක රැකියාවක්.. ඒ ගැන සිතන විට සිතට දුකක් දැනෙනවා. අව්වට, වැස්සට තෙමමින්, වනාන්තරයේ නපුරු සර්පයන් පොළඟුන් වැනි සතුන් මැද දිවි ගෙවමින්, දියේ බසිමින් ඔවුන් ගත කරනා දුෂ්කර ජීවිතය ගැන සිහිවෙද්දී ඇත්තෙන්ම හදවතට දුකක් දැනෙනවා. මේත්, මනුෂ්‍යයින් නේද කියා..? මදකිපීම හෙවත් කම්මුල් තෙමීම සිදුවන කාලය තුළදී බොහෝ අලි ඇතුන් හැසිරෙන්නේ තනිකරම පිස්සුවෙන් වගේ... මොනවා කරනවද කියා ඔවුන්ම දන්නේ නෑ.. මට සිතෙන ආකාරයට මෙයත් මද කිපුණු කෙනෙක් වෙන්නට ඇති.. කොහොම වුණත්, මෙයාගෙන් ජීවිත ටික බේරුණු එක නම් හොඳ දෙයක්..

:       0       208

raviWednesday, 15 July 2020 08:52 AM

ඔය මහදැනමුත්තා වගේ මොකක්හරි කෙරුවට තේරුමක් නැහැ..යම්කිසි දෙයක් දියත් කළයුත්තේ ... දෙවැනි සහ තෙවැනි සැලැස්මක් සමගයි. එතකොට මෙවැනි අනතුරු සිදුවෙන්නේ නැහැ...!!! 

:       36       0

karuThursday, 16 July 2020 12:21 PM

හලෝ ඔහේගේ මොලේ අමාරුවක් තියෙනවද..? නැත්නම් මොනවත් ඕනෑද..? මෙහෙ ඇවිල්ලා බොරුවට කියවන්න ලැහැස්තිවෙන්න එපා.

:       0       75

විජිත් Thursday, 16 July 2020 05:06 PM

ඇත්ත සමිත, වැඩි ප්‍රමාණයක් වනජීවී එකේ ඉන්න දොස්තර මහත්වරුයි, වෙනත් නිලධාරිනුයි.. මේ රැකියාවම තෝරාගෙන තියෙන්නේ ඒ අය සත්වයින්ට ඇති ආදරේ නිසාමයි. එහෙම නැතිනම් ඒ අයට රජයේ වෙනත් ප්‍රදේශවල වෙනත් රැකියා සොයා ගන්නට ඇති අවස්ථා නැත්තේ නැහැ. ඒවගේම තමයි "අනතුර" !!! වන සතුන් සමග ජීවිතය ගෙවනවා කියන්නේ "යකා" එක්ක ජීවත්වෙනවා වගේ වැඩක්... වන සතුන් මිනිසුන්ව ඒ අයගේ මිතුරන් විදිහට පිළිගන්නේ නැහැ. සතුරාට පහරදීම ඒ අයගේ විතරක් නොවෙයි අපෙත් ප්‍රවේණික චර්යාවක්. වන සතුන්ට ලොකු ඉවක් තියෙනවා. ඒ ඉවෙන් ඒ අයට හිතාගන්න පුළුවන් ඊ ළඟට සිදුවන්නේ කුමක්ද කියා... දැන් මේ අලියයි තව එයාගේ යහළුවෙකුයි දුම්රියේ හැප්පිලා. යහළුවාව තවම හොයනවා. මෙයා වේදනාවට ගඟට පැනලා ඉන්නේ. ගිය සුමානේ වනජීවී මහත්වරු බෝට්ටුවන් ගිහින් බෙහෙත් ඉන්ජෙක්ට් කළා. මේ දෙවැනි පාර යනකොට තමයි පහර දුන්නේ... කෝච්චියට හැප්පිලා ශරීරයේ අභ්‍යන්තරයේ මොනතරම් තුවාල වෙලාද? කවුද දන්නේ.. අහිංසකයා මිනිසාගේ තවත් බිල්ලක්.

:       0       151

පූජා Thursday, 16 July 2020 07:37 AM

මේ අලියා, පහර දීලා තියෙන්නේ, එයාගේ තුවාලවල වේදනාවට වෙන්න ඇති.. වේදනාව වැඩිවුණාම තරහ යනවා වැඩියිනේ... ඉතින් සමහර මිනිසුන්, හේතුවක් නොමැතිව නිකරුනේ තරහ වෙලා ඉන්නේ ඇයිද කියලා මට නොතේරේ..

:       0       151

raviThursday, 16 July 2020 08:41 AM

ඔය කියන්නේ ඔයාගේ ස්වාමි පුරුෂයා ගැන නේද?

:       100       0

පූජා Saturday, 18 July 2020 05:36 AM

වතුරේ බැස, වේදනාවෙන් වදවෙමින් ඉන්නා මේ අලියා ගැන මට නම් ඇත්තේ අනුකම්පාවක්.. වනජීවි මහත්වරුන්ගේ සේවයත් සුලුකොට තකන්න බැහැ. එයාලත් තම දිවිපරදුවට තබා කරන්නේ උතුම් සේවයක්.. මිනිස්සුන්ට වාගේම සත්තුන්ටත් බඩගින්න කියන හැඟීම දැනෙනවා. තමන්ට දැනෙන කුසගින්න නිසා, ඔවුන් අවධානම නොතකා, යන්නට නුසුදුසු තැන්වල සැරිසරා විපතට පත්වෙනවා.. පසුගිය දවස්වල අපට අසන්නට, දකින්නට ලැබුණු දිවියන් ගැනත් කියන්නට ඇත්තේ මේ ටිකමයි.. මිනිසුන්ගේ ගහනය, වැඩිවෙන්න, වැඩිවෙන්න වන සතුන්ගේ අඩවි කුඩා වෙනවා. වනයේ, ඔවුන්ට අයත් කොටස්, මිනිසා අත්පත් කරගත්තාම ඔවුන් කොහේ යන්නද? මිනිසා සහ වනසතුන් අතර ඝට්ටන ඇතිවන්නේ මේ නිසා කියලයි මට හිතෙන්නේ. ඔවුන්ට තමන්ගේ පාඩුවේ, තමන්ට හිමි නිජභුමියේ, වසන්නට තිබෙන අවස්ථා එන්න එන්නම අඩුවී, අලි, මිනිස් ගැටුම් තවතවත් උග්‍රවී, වටිනා මිනිස් ජීවිතත්, අලි සම්පතත් රැක ගැනීමට බලධරයින්, මින් පසුවත් නිසි පියවරක් ගනීවි කියලා අපට සිත් සනසා ගන්නට හැකිවේදැයි, මා මගෙන්ම අසා ගන්නවා.. හිඟන්නාගේ තුවාලය මෙන් හැමදාටමත්, නොවිසඳී ඇති මේ ප්‍රශ්නයට විසඳුම කාලයා සතු බව සිතා මා මගේ සිත මඳකට සනසා ගනිමි.

:       0       111

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site