IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නෙවිල් ප්‍රනාන්දු ජනපති පෞද්ගලික ලේකම් හමුවෙයි

(ශාන්ත රත්නායක)

මාලබේ සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද(27) පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් වීරවර්ධන මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.

සයිටම් ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැති බව වාර්තාවේ.

 

 



අදහස් (28)

නෙවිල් ප්‍රනාන්දු ජනපති පෞද්ගලික ලේකම් හමුවෙයි

දිමුත් Tuesday, 27 June 2017 10:40 AM

අනේ සීයේ දැන් හිටියා ඇතිනේ?

:       2035       2506

nimalka Tuesday, 27 June 2017 10:59 AM

මොකුත් කියන්නේ නෑ. ධනාත්මක චින්තනයට බාධා වෙයි.

:       283       425

wedage Tuesday, 27 June 2017 11:04 AM

මුළු රටම කරදරයක ඇද දමනවා වයසේ හැටියට වැඩකරන්න

:       2966       3034

Sena Tuesday, 27 June 2017 12:28 PM

මහින්ද මහත්තය පවුලේ අයගේ වැඩ නිසා කලින් ගෙදර ගිය. මේ ආණ්ඩුව මෙම පුද්ගලයා නිසා කලින් ගෙදර යනවා.

:       998       742

රොමේෂ් Tuesday, 27 June 2017 12:41 PM

පොල්ලෙන් ගහන්න නෙමෙයි, අතේ තියෙන පොල්ල ඇදල ගන්න කෙනෙක් හිටියේ නැද්ද ඔය ළඟ පාතක. ඇවිද ගන්න පණ නැතිවුනාට රටක් ඇවිද්දවන මේ වගේ මිනිස්සු උපන් බිමට සාපයක්.

:       1813       1920

ධම්ම Tuesday, 27 June 2017 02:34 PM

කරන දෙයක් හරියට කරන්න ඔය දරුවන්ට කියා දෙන්නේ නැතිව මොකක්ද මහත්තයෝ රටට මේ කරපු වින්නැහිය.

:       1063       876

සිරි Tuesday, 27 June 2017 03:42 PM

කල හොඳ පස්සෙන් එලවනවා කියන්නෙ මෙන්න මේවට. මෙතුමා එයාගෙ කලින් තිබුන රෝහල රජයට විකිනුවට පස්සෙ ඒ මුදල අරගෙන විශ්‍රාම සුවයෙන් හිටියනම් නිවීහැනේ ජීවිතේ අවසාන කාලය ගෙවන්න තිබුනා. එහෙම නොකර ඒ මුදල අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනය කරන්න ගියායින් තමයි මේ කරදර විඳවන්නෙ. ධනයක් තියෙන, ඉගෙනීමක් තියෙන අය මීට පස්සෙ මේ රටේ ආයෝජනය කරන්නනම් කැමති වෙන එකක් නැහැ.

:       1416       1621

bandula de silvaWednesday, 28 June 2017 02:26 AM

ඔබගේ අදහස නිවරද්යි මෙතුමාගේ කාලයේ පානදුරයේ සෞඛ්‍යට කල සේවය ඉතා වටිනවා පානදුර රෝහල නියම තත්වයට ගෙනාවේ මෙතුමා ඒවගේම කේතුමතී කාන්තා රෝහල පිහිටවුයේ මෙතුමා එ්ක මෙතුමාගේ නෑයන්ට අයිති ගොඩනැගිල්ලක් එතුමාට එදා තිබුන එය තමන්ගේ පෞද්ගලික රෝහලට අනුබද්ධ කරලා විශාල පෞද්ගලික රෝහලක් කරලා සල්ලි ගරන්න නැතිනම් එදයි ඔය පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලය පටන් ගන්න තිබුනේ . ඒ කේතුමතී කාන්තා රෝහලෙම්ම උප්පත්තිය ලබපු අය අද මෙතුමාට අපහාස කරනවා ඇති. කිසිවක් නොදැන කරන අපේ අයගේ දුෂ්ට ප්‍රකාශ ගැන කනගාටුයි

:       255       582

සමනයාWednesday, 28 June 2017 03:18 AM

රෝහල හදලා තියෙන්නේ මිලියන 2500 ක් ලංකා බැංකුවෙන් ණයට අරගෙනලු. රෝහලට ලෙඩ්ඩු එන්නේ නැති නිසා අදායමක් නැතුලු. දැන් පාඩුවටලු දුවන්නේ. දැන් මේක ආණ්ඩුවේ ඇගට ගහල ගොඩයන්න්ටලු හදන්නේ. අපේ මහත්තයගේ කළ හොඳ තමයි ඕවා. කොහොමද ටිකිරි මොලේ.

:       448       240

sandunWednesday, 28 June 2017 03:41 AM

සිරි.. මේක ආයෝජනයක් නෙවේ අපයෝජනයක්

:       288       172

sameeraWednesday, 28 June 2017 03:51 AM

අසිරි එක වික්කේ ආණ්ඩුවට ද? සොෆ්ත්ලොගික් එකට ද? දන් නැති නිසා අහන්නේ.....

:       19       34

wedageWednesday, 28 June 2017 03:59 AM

කලින් තිබුණු රෝහල විකුණුවේ ලාබය මදි නිසා මේක පටන්ගත්තේ කෝටිපතියන්ගේ මුදල් වලට ආසාවෙන් පොදුජනය මෙය කෝටිපතියන් සඳහා පමණක් ඇති කරනලද බව සිහි තබාගන්න

:       358       527

සිරි Wednesday, 28 June 2017 07:37 AM

කොළඹ 07 වටිනාම තැනක තිබුණු ආශා සෙන්ට්‍රල් රෝහල රජයට විකුණුවේ යුධ සමයේ හමුදාවල පාවිච්චිය සඳහා බව නොදැන එතුමාට අපහාස කරන අය ඉන්නවා. දේශීය ආයෝජකයින්ගෙන් කීයෙන් කී දෙනාද මෙහෙම ආයෝජනයකට ඉදිරිපත් වෙන්නේ?

:       5       276

LakmalFriday, 30 June 2017 08:14 AM

දන්න දෙයක් කිව්වා නම් හොඳයිනේ... ආශා සෙන්ට්‍රල් එක මම දන්න හැටියට හමුදාවට දුන්නේ නෑ. ඒක සොෆ්ට්ලොජික් සමාගමකට වික්කා. ප්‍රොෆිට් නැති නිසා...

:       0       120

buddika Tuesday, 27 June 2017 05:16 PM

දැන් මේ වෙන්න යන්නේ කඩේට බඩු ගෙනත් දාන්නේ ආණ්ඩුව, කැෂියර් එක නෙවිල් ප්‍රනාන්දුගේ, ජනතාවනි මේ ගැටය හරි හැටි අදුනාගන්න, රෝහල ගොඩනැගුවේ නෙවිල් ලොක්කගේ පුද්ගලික ධනයෙන් නෙවේ, ලංකා ආණ්ඩුවේ බැංකු ණයකිනි, ඔහුට එය නැති වුනා කියා කිසි පාඩුවක්ද නැහැ, දැන් කැම්පස් එකේ ශුද්ධ ලාබය ඔහුට ලබා ගත හැක පහසුවෙන්ම, ජනතාවනි මේ කොල්ලය බුද්ධියෙන් වටහා ගන්න, මේක දේශපාලන ප්‍රශ්නයක් හෝ දොස්තරලගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවේ, නිදහස් අධ්‍යාපනය නැති වීම ගැන අනතුරකි.රජයේ කැම්පස් වල අඩු පාඩු දොස්තරලගේ වැරදි වලට විසදුම මෙම හොර සැලසුම නෙවේ ,

:       379       532

චීනාThursday, 29 June 2017 10:25 AM

අනේ හොඳයි... චීනෙට හරි බංග්ලාදේශයට හරි ඒ සල්ලි දෙන්න ...

:       15       8

Appuhami Tuesday, 27 June 2017 07:55 PM

අනේ සීයේ දැන් පිනක් දහමක් කරගෙන හොද තැනකට යන්න බලන්න. සල්ලි තණ්හාව අත් හැරලා. අපිට තවත් පවු දෙන්න එපා!

:       244       278

karu Wednesday, 28 June 2017 01:42 AM

වල පය තියාගෙන ලෝකෙට පව් පුරවන සියා කෙනෙක්

:       254       260

MohamedGM Wednesday, 28 June 2017 06:51 AM

අපේ රටේ ඉන්න බුද්ධිමත් යයි කියාගන්නා ජනතාව ගැන හරිම කණගාටුයි. පත්තරවල සිරස්තල කියවල සියල්ල තේරුම් ගත්ත වගේ හැසිරෙනවා. පොඩ්ඩක් හිතල බලන්න රෝහල් වල මෙච්චර ප්‍රශ්න තියෙද්දී දොස්තරලා මේකට විතරක් ඇයි මෙච්චර උනන්දු වෙන්නේ? ඇමතිවරු? විශ්වවිද්‍යාල සිසුන් යයි කියාගන්නා පිරිස් කොළ බෙදබෙදා පාරවල් ගැනේ ඇවිදිනවා. විශාල ප්‍රචාරණයක් ගෙනියනවා. විදේශ වෛද්‍ය විද්‍යාලවලට ලංකාවෙන් කොච්චරක් නම් යනවද? ඔහුන් නැවත ලංකාවට ඇවිත් වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා නේ? එ්කට වැඩපිළිවෙලක් තියනවා නේ. සයිටම් වලට විතරක් මොකද මේ? මේක පිටිපස්සේ මොකක් හරි ලොකු දෙයක් තියනවා. එක හොයල බලන්න. ලලිත් කොතලාවල මහත්තයට වෙච්චදේ නැවත මතකයට ගත්තනම් හොදයි.

:       66       151

kosala Wednesday, 28 June 2017 09:16 AM

ඔය ජී.එම්.ඕ.ඒ. එකේ ඉන්න අයත් අනාගතේ මෙහෙම හොස්පිටල් හදනවා. අඩුම ගානේ පුද්ගලික චැනල් ආයතනයක් දාගෙන හරි හම්බ කර ගන්නවනේ. මොකද ඒ අයත් පුද්ගලික රෝහල්වල නිකන් නෙමෙයිනේ බෙහෙත් දෙන්නේ? ඒ වුණාට එයාලගේ කතාව නම් එයාලා අතින් දීලා ඉගෙන ගෙන වගේ....

:       156       170

buddika Wednesday, 28 June 2017 03:45 PM

ලංකාවේ මිනිස්සු කොයිතරම් කුහකද කියලා කොමෙන්ට් ටිකෙන්ම පේනවා...

:       1       74

sandun Wednesday, 28 June 2017 05:28 PM

මෙයා doctor කෙනෙක් උනාට කතා කරන්නේ මාළු වෙළද පොලේ වගේනේ......මෙයා අධ්‍යාපන ආයතනයක ප්‍රධානියෙක්ට වඩා මැරෙයෙක් වගේනේ!!!!

:       91       170

punsiri Wednesday, 28 June 2017 06:44 PM

සමහරු මෙහෙම දෙස් දෙවොල් තියන කොට ලංකාවේ තවත් මනුෂ්‍යයෙක් ආයෝජනය කරාවිද ? මම මේ රෝහලට ගිහින් තියෙනවා. ඉතා සහන මිලකටයි පරීක්ෂණ එතන කෙරුනේ, හොද උපකරණ හා පහසුකම් හා පුහුණු සේවකයින් එහි සිටියා. ඉතාමත් අඩු තත්වයේ අදායම් ඇති අයත් මෙතනින් බහෙත් ගත්තා. හැබැයි මේ උද්ගෝෂණ නිසා දැන් දැන් ටික ටික ලෙඩුනගේ පැමිණීම අඩුවෙලා බව පෙනෙනවා. මෙතුමා හොදසේවයක් කරලා තියෙන්නේ, එතනට ගිහිල්ලම බලනවානම් හොදයි.

:       127       208

wedageThursday, 29 June 2017 08:02 AM

සෝභිත ස්වාමින්වහන්සේ මෙම රෝහලේ නැවතී සිටියා මට මතකයි....

:       47       50

suresh Thursday, 29 June 2017 05:32 AM

දකුණු ඉන්දියාවේ චිත්‍රපටිවල ඉන්න පාතාල නායකයෙක් වගේනේ... මෙතුමා කොහොමද දරුවන්ට උගන්වන්නේ?

:       18       12

wedage Thursday, 29 June 2017 09:36 AM

රටක් සහ එහි අධ්‍යාපන ක්‍රමයත් සමාජයක් අවුල් කිරීමට තරම් බලයක් මොහුට කොහෙන් ලැබුනේද? ලෝ පාලන දෙවියනි,.. මේ අවනඩුව ඉක්මනින් විසඳා දෙන්න...

:       0       14

Dilshan Friday, 30 June 2017 06:27 AM

මේකේ ලියන ඔක්කොම වගේ දොස්තරවරුන්ට පක්ෂව තමයි ලියලා තියෙන්නේ. දොස්තර නෙවිල් මහතා රටට, සමාජයට කරපු වැඩ ගැන හරියට දන්නේ නැතුව සමහරු ගහන්න කියනවා. සමහරු මැරෙන්න කියනවා. මොන වගේ අයද අපේ රටේ ඉන්නේ කියලා මේවාගෙන් පේනවා. බඩට මොනවා හරි වැටෙනවා නම් ඕන වැඩක් කරයි. බඩවල් විතරයි, මොල නම් නෑ. හොර දොස්තරවරු අද කරන්නේ මොකක්ද? පැමිණීම සටහන් කරන්නෙත් නැතුව අපේ සල්ලි වලින් පඩි ගන්නවා. රජයේ රස්සාව බාගෙට කරලා, තම තමන්ගේ බෙහෙත් කඩේට දුවනවා.

:       4       115

bandulaSaturday, 01 July 2017 01:38 AM

එක නම් ඇත්ත අපේ අය වැඩි හරියක් කරන්නේ රැල්ලටනේ වැඩිය යමක් හිතන්නේ නෑ හරි වැරැද්දක් බලන්නේ නෑ ඔහේ කෑ ගහනවා . චන්දෙ දෙන්නෙත් එහෙම නේ , පස්සේ පසුතැවිලි වෙනවා. මේ කවුරු උනත් හොද සේවයක් කරපු ලාංකික , ඒ වවෛද්‍යවරයෙක්. කෙලින් වැඩ කල නිර්භීත දේශ පාලකයෙක් ජේ ආර් ජයවර්ධන මහතාට ඒ ප්‍රබල රජයේම ඉදගේන අභියෝග කල ආදුනීක මන්ත්‍රී වරයෙක් . අනිත් අතට මේ මනුස්සය ආයෝජනය කරලා තියෙන්නේ පිටරටක නොවෙයි අපේම රටේ. මෙතුමා රජයෙන් වැටුප් අරන් පුද්ගලික චැනල් සේවයේ යෙදුන කෙනෙක් නෙමෙයි තමාගේම පුද්ගලික රෝහලක් නේ පවත්වාගෙන ගියේ , මෙතුමා ඇතිකරපු එම ස්ථානයේ (අද වෙන කෙනෙකුට අයිති උනත්) ඔය රජයේ වෛද්‍යවරැ අදත් චැනල් සේවයට ඇවිල්ල දවසට දහස් ගණනක් හොයනවා. මේ ලංකාවේම ඉපදිලා ලංකාවේම ඉගෙනගෙන ලංකාවේ පොළොවේම තම ධනය ශ්‍රමය ආයෝජනය කරන ලංකා පුත්‍රයෙක් . ඔය කෑ ගහන එක්කෙනෙක් වත් එහෙම කරන්න හැකියාවක්වත් අදහසක්වත් ඇතිය නොවයි දන්නේ මිදී යුෂ බීපු කොටළුවෝ වගේ බෙරිහන් දෙන්න විතරයි . අපි හැමදාම එක තැන කැරකෙන ජාතියක් වෙලා තියෙන්නෙත් මේ නිසා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site