IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නාඋල පාසලක බඹර වදයක් කපා ඉවත් කරයි

 

(ඉන්දික අරුණ කුමාර)

නාඋල අධ්‍යාපන කලාපයට අයත් නාඋල - ශ්‍රී නාග ජාතික පාසලේ බැඳ තිබූ අවදානම් සහිත බඹර වදයක් කපා ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ.
 
ශ්‍රී නාග ජාතික පාසල යනු පාසල් දරුවන් 2000කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන ජාතික පාසලකි.
 
පාසල් නොපවත්වන සමයේ දී පාසලේ තෙමහල් ගොඩනැගිල්ලක බැඳ තිබු මෙම බඹර වදය ඉවත් කිරීම සඳහා විදුහල්පති ඩබ්ලිව්. පීරිස් මහතා ඇතුළු කණ්ඩායමක් පියවර ගෙන තිබිණි.
 
බඹර වදයේ සිටි බඹරුන්ට හානියක් නොවන පරිදි ඔවුන් ඉවත් කිරීමට එම පිරිස කටයුතු කළහ.



අදහස් (6)

නාඋල පාසලක බඹර වදයක් කපා ඉවත් කරයි

පූජා Tuesday, 07 July 2020 04:25 AM

බඹරවදයේ සිටි බඹරුන්ට හානියක් නොවන පරිදි ඔවුන් ඉවත් කිරීමට එම පිරිස කටයුතු කළා නම් ඔවුන් මොන තරම් කරුණාවන්ත හදවත් ඇත්තන් වෙන්නට ඇතිද.? ඹමරුන් හිතන්න ඇති,. කිසිවෙකුත් නැති එකේ ඔන්න ඔහේ අපි කූඩු හදාගෙන ඔහේ ඉමු කියලා.. ඔවුන්ට කරදරයක් නොකරන්නේ නම්, ඔවුනුත් තමන්ගේ පාඩුවේ ඉන්නවා ඇත. ඔවුන්ගේ කූඩුවලට ගල් ගසා, හිරිහැර කළේ නම් ඔවුන් එළව, එළවා දෂ්ඨ කරනු ඇත. ඔවුන් මලින් මලට පියාඹා ගොස් දුකසේ එකතු කරගන්නා "පැණි" මිනිසුන් වූ අප, ඔවුන් පලවා හැර සොරාගන්නේ නම් එය කොතරම් දුරට සදාචාරාත්මකද කියාත් මට සිතෙයි.

:       0       205

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 July 2020 04:41 AM

සිසුන් බඹරුන්ගෙන් බේරා ගැනීම සම්බන්ධව විදුහල්පතිතුමාටත්, සහභාගි වූ සැමටත් ස්තුතියි. දෙනියාය මොරවක ප්‍රදේශයේ සිදු වූ සිද්ධියක් මට සිහිපත් වෙයි. දිනක් උකුස්සෙකු බඹර වදයකට කොටා පැණි වදයෙන් කෑල්ලක් කඩාගෙන ගොස් ඇත. බිමට පහත් වූ බඹරුන් ප්‍රදේශවාසීන්ට හොඳටම ඇණ ඇත. මා දන්නා අයෙකු ඔහුගේ මිතුරෙකු පැමිණෙන විට හයියෙන් කෑ ගසා බඹරු ඉන්නවා එන්නට එපා යයි අතින්ද සංඥා කොට ඇත. ඒ දුටු මිතුරා වහා තම මෝටර් සයිකලය හරවාගෙන වේගයෙන් මොරවක නගරය දෙසට ගොස් ඇත. පිටුපස හැරී බලනාවිට, අහසේ කළු ගුලියක් සේ දැකීම නිසා ඔහු වේගය තවත් වැඩිකොට ගොස් ඇත. පොලීසිය අසල සිටි මෙය නොදත් පොලිස් නිලධාරීන් හා කාන්තා නිලධාරිනියන් කිහිප දෙනෙකු ඔහු නැවතීමට උත්සාහ කොට ඇත. බඹරු එනෝ.. කියමින් ඔහු වේගයෙන් ගිය පසු, පොලිස් නිලධාරීන්ට බඹරු අැන ඇත. කළු ගුලිය නැතිබව දැනගත් ඔහු නැවත පැමිණීමේදී නිලධාරීන්ගේ සපත්තු පොත් ආදිය අහුලාගත් ඔහු ඒවා පොලීසියට ගෙනගොස් බාරදී ඇත. ඔවුන් මුහුණු ඉදිමී සිටිනාවිට සිනහා ගිය ඔහුට නිලධාරීන් කියා ඇත්තේ තමුසේ බඹරුන් එනබව අපට කීවේ නැහැ. යනුවෙනි. මං කීවා සර්ලට නොතේරුණාට මං මොනවා කරන්නද යනුවෙන් ඔහු අසා ඇත.

:       0       205

piyumi Tuesday, 07 July 2020 10:07 AM

හොඳ වැඩක්.

:       0       13

පූජා Friday, 10 July 2020 09:34 AM

බඹරු අනිනවාටත් වැඩිය මට හිතේ අමාරු, මිනිසුන්ගෙන් වෙන හිරිහැරයි. නිදහසේ කමන්ට් එකක්වත් දා ගන්නවත් බැරිහැටි.. කිසිම දෙයක් බලෙන් ලබාගන්නට බැරිබව මේ බඹරුන්ට නොතේරෙන හැටියක්..

:       0       11

thilak Friday, 10 July 2020 02:59 PM

පාසල්, රෝහල් වැනි මිනිසුන් ගැවසෙන ස්ථානවලට ආසන්නව ඇති මෙවැනි බඹරවද, ඒවා කුඩා අවධියේම කඩා ඉවත් කළ යුතුයි.

:       0       15

Bamunuarachchi Thursday, 30 July 2020 03:57 AM

මේ බඹර වදය එක දවසකින් හදපු එකක්ද? ඕනම දෙයක් අපිට වදයක් එනතුරු බලාසිට ඊට පිළියම් යෙදීම අපේ ජාතියේම වැරැද්දක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site