IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දඩ ගෙවන්න පිණ්ඩපාතයේ වඩිති

(ඉෂාන් සංජීව)

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම කර ඇති දඩ මුදල එකතු කර ගැනීම සඳහා අද (15) උදෑසන කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට කොටුව දුම්රියපොළ දක්වා මහ සඟරුවන පිණ්ඩපාත චාරිකාවක නිරත විය.

 



අදහස් (120)

දඩ ගෙවන්න පිණ්ඩපාතයේ වඩිති

Chandana Australia Friday, 15 September 2017 05:56 AM

මෙයාලට හාමුදුරුවරු කියලා කියන්න බැහැ.

:       341       764

asith chandana Friday, 15 September 2017 05:58 AM

දන්නැතිද මේ රටේ නීතියක් තියනවා කියලා... එ්කට හිසනමන්න ඕනෑ.. ඔය කරන්නේ හොරු ආරක්ෂා කරන එක. ඔයාට වඩාදැවෙන ප්‍රශ්න තියෙනවා. ඒවටත් ඔහොම පිණ්ඩපාතේ යන්නේ නැහැ. රන්ජන් රාමනායක මහතාට අපි ගරුකරනවා.

:       1007       1262

SHAN SAUDI Friday, 15 September 2017 05:59 AM

මහජන මුදල් හොරකම් කල හොරුන් රැකගන්න සංඝරත්නය ජනතාව ගොනාට අන්දවමින් දෙවන වතාවටත් ජනතාව මංකොල්ල කයි. බුදුදහම රකින්නේ කෙසේද?

:       131       458

ප්‍රියාන් Friday, 15 September 2017 06:04 AM

මේ ස්වාමීන් වහන්සේලා පාත්තරේ අරන් රවුමක් යනවා. ඒකාබද්ධයේ හොරු ටික දඩේ ගෙවලා කියනවා පාත්තරේට වැටුන සල්ලි වලින් ගෙව්වා කියලා. කොහොමද ටිකිරි මොලේ? කියන්න දුකයි සමහර හරක් ඉන්නවා හොරා වුණත් ගෝලයා නිසා බේරගන්න ඕන කියලා හිතන. මේ වගේ මිනිස්සු නිසා ඒ අයගේ දරුවන්ට තමයි කවදාහරි වන්දි ගෙවන්න වෙන්නේ...

:       142       374

gamini Friday, 15 September 2017 06:09 AM

ජනතාව හැම අතින්ම මිරිකෙනවා. ජනතාවගේ මුදල් හොරකම් කරපුවාම ඒවා ගෙවනත් ඕනේ. හාමුදුරුවන්ව බලා ගන්නත් ඕනේ....

:       237       433

nihalpererea Friday, 15 September 2017 06:12 AM

හිරේට ගිය අය නිදහස් කරගන්න ඕන තමයි. එ්ත් මේ වැඩේ අනුමත කරන්න බැහැ කොහොමටවත්. මොකද කුමක් හෝ වැරද්දක් කලත් ලොකු අයට දඩුවම් දිය යුතු නැතිබව ලාංකිකයන් පිළිගන්න බව මේකෙන් මනාවට ඔප්පු කරනවා ලෝකයටම. බුද්ධාගමේ කෙනෙක් වීම සතුටුයි. එ්ත් මේවා දකිද්දී දුක හිතෙනවා. මේ ස්වාමින්වහන්සේලට මීට වඩා කලයුතු බොහෝ වැඩ තියෙනවා.

:       80       331

Pushpa Mallawaarachchi Friday, 15 September 2017 06:14 AM

මෙම ක්‍රියාව මුළු රටේම සෑම මන්ත්‍රී කොට්ටාශයකම කරන්න.. මහා සංඝපිතෘවරයාණන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. දේශප්‍රේමී මහා සඟ රුවනට අපගේ ප්‍රණාමය. ඔබ වහන්සේලා අපේ මව් රට සැමදා ආරක්ෂා කල බව ඉතිහාසය අපට සාක්ෂි දේවි සාදු, සාදු, සාදු ...!!!

:       1270       1125

jaya Friday, 15 September 2017 06:15 AM

බුදු හිමියන් වැඩ සිටියා නම්. කුමක් වදාරනු ඇත්ද?

:       116       243

kumar (galf) Friday, 15 September 2017 11:14 AM

පරාක්‍රමබාහු රජතුමාගේ කාලේනම් කුඹුරු කොටන්නට වත් යවාවි!!!

:       2       140

Athula Friday, 15 September 2017 06:20 AM

හා.. හා.. මේවා මේවගේ රටවල සිද්ධවෙන වැඩ...

:       61       115

nimal madawala Friday, 15 September 2017 06:24 AM

අනේ අපේ හාමුදුරුවනේ, අපේ සිර ගෙවල් වල, සුළු දඩ මුදලක් ගෙවාගන්න බැරිව, කොපමණ සිරකරුවන් සිටිනවාද? අනේ අපේ හාමුදුරුවනේ... එවැනි අය ගැන නැද්ද අනුකම්පා හිතුනේ... දේශපාලනයේ සුපිරි පන්තියේ හොරු නිසාද? හැබැයි අර ගමේ එදාවේල පිරිමහගන්න අල්ලපු කෙනාගේ වත්තේ පොල් ගෙඩිය අහුලපු, කෙසෙල් කැන කාපා ගත්තට ඒ වෙනුවෙන් කතාකරන්න කෙනෙක් නැහැ.. අනේ අපේ හාමුදුරුවනේ අනේ අපේ ගෞතම බුදුන් අද වැඩ හිටියා නම්, මොනතරම් දෙයක් දැනේවිද?

:       185       508

sarath jim Friday, 15 September 2017 06:25 AM

මීට පස්සේ පුරාණයේ වගේ පිණ්ඩපාතයේ ගොස් තමන්ගේ ධනය සොයාගත්තා නම් අපූරුයි. බුදු දහමට අපහාස කරන්න එපා අපේ හාමුදුරුවනේ...

:       117       387

Asoka Friday, 15 September 2017 06:29 AM

මහජන මුදල් සොරකම් කළ දෙදෙනෙකු දඟගෙට නියම වීම සුනාමිය, නාය යාම, ගං වතුර වැනි ජාතික ව්‍යවසනයක් නොවේ. රටට විපතක් වන්නේ සොරුන් රැකීමය. ජනතාව යහපාලන ආණ්ඩුව බලයට පත් කළේ ජාතික ධනය කොල්ල කෑ සියළු දූෂිතයන්ට දඬුවම් ලබාදීමට පමණක් නොව ඔවුන් කොල්ල කෑ සියළු සම්පත් ආපසු ලබා ගෙන ඒ මහා ධනසම්භාරය රටේ යහපතට යොදවනු ඇතැයි යන ඒකායන බලාපොරොත්තුව ඇතිවය. ඉහත පිණ්ඩපාත යෝජනාව ජනතා අභිලාෂයන්ට පයින් ගැසීමක් නොවන්නේ ද? කොහොමටත් ලංකාවේ සිටින බොහෝදෙනා හොරුය. මුදල් පිණ්ඩපාතේ යෑම ඒ අයගේ අලුත්ම අලුත් ගසා කෑමකි. එසේ කිරීමෙන් තම මඩිය තරකර ගැනීමට නොහැකි වන බව මේ අය හොඳින්ම දනිති. දඬුවම් දී ඇත්තේ වැරදි කළ අයටය. ඒ සඳහා නියෝග දුන්නේ තමන් බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ කීවේය. සොරකම සැලසුම් කිරීම, අනුබල දීම, මෙහෙයවීම යන මේ සියල්ල වැරදි ය. සැබවින්ම විය යුත්තේ සියල්ලන්ටමද?

:       506       629

Ananda Friday, 15 September 2017 06:31 AM

හොරකම් කරන්නෙත් ජනතාවගේ මුදල්... හොරුන්ගේ දඩ ගෙවන්නත් ජනතවගෙන් මුදල්. දැන් කාලේ කවුරු කරන්නෙත් හොරුන්ට කඩේයන එකයි. හොරුන්ව ආරක්ෂා කරන එකයි. දේශපාලනයට ගිහිල්ලා ශාසනේ වනසන එකයි. අනුවණයින් රටක් පාලනය කරනකොට ඔහොම තමයි.

:       59       125

dilan Friday, 15 September 2017 06:33 AM

අනේ මෙහෙමත් චීවර ධාරීන් පිරිසක්.... බුද්ධාගම ඉවරයි...

:       711       849

Asanka Friday, 15 September 2017 06:34 AM

ඉස්සර අපි පාත්තරේට දැම්මේ ගෞරවයෙන් පිළියෙළ කරපු ආහාර ... එතනට සල්ලි දමන්න තරම් දේශපාලනය විසින් අපේ ශාසනය විනාස කරලා. බොරුවට බෞද්ධ කම ගැන දොඩවලා පපුවට ගහගත්ත උදවියමයි ශාසනය වනසන්නේ ...

:       162       726

ජනිත් Friday, 15 September 2017 06:38 AM

ස්වාමීන් වහන්ස, මට හිතෙන්නේ නම් මේක වැරදි ක්‍රියාවක් වගේ...

:       61       2533

nishanFriday, 15 September 2017 09:11 AM

නීති විරෝධී වැඩ කරපු අයට අනුග්‍රහ දක්වන්න පිණ්ඩපාතේ යන එකේ නරකද ගිලන්පසවත් නොලැබෙන පන්සල් වලට ආධාරයක් කරන්න පිණ්ඩපාතේ ගියා නම්. ඕවා විනය පිටකයට විරුද්ධ වැඩ අපේ හාමුදුරුවනේ.

:       61       529

samantha sugathawansa Friday, 15 September 2017 06:44 AM

නඩු අහලා නීත්‍යානුකූලව දඬුවම් ලබාදීමකට එරෙහිව මේ කරන ක්‍රියාව අධිකරණයට අපහාස කිරීමක්. ලක්ෂ 62ක ජනතාවකගේ ඉල්ලීමකට කල නිගාවක්.

:       65       719

tony-maharagama Friday, 15 September 2017 06:46 AM

සංඝ සමාජයටම මෙය, කවදාවත් නොමැකිය හැකි ඓතිහාසික කැළලක් සහ අවමානයක්.

:       18       525

SHAN SAUDI Friday, 15 September 2017 06:48 AM

මීට වඩා ඔතන ඔය ඉන්න සඟරුවන වැඩ ඉන්න පන්සල් වලින් සල්ලි හෙව්වානම් හොඳයි වගේ... මුදල් හොරකම් කල අයව රැකගන්න කරන මේවට පින් ලැබෙනවද?

:       2       418

sudes Friday, 15 September 2017 07:04 AM

මේ සියලුම භික්ෂුන් වහන්සේලා පාරාජිකා වෙනවා. සොරකමකට අනුබල දීම නිසා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ රටක යම් නීතියක් තියෙනවනම් ඒ නීතිය භික්ෂුන් වහන්සේලාද පිළිගත යුතුයි කියා. බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා නොකළ වරදවල් වලට රාජ දඩුවම් ලබලා අපවත් උනා. එදා බුදු රජාණන් වහන්සේ පාරට බැහැල මේ වගේ විකාර වැඩ කරේ නැහැ. ඒ කාලේ නොකළ වරදවල්වලට මඟඵල ලාභී ගිහි උපාසකයින්ට විවිධ දඩුවම් දුන්නා.බිම්බිසාර රජු හිරකරලා කකුල් පළල ලුණු දාලා වද දෙද්දී බුදුරජාණන් වහන්සේ අජාසත් රජ්ජුරුවන්ට තාත්තව නිදහස් කරන්න කියල කිව්වේ නෑ. බිම්බිසාර රජු කියන්නේ බුද්ධ සාසනේ සිටි ප්‍රධානම මාර්ගඵල ලාභී ගිහි උපාසකයෙක්. මේ ස්වාමින් වහන්සේලා මොනවද? මේ කරන්නේ. කෝ අපේ රටේ මහා නායක ස්වාමින් වහන්සේලා. ධර්මය වේගයෙන් අතුරුදහන් වේගෙන යනවා. ඒකට වග කියන්න ඕනේ. මෙන්න මේ වගේ ස්වාමින් වහන්සේලායි...පාලකයොයි. මේ සියලුම ස්වාමින් වහන්සේලා මේ විදිහටම පාරට බැහැල පිණ්ඩපාතේ යනවා වගේ ගමක් ගානේ බුද්ධ දේශනාව කරගෙන ගියානම් කොච්චර යහපත් සමාජයක් උදාවෙයිද?

:       0       0

PA-RA Friday, 15 September 2017 07:08 AM

මනුස්සකම, ජාතිය, ආගම, සාමය උදෙසා අපිත් දායකවෙමු. නමුත් අපිට කාගෙන්වත් කිසිම උදව්වක් සාධාරණයක් වී නොමැත. අපි එදත් අදත් හම්බ කරගෙන ජීවත් වන්නෙමු.

:       0       0

නවීන බුදු දහම Friday, 15 September 2017 07:13 AM

නවීකරණය වූ බුදු දහම. වැරදි කරුවන් වෙනුවෙන් පෙනී සිටින අය මුදල් ගෙවා ගත නොහැකිව සිරේ යන අහිංසකයින් ට පිහිට නොවන්නේ ඇයිද?

:       0       0

saman perera Friday, 15 September 2017 07:15 AM

මෙතුමලාට වෙන දේවල් කරන්න නම් සල්ලි තියෙනවා... දඩ ගෙවන්නේ තමා සල්ලි නැත්තේ. මේ වගේ මිනිස්සුත් ලංකවේ ඉන්නවානේ.

:       0       0

Hafeel Friday, 15 September 2017 07:19 AM

අනේ මේ ලංකාවට ගිය කලක්... ලැජ්ජයි. කොහෙද? මොවුන්ගේ ප්‍රතිපත්ති...... දැන් හොරුන්ට උදව් කරන්න තරමට පහත් වෙලා.

:       0       0

nimal Friday, 15 September 2017 07:32 AM

අභියාචනා ඉදිරිපත් කරනවානම් දඩ ගෙවන්න ඕන නැහැ නේද.

:       0       0

dilip k Herath Friday, 15 September 2017 07:36 AM

විලි ලැජ්ජයි සිවුරටත්..... මේ සිවුරු පොරව ගත්ත පිරිස් අපේ නිර්මල බුදු දහම විනාශ කරනවා.. හොරු බේරගන්න පිණ්ඩපාත ගිය රටක්ද මේක..මේ මොනවද වෙනේ මේ රටට? වෙනත් ආගමික නායකයන් තම ගෞරවය රැක ගෙන ජීවත් වෙනවා.... පින්වත් හාමුදුරුවරු මේවද කරන්න ඕනේ..

:       0       0

ධර්මරත්න Friday, 15 September 2017 07:36 AM

කුසගින්නේ ආහාරයක් නැතිව පවුල් කීයක් නම් ජීවත්වෙනවාද? ඇඳුමක් පැළඳුම හරියට නැතිව පවුල් කීයක් ජීවත් වෙනවාද? ලෙඩකට හරියට ප්‍රතිකාර ගන්න බැරිව පවුල් කීයක් ජීවත් වෙනවද? සමහර පවුල් වල දරුවෝ පාසල් යන්නේ මොන තරම් අමාරුකම් තියාගෙනද? ඒ අය වෙනුවෙන්, පිඬු සිඟා වැඩ යමක් ඔවුනට දිය හැකිනම්, දිළිඳු කමේ ප්‍රතිවිපාක අඩු කිරීමට යමක් කළ හැකිනම් කොතරම් වටිනවාද? ශ්‍රී ලංකාව දැහැමි රටක් කිරීමට මේ ආකාරයට වැඩිය හැකිනම් මෙය කොතරම් දැහැමි රටක් වනවාද?

:       0       0

Seelawathi Friday, 15 September 2017 07:39 AM

ගුරු හාමුදුරුවෝ හිතන් එන්නේ, අපේ උපාසිකා අම්මලා, සිල් රෙදි බෙදන්න කලින් ඒවා නැතිව සිල් ගන්න ආව කියලා වාගේ ....

:       2       253

appuhami Friday, 15 September 2017 07:42 AM

මේවා හැරෙන්න වෙන වැඩ කටයුතු කරන්න නැද්ද? මේ උසාවියටද අභියෝග කරන්නේ?

:       49       137

[email protected] Friday, 15 September 2017 07:42 AM

මේ උත්සාහය අලුතින් පාසලක් රෝහලක් හදන්න නම්... ඒවා සල්ලි වලට කරන දේවල්ම තමයි.

:       43       79

s kumara Friday, 15 September 2017 07:48 AM

පිටිපස්සේ යන දේශපාලකයන්ටත් මේවා හොඳ පාඩම්...

:       112       201

Sydney Friday, 15 September 2017 07:51 AM

දකින්න ලස්සන දෙයක්... ඉන්න ලොක්කා සලිත වෙනවා !

:       1043       822

SrimalaFriday, 15 September 2017 08:36 AM

ඔව් ඇත්තටම හිත සලිත වෙනවා. දහමට කරන නිගාව දැක්කම.

:       180       349

siri Friday, 15 September 2017 07:55 AM

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් දඩ මුදලක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැත. ඉතින් මේ කරන්නේ "ඇපෑලත් පරදිනවා" කියා දන්නා බැවින් එවන් නිගමනයකට පැමිණ කටයුතු කිරීමක්ද නැත්නම් ඉදිරියේදී පැවැත්වීමට ඉඩ ඇති ඡන්දයකට වියදම් කිරීමට ආධාර එකතු කිරීමක්ද?

:       219       328

pitigala Friday, 15 September 2017 08:01 AM

අකැප දස වස්තු ගැන තිබුණ ධර්ම සංගායනාව ගැන වත් නොදත් පිරිසක්ද?

:       154       257

rohana Friday, 15 September 2017 08:02 AM

බුදු හාමුදුරුවෝ මේවා අනුමත කරන්නේ නැහැ..... චීවරය දේශපාලනයට සුදුසු නොවේ. බුද්ධ දේශනය පිළිපදින අපි මේ ගැන දුක්වෙනවා ..!!!

:       127       308

PUNSIRI Friday, 15 September 2017 08:05 AM

අනේ වසර 2600ක් රැකගත් බුද්ධ ශාසනෙට මොකක්ද මේ වෙන්න යන්නේ?

:       189       317

sameera Friday, 15 September 2017 08:05 AM

අපේ දහමට මෙච්චර නිගාවක් කරන්නේ... පටු දේශපාලන අරමුණු වලට ඇතැම් අය උදව් කරනවා නම් තව මොන කතාද? හරිම දුකක්...

:       165       316

mahee Friday, 15 September 2017 08:05 AM

අහෝ ශ්‍රී විෂ්ණු දේවෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේ සම්බුද්ධ ශාසනය පන් දහසක් අවුරුදු රැකගන්නා බවට සපත කර ඇත්තේය. තරහ අවසර, ඔබ වහන්සේ දුසිලුන්ගෙන් සසුන රැක ගන්නේ කෙසේද?

:       153       279

ravindra Friday, 15 September 2017 08:08 AM

බන්දු මහතා ඇතුළු සෙට් එකත් පස්සෙන් යන්නේ ඔය...

:       269       409

Randika Friday, 15 September 2017 08:10 AM

චීවරයට කරන විනාශයක මහත..... මේවා සංඝ භේදයන්... මේ ආත්මයේදි සිට ඉපදින හැම අාත්මයකදීම විපාක දේවි...

:       124       236

Darmaseena Friday, 15 September 2017 08:12 AM

හාමුදුරුවනේ, මේ වගේ ගරු අධිකරණයෙන් දඬුවම් ලැබූ වන්දිභට්ට දේශපාලකයන් වෙනුවෙන් පිණ්ඩපාතේ වැඩමවලා පස්සේ මිනිස්සු බැන්නම අපිට බනිනවා කියනවා. බුද්ධාගමට නිගා කරන්න එපා. ශ්‍රී ලාංකික ජනතාවගේ අාධ්‍යාත්මික වටිනාකම දියුණු කිරීමට පන්සල්වලට වෙලා බණක් දහමක් මිනිස්සුන්ට කියලා දෙන එක තමයි අපේ හාමුදුරුවන්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ.

:       201       242

saman Friday, 15 September 2017 08:14 AM

බලය ගන්න සංඝ භේද නොකරන්න.

:       131       204

abaran Friday, 15 September 2017 08:14 AM

මේවා අම්මා, මුත්තා කාලේවත් අපි නම් දැකලා නැහැ ළමයෝ...

:       70       175

appuhami Friday, 15 September 2017 08:15 AM

බුද්ධාගමේ අවසාන යුගයට පැමිණ ඇති බවක් පෙනෙන්නේ.. දඩය ගෙවීමට අවශ්‍ය නම් ඕනෑ තරම් වත්කම් තිබේ.

:       506       628

Vipula Friday, 15 September 2017 08:18 AM

ලංකාවේ සමාජය මේ කොයිබටද? එකතැනක මහ බැංකුව කොල්ල කාපු පුද්ගලයා වීරයා කරලා ගුණ ගයනවා. තව තැනක අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කොල්ල කාපු අයගේ දඩ ගෙවන්න මේ විදියට පිඬුසිගා වඩිනවා. හරි දෙයට හරි කියන්නත්, වැරදි දෙයට වැරදියි කියන්නත් බැරි තරමටම සඟ සමාජය පිරිහිලා නම්, පෘතග්ජනයා ගැන කුමන කතාද? අපේ හාමුදුරුවනේ ලංකාවට කලින්ම මුරුග සංඤාව ළඟා වෙන පාටයි.

:       73       204

Kamal Friday, 15 September 2017 08:20 AM

සසුනට අපහාස කරනවානම් මේ පිරිස සසුනෙන් ඉවත් කළ හැකියි.

:       108       185

victor Friday, 15 September 2017 08:24 AM

ඔක්කොම මැදමුලනට වැඩියා නම්, අවුරුදු 10 ක් හම්බ කරපු කෝටි දහස් ගණනක සල්ලිවලින් ටිකක් ගන්න තිබුණා. මේ පිරිස බුද්ධාගමේද? අදහන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයද?

:       336       608

aravinda Friday, 15 September 2017 08:25 AM

මා දන්නා තරමට සංඝයා වහන්සේලාට මොනම කරුණක් සඳහාවත් මුදල් පරිහරණය අකැපයි. මා සිතන්නේ මෙය විනය කැඩීමක් කියායි. මෙවැනි දෙයින් සිදුවන්නේ සංඝයා වහන්සේ දේශපාලනයට කිරීමට ගොස් තමන්ට ඇති ගෞරවය කෙළෙසා ගැනීමක් පමණි.

:       117       386

maheeFriday, 15 September 2017 09:03 AM

අරවින්ද. හොඳයි, සංඝ විනය කැඩුවා නම් ඒ ගැන කටයුතු කරන්න ඕනේ කවුද?

:       7       19

Rohan Friday, 15 September 2017 08:30 AM

මේ කරන දෙය ඉතාම වැරදි ආදර්ශයක්...කෝටි හැටක මහජන මුදල් වංචාවක්. හාමුදුරුවනේ ඉතින් ඇයි මේ රටේ නීතියට නිගා කරන්නේ?

:       192       415

Srimala Friday, 15 September 2017 08:34 AM

දළදා මාලිගාව කොටි බෝම්බය නිසා විනාශ වුන වෙලාවෙත් පිණ්ඩපාතයේ වඩමවලා මුදල් එකතු කළාද? අනේ මට මතක නෑ.... ගංවතුරින් දහස් ගණන් මිනිසුන් අනාථ වුණාමත් මෙහෙම ආධාර එකතු කළාද ? මට මතක නැනේ... දැන් මේ අය මහජන මුදල් ඡන්ද කටයුතු වලට අවභාවිතා කරලා අධිකරණයකින් දඬුවම් නියම කලාම මෙහෙම කරන්නේ ඇයි?

:       274       410

Gunasekara Friday, 15 September 2017 08:35 AM

බුදු සසුන වනසන්නේ පන්සිල්වත් නොරකින ගිහියන් නොවේ. ඇතැම් සිවුරු දරන්නන් විසිනි.

:       88       206

JayFriday, 15 September 2017 10:40 AM

පළවැනි පින්තූරේ බලන්න .... "වැඩේ හරි.. මෙන්න චෙක් එක.. "

:       0       48

කුසුමා දංගෙඩිය Friday, 15 September 2017 08:38 AM

හාමුදුරුවනේ, මේක නම් මහා පාපයක්, ඔබ වහන්සේලා නඩු වාර්තා බලන්න. ඡන්ද නීති කියන ඒවා කවුරු වුණත් ගරු කළ යුතුයි. ඔබ වහන්සේලා විශේෂයෙන්... මේ දඬුවම් දීලා තියෙන්නේ අන්න ඒ වැරැද්දට අනුබල දීපු රජයේ නිලධාරීන්ට... ඒ අය ලොකුද පොඩිද කියලා නැහැ වැරැද්දට. ඔබ වහන්සේලා දැන දැනම වැරදි කරුවන්ට උදව් කරනවා. සමස්ත බුදු දහමටම අගෞරවයක්.. මේ කරන්නේ ලොකුම ලොකු පාපයක්. ඔබ වහන්සේලාට සත්‍යයම අවබෝධ වේවා. සාදු..සාදු... සාදු..!!!

:       39       186

Jayampathi Friday, 15 September 2017 08:40 AM

දේශපාලකයින් පෙරටු කරගෙන දහමට කරන මේ අවමානය නොදන්නේද ? හරිම දුකක්...

:       34       133

ආරියවංශ ලෝකුරුගේ Friday, 15 September 2017 08:43 AM

මතු ආත්මයක දී වත් ඔබවහන්සේලාට බුද්ධිය ලැබේවා! දේශපාලකයන්ට ගැතිකම් නොකරන බෞද්ධයන් සිටින බෞද්ධ සමාජයක මා ඉපදේවා! අහෝ අපගේ අභාග්‍යයක්ද මේ! මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ. රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ.

:       93       388

kumar (galf) Friday, 15 September 2017 11:20 AM

විෂ්ණු කෙනෙක් මේ ලෝකයක් සුරකින්නේ නෑ, ගල් පිළිම හද හදා වැන්දාට විතරක්ම මදි...

:       37       4

rizwan Friday, 15 September 2017 08:44 AM

මෙහෙම දේවල් සිදු කරනවා නම් මින්මතුවට බණ දේශනා කිරීමෙන් වැළකී සිටියා නම් හොඳයි. මන්දයත් මෙය මහත් පාප ක්‍රියාවක් වන බැවිනි.

:       105       338

gamini Friday, 15 September 2017 08:49 AM

එහෙනම් කොහොමද අාවේ සල්ලි ඉල්ලගන්න?

:       0       20

upali Friday, 15 September 2017 08:49 AM

හැබැයි, හැමදාම මෙහෙම කරනවා නම් පේරු දායකයන්ට ලොකු උදව්වක්. මොනවා වුණත් අපි එදාට දෙන්නම ඕනෑනේ...

:       37       62

maim game banda Friday, 15 September 2017 08:50 AM

පාප මිත්‍රයෝ රැකගන්න පණ්ඩිතයෝ ගන්න උත්සාහය සුදුසු නැහැ වගේ....

:       43       151

mahinda rajapakse Friday, 15 September 2017 08:56 AM

මේක නම් ආගමට වන නිග්‍රහයක් කියලයි හිතෙන්නේ හාමුදුරුවනේ...

:       50       127

රංජි Friday, 15 September 2017 09:01 AM

එහෙනම් ඇතැම් පන්සල්වල තියෙන ආදායමෙන් ඔය අලාභය ගෙවන්න. කරුණාකර ශාසනය පිරිහෙන වැඩ කරන්න එපා.

:       55       163

lathaFriday, 15 September 2017 09:20 AM

මේ අය නියම චීවර ධාරීන්ද?

:       122       221

kanthi Friday, 15 September 2017 09:06 AM

අපි හිතන් හිටියේ හාමුදුරුවන්ට බනින්නේ ෆොන්සේකා මහත්තයයි, රාමනායක මහත්තයයි විතරයි කියලා. දැන් බලනකොට හැමෝම බනිනවනේ අපේ හාමුදුරුවනේ.

:       337       1212

pathum Friday, 15 September 2017 09:16 AM

දැන් කොහොමත් පරණ ලොක්කා ගාව තියෙන සල්ලි ටිකක් විසි කරලා මේ අයට බන්ධනාගාරගත කළ කාලසීමාව ටිකක් අඩු කර ගන්න පුළුවන්. මොකද නැත්නම් කොහෙන්ද දඩ ගෙවන්න සල්ලි කියල බලනව නේ. අන්තිමට බෞද්ධයෝ ටිකයි කලකිරෙන්නේ...

:       147       304

siriwansa silva Friday, 15 September 2017 09:27 AM

අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරකම් කරලා හිරේ ගියාම මේ වැඩවලින් බුද්ධාගමට කරන්නේ මහා විනාශයක්... ඔය දේශපාලකයෝ ගාව කෝටි ගණන් තියාගෙන ඒ අහිංසක ජනතාවගෙන් සල්ලි ඉල්ලන්නේ. මේක මහා සාපයක් වෙලා අපේ රටට.

:       128       184

banda Friday, 15 September 2017 09:28 AM

පවිටු දේශපාලකයන්ට කඩේ යන බුද්ධාගම විකුණගෙන කන අය මිසක මොවුන් සැබෑ ස්වාමීන් වහන්සේලා නොවේ. බුද්ධාගම වගේ පිවිතුරු ආගමක් විනාශ කරන්නයි හදන්නේ...

:       156       270

බද්රානි Friday, 15 September 2017 09:38 AM

උඩ බලාගෙන කෙළගසා ගැනීමට නොහැකි නිසා කිසිවක් නොලියන්නෙමි. බඩගෝස්තරවාදය වෙනුවෙන් පිණ්ඩපාතේ වඩිනවා යයි මින් පෙර අසා දැක නැති මා, දනට, පිනට ඉලපොතත් අවශ්‍ය කරන බව මේ දැන් අවබෝධ කර ගත්තෙමි....

:       217       324

ලුම්බිණි Friday, 15 September 2017 09:59 AM

දැක්කම දුක හිතෙනවා. මොනවා කරන්නද?

:       50       165

wedage Friday, 15 September 2017 10:09 AM

මට ලැබුණු සිල් රෙද්දත් තියෙනවා... මම ඒක පූජා කරනවා....

:       30       18

Raawana Friday, 15 September 2017 10:18 AM

එදිනෙදා දානේ වේලත් ඔය විදියට හොයා ගන්නවද අවසර?

:       34       99

agamulana maraa Friday, 15 September 2017 10:24 AM

රු.47,000ක් හොරකම් කරපු කෙනෙක් අවු 7කට හිරේ දමලා. එයා වෙනුවෙනුත් හිඟමනේ යන්නද කියන්නේ? මෙයාලා මේ හිඟමනේ යන්නේ හිරේ ඉන්න දෙන්න වෙනුවෙන් නොවෙයි. එයාලට නියෝග දීපු කෙනා වෙනුවෙනුයි...

:       45       135

SIRIPAALA Friday, 15 September 2017 10:29 AM

බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකාවේ වලංගු රුපියල් 2500 කින් මාසයක් පවුලක් ජීවත්වෙන්න පුළුවන් කිවුවා. ..අනේ අපේ බුද්ධාගමට වෙන්න යන හේනේ .?

:       32       156

wiman Friday, 15 September 2017 10:31 AM

මේවා මෙහෙයවන දේශපාලන නායකයෝ අපේ ඇස් පනාපිටම මේ ආත්මෙදීම විඳවාවී ... !!!

:       24       140

pareraa Friday, 15 September 2017 10:34 AM

බුදු දහමට අනුව චීවරයේ අර්ථය නොදත් භික්ෂූන්ද මේ ..?

:       79       262

Jay Friday, 15 September 2017 10:36 AM

මට දුක පොඩි හාමුදුරුවරු ගැන.. මොකක්ද එතුමන්ලාට වැඩිහිටි හාමුදුරුවරු දෙන ආදර්ශය... එන්න කිව්වම එනවා. මේක වැරදි ආදර්ශයක්... හරිම දුකයි...

:       16       221

ANURA Friday, 15 September 2017 10:39 AM

නීතියට සියල්ලෝ සියලු මිනිස්සු පිළිපැදිය යුතුයි... ගරුකළ යුතුයි.. චීවරධාරින්ද මිනිස්සු වෙති...

:       54       240

Nuwan Friday, 15 September 2017 10:43 AM

අපරාධකරුවන් නිදහස් කර ගැනීමට පිණ්ඩපාතයෙන් මුදල් එකතු කිරීම කවරනම් බුදුවරයෙකුගේ නියමයක් ද? දැන් සිදුවෙමින් පවතින්නේ භික්ෂු වෙස් ගත් කොල්ල කරුවන් සිය සුඛ විහරණයට අමතරව තමන් පයුරු පාසානය කරන චෞරයන් බේරා ගැනීමටද ගිහියන් ගොනාට ඇන්දවීම ය. පිණ්ඩපාතය කිරීම යනු ගිහි ගෙය අතහැර මහණ දම් පුරන්නෙක් කෑම ටිකක් යොයා ගැනීම සඳහා යන ගමනක් පමණි. එවැනි අයෙකුට ආහාර වේලක් දීමෙන් තමන්ට පිං සිදු වෙතැයි වෛදික, ජෛන, ආදී ආගමිකයන්ගේ ද විශ්වාසයි. පිණ්ඩ යනු ආහාර මිස මුදල් නොවේ.

:       59       251

Asanka Friday, 15 September 2017 10:44 AM

නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්ෂා පදය පංච ශීලයෙන් එක් සිල් පදයකි. එය කඩ කිරීම නීතියට අනුව ද වරදකි. එවැනි අපරාධයක් කළ අයවළුන් වෙත සමාජ ගෞරවයක් ලබා දීමට දත කන්නේ ගිහියන් පන්සිල් ගන්වන පිරිසකි. දරුවන්ගේ කුසගිනි නිවීමට වෙළඳ සැලකින් පාන් ගෙඩියක් සොරකම් කළ පියෙකුට සිර බත් කෑමට සිදුවීමේ පුවතක් කලකට පෙර අසා ඇත්තෙමු. එවන් දුගියෙකුගේ දුක නොදුටු චෝරවාදියෝ සිල් රෙද්දෙන් රුපියල් හැට කෝටියක් ගසා කෑම සිදුකළ කුමන්ත්‍රණය කළ දෙදෙනා වෙනුවෙන් හඬා වැටෙති.

:       53       207

RAVINDRA Friday, 15 September 2017 10:48 AM

මම රුපවාහිනියේ දැක්කා හාමුදුරු නමක් හාමුදුරුවන්ට ඇමතිලාට බනින්න එපා කියලා කිව්වා... ඇමතිවරු බනින්නේ සිල්වත් හාමුදුරුවරුන්ට නෙමෙයි. එ් හාමුදුරුවෝම ඒ හාමුදුරුවන්ලාට සීලය ආරක්ෂා කරගන්න කීවානම් තමයි හොඳ... මේවා දකිනකොට .....

:       20       144

shameer Friday, 15 September 2017 11:07 AM

දේශපාලයනයට, ජාතිවාදයට, වාසියට කඩේ යන්න ඕනේ වැඩ බැරි මිනිස්සු... ස්වාමීන් වහන්සේලාට මේවා හරියන්නේ නෑ....

:       18       168

SARATH Friday, 15 September 2017 11:10 AM

අනේ අනේ. ශාසනේට මොනවද වෙන්නේ? වැදගත් අය මේවට උදව් කරනවද? නීතියෙන් දඬුවම් දී තියෙන්නේ.. ඇයි ස්වාමින් වහන්සේලා කලබල වෙන්නේ? ඔය සල්ලිවලට මාටියා පාර තමයි.

:       17       109

nisal Friday, 15 September 2017 11:25 AM

මහනායක හමුරුවනේ, අහිංසක අපේ සල්ලිම නැවත ගන්න ඉඩ දෙන්නේ ඇයි?

:       0       66

Gotabaya Rathnayaka Friday, 15 September 2017 12:27 PM

මේ වගේ අය ශාසනයට දා ගත්ත අයට තමයි වග කියන්න ඕනේ...

:       0       32

rohana Friday, 15 September 2017 12:30 PM

එදා පිඩුසිඟා වැඩියේ ශීලයට අනුග්‍රහ පිණිස ජීවිතය පවත්වාගැනීමට. අද දඩමුදල් එකතුකිරීමට. බුදු පුතුන් පහලට වැටී තිබෙන තැන. මහනාහිමිවරුන්ගේ නෙත් ඇරේවා! ගුණයෙන් පිරිහිලා, නුවණින් පිරිහිලා, ආකල්පවලින් පිරිහිලා, දැනුමෙන් පිරිහිලා.

:       0       109

isurandi Friday, 15 September 2017 01:00 PM

මේ වැඩවලින් බෞද්ධ අපේ සිත් නොතලන්න.

:       0       108

ලක්සිරි Friday, 15 September 2017 01:35 PM

ලජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයි කිව්වලු...

:       0       19

gunasiri Friday, 15 September 2017 01:43 PM

ධර්මය දන්නේ නැහැ... ,ඉතින් බලාපොරොත්තුවෙන්න පුළුවන් මොනවාද.....? ඕක ධර්මයේ වැරැද්දක් වත් බුදුන්වහන්සේ ගේ වැරැද්දක් වත් නෙමෙයි.

:       0       25

maal Friday, 15 September 2017 01:55 PM

මේ වගේ විහිළු නිසා මේ අයට සංඝයාවහන්සේලා යැයි කියන්න මින් ඉදිරියට බැරිවෙනවා. අපේ බුදුදහමට විශාල නින්දාවක් අපහාසයක්. හරියට විශාලා මහනුවර දුර්භික්ෂය වගේ පෙනෙන්නේ....

:       0       20

priyankara Friday, 15 September 2017 02:39 PM

සිදුහත් කුමරු ගිහිගෙය කලකිරි බුදුවුනා. බුදු රජාණන් වහන්සේ දැන් හිටියනම් සාසනෙත් කලකිරෙනවා මේවා දැකල

:       0       87

BANDAARA Friday, 15 September 2017 02:54 PM

මේ යන්නේ සම්බුද්ධ ශාසනේ විනාස කරන්න දේශපාලනය කරන අයද ...?

:       0       98

sarath Friday, 15 September 2017 02:58 PM

දේශපාලන අල්ලසක් ගත්තා නම් 365 දවසෙම හරි හෝ මේ දේ කරන්න ඕනෑ... වැරදි වුණත්...

:       0       0

සෑම් Friday, 15 September 2017 02:58 PM

මේ සංඝයා වහන්සේලා ලවා කරවන පාපකාරී ක්‍රියාව මුළු ලෝකවාසී බුද්ධිමත් බෞද්ධ ජනතාවගේ හදවත් මහත් ප්‍රකම්පනයට පත්කරවන සිදුවීමක්. මෙහි ඇති අති බිහිසුණුකම ජනතාවට වැටහෙන්නේ තව මාස කිහිපයකින් පසුවයි. මේවා ඉතා සැලසුම් සහගත මහජන මුදල් මංකොල්ලකෑමක්. දුප්පත් මිනිසුන්ගේ සල්ලි දෙවතාවක් ගැනීමට සහ රටේ නිතිය හෑල්ලුවට ලක්කිරීමට අමතරව බුදුදහම සහ සංඝයා පිළිබඳව මිනිසුන්ගේ තිබු ගෞරවය ද විනාශ කිරීමයි.

:       0       106

උපාසක - බර්ලින් Friday, 15 September 2017 03:04 PM

මේ අය පිණ්ඩපාතේ නෙවේ යන්නේ... මේ වගේ වැඩවලට රාජපක්ෂගේ කාලේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයකු වූ ද, සිල් රෙදි බෙදීමට මුලිකව කටයුතු කළා වුද, සිල් රෙදි නඩුවට සාක්ෂි දෙන්න සිදුවුණා වූද සත පහක වටිනාකමක් නැති "වටිනාපහ" ගම කරගත් හිමි නමක් සහ අනාගතේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර බලාගෙන ඒ පළාතේ කටයුතු කරන්නා වූ හිමි නමක් "මුදල් පිණ්ඩපාතේ" යන බව ජනතාවට හොඳින් තේරේ. මේ අය මිනිස්සු ශ්‍රද්ධාවෙන් පාත්තරේට දාන මුදල්වලට මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙම වුණාම මහඋළු ගෙදර ඉන්න දෙන්නට දෙයි හාමුදුරුවන්ගේම පිහිටයි! මේවා කරන්නේ මිනිසුන්ට ආදරේකට නෙවේ. ඒ කාලේ හෑල්ලුවට ලක් කර තිබු නීතිය නැවතත් හෑල්ලුවට ලක්කිරීමටත්, රාජපක්ෂ අගමැති කරගෙන ආයෙත් තනතුරු ගැනීමටත් බව පැහැදිලිය. ඒ කාලේ වැලිකඩ සිපිරි ගෙදර වෙඩි තබා නිකරුනේ මරා දාපු 27 දෙනා වෙනුවෙන් කටක් නොඅරින මේ අයට වැඩ පිළිවෙලක් නැති එක පුදුමයිනේ!

:       0       68

nimal madawala Friday, 15 September 2017 03:14 PM

මොන නාඩගමක් ද මේ... හොරු රකින්න අපට ඕනේ නැහැ.. කෝ අර සිංහලේ කියන මහා විරුවන්? ඒ අය මොනවද මේවට කියන්නේ? වහාම රටට කියන්න.

:       0       90

Sarath Silva Friday, 15 September 2017 04:10 PM

මුදල් පරිහරණය ස්වාමින්වහන්සේලට අකැප දෙයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එය ඉතාමත් හොඳින් පැහැදිලි කර ඇත. මේ මුදල් එකතු කරන්නේ දේශපාලන විය හියදම් වලටය. ජනතාවනි, කරුණාකර රැවටෙන්න එපා.

:       0       10

dhamneth Friday, 15 September 2017 04:49 PM

බෞද්ධ අපි වගේ මෝඩයෝ ලෝකේ තවත් නැතුව ඇති.

:       0       55

ranavi Friday, 15 September 2017 05:54 PM

මෙහෙමත් රටක්

:       0       5

dil Friday, 15 September 2017 07:52 PM

මේකද මා අදහන බුදුදහම? සංඝයා පිළිබඳව මාගේ තිබු ගෞරවය ද මේ පිළිකුල් සහගත ක්‍රියාවෙන් විනාශ විය.

:       0       25

Chanak Los angeles Friday, 15 September 2017 08:36 PM

මේ අයුරින් මුදල් සොයා යාම සම්පුර්ණයෙන්ම භික්ෂු විනය විරෝධී ක්‍රියාවක් ... රට ආපදාවකට පත් වුනු අවස්ථාවක නම් මෙලෙස ක්‍රියාකිරීම හැර මේ හොරුන් වෙනුවෙන් කරන මේ වැඩේ සියලුම ජාතීන් හෙලා දැකිය යුතුයි ..

:       0       5

Rohana Saturday, 16 September 2017 04:02 AM

අහිංසක මනුස්සයෙකුට බත් හැන්දක් බෙදලා පිනක් සිදුකර ගැනීමට පිණ්ඩපාත නොකරන හාමුදුරුවන් දඩ සල්ලි එකතුකිරීමට යනවා. අනේ අපේ බුද්ධ ශාසනේට ගිය කල. බොදු හදවත් හඬා වැලපෙනවා.

:       0       25

shan saudi Saturday, 16 September 2017 04:27 AM

ශ්‍රී ලංකාවේ එළිපිට සිදුකරන මහජන මුදල්ම මහා මංකොල්ලය මෙවැන්නන් විසින් කරගන යයි. බුදු දහම රැක ගැනීම ජනතාව යහමගට ගැනීම පසෙක ලා බුද්ධ චීවරය පොරවාගන සිදුකරන්නේ වැරැද්දකි. බුද්ධාගමත් රටත් ජාතියත් විනාශ වේ.

:       0       45

kumara Saturday, 16 September 2017 10:13 AM

පොදු දේපළ හොරාට ගත්තට කමක් නැද්ද? මේක නම් පුදුම රටක්..

:       0       31

kumara Saturday, 16 September 2017 10:26 AM

ආගමික අය මේවගේ දේශපාලනයක් කරනවද?

:       0       23

බණ්ඩාර -කැකිරාව Saturday, 16 September 2017 10:36 AM

මහා සඟරුවනට අපහාස කරන මිනිසුන් උපදින්නේ තිරිසන් ආත්මවල පමණක් බව තරයේ මතක තබාගන්න. මේ උතුම් මිනිස් ආත්මයක් ලබාගත් ඔබ මහසඟරුවනට හෝ පූජක උතුමන්ට පරිභව නොකර සිටීමට සිතට ගන්න..

:       38       0

SAMPATH Saturday, 16 September 2017 10:42 AM

මහජන මුදල් හොරකම් කල අය රැකගන්න ජනතාව ගොනාට අන්දවමින් දෙවන වතාවටත් ජනතාව මංකොල්ල කනවා වගේ. අහිංසක මනුස්සයෙකුට බත් හැන්දක් බෙදලා පිනක් සිදුකර ගැනීමට පිණ්ඩපාත යන හාමුදුරුවන් දඩ සල්ලි එකතුකිරීමට යවනවා. අනේ අපේ බුද්ධ ශාසනේට ගිය කලක්.

:       0       14

තිලක් Saturday, 16 September 2017 11:10 AM

බුද්ධාගම රැකෙයිද මෙහෙම වැඩ කරන කොට...

:       0       23

samarathunga Saturday, 16 September 2017 11:13 AM

මේවා පිටිපස්සේ ඉන්නේ දේශපාලන බංකොලොත් කරුවන්...අනේ බුදුහාමුදුරුවෝ හිටියා නම්...

:       0       24

silwaa Saturday, 16 September 2017 11:17 AM

ඔච්චර දුකනම් ඔතන තියෙන..ලොක්කාගෙන් නිකන් ලැබුණු බී.එම්.ඩබ්ලිව්. කීපයක් වික්කානම්... ඔච්චර කරදර වෙන්න ඕනේද ..?

:       0       25

sampath Saturday, 16 September 2017 12:04 PM

දුක හිතෙනවා රට ගැන මේවා ගැන අහනකොට...

:       0       15

wije Saturday, 16 September 2017 02:58 PM

චීවරය දේශපාලන අත කොලුවක් වෙලා ... හිරිකිතයක් නැතිහැටි ....

:       0       14

amila singa Saturday, 16 September 2017 03:25 PM

අවසාන ශතවර්ෂ කීපයේ අපේ සංඝරත්නයෙන් බහුතරය රට ගැන තමන්ගේ නුවනින් හිතල, රට ජාතිය බේරගන්න තමයි වැඩ කරලා තියෙන්නේ. බුද්ධාගමේ පොත පතින් පැවත එන දේවලුත් රැකගෙන තියෙනවා. ඒත් ප්‍රතිපත්තිමය වශයෙන් නියම බුදුදහම රැකගෙන නෑ. මාර්ගඵලලාභී භික්ෂුන් අද අඩු ඒ නිසයි. ඒ නිසා අද බුදු දහමත් විකුර්ති වෙලා. නියම බුදු දහම අපිට දකින්නත් අමාරුයි, අපි පොඩිකාලේ ඉදලම දැකල තියෙන්නේ වැරදි බුදුදහමක් නිසා.

:       0       2

රවින්ද්‍ර Sunday, 17 September 2017 03:27 AM

දැන් ඉතින් ථෙරවාදය ඉවරයි.. තියෙන්නේ චෝරවාදයම තමයි..

:       0       0

perakum Sunday, 17 September 2017 04:06 AM

මට හිතෙන්නේ මීට පස්සේ පන්සලේ හැම වැඩකටම පිණ්ඩපතෙන්ම සල්ලි හොයාගන්න කියල අපි නිශ්ශබ්දව ඉන්න එක හොඳයි.

:       0       0

ගුණපාල Tuesday, 19 September 2017 03:43 PM

බණ්ඩාර කැකිරාවෙන්. දේශපාලකයන්ට කඩේ නොයන, පන්සිල් ,අටසිල් , දසසිල් ,රකින මාර්ගපල ලබාගත් පිණ්ඩපාතේ වඩින මහා සගරුවනට බොරුවට අපහාස කලොත් නම් පවු තමයි ...

:       0       0

simiyan Tuesday, 19 September 2017 03:53 PM

එදා රණවිරුවෝ.. දැන් චීවරේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site