IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙත් බිම් දිනයට නාවික හමුදාවෙන් කඩොලාන පැළ 1000ක්

 

ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් කඩොලාන පැල 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් වයඹ වෙරළ  ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කළේය.

මෙවර තෙත්බිම් දිනයේ තේමාව වන්නේ ‘තෙත්බිම් සහ දේශගුණික වෙනස්වීම්’ යන්නයි.
 
තෙත්බිම්වල වටිනාකම පිළිබඳ ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා ලෝක තෙත්බිම් දිනය සමරනු ලබන අතර  1971 දී ඉරානයේ රම්සාර්හිදි තෙත්බිම් පිළිබඳ රම්සාර් සම්මුතිය සම්මත කරගැනීමට කටයුතු කර ගෙන තිබේ.
 
වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා මහතා ඇතුළු වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයෝ, විශ්වවිද්‍යාල සිසුවෝ, ධීවරයෝ සහ පාසල් සිසුහු විශාල පිරිසක් සහභාගි වූහ.
 
තවද, එම වැඩසටහනට ‍සමගාමිව වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය, ශ්‍රී ලංකා නවික නෞකා භරණ, විජය, ථෙරපුත්ත සහ තම්බපන්ණි යන ආයතනවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. 
 
නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී,  වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ පුර්ණ අධික්‍ෂණය මත නාවික හමුදා කඩොලාන ව්‍යාපෘති රැසක් දිවයිනේ කලපු හා කඩොලාන පරිසර පද්ධතීන් ඇති ප්‍රදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් උතුරු, උතුරු මැද , වයඹ සහ ගිණිකොන නාවික ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩසටහන සක්‍රීයව මේවන විට ක්‍රියාත්මක වෙමින් පවති.
 
එහි මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරය ආරක්‍ෂා කර  සංරක්‍ෂණය කිරීමයි.

(36698)

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)



අදහස් (3)

තෙත් බිම් දිනයට නාවික හමුදාවෙන් කඩොලාන පැළ 1000ක්

Raveendra Sunday, 03 February 2019 01:23 PM

ඇත්තෙන්ම අප සියල්ලන්ම අගය කළයුතු සත් ක්‍රියාවක්... පරිසරය රැකීමට උදව්වන සියල්ලන්ටම පිං...

:       10       103

samiraSunday, 03 February 2019 04:25 PM

ඔයාට පිස්සු. හෙට අනිද්දා කවුරු හරි ඇමතියෙක් ඔතන ගොඩ කරලා ගෙයක් හදාවි. එකයි ලංකාව කියන්නේ...

:       0       21

Chandika Sunday, 03 February 2019 04:51 PM

වර්තමාන නාවික හමුදාපති හොඳ පරිසරවේදියෙක්...

:       0       11

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site