IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


තලාතුඔය නගරයට සුන්දර දසුනක් එක්කළ කුරුල්ලෝ

(ඩබ්ලිව්.ඒ. අසේල)

තලාතුඔය නගරය මැදින් ගලා බසිනා මහවැලි ගඟේ අතු ගංඟාවක් වන තලාතුඔයට වෙළඳසැල්වලින් ඉවතලන අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් එය අපිරිසිදු වී තිබුණි

කොරෝනා වසංගත තතත්ත්වය හමුවේ මාස දෙකක පමණ වසා දැමුණු හෝටල් ඇතුළු බොහෝ වෙළඳ සැල් නිසා නගරය මැදින් ගලා බසින තලාතුඔයට විවේකයක් ලැබී ඇත.

වෙනදා තිබෙන පොලිතීන් ප්ලාස්ටික් වැනි කිසිදු අපද්‍රව්‍යයක් ඔයට එකතු නොවීම නිසා සුන්දර දසුනක් දැන් නගරයට පැමිණෙන්නන්ට දැකගත හැකිවේ.

ඔයේ නිදහසේ පිහිනන මාලුන් මෙන්ම අවට ඇති ගස් මත කුරුල්ලන් ගැවසීම නිසාත් අවට  කුරුළු පාරාදීසයක් වී ඇති ආකාරය කැමරා කාචයේ සටහන් වූයේ මෙසේයි.

 

 



අදහස් (13)

තලාතුඔය නගරයට සුන්දර දසුනක් එක්කළ කුරුල්ලෝ

පූජා Thursday, 21 May 2020 06:57 PM

කුරුල්ලනේ, ඇයි තනියම..? නුඹලාගේ මිහිරි කුරුලු කූජනයන් අසා සිටීමට කිසිවකුත් නැතුවා දෝ.? කුරුලු පාරාදීසයක් නොදිටීමෙන්, මගේ සිතට දැනෙන පාළුව, කාන්සිය නුඹලාටත් දැනෙනවාදෝ?

:       0       33

විජිත් Saturday, 23 May 2020 08:19 AM

කුරුළු පාරාදීසයක අසිරිය නොදැක දුක්වෙන පුජා, මේ ගීතය ඔයා අසා තිබෙනවාද..? තම ජීවිතයම කුරුල්ලන් වෙනුවෙන් කැපකළ ආදරණිය මිනිසෙක් ගැන කියන මේ ගීතය ලියුවේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා. ගායනා කලේ වික්ටර් රත්නායක මහත්මයා. ඉතාමත්ම සුන්දර තනුවක් තිබෙන මේ ගීතය දැන් ඇසෙන්නේ නැති තරම්... කුරුල්ලන්ට ගී හදන්න.. ගහට කොළට පාට එන්න... වීසිකලෙමි හදේ තිබුණු ආදරයයි.. කරුණාවයි, කාටවත් නොදී.. විරහ වේදනා වින්දා.. ඇසුවෙමි අවමන් නින්දා - ආදරයත් කරුණාවත්.. හදේ දරා සිටි හින්දා .... කුරුළු ගීත මට ඇහුණා... ගහේ කොලේ මල් පිපුණා. ළඳකට පිදුවාට වඩා - සතුටක් මට ඉන් දැනුනා...//

:       0       42

පූජා Sunday, 24 May 2020 07:56 AM

මම මීට පෙර නම් මේ ගීතය අසා තිබුනේ නැහැ.. අසා නොතිබුන අයට රස විදීමට පුළුවන්.. අද කාලේ අසන්නට නොලැබෙන ,මෙවැනි අරුත්බර ගීත ගැන අප දැනුවත් කරන මෙන් ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ කීවා සේ මා කුරුල්ලන්ට බොහෝ ප්‍රිය කරන කෙනෙක්. මෙහි දෙවෙනියට ඉන්න කුරුල්ලාගේ නම මොකක්ද.? එයාව දකිද්දී මට මතක් වුණේ "RAVEN" නමැති කපුටුකුලේ දැවන්තයයි.. එයාගේ බුද්ධිමත් චර්යාවන් ඉතාමත් අකර්ශනීයයි. කුරුල්ලන් තරම් දක්ෂ ගායකයන්, ගෘහනිර්මාණ ශිල්පීන් තවත් සිටීදෝයි මට සිතුණු වාරයන් අපමණයි. ස්වභාව ධර්මයාගෙන් අපට ලැබුණු අනගි සම්පත් නේද මේ කුරුළු සම්පත්. මෙවැනි අනගි ඡායාරූප අප වෙත ගෙන එන ඡායාරූප ශිල්පීන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

:       0       22

විජිත් Sunday, 24 May 2020 09:11 AM

පූජා, දෙවැනි ෆොටෝඑකේ ඉන්න කුරුල්ලා ගැන හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ එයා තවම පරිණත තත්වයට නොපැමිණි කුරුල්ලෙක් කියලයි. බලන්න.. එයා හිටපු කූඩුවෙන් එළියට පැනලා ඉගිලෙන්න ට්‍රයි කරන පැටියෙක්, දෙමව්පියන්.. කෑම හොයන්න ගිහින්ද? නැතිනම් ඈත ඉඳන් පැටියාට ආරක්ෂාව සලසනවාද දන්නේ නැහැ.. අනික ඔයා කිව RAVEN කියන කපුටෙක් පමණ විශාල පක්ෂියා අයත්වන " CORVIDE " පවුලට අයත් සියලුම පක්ෂීන් බුද්ධිමත් බවෙන් ඉතා ඉහල මට්ටමක ඉන්නේ. අපි කවුරුත් හොඳින්ම දන්නා කපුටා හරි බුද්ධිමත්. එයා උඩ ඉඳන් බලාගෙන ඉන්නේ අපි මොනවාද කරන්නේ, කොහොමද කරන්නේ කියලයි. පොලිතීන් බෑග් එකකට පාන් කෑල්ලක් දාලා උඩ සිට බලාගෙන ඉන්න කපුටාට පෙනෙන්න එයට ගැටයක් ගසා විසිකරන්න. එයා ඒ බෑග් එක ලඟට ඇවිත් ගැටය හොඳින් පරික්ෂා කරලා හොටෙන් ඒ ගැටය ගලවලා පාන් කෑල්ල අරගන්නවා. ඒ වගේම තමයි එයාට ලෙහෙසියෙන් හොරකම් පුරුදු කරන්න පුළුවනි. කපුටාව ගෙවල් වල ඇතිකරන්න තහනම් කියලයි මම අහලා තියෙන්නේ. මගේ උපන්ගම වන මීගමුවේ හිටියාලු කපුටෙක්.. ඒ කාලේ රුපියල් 5 කොල දැක්ක ගමන් උදුරාගෙන පියාබලා ගිහින් එයාගේ අයිතිකාරයාට දෙනවාලු. අන්තිමේදී පොලිසියෙන් ඒ පුද්ගලයාව අල්ලාගත්තාලු...

:       0       33

පූජා Sunday, 24 May 2020 09:33 AM

කෙතරම් සොඳුරු පදවැලක්ද? මා වෙනම සොඳුරු ගීත ලෝකයකට ගෙන ගිය "සොඳුරු පරිසර වේදියාණෙනි " ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.

:       0       26

විජිත් Sunday, 24 May 2020 10:41 AM

පූජා, ඔය ගීතය ගායනා කළ විශිෂ්ට සංගීතවේදියා වික්ටර් රත්නායක මහත්මයා රෝගීව අසාධ්‍ය තත්වයෙන් පසුවෙනවා කියා මගේ මිතුරෙක් මට දැන්වුවා මේ දැන්. එතුමාට නිදුක් නිරෝගී සුවය පතනවා. තවත් කාලයක් අපේ රටේ සංගීත ක්ෂේත්‍රය බැබලවීමට එතුමන්ට දීර්ඝායු ලැබේවා...!!!

:       0       22

pubudu Friday, 22 May 2020 02:11 AM

ලස්සනයි... හැමදාම ඔහොම තියන්න පුළුවන් නම් කොච්චර හොඳයිද?

:       0       14

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 02:15 AM

ලංකාදීපයත්, අසේල මහතාත් අද හිමිදිරි පාන්දර මගේ සොබාදහමට ලැදි හද විවර කළා. පුරා වසර අටක කාලයක් තිස්සේ මා කාලය ගත කරන්නේ මේ සතුන් සමගයි. මිනිසෙකු සොබාදහම හා බැඳී දිවි ගෙවනා විට ලැබෙන අපරිමිත සතුට ප්‍රායෝගිකව භුක්තිවිඳින කෙනෙකු තමයි.... මම වැඩිදුර අධ්‍යාපන කටයුත්තක් සඳහා මේ වසරේ මඳක් සොබාදහමෙන් බැහැර වුවත්, මේ සුන්දර දසුන් දුටු මසිත මටත් හොරෙන් කැමරා උපකරණත් අරං වනයට පැනගියා. කිං ෆිෂර් නමින් හඳුන්වන මේ පිළිහුඩුවා අපටම ආවේණික කෙනෙක්... ලොව වෙනත් ප්‍රභේද සිටිනවා. දියකාවා ජලයේ කිමිදී මාළු අල්ලන කුරුල්ලෙක්. ඒත්, මේ සතා දඩයක්කාරයින්ගේ ඉලක්කයක්... කොකාගේ වෝටර් රිෆ්ලෙක්ෂන් එකටත් කුරුල්ලාගේ ඇසටත් මම කැමතියි... කූරා හෙවත් ඩ්‍රැගන්ෆ්ලයි වර්ග කිහිපයක් මෙහි ජීවත් වෙනවා. මේ සතා අපට ලෙඩ බෝකරන මදුරුවන් හා කීටයන් විශාල ලෙස ගිලදමන බව සමහර දෙනාදන්නේ නැතුව ඇති... ඒ අතින් මේ පුංචි සතා අපේ දිවි රකිනා හැටි පුදුමයි. මෙයාගේ සමීප ඡායාරූප ගැනීම ලොවවිරළ දෙයක් ලෙස සලකනවා.. මෙයා මදුරුවා අල්ලාගෙන කටේ තිබියදීම මා මැක්රෝ ලෙන්ස් එක යොදා ෆොටෝ අරගෙන තිබෙනවා. ඒවා ලොව ඇගයීමට ලක්ව තියෙනවා. සොබාදහම තරම් සිත සමාධි ගතවෙන තවත් තැනක් නැත...

:       0       202

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 03:01 AM

පිළිහුඩු කොකුන්, දියකාවුන් සිටි නගරේ ... ඇයිදෝ මිනිසුනේ නුඹලා කිළිටි කරේ ... සොබාදහමෙ ගුණ දැනගෙන ලබන සැරේ ... පිරිසිඳු කරගනින් නුඹෙ සුන්දර නගරේ ...

:       0       223

Champa Friday, 22 May 2020 02:13 PM

සුදු රෙදි හොරුන්, සිවුරු හොරුන් පොඩි කාලේ අපි දැක්කේ පින්තූර වලින් නෙමෙයි ගෙදර වත්තෙමයි. පිළිහුඩුවාගේ ස්වභාවික වර්ණ සංකලනය හරිම ලස්සනයි. මම දැකපු පිළිහුඩුවන්ගේ නිල්පාට මීට වඩා හුඟක් දීප්තිමත්. ඔවුන් වර්ග කීපයක් ඉන්නවා. මම නම් හරියට කුරුල්ලෝ දැකලා තියෙනවා. මගේ පොඩි කාලයෙන් වැඩි හරියක් ගත වුනේ ගේ පිටිපස්සේ කැලේ ඇවිදින්න. එහෙම ඇවිදිනකොට ඇහිඳපු කුරුල්ලන්ගේ පිහාටු හුඟක් එකතු කරලා තිබුණා. අම්ම නම් බනිනවා මේ ළමයාව නම් හදන්න බැහැ, කොයි වෙලාවේ බැලුවත් වැද්දෙක් වගේ කැලේට රිංගනවා කියලා. ඉස්සර සමාජ අධ්‍යයනයට තිබුන ක්ෂේත්‍ර සටහන් කියල (වගේ මතක) පොතක්. ඉස්සර ළමයි ඒකේ ඇත්ත පිහාටු අලවනවා, නැත්නම් බලාගෙන අඳිනවා හෝ පත්තර සඟරා වලින් පින්තූර අරන් අලවනවා. මේ කූරාගේ පින්තූරේ දැක්කම හරිම ආස හිතුණා. කූරෙක් දැකපු කාලයක් මතක නැහැ. කූරා හරි වේගෙන් ඉගිලෙනවා. නොයෙකුත් පාට ලොකු කුඩා කූරෝ වර්ග බොහෝ ප්‍රමාණයක් ඉස්සර නම් ගෙවතු වලම හිටිය. මේ පින්තූර ටික දැම්මට ස්තුතියි. ස්වභාව ධර්මය ලංකාවේ මිනිස්සුන්ට හුඟක් සමීපයි.

:       0       5

athula Saturday, 23 May 2020 05:46 PM

කොරෝනා වලට දීර්ඝායුෂ ලැබේවා...!!!

:       2       1

rasika Sunday, 24 May 2020 09:38 AM

තව ටික දවසයි. අපි නැවත ඕසෝන් කලාපය හිල් කරලයි නවතින්නේ...

:       0       9

පූජා Sunday, 24 May 2020 08:33 PM

විජිත්, ඔයාගේ ගම වන මීගමුවේ හිටිය කපුටා, රුපියල් 5හේ කොල විතරක් උදුරාගෙන ගියේ ඇයි කියලයි මම කල්පනා කරේ.. දුප්පත් මිනිහගේ සොච්චම උදුරා ගන්නේ නැතුව, ඔන්න ධනවත් මිනිහෙකුගේ ලොකු ගාණක් උදුරාගෙන ගියා නම් කපුටා සාදාරන කපුටෙක්. (හොරකම අනුමත කළා නොවෙයි.) ඇත්තමයි ඔයාගේ ඔය හොර කපුටු කතාව අහලා මට තවමත් හිනාව නතර කරගන්න බැරුවයි ඉන්නේ. ගෙදර අය අහනවා ඇයි තනියම හිනා වෙන්නේ කියලා.

:       0       25

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9409 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 148 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site