IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තලවිල මංගල්‍යය ඇරැඹේ

පද්මා කුමාරී කංකානම්ගේ  
 
කතෝලික බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූ වැළි කතරේ මිත්තණියගේ පිං බිම යයි විරුදාවලි ලත් තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ශික මංගල්‍ය සමාරම්භය සනිටුහන් කරනු ලබන  සාම්ප්‍රදායික කොඩි ගස එසැවීම අද දින සවස උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
 
තලවිල සිද්ධස්ථාන පරිපාලක  නෙල්සන් සමන්ත ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්විණි. මෙදින සිට දිනපතා සවස හයට නුවානයන් පැවැත්වේ.
 
වෙස්පර්ස් දේව මෙහෙය අගෝස්තු 04 වැනි දා  සන්ධ්‍යාවේ පැවැත්වේ. මංගල්‍ය ප්‍රධාන දේව මෙහෙය අගෝස්තු 05 ඉරිදා උදේ 7ට වැලන්ස් මෙන්දිස් හලාවත රදගුරුතුමාගේ හා ක්‍රිස්ටියන් නායෙල් එම්මානුවෙල් ත්‍රිකුණාමලය රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
 
මෙවර මංගල්‍ය තේමාව වනුයේ "යහ මග යන දේව  දරුවෝ වෙමු අපි" යන්නයි.
 
මේ වන විට 50,000 අධික බැතිමතුන් පිරිසක්   පුද බිම හා ඒ අවට කඳවුරු බැඳ සිටින බැව් කල්පිටිය පොලිසිය පවස යි.



අදහස් (4)

තලවිල මංගල්‍යය ඇරැඹේ

kumar (Gulf) Monday, 30 July 2018 05:38 PM

හැමදාම මිනිසුන් රවටාගෙන බයිබලයේ ලියා ඇති දේව වචනය කියානොදී, වසන් කරගෙන රෝම රාජ්‍යය මේ රටේ පවත්වාගෙන යනවා.

:       0       0

Thushara Tuesday, 31 July 2018 04:09 AM

රබන් ගහන තැන අපේ අගමැති තුමා නැද්ද ?

:       22       36

ජයන්ත සපරමාදු Wednesday, 01 August 2018 03:46 AM

ශාන්තආනා තුමියගේ මංගල්‍යට සහභාගී වී එතුමියගේ පිහිට ආශිර්වාද ලබා ගැනීමට සැමදෙන අදිටන් කර ගනිමු. යහ මග යන දේව දරුවෝ වෙමු අපි යන තේමාව සාක්ෂාත් කර ගනිමු.

:       0       5

rohan Wednesday, 01 August 2018 09:33 AM

ආගමික කටයුතු වලට දේශපාලනය ගාව ගන්න එපා..........

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site