IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඥානසාර හිමියෝ උඩ මළුවේ

දයාරත්න ඇඹෝගම 
 
සිංහල දේශපාලන නායකයන්ගේ නොන්ජල් කම, බල ලෝබය සහ අවස්ථාවාදී බව විජයකලා මහේෂ්වරන් වැනි අයගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ යැයි   ගලබොඩඅත්තේ ඥානසාර හිමයෝ අනුරාධපුරයේදි පැවසුහ. 

 
අනුරාධපුර ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියස අද (05)  පස්වරුවේ පැවති ආගමික වතාවත් රැසකට ඒ හිමියෝ සහභාගි වුහ.
 
ශ්‍රි මහා බෝ සමිඳු ඉදිරිපිට වැලිමළුවේදි ඒ හිමියන්ට සෙත් පතමින් ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනා කර පිරිත් නුල් ගැට ගසා ආශිර්වාද කළහ. අනතුරුව   අටමස්ථානාධිපති   පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දැක ඥානසාර හිමියෝ ආශිර්වාද ලබාගත්හ. 
 
අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ  අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මෙසේ ද කීහ. 
‘‘විජයකලා මහේෂ්වරන්ලාගේ දේශපාලනය වටහා ගැනීම හරිම අපහසුයි. සමහර අවස්ථාවල විජයකලා මහේෂවරන් ඇතුලු දෙමළ සන්ධානයේ සුමන්තිරන්ලා, මාවෙයි සේනාධිරාජලා   උද්ඝෝෂණය කරනවා උතුරේ හමුදා බලය,පොලිස් බලය අවම කරන්න කියලා. මේ ආරක්ෂක මුර කපොලු වැඩියි ඒවා ඉවත් කරන්න කියලා.
 
ඒ ආරක්ෂාව ඉවත් කිරිමෙන් පස්සේ දරුවෝ ලිංගික අපචාර වලට නැත්නම් දුෂණ වලට ගොදුරු වෙන කොට ආපහු විජයකලා මහේෂ්වරන් ඇතුලු මේ ද්‍රවිඩ සංධානයට අදාල ඒ කණ්ඩායම් ආපහු ආරක්ෂක අංශවලටම ඇගිල්ල දික් කරනවා.
 
මේ අයට දෙමළ නිසා ඇති වෙච්ච ප්‍රශ්නය මොකක්ද කියලා තමයි අපට අහන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ විජයකලා වාගේ උදවියගේ ප්‍රකාශ වලින් පේන්නේ මේ සිංහල දේශපාලන නායකයන්ගේ නොන්ජල් කම. වෙන මොකවත් නෙමේ ඒ අයගේ තියෙන බල ලෝබය සහ අවස්ථාවාදි බව. මේවායින් රටක එක නීතියක් නැති බව තමයි ගම්‍ය වෙන්නේ.
 
ව්‍යවස්ථාවේ අත තියලා බෙදුම්වාදයට ඉඩ දෙන්නේ නැහැ කියලා සපථ කරපු මන්ත්‍රිවරියක්,ආණ්ඩුවේ ඇමතිවරියක් එයාට මේ වාගේ ප්‍රකාශයක් කිරිමේ හැකියාවක් තියෙනවාද? ඒක පැත්තකින් තියමුකෝ වහාම රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි සමස්ථ රට වැසියාගේ බලාපොරොත්තුව‍. සරල ලෙස කියන්න තියෙන්නේ මෙච්චරයි විහිලු කොමඩි චිත්‍රපටි දැන් අපේ රටේ නැහැනේ. ගොඩාක් අඩුයි. ඒ නිසා ජනතාවට නොමිලේම විහිළු සපයන කණ්ඩායමක් දැන් ආණ්ඩුවේ සිටිනවා.‘  
 



අදහස් (11)

ඥානසාර හිමියෝ උඩ මළුවේ

V.warnakulasuriya Thursday, 05 July 2018 09:55 PM

විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය අපි හෙළා දකිමු. ඇමතිවරියක් තබා ශ්‍රී ලාංකික කිසිදු පුරවැසියෙක් එසේ ප්‍රකාශ නොකළ යුතුය. ඒවගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට පිරිත් සජ්ජායනා කර පිරිත්නූල් ගැටගසා ආශීර්වාද ලබා ගෙන වෛරයෙන්, ක්‍රෝධයෙන් කතා කිරීම කවර ධර්මයක්ද? එකම මිනිස් වර්ගයකට එකම රටක සමාන අයිතිවාසිකම් ඇතිව සාමයෙන් ජීවත්විය හැකි ධර්මයක් ලොව නැතිද? යමෙක් කැපවිය යුත්තේ එවැනි ධර්මයකටයි. ආගමික ස්ථානයක් තිබිය යුත්තේ ඒ සඳහාය.

:       334       1029

senaSunday, 08 July 2018 09:47 AM

මට නම් මෙතන කිසිම වර්ගවාදී හෝ වෛරී ප්‍රකාශයක් පේන්න නැහැ. කොහොම නමුත් විජයකලා මහත්මියගේ ප්‍රකාශය නිසා එයාට දඬුවම් දීම හොඳ නැහැ. ප්‍රකාශය නෙවෙයි අපි බැලිය යුත්තේ එයා එ්වෙලාවේ හිටපු තත්වයයි.

:       0       1

ලුම්බිණි Friday, 06 July 2018 12:12 AM

අව්ව තිබෙන වෙලාවට පිදුරු වේලා ගතයුතුයි නේද හාමුදුරුවනේ?

:       19       50

lalithsjm Friday, 06 July 2018 02:24 AM

ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව !! ඔබ වහන්සේ නිසා තමා මේ ලෝකේ සිංහල ජාතියක් ඉන්නවා කියලා දන්නේ.

:       530       423

Ranjith Friday, 06 July 2018 04:05 AM

මේ අදහසට නම් එක පයින් එකඟයි අපේ හාමුදුරුවනේ

:       114       135

සෙනෙවි Friday, 06 July 2018 07:52 PM

වර්ණකුලසූරිය මහතාගේ අදහස නිවැරදිය

:       71       47

RNG Saturday, 07 July 2018 06:45 AM

ඔබ වහන්සේගේ කතාව මමත් සම්පූර්ණයෙන්ම අනුමත කරනවා..

:       22       55

Saman Saturday, 07 July 2018 05:19 PM

"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" - විනය පිටකයට අනුව හිටියනම් පිරිත් නූල් බඳින්න ඕනෙ නැහැනෙ.

:       0       1

rap Sunday, 08 July 2018 09:36 AM

තමුන්නාන්සේට එයා කියපු කතාවේ ඇතුළත තේරුම් ගන්න බැරි වුණාට අපිට පුළුවන්. ඒ කියලා සුමානෙකින් අනුරාධපුරේ වුනේ මිනීමැරුමක්.. ඒකට මොකද කියන්නේ...? මට හිතාගන්න පුළුවන් ඔයාගේ ධර්මයේ දැනුම...

:       46       1

RNG Sunday, 08 July 2018 06:38 PM

දැන් මිනීමැරුම්,අපරාධ වෙන්නෙ උතුරෙ විතරද ඉතින් ..?අනිත් එක අපරාධකරුවන්ව නිදහස් කරන්න වෙර දරපු කෙනෙක් අපරාධ මර්ධනය ට කියා නැවත කොටි සංවිධානය බිහි කිරීම ට කතා කිරීම කොතරම් හාස්‍යජනක ද..?

:       0       0

Siri Sunday, 08 July 2018 07:26 PM

අන්න හරි Rap . ඔය හාමුදුරුවෝ මරණ තර්ජන චෝදනාවලට ලක්වෙච්ච චීවර දාරියෙක්. අනික මහනායක හාමුදුරුවරු කිව්වා නේද සිව්රු ඇරලා මිසක් එලියට දන්නා එපා කියල.කව්ද එයාට උඩමළුවට යන්ඩ දුන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site