IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඥාණසාර හිමිට සෙත් පතා නුවරඑළියේ පාගමනක්


 
(ෂෙල්ටන් හෙට්ටිආරච්චි සහ ශාන්ත චන්ද්‍රසිරි)

                   
සිරගතව සිටින බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සෙත්පතා සංවිධානය කරනු ලැබු පා ගමනක් අද (17) දහවල්  නුවරඑළිය නගරයේදි පැවැත්විණි.


නුවරඑළිය අවට  විහාරස්ථානවල නායක භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ අනෙකුත් භික්ෂුන් වහන්සේලා, නුවරඑළිය නගර වැසියන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් නුවරඑළිය නගරයට පා ගමනින් පැමිණ නුවරඑළිය නගරය මැද්දේ පිහිටි විහාරස්ථානයේ දී උන්වහන්සේට සෙත්පතා පිරිත් සඡ්ඤයනාවක් ද පැවැත්විය.


රජය මඟින් සිදු කරගෙන යනු ලබන භික්ෂුන් වහන්සේලා දඩයම් කිරීම් වහාම නවතා දමන ලෙසත් බුද්ධ නීතියෙන් බැඳුනු බුදු පුතෙකුට සුද්ධාගේ නීතියෙන් පහර දෙන්නට ඉඩ නොතබන ලෙසත් පා ගමනේ යෙදුණු භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස් මෙහිදී පැවසුහ. 



අදහස් (21)

ඥාණසාර හිමිට සෙත් පතා නුවරඑළියේ පාගමනක්

keppetipola Sunday, 17 June 2018 12:30 PM

බොහොම හොඳ වැඩක්. රට රකින්නට ඉදිරිපත්වන ස්වාමින්වහන්සේලා ආරක්ෂා කල යුතුයි...

:       2371       5475

Asanka Sunday, 17 June 2018 01:16 PM

නියම බුද්ධ පුත්‍රයා විනය පිටකයට අනුව ජීවත් වෙනවා.

:       205       1290

Bamunuarachchi Sunday, 17 June 2018 01:20 PM

මෙගා නාටකයේ තවත් කොටසක්,... ජනාධිපති සමාව ලබා දීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමයි මේ සිදුවන්නේ... එසේ සමාව දීම මගින් ජනපතිතුමාට පිරිහෙන ජනප්‍රියතාවය රැකගන්න පුළුවන්...

:       609       428

BamunuarachchiSunday, 17 June 2018 05:10 PM

කව්ද මගේ නමින් අදහස් පළකරලා තියෙන්නේ?

:       3       94

BamunuarachchiMonday, 18 June 2018 10:11 PM

ඇයි! මමත් බමුණුආරච්චි තමයි.

:       0       143

කුමාර් (ගල්ෆ්) Sunday, 17 June 2018 02:04 PM

වියදම මැදමුලනෙන් වෙන්නැති.

:       239       378

වර්නන් Sunday, 17 June 2018 02:31 PM

මෙහෙමත් මිනිසුන් ඉන්නවාද රටේ...? මොවුන් රටේ නීතියට ගරුකිරීමක් නැද්ද?

:       528       613

sarath Sunday, 17 June 2018 04:06 PM

බයවෙන්න එපා. සිවුරු ඇරලා යුද්ධයට ගිය හාමුරුවරුත් වැඩ විසුවා. යුද්ධයෙන් පස්සේ නැවත සසුන් ගතවුණා. අධිකරණයට ගල්ගහපු, විල්පත්තු වනසපු, මහබැංකු සුද්ද කරපු, පගා ගත්තු අයට දෙන දඬුවම මොකක්ද? ඇමති පට්ටමක්ද?

:       599       737

Saman Sunday, 17 June 2018 04:35 PM

රටේ නීතිය වන්නේ විනය පිටකය නොවේ. විනය පිටකය ඇත්තේ භික්ෂූන් පාලනයටය. විනය පිටකය අනුව මොහු හැසිරුණා නම් ඔහුට අද සිරබත් කන්න සිදුවන්නේද නැත.

:       535       1236

රොෂාන් Sunday, 17 June 2018 05:17 PM

බන්ධනානාගරයටත් අබ සරණයි!! මෝඩයින්ගේ පුස් වීරයෝ තමයි අද ලංකාවේ රජ කරන්නේ.

:       49       189

lalith Monday, 18 June 2018 12:15 AM

කවුරුත් රටක නිතියට අනුව ජීවත්වුණානම් කාටවත් දඩයම් කරන්න බැහැ.

:       0       106

d.upul Monday, 18 June 2018 05:04 AM

හිරබත් කනවා කියන්නේ දේශපාලන සුදුසුකමක් නොවැ ආයිබොවන්.

:       0       62

sampath Monday, 18 June 2018 05:40 AM

සමහර අදහස්ග වලින් පෙනීයන්නේ ගරුතර වාරියපොල ශ්‍රි සුමංගල සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිවරුන් වැඩ සිටි සමයේ මෙන්ම ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සමයේද දීන අදහස් දරන කොදුනාරටියක් නැති සිංහල බෞද්ධයන් සිටින බවයි.

:       463       1194

මංජුලMonday, 18 June 2018 06:43 AM

ඔය මහත්තයා කියන්නේ හරියට, අපි කන දෙයයි, පිටකරන එකයි දෙකම එකක් ලෙස සිතා, නැවත එය කෑම මේසය මත තියන්න කියලද? සමහරක්ට ඔය දෙක එකක් වගේ පෙනුනට අපිටනම් ඔය දෙක, දෙකක් මහත්තයෝ.

:       260       432

Ajith NissankaMonday, 18 June 2018 06:45 PM

ගලගොඩඅත්තේ ඥාණසාර හාමදුරුවෝ ගරුතර වාරියපොල ශ්‍රි සුමංගල සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිවරුන් සමග සංසන්දනය කිරීම සමවින්ම උන්වහන්සේලාට කරන මහත් නිගරුවක්. එම ස්වාමින්වහසේලා දෙපල සුදු අධිරාජ්‍යවාදින් සමග සටන් කල විරෝධාර ස්වාමින්වහන්සේලා දෙපලක්.

:       0       137

rohan Monday, 18 June 2018 05:50 AM

වරදක් කලොත් දඩුවමක් තියෙනවා ඒක හැමෝටම පොදු දෙයක් නමුත් මේ වගේ සෙත් පැතීම් වලින් කරන්නේ අධිකරණය දුන්නු තීන්දුව හැල්ලුවට ලක්කිරීමක් ඒක හොද ආදර්ශයක් නොවේ.

:       44       262

Shan Monday, 18 June 2018 06:10 AM

සාමාන්‍ය බුද්ධිය වැඩේවා !

:       111       16

emerson Monday, 18 June 2018 06:23 AM

ප්‍රශ්නේ තියෙන්නේ රටේ නීතිය මහබැංකුව ගිලපු අයට ක්‍රියාත්මක වෙන්නැති එකයි.

:       230       348

Siri Monday, 18 June 2018 09:31 AM

බුද්ධාගම කියන්නේ එකක්... මහබැංකුව තව එකක්... මේ විරෝධතා වලින් කරන්නේ අධිකරණයට අපහාස කිරීමක්. බළල් අතකුත් ක්‍රියාත්මක වෙනවා. ඔය සේනා වලින් කරන්නේ රට අරාජිත කිරීමක්...

:       180       155

ටි.ඉන්දික Monday, 18 June 2018 10:20 AM

නියම බුද්ධ පුත්‍රයින් වෙනුවෙන් නම් මැරෙන්න හරි සුදානම්.. සිවුරටත් නිගා දෙන අයට එහෙම කරන්න බෑ....

:       0       216

කුමාර් (කුවේට්) Monday, 18 June 2018 02:52 PM

වීරෝදාර ගලබොඩඅත්තේ නායක ස්වාමීන්වහන්සේට ගවපාලන ආණ්ඩුවෙන් හිරිහැරයක් නොවේවා! මමයි මගේ පවුලේ සියළුදෙනායි ගිය ජනාධිපතිවරණයේදි ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුවට. ඒ ගැන දැන් කණගාටු වෙනවා.

:       310       425

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 186 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1473 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1387 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site