(චමිල් රූපසිංහ)
එකම තීරයක් එකම මාවතක් යන සංකල්පය ඔස්සේ ගොඩ නැගෙන චීනයේ සේද මාවත සංවර්ධන වැඩපිළිවෙළ හා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ පිළිවෙළ තුළ ගැලපීමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් එක්සිව්යුවෑන් මහතා මල්වතු සහ අස්ගිරි පර්ශ්වයේ මහනායක හිමිවරුන් දෙනම හමුවේ පැවසීය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ පිළිවෙළ සඳහා චීනය නිරන්තරව සහයෝගය ලබාදෙන බවත් මෙම පසුබිම තුළ දෙරටට අන්‍යන්‍යය වශයෙන් සහයෝගිතාවක් ඇතිව කටයුතු කළ හැකිව තිබෙන අතර මෙරට දේශපාලන ප්‍රශ්න වලට අත පෙවීමට චීනය කිසි විටෙකත් අපේක්ෂා නොකරන බවත් චීන තානාපතිවරයා පැවැසීය.
ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව චීන තානාපතිවරයා මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනා හිමියන්ද අස්ගිරි මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙරට දේශපාලන ක්ෂේත්රයේ මතුව තිබෙන අර්බුද විසඳිය හැක්කේ ජනතාවට පමණක් බවත් ඔවුන් හොඳින් හිතා මතා නිවැරදි තීරණ ගන්නේ නම් ගැටළු බොහොමයකට විසඳුම් ලැබනු ඇති බවත් ඕනෑම රටක ඉරණම තීරණය වන්නේ ඒ රටේ ජනතාව ගනු ලබන තීන්දු තීරණ මත බවත් මහනාහිමිවරු දෙනම හමුවේ අදහස් දක්වමින් චීන තානාපතිවරයා පැවැසීය.
ශ්‍රී ලංකාව හා චීනය අතර තානාපති සම්බන්ධතා ඇතිවී අදට වසර 62 ක් සපිරෙන බවත් එම කාලයටත් එහා ගිය ආගමික සම්බන්ධතාවක් දෙරට අතර පවතින බවත් මෙම සම්බන්ධතා ආරක්ෂා කර ගැනීම පිණිස දෙරටම හොඳ අවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීන තානාපති මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී
Kumar (Gulf) Friday, 08 February 2019 04:59 PM
චීන්නු හොඳට රඟපාන්න දන්නවා.. මෙයාලාට චීනේදී ආගමක් නෑ... දැන් හොඳට රඟපානවා.