IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඝන වනාන්තර වැඩි කරන්න ගුවන් හමුදාව ගුවනින් බීජ ඉසියි

 

 

ඉන්දිකා රාමනායක.
 
මෙරට පවතින ඝන වනාන්තර ප්‍රමාණය වර්ධනය කිරීම සඳහා  ගුවන් හමුදාව අද  (13)  ප්‍රථම වතාවට නොච්චියාගම රනෝරාව  රජයේ වනාන්තරයේ  අක්කර   පහක භූමියකට ගුවනින් බීජ ඉසින ලද බව ගුවන් හමුදාව පවසයි.

2030 වනවිට  ආවරණ භූමි  27%  සිට 32% දක්වා   වර්ධනය කිරීම මූලික අරමුණයි.

ගුවන් හමුදාවේ  එම්. අයි. 17   හෙලිකොප්ටර් යානයකින්  මෙම බීජ ඉසීම කර ඇත.

කරද, මී, කූඹුක් ඇතුළු  රෝපණ මාධ්‍ය 16 ක්  ඇතුළත් කරමින් බීජ 5000 ක් පමණ   ඉස ඇතැයි ගුවන් හමුදාව කියයි.

 ජාතික ආරක්ෂාවට අමතරව රටේ අනාගත පරම්පරාව  වෙනුවෙන්  හරින අනාගතයක්  දායද කිරීම   අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතියට දායක වූ බව ගුවන් හමුදාව පවසයි.
 



අදහස් (21)

ඝන වනාන්තර වැඩි කරන්න ගුවන් හමුදාව ගුවනින් බීජ ඉසියි

Indunil Thursday, 13 December 2018 11:58 AM

හොඳ වැඩක්... ආඩම්බරයි.

:       0       69

matipahana Thursday, 13 December 2018 12:01 PM

අක්කරම පහක්...!!! හෙලිකොප්ටරයකුත් ගෙනැල්ලා... පැල 5000ක්ම... ලංකාවනේ

:       118       10

Darshana Thursday, 13 December 2018 12:08 PM

යහපත් වැඩක් ...

:       0       11

විජිත් Thursday, 13 December 2018 12:09 PM

මෙවැනි රටට හිතකර සේවයන් තවතවත් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

:       0       21

Thushara Thursday, 13 December 2018 12:16 PM

බොහොම අගෙයි. අපේ රටත් භූතානය වගේ කාබන් රින රටක් කරමු. අපි හැමෝටම පුළුවන් උපරිමයෙන් දායක වෙමු...

:       0       15

Raveendra Thursday, 13 December 2018 02:39 PM

බොහොම හොද ක්‍රියාවක්. අනාගත පරපුර වෙනුවෙන් කරන ලද මෙම ආයෝජනයට සහභාගී වුනු සියල්ලෝටම පිං.

:       30       274

ජානක Thursday, 13 December 2018 04:42 PM

මොකක්ද මේ අපරාධය ,අක්කර 5 කට බීජ ඉසින්නට ගුවන් යානයක් මොකටද අපේ ගම්වල මිනිස්සු දවසකට අක්කර 5 ක් 6 කට තනියම වී ඉහිනවා.

:       1121       875

sam Thursday, 13 December 2018 05:13 PM

අහන්නත් ආසයි මේ වගේ ප්‍රවෘත්ති .ඔබගේ උත්සාහයට ජයම ලැබේවා .

:       14       169

ferna Thursday, 13 December 2018 07:18 PM

අක්කර පහකට ගුවනින්..? ති⁣බෙන වනන්තරය ආරක්ෂා නොකර.. උදා: විල්පත්තුව

:       12       12

saman Thursday, 13 December 2018 10:40 PM

ඔය තරම් උඩ ඉඳලා වැටෙද්දී ඔය බිජ තැලිලා පොඩිවෙලා ගිහින්, පැළවෙන එකක් නම් නැහැ.

:       3       3

kumar Friday, 14 December 2018 03:57 AM

කුඹුරු වනාන්තර පටලව ගන්න එපා ජානක

:       0       133

Raveendra Friday, 14 December 2018 05:37 AM

ජානක මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. කුඹුරු යනු විවෘත භූමියක් බවත් ඒ අනුව ඔබගේ අදහස් නිවැරදිය. නමුත් ගුවනින් බිජ හෙළුවේ විවෘත භූමියකට ද යන්න සොයා බැලීමෙන් ඔබගේ විවේචනාත්මක අදහසට ඔබටම පිළිතුරු සොයා ගත හැකිබව අපගේ හැගීමයි.

:       3       178

ජානක Friday, 14 December 2018 01:17 PM

තමන්ගේ වැඩක් බලාගන්න. නිකම් ඇඟ තලාගන්නේ නැතිව....

:       79       3

RaveendraFriday, 14 December 2018 04:42 PM

ජානක මයා වෙත, අනිකාගේ අදහස් වලට ඇහුන්කම් දීමට හෝ ගරු කිරීමට අපහට කියා දුන්නේ අපගේ දෙමවුපියන් බැවින් ඔබගේ අසුන්දර අදහස් වලටද අප ගරු කරන්නෙමු. එමෙන්ම අප හොද දෙයට හොද මෙන්ම වැරදි දෙයට වැරදි බව කීමට ද කියා දුන්නේ අපගේම දෙමවුපියන්ය. ඔබගේ දෙමවුපියන්ද එලෙසම ඔබටද කියාදී ඇතැයි අප හට විස්වාස නමුත් ඒවා තේරුම් ගැනීමට තරම් හැකියාවක් ඔබට නොමැතිවීම පිලිබදව අප සියල්ලෝම අවංකව කනගාටු වන්නෙමු.

:       0       27

manoj Friday, 14 December 2018 07:14 AM

වනන්තරේ සමතුලිතතාවය බිදෙන්නේ නැති වෙන්න දේශීය ශාක පමණක් වගා කරන්න. විල්පත්තුවත් හැකිනම් බේරගන්න. සුබ පැතුම්.

:       0       13

nishan Friday, 14 December 2018 08:54 AM

Janaka, හැම දේකම ඔය විදියට වැරදි හොයන්න එපා. හොඳ වැඩේට හොඳයි කියන්න...

:       0       69

sarath hettiarachchi Friday, 14 December 2018 10:04 AM

කාර්යය ඉහළින්ම අගයමු. දෙවැනිවර අඩුපාඩු අවම කරමු. වන සංරක්ෂණයද සම්බන්ධ කරගත්තේ නම් පරිසරය ගැන සංවේදී වී අදහස් දැමූ සියටෙල් පුතුන්ටද ස්තුතියි.

:       0       2

Janaka Friday, 14 December 2018 10:34 AM

අක්කර 05ක් කියන්නේ විශාල බිම් ප්‍රමාණයක් නෙවෙයි.. මේවට කමෙන්ට් කරන අයට අක්කර 05ක් ප්‍රායෝගිකව විශාලත්වය තේරෙන්නේ නෑ. විවෘත භූමියකට බීජ ඉසිනවා මිසක් කැලෑවකට නැවත බීජ ඉසීමේ ප්‍රතිඵලය කුමක්ද? අක්කර 05ක් කියන්නේ පර්චස් 800ක්...

:       101       18

ajith Friday, 14 December 2018 11:23 AM

මේ යෝජනාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නම් වෙන්න බැහැ. ෂුවර් එකටම අපේ අදහසක් වෙන්න ඕනේ අසාර්ථක වැඩක්... අපරාදේ මුදල් නාස්ති කිරීමක්...

:       0       0

මිනෝලි Friday, 14 December 2018 02:44 PM

වහින කාලේනේ හලෝ කරන්න තිබුණේ, දැන් ආයිමත් තද පෑවිල්ල...

:       5       5

Ken Friday, 14 December 2018 11:18 PM

අපූරුවට තිබුණු වනය හෙළි කරලා ගුවනින් අාපහු වපුරනවා. ගොඩකරලා ආපහු වතුර දානවා වගේ, කාලකන්නි රටක් වුනා අපේ රට, ඔව්වට සුභ පතන්නත් හරක් රංචුවක් ඉන්නවානේ ඉතින්..

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site