IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුවනට නොයන ශ්‍රී ලන්කන් යානාවලට උපරිම ආරක්ෂාව

 

කෝවිඩ් - 19 වයිරසය ලෝ පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් වර්ගයේ යානා 27 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ගාල්කර තිබේ. එම ගුවන් යානා එකතැන ගාල්කර තැබීමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ගුවන් යානයේ ඇන්ජින් ආවරණය කර දමා තිබේ.

මෙම එන්ජින් ඉතාම සැහැල්ලු සුළං පෙති වලින් සමන්විත වන අතර ඒවා ගුවන් තොටුපොළක පවතින සාමාන්‍ය  සුළඟින් පවා අනායාසයෙන් ක්‍රියාත්මක වේ. එවන් අවස්ථාවකදී කුඩා කුරුල්ලෙකු නැතහොත් කෘමියකු මෙම ඇන්ජිම ඇතුළට රිංගා ගියද සුළං පෙත්ත ක්‍රියාත්මක වන හෙයින් සතා ඒ ඇතුළතදීම විනාශයට පත්වෙයි. අනතුරුව ඇන්ජිම නරක් වන හෙයින් ගුවන් යානා දිගු කලක් ගාල්කර තබන අවස්ථාවලදී ඒවායේ ඇන්ජිම ආවරණය කරනු ලැබේ. ගුවන් යානයේ ඇන්ජින් දූවිල්ලෙන් ආරක්ෂා කරගැනීමත් මෙම ආවරණයේ තවත් අපේක්ෂාවකි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෝකයේ රටවල් 63 කට අයත් ගමනාන්ත 147 කට පියාසර කරයි. එහෙත් කොවිඩ් - 19 වසංගත රෝග තත්වය නිසා ලෝකයේ බොහෝ රටවල ගුවන් තොටුපොළ වසා දමා ඇති අතර සම්බන්ධිත ගුවන් සේවාද නතර කර තිබේ. එබැවින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයටද සිය යානා ගාල්කර තැබීම හැර විකල්පයක් නැත.

කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහනය සහ බෙහෙත් ප්‍රවාහයන සඳහා ගුවන් යානා කිහිපයක් වරින් වර යොදාගන්නා බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික මාධ්‍ය කළමණාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

(ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල )



අදහස් (19)

ගුවනට නොයන ශ්‍රී ලන්කන් යානාවලට උපරිම ආරක්ෂාව

Lankaputhra Tuesday, 28 April 2020 04:53 PM

මේවට ආරක්ෂක හමුදා වළලු ආකාරයට දිවා රාත්‍රී ආරක්ෂාව සපයනු ඇති බව පුරවැසියෙකු ලෙස මගේ කාරුණික බලාපොරොත්තුව...

:       9       61

Nandalal DE SILVA - France Tuesday, 28 April 2020 05:19 PM

හප්පෝ මෙයාලගේ තියෙන ආදරේ මේ ගුවන් යානාවලට...! ඕක ඉතින් අපේ රටේ අයගේ ලොකු වැඩක් හැටියට පෙන්වන්න පත්තරවල, ගුවන් විහිළුවල, ඉන්ටෙර්නෙට් එකේ එහෙම දැම්මාට ලෝකයේ හැම රටකම මේ විදියට ගුවන් යානාවල එන්ජින් ආරක්ෂා කරන බව ඕකේ ලොක්කෝ දන්නේ නැතුව ඇති. යානයේත්, මගීන්ගේත් භාරධුරම වගකීම තිබෙන්නේ ඒවායේ "රියැක්ටර්" හෙවත් එන්ජින් නිසා, ඒවා ආරක්ෂාකර ගැනීමේ වගකීම ගුවන් යානා සමාගම් සතු බව අදවත් මේ අය දැනගත යුතු වෙනවා...

:       1584       290

shanikaTuesday, 28 April 2020 08:07 PM

ඒකෙ ලොක්කො දෙන්නා නිසා තමයි මෙහෙම කරලා තියෙන්නේ...

:       0       20

Srilal - Sri Lanka Wednesday, 29 April 2020 12:54 AM

ඒ ප්‍රවෘත්තිය අපට වටිනවා.

:       0       0

silvaThursday, 30 April 2020 04:02 PM

නන්දලාල්, මට පුදුම ඔබ වගේ ලොකු දැනුමක් තිබෙන කෙනෙක් ප්‍රංශයේ ඉඳලත් ඔය වගේ දිගට හරහට එහෙ කොරෝනාවලින් මිනිසුන් මැරෙන එකයි. ලංකාවේ මිනිසුන්ට ගරහන්නේ නැතුව ප්‍රංශයේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නකෝ...

:       0       2

lalitm Tuesday, 28 April 2020 06:13 PM

අපි වගේ දන්නේ නැති අයට මොකක් හරි දැනගන්න වෙබ් පිටුවේ දාපුවම නිකම් කෝචෝක් කරලා දන්නකම පෙන්නන්නේ තමන්ගේ හිස් බව නිසා. ප්‍රන්සෙ පාරවල් අතුගාන ලෙඩ්ඩු බලාගන්න එවුනුත් එයාර් බස් කොම්පැනියේ ඉන්ජිනේරුවොලු අපේ ගම්වලදී.

:       209       1061

I thought the same Tuesday, 28 April 2020 06:51 PM

මම හිතුවෙත් එහෙමයි, ඕව හැමෝම දන්නේ නැත...

:       1       212

kamalWednesday, 29 April 2020 05:11 AM

දියුණු රටවල පාරවල් අතුගාන ලෙඩ්ඩු බලාගන්න අයගේ දැනුම නොදියුණු රටවල පාරවල් අතුගාන ලෙඩ්ඩු බලාගන්න අයගේ දැනුමට වඩා වැඩියි.

:       530       2

chamilaWednesday, 29 April 2020 06:09 AM

තමන්ගේ මින්මෙන් අනුන්ව මනින්න එපා...

:       1       109

නයනී නුවන් Tuesday, 28 April 2020 09:32 PM

උපරිම ආරක්ශාවට කිව්වට ආවරණයක් දාන්න අමතකවෙලා. ආරක්ශා කලයුතුම තැන හැමදෙනාටම ආදර්ශයක් වෙන්න.

:       0       1

kamani Wednesday, 29 April 2020 05:16 AM

ගුවන් යානයක එන්ජිම ඉටි කොළයකින් වැහීම ජාතික ප්‍රවුර්තියක්....

:       87       59

de silva Wednesday, 29 April 2020 07:01 AM

උපරිම ආරක්ෂාව කියලා තිබෙන කොට මම හිතුව කොරෝන ලෙඩ්ඩු ඇතුලට එන එක /ඕවගේ කැලි ගලවන්න හොරු / සහරන් කණ්ඩායම ඕව ඇතුලට එන එක නවත්වන්න ආරක්ෂාව දමලා කියලා...

:       16       23

Mahesh jaya Wednesday, 29 April 2020 07:03 AM

හිගාකාලා ණයවෙලා හරි ගත්ත ගුවන් යානා අපේ රටට සම්පතක්. කුලී වැඩ කරන අයගේ ඉදන් හැමෝම මේවට දායක වෙලා තියෙනවා. කරුමෙට බඩගෝස්තරවාදියෝ 225 ක් මේ සමාගම් හූරගෙන කෑවට අපි හැමෝටම යුතුකමක් තියෙනවා මේ දේවල් රැකගන්න.

:       0       188

de silva Wednesday, 29 April 2020 08:59 AM

මහේෂ් ජය මහත්මයා , ඔය ශ්‍රී ලන්කන් එක සම්පතක් නොව කටු ඔටුන්නකි. ඕක වසරකට රුපියල් කොටි 2000 විතර පාඩු ලබනවා. ඒවා පියවන්නේ දුප්පත් අපේ බදු සල්ලිවලින්. ඔය මුදල් වාර්ෂිකව අපේ පොදු ප්‍රවාහන සේවා දියුණුකරන්න යොදනවා නම් ඉතා හොඳය. ජිවිතේට ගුවන් තොටුපලකට පය ගසාවත් නැති අහිංසක මිනිස්සු ඕක නඩත්තු කරන්න බදු ගෙවනවා .

:       0       1

priyantha Wednesday, 29 April 2020 09:04 AM

අනිත් මිනිසුන්ට ගරහන එක මෝඩයාගේ සිරිතයි. පිටරට වැඩකරලා එවන මුදල්වලින් තමයි රට දුවන්නේ. අනික් අතට පිටරට ඉදලා ආපු ජනාධිපතිතුමා නිසයි රට මේ විදිහට ඉහලට එන්නේ ලංකාවේ පරණ කට්ටිය සිටියානම් සොරිම තමයි.

:       146       204

malithWednesday, 29 April 2020 10:25 AM

බුද්ධාගමත් පිටරට උතුමලාගෙ දෙයක් කියලා අමතක වුණු කට්ටියක් තමයි අද ඉන්නේ...

:       0       2

ranaThursday, 30 April 2020 02:28 AM

යන්නේ කොහෙද මල්ලේ පොල්.... කව්ද මෝඩයා?

:       0       47

ass charyaThursday, 30 April 2020 03:31 AM

ඉහළට එන්න කියලා කිව්වේ කොරෝනා වලින්ද ?

:       0       29

rama Wednesday, 29 April 2020 11:39 AM

අපි කෑවෙ උත්තම රජ කොල්ලෝ වගේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site