IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගස් බැඳ සිටි සැර අලියා මියයයි

 

(ඡායාරූප - ක.ග.කරුණාරත්න)

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

 

(ක.ග.කරුණාරත්න)
 
බකමූණ, කුමාරඇල්ල ප‍්‍රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් අල්ලාගනු ලැබූ වන අලියා අද(13) උදෑසන වනවිට මියගොස් සිටිබව වනජීවී නිලධාරීහු කියති.

අලියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නිර්වින්දන ඖෂධවල බලපෑමක්ද වීද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව පොළොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඩී. එම්.  ජේ. වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

බකමූණෙ, සිරිකඳුයාය, කුමාරඇල්ල සහ ඒ අවට ගම්මානවල ජනතාවගේ ජන ජීවිතවලට තර්ජනයක් වන ලෙසට මෙම අලියා ගම්වල සැරිසරන බව ප‍්‍රදේශයේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් අලියා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට රැගෙනයාමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබුණි.

 



අදහස් (5)

ගස් බැඳ සිටි සැර අලියා මියයයි

ලුම්බිණි Friday, 13 December 2019 06:48 AM

වනජීවී නිලධාරීන්ගේ වරදින් මේ සතා මැරුනා නම් එම නිලධාරීන්ට විරුද්ධව කටයුතු කල යුතුයි. මීට කලිනුත් මේවගේ සතුන් කීප දෙනෙකුගේ ජීවිත නැති වුනා. මේ අලියා දිහා බැලුවම පේනවා හොඳට ඉඳපු සතෙක් කියලා.

:       1       113

Pathum Friday, 13 December 2019 12:07 PM

සමහරවිට මරණයට හේතුව පශු වෛද්‍යවරුන් දුන් නිර්වින්දන බෙහෙත් සැර වැඩි නිසා වෙන්න ඇති.

:       0       112

Champa Friday, 13 December 2019 12:50 PM

අනේ අහිංසක අලියා. ඊයේ ඇල්ලුවා. අද මැරිලාලු. කැලේ ඉන්න දෙන්නේ නැතුව අල්ලන්ගෙන බැඳලා දැන් කියනවා මැරිලාලු. එහෙම මැරෙන්නේ කොහොමද? මේ අලියව මරලා. මෙහෙම තමයි අලුත් ආණ්ඩුව මිනිස්-අලි ගැටුම් මර්දනය කරන්න හදන්නේ. මේ ටික මීට කලිනුත් වෙන තැන්වල ලියලා තියෙනවා අවුරුදු ගාණක්. වල් අලියා කියන සතා ගමට එන්නේ පුරුද්දට. අලියා කියන්නේ දවස පුරාම ඇවිදින සතෙක්. කිලෝ මීටර් 300ක් වුණත් යයි දවසකට. අවුරුදු 10ක් 20ක් ගියත් අලියට මතකයි වතුර තිබ්බ තැන කෑම තිබ්බ තැන. ඉතින් අලියා ආපහු ඒ පැත්තට එනකොට කලින් මතක වතුර තිබ්බ තැන, කෑම තිබ්බ තැන හොයාගෙන එනවා. ඒ එනකොට ඒ තැන නැහැ. මිනිස්සු ගෙවල් හදලා. හේන් හදලා. වැටවල් ගහලා. ඉතින් අලියට කේන්ති යනවා. අලියෙක්ට වතුර ලීටර් 150ක් 200ක් ඕනේ දවසකට. රාත්තල් 500ක් විතර කෑමත් ඕනේ දවසකට... මිනිස්සු අලින් හිටපු තැන අල්ලාගෙන කෑගහනවා. ඉස්සෙල්ලා අලි මංකඩවල් ඇරලා දාන්න ඕනේ...

:       0       453

wije Friday, 13 December 2019 04:20 PM

අනේ මෙහෙමත් අපරාදයක් අහිංසක සත්තු ඉන්න කැලේ එළිකරලා ගෙවල් හදාගෙන දැන් කියනවා අලි ඇවිත් කරදර කරනවලු. මෙහෙම ගියෝතින් නම් තව අවුරුදු 10ක් 15ක් විතර යනකොට ලංකාවේ අලියෙක් දකින්න වෙන්නේ පරණ පින්තුරෙකින් විතරයි. බලධාරින් මිනිස්සුන්ගේ ප්‍රශ්න විතරයි විසඳන්නේ... ඇයි ඉතින් ඡන්ද අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට විතරයිනේ. සත්තුන්ටත් ඡන්දය දාන්න පුළුවන් වුණා නම් බලධාරීන් සත්තුන්ට තියන ප්‍රශ්නත් විසඳාවි...

:       1       86

Sunil Friday, 13 December 2019 11:56 PM

වනජීවිනට තිබෙන ලොකුම තර්ජනය වන ජීවි දෙපර්තමේන්තුව

:       0       9

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site