( කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම මානේරුව ගම්මානයට පැමිණ සිටියදී අල්ලාගත් හැළ කිඹුලකු කලාවැව ජාතික උද්‍යානයේ පිහිටි බළලූ වැව ජලාශය වෙත නිරුපද්‍රිතව මුදා හැරීමට වනජීවී නිලධාරීහු අද (09) පියවර ගත්හ.
ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් මානේරුව ගම්මානයට එම කිඹුලා පැමිණ සිටි අවස්ථාවක ප‍්‍රදේශවාසීන් විසින් කිඹුලා දැක තිබේ.
පසුව ඒ සම්බන්ධයන් ගල්කිරියාගම වනජීවීකාර්යාලයට ඒ බව දැනුම් දීමෙන් පසු තම ගම්වැසියන්ට කිඹුලාගෙන් සිදුවිය හැකි හානිය සළකා බලා කිඹුලා ආරක්ෂිතව ගසක ගැට ගසා කිඹුලා තවදුරටත් ගම්මානයේ සැරිසැරීම වළක්වාලීමට වැසියන් පිරිසක් එක්ව කටයුතු කර තිබිණ.
කිඹුලාගේ දිග අඩි 8ක් පමණ වේ. වයස අවුරුදු 15ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.
එලෙස අල්ලා ගත් කිඹුලා ආරක්ෂීතව රැගෙනවිත් කලාවැව ජාතික උද්‍යානය තුළ පිහිටි බලලූවැව වෙත නිරුපද්‍රිතව මුදා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගල්කිරියාගමට භීතියක් වූ කිඹුලා බළලු වැවට මුදාහරියි
Chathuri Tuesday, 09 July 2019 02:13 PM
මේ හැල කිඹුලව එයාගේ පවුලේ කට්ටිය ලගට අත අරින්න තිබුණා දියවන්නාවට... මෙයාට වැඩිය ලොකු කිඹුල්ලු නිදැල්ලේ...
SiriTuesday, 09 July 2019 11:20 PM
නියම කතාව චතුරි !
Sugandhi Tuesday, 09 July 2019 07:44 PM
මෙයා නම් ගිය ආත්මේ ඇමති කෙනෙක්
Sugandhi Wednesday, 10 July 2019 05:42 AM
හරිම දුකයි..
ලුම්බිණි Wednesday, 10 July 2019 05:44 AM
අගය කල යුතු දෙයක් මේ ප‍්‍රදේශවාසීන් කරලා තියෙන්නේ.