IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොළඹදී පාකිස්තාන නිදහස් දිනය සැමරේ

 

පාකිස්තානයේ 74 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී  අද (14) පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ, වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. තන්වීර් අහමඩ් මහතා පාකිස්තාන ධජය ඔසවමින් මෙම උත්සවය ආරම්භ කළේය.

කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ ලේකම් අස්මා කමල් මහත්මිය, මෙම උත්සවයේ දී පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතාගේ නිදහස් පණිවුඩය කියවූවාය.

පසුව මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබුබකර් ෆාහඩ් මහත්මිය පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පණිවුඩය කියවූවාය.

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, මෙරට ජීවත්වන පාකිස්තාන ප්‍රජාව ඇතුළු අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

055



අදහස් (10)

කොළඹදී පාකිස්තාන නිදහස් දිනය සැමරේ

Kumar (Gulf) Friday, 14 August 2020 08:58 PM

ලංකාවේ සැබෑ මිතුරු පාකිස්තානයට ජයවේවා..!!!

:       0       230

bandaraSaturday, 15 August 2020 11:16 AM

ඔයාලා ලෝකේ කොහේහරි රටක දැකලා තියෙනවද, වෙනත් රටක නිදහස් දිනයක් සමරනවා.? කොහෙන් හොයාගත්තු කට්ටියක්ද කොඩි අතට දීලා මෙතැනට ගෙනැල්ලා තියෙන්නේ...?

:       314       3

ChampaSaturday, 15 August 2020 05:54 PM

බණ්ඩාර - මොනවද මේ කියන්නේ? ඕනෑතරම් දැකලා තියෙනවා. විදේශ රටවල තියෙන ශ්‍රී ලංකා තානපති කාර්යාල අපේ ජාතික දිනය ඒ රටවල මීටත් වඩා ඉහළින් සමරන පින්තූරයක්වත් දැකල නැත්ද ඇත්තටම? ලැජ්ජයි... ඔන්න කඹයක් දැම්ම මැඩියට ලිඳෙන් ගොඩට ඇවිත් පත්තරේකින්වත් ලෝකය දිහා බලන්න.

:       0       0

BinkunndaaSunday, 16 August 2020 10:24 AM

බණ්ඩාර කොළඹ ගිහින් තියෙනවද? නූගත්කම ලෝකෙට පෙන්නන්න එපා..

:       0       0

NaushiSunday, 16 August 2020 02:14 PM

බණ්ඩාර උන්නැහේ දැකලා නැද්ද ලංකාවේ නිදහස් දිනය අනික් මිත්‍ර රටවල සමරන එක...

:       0       0

thusharaMonday, 17 August 2020 02:24 AM

ඔයා පව්, ලෝකෙ හැම රටකම තානාපති කාර්යාල මට්ටමින් සෑම නිදහස් උත්සවයක්ම පවත්වනවා. ලංකාවේ නිදහස් උත්සවයත්, ශ්‍රී ලංකා තානපති කාර්යාල තිබෙන සෑමරටකම පවත්වනවා විතරක් නෙවෙයි, එම රටේ ඉන්න ශ්‍රී ලාංකික හැමෝම පුළුවන් විදියට සහභාගි වෙනවා..

:       0       5

suranMonday, 17 August 2020 03:32 AM

අපි ඩකාවලදී ලංකාවේ නිදහස් දවස සැමරුවා.. බණ්ඩාර මොන ලෝකෙද ඉන්නේ..?

:       0       4

wikiMonday, 17 August 2020 05:26 AM

අපිව ලැජ්ජාවට පත් කරන්න එපා. හැම රටක්ම තම තමන්ගේ තානාපති කාර්යාලවල මේ වගේ නිදහස් උත්සව පවත්වනවා.

:       0       0

BinkunndaaMonday, 17 August 2020 07:52 AM

පාන්දරම මොනවද මේ කරන්නේ?

:       5       5

Champa Saturday, 15 August 2020 01:01 PM

පාකිස්තානයේ 74වැනි නිදහස් සැමරුමට මාගේ උණුසුම් සුබපැතුම්...!!! 

:       1       121

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site