IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ වෛද්‍ය පීඨයේ සිසුහු පන්දම් රැගෙන විරෝධතාවක

(ශාන්ත රත්නායක)

මාලබේ සයිටම වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් කොළඹ වෛද්‍යපීට සිසුන් බදාදා(26) රාත්‍රී කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා දැක්වූ අයුරු

එහිදී සිසුන් පන්දම් හා විරෝධතා පුවරු රැගෙන කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිට පාගමනින් කොටුව දුම්රියපොළ අසලට පැමිණ තිබිණි.

 



අදහස් (31)

කොළඹ වෛද්‍ය පීඨයේ සිසුහු පන්දම් රැගෙන විරෝධතාවක

ලුම්බිණි Thursday, 27 April 2017 03:37 AM

අනවශ්‍ය විරෝධතා නිසා රටට පසු ගිය කාලය තුල සිදු කරන ලද ආර්ථික අලාභයන් මෙම සිසුන්ගෙන් අය කර ගැනීමට නඩු නොදමන්නේ ඇයි?

:       2200       2722

Bandula Thursday, 27 April 2017 03:52 AM

ඔතන තියෙන්නේ ඉරිසියාවයි බයයි. සයිටම් දොස්තරලා ආපු ගමන් මේගොල්ල කැපෙනවා. හිතපු ගමන් උද්ඝෝෂණ කරන්නත් බැරි වෙනවා.

:       1290       1809

Gamini Thursday, 27 April 2017 04:03 AM

මාස ගානක් පංති වර්ජනය කරගෙන ජි. එම්. ඕ. එකේ ලණු කාල අනාගතේ කාලකන්නි කරගන්නැතුව ඉන්න. සයිටම් එකට රජය යෝජනා කරන විසදුම් ප්‍රායෝගිකයි.

:       1309       1376

danushka Thursday, 27 April 2017 04:30 AM

සයිටම් නීතිගත කලොත් රෝගීන්ට අබ සරණයි ...

:       3877       4249

ROSHAN Thursday, 27 April 2017 05:38 AM

ඉරිසියාව

:       0       5

සිරි Thursday, 27 April 2017 05:43 AM

පන්දම් නෙමෙයි පූජා වට්ටි අරගෙන ගියත් සයිටම් වහනවා බොරු. අපරාදෙ මේ ළමයින්ගෙ කාලය සහ ශ්‍රමය. අරහෙ මහාචාර්යවරු වැඩ නැතුව නිකංම පඩි ගන්නව. ඔහොම ගිහින් ඇති වෙලා හොට බිම ඇනිල ආපහු පන්ති වලට ගියදාට දෙගොල්ලොම අමාරුවේ. එක්ස්ප්‍රස් එකේ ඉගෙනගන්න ගියාම ප්‍රමිතිය රැකෙයිද? ඊළඟට වෛද්‍ය විද්‍යාල වලට එන්න ඉන්න ළමයින්ට තව කාලයක් ගෙදරම ලගින්න වෙයිද? මේ මෝඩ ළමයි රැල ඒ ගැන හිතන්නෙ නැද්ද?

:       0       9

Tikiri Thursday, 27 April 2017 05:43 AM

දවල් මදිවට දැන් රෑත් පටන් ගත්තද? ගෑනු ළමයි රෑ තිස්සෙ පාරවල් ගානෙ නටනකොට අම්මලා තාත්තලාට මොනවා හිතෙනවා ඇද්ද?

:       0       2

rat Thursday, 27 April 2017 05:47 AM

අපේ සල්ලි නාස්ති නොකර ඉගෙන ගනිල්ලා ඔහොම උද්ඝෝෂන කරලා මොට්ට උපාධි අරගෙන ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගරන හැටි අපි දන්නවනේ

:       0       0

ratna P Thursday, 27 April 2017 06:01 AM

අපේ රටේ උද්ගෝෂණ සුලබයි. ආණ්ඩුවෙන් කිව්වා උද්ගෝෂණ කරන්න තැන් 2ක් වෙන් කරනවා කියල, එතකොට මාර්ග අවහිර වෙන්නේ නෑ කියල. එයින් එක තැනක් මීතොටමුල්ල කරලා මේ උද්ගොෂකයන්ට කුණු බැග් එක බැගින් දීල ගෙදර ගිහින් ගහක් මුලින් දාන්න කියන්න ඕන කොම්පෝස්ට් වෙන්න. ලංකාවේ දැන් උද්ගෝෂණ වැඩි නිසා මාස 6 කින් මීතොටමුල්ලේ කුණු කන්ද බාගයකින් අඩු කරගන්න පුලුවන්වෙයි.

:       0       0

rajee Thursday, 27 April 2017 06:39 AM

සයිටම් ප්‍රශ්නය දැන් මෙරට තිබෙන දැවැන්තම ප්‍රශ්නය කරගෙන ඇතිබව ඔබ සියලු දෙනාටම දැනගැනීමට හැක , යන්නන් වලේ එක පසුපස තවකෙක් යාමට හැර මෙහි ඇතුලාන්තය දෙස මදක් බැලීම සුදුසුයි සිතමි. සයිටම් නීතිගත කිරීම ඇත්තටම අප බයවිය යුතු කාරණයක්ද ? දැනට වෛද්‍ය වෘත්තියේ යෙදෙන වෛද්‍යවරුන් පවසන අන්දමට නම් එසේ විය යුතුය, මෙරට මීට පෙර වෛද්‍යවරුන් අතින් වැරදීම් සිදුවී නොමැතිද ? තවමත් වෛද්‍ය වෘත්තියන්ට නොපැමිණි වෛද්‍යවරුන් අතින් නිසිලෙස රාජකාරිය නොකෙරෙනේ බව පවසන වෛද්‍යවරුන් එම රාජකාරිය නිසිලෙස කරයිද ?දැනට මෙරට තුල සිදුවන උද්ගෝෂණ දෙස බැලීමේදී මහජනතාව කෙරෙහි වෛද්‍යවරුන් දක්වන ආදරය සහ අනුකම්පාව මෙරට කිසිදු රජයේ හෝ පෞද්ලික රෝහලකදී ඔබ දැක තිබේද ? ප්‍රථමයෙන් අසරණ රෝගීන්ගේ ජීවිත බිල්ලට ගත වෛද්‍යවරු දැන් විශ්වවිද්‍යාල සිසුන්ගේද ජීවිත ද බිල්ලට ගැනීම ආරම්බ කර ඇත ? හුදෙක් තම අවශ්‍යතා වෙනුවෙන් පමණක් සටන් කරන වෛද්‍යවරුන් සැත්කමකට පෙර එම වගකීම රෝගියාට බාර කරයි , ඖෂද නිර්දේශ කිරීමේදී කලින් වෛද්‍යවරයා ලබාදුන් ඖෂද දිගටම ලබාගන්න ලෙස කොතරම් වෛද්‍යවරු පවසයිද ?

:       0       2

rajee Thursday, 27 April 2017 06:57 AM

හුදෙක් මෙරට වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමෙන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට පසුවන හෙයින් වෛද්‍යවරු මෙම ක්‍රියාමාර්ගය සිදුකරනු ඇත සයිටම් සම්බන්දයෙන් සොයා බැලීමේදී වෛද්‍ය වෘත්තිය පමණක් නොව සියලු උසස් අධ්‍යාපනයන් නිසි ප්‍රමිතියකට සිදුවිය යුතුය නමුත් උසස් පෙළ සමත් වීම හෝ අසමත් වීම පුද්ගලයකුගේ බුද්ධි මට්ටම තීරණය කල නොහැක සාමාන්‍ය පෙළ පවා අසමත් දේශීය වෛද්‍යවරු මෙරට බටහිර වෛද්‍යවරුන්ට නොහැකිවූ වෙදකම් සිදුකර ඇත. මෙරට සියලුම අංශවලින් උසස් අධ්‍යාපනය ලැබීමට හැකි උපරිම ප්‍රමාණයකට ඉඩප්‍රස්ථාව සලසා දිය යුතුය. රජයට වෙන්කිරීමට හැකි ප්‍රතිපාදන මට්ටමේ සීමාවන් පවතින බැවින් එය සිදුකිරිම සදහා පුද්ගලික ආයතන වලට ඉඩ ලබාදෙමින් එය රජයේ පිළිගත් මණ්ඩලයක් මගින් නිරීක්ෂණය කරමින් ප්‍රමිතියකට ලක්කළ යුතුයි. අවසානයේ තම රාජකාරීන් කිරීමට ප්‍රථම සියලු දෙනාටම පොදු විභාගයක් මගින් ඔවුන් කොතෙක් දුරට තම රාජකරීන් සදහා සුදුදුය යන්න නිර්දේශ කර යුතුය . නමුත් මෙම තරග විභාග සාධාරන විය යුතු අතර සියලු දෙනාටම පොදු විය යුතුය කුමන විශ්වවිද්‍යාලයක කුමන රටක ඉගෙන ගත්තද සියලු දෙනාටම සාදාරන විභාගයක් විය යුතුය.

:       0       0

rajee Thursday, 27 April 2017 07:12 AM

මෙරට ඇති පුද්ගලික විශ්ව විද්‍යාල වසාදැමීම මෙම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් නොවනු ඇත. දානපතියන්ගේ ළමුන් මුදල් ගෙවා ඉගෙන ගැනීමට විරුද්ධ වීම හුදෙක් ලෝක ධර්මතාවන්ට අභියෝග කිරීමකි. මෙරට විශ්ව විද්‍යාල වැසීමෙන් පසු ඔවුන්ට වෙනත් රටකට තම ළමුන් යොමුකිරීමට මුදල් ඇත. දානපතියන්ගේ ළමුන් පුද්ගලික විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමේදී දුප්පත් ළමුන්ට රජයේ විශ්වවිද්‍යාල වලට යාමට බෝට්ටුවක් හෝ ලැබීමට පුළුවන්.. මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල වැසීමෙන් තම අභිප්‍රාය වෙනත් රටකින් ඉටුකර ගන්න අතර අසරණ වන්නේ නැවතත් දුප්පත් මිනිසුන්ය.. මෙම ආයතනවල රාජකාරී කරන සුළු සේවකයන්ට පවා තම රැකියාව නොමැතිවන අතර මෙරට ඇති සියලුම රජයේ ආයතන මෙන් මෙයද විනාශවී යනු ඇත. අප ඉතිහාසය දෙස බලන විට අපගේ කුහකකම් මත අප කොතෙකුත් දේ නැති කරගෙන ඇත. අප සතුව පැවතී සටන් ශිල්පය, හෙළ වෙදකම, හදි හූනියම් ක්‍රම තම පරම්පරාවෙන් පිටවීමට ඉඩ නොදීම නිසා විනාශ වී ගියේය.

:       0       2

rajee Thursday, 27 April 2017 07:16 AM

කුමන හෝ විශ්ව විද්‍යාලයකින් පිළිගත් උපාධියක් ගෙන ලොව නං දෙස රැකියා කරමින් රටට කීර්තියක් ගෙන ඒමට අපට නොහැකිනම් වෙනත් කෙනෙකුට හෝ අප ඉඩදිය යුතුය. කෙනෙකුගේ පහත අරමුණක් වෙනුවෙන් සටන් කිරීම රටටම කරන අපරාධයකි. මෙය හුදෙක් මා මෙම ගැටලුව දකින ආකාරය වන අතර, ඔබත් මෙය තව කෙනෙකුන් පෙන්වන ආකාරයට නොව ඔබගේ දැනුම සහ අත්දැකීම් සමග රටට සිදුව යහපත සහ අයහපත ගැනද සිතමින් මෙම ගැටළු දෙස බලන ලෙස ඉල්ලා සිටිමි.

:       0       1

de silva Thursday, 27 April 2017 07:48 AM

ධනුෂ්ක දොස්තරලගේ වර්ජන නිසා පසුගිය කාලේ රෝගීන් සිය ගණනකට පාංශු කූලේ දෙන්න වුණ බව ඔබ දන්නේ නැතිද ?

:       2       1

Susil Thursday, 27 April 2017 08:20 AM

සයිටම් ප්‍රමිතිගතව නීති ගත කල යුතුයි. වෘත්තීය සමිති වලට ඕන විදිහටම ප්‍රතිපත්ති හදන්න එපා. ඒ අතර ඇත්ත අසාධාරණකම් ගැන කතා කරන උද්ඝෝෂනය කරන වෘත්තීය සමිති වලට ආණ්ඩුව කන්දිය යුතුයි.

:       1       1

Jayantha Thursday, 27 April 2017 08:40 AM

මේගොල්ලෝ මෙච්චර උගත්තු නම් අද මේ විශ්වවිද්‍යාල වලින් මෙච්චර කල් සමත් වෙව්ච තොගේ බැලුවම ලංකාව අද සුරපුරයක් වෙන්න ඕනේ

:       0       25

MP Thursday, 27 April 2017 10:33 AM

ඒක ඈත්ත. පුහුණුවක් සහ සුදුසුකම් නෑති දොස්තරලගෙන් බෙහෙත් ගන්න ඔහෙල කැමති වුනාට, ඒක දුප්පත් මිනිසුන්ට කරන අසාධාරණයක්.

:       604       550

විකුම් Thursday, 27 April 2017 11:17 AM

පන්දම් රැගෙන යන පාගමනවල් අවදානම් නොවේද ? අත් වැරද්දකින් හෝ හිතා මතා හෝ මෙයින් මහා විනාශයක් සිදු විය හැක. ඒ ගැනත් මදකට සිතන්න.

:       106       330

kumar (galf) Thursday, 27 April 2017 12:25 PM

රට කන හරක් රැලක්.

:       336       430

kalpa Thursday, 27 April 2017 12:32 PM

මොවුන් මේ කරන්නේ කාට හෝ පන්දම් ඇල්ලීමක්ද කියලයි මට හිතෙන්නේ

:       149       254

bandula_qld Thursday, 27 April 2017 01:35 PM

මේ ගොල්ලන් රටේ වැදගත් අනාගත දොස්තරලා එහෙම නැත්නම් කොන්දොස්තර්ලද ? අනාරක්ෂිතව ගින්දර අරගෙන සෙල්ලම් කරන්නේ . මෙය පොදු දේපල රැකීමේ පනතට විරුද්ධයි මේ ගොලන්ගේ මොලේ තියන්නේ ඇලේද? .

:       319       390

janatha nura Thursday, 27 April 2017 02:56 PM

ලුම්බිණි බන්දුල ගාමිණී යු අන් පි නොවන්නේ නම් අදහස පිලිගනිමි

:       0       11

lalith Thursday, 27 April 2017 11:48 PM

හරියට හරි පුතා. පුරුදු වෙන්න, පුරුදු වෙන්න. ජනතා මුදලින් නිකන් දෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනේ එපානම් අන්තිමට පන්දම් අල්ලන්න තමයි වෙන්නේ රස්සාවක් හොයාගන්න. ඒක නිසා පෙර පුහුණුව හුඟක් වටිනවා.

:       0       4

mahee Friday, 28 April 2017 12:25 AM

ජනතා නුරා, ලුම්බිණි බන්දුල ගාමිණී කියන්නේ සත්‍යය බව ඔබේ නිදහස් බුද්ධියට වැටහේ නම් ඒක පිළිගන්න ඔවුන්ගේ පක්ෂ පාටවලින් වැඩක් නැහැ නේද? තිබිය යුත්තේ ඔබේ හෘද සාක්ෂියක් පමණක් නේද? ඔන්න ඕක තමයි අපේ බොහොම දෙනෙකුට වෙලා තියෙන්නේ. තමන්ගේ නිදහස් මතය යට කරනවා කියන මිනිහ දිහා බලල.

:       0       0

kasun Friday, 28 April 2017 12:43 AM

සයිටම හොඳයි කියනවා නෙවෙයි . නමුත් මේගොල්ලෝ මේ කෑ ගහන්නේ ඇත්තටම රටට ආදරේටද කියලනම් හිතා ගන්න බෑ. මුළු රටටම බලපාන තව ප්‍රශ්න ඕන තරම් තියෙනවා. විල්පත්තු කැලය වගේම රටේ වටිනා කැලයවල් ඔක්කොම කපනවා, නීතිය බල්ලට ගිහින්, දේසපාලුවෝ කෝටි ගණන් වාහන ගෙනත් සල්ලි නාස්ති කරනවා. හැබැයි මේ අනාගත පරපුර වෙනුවෙන් කියල කෑ ගහන කවුරුත් ඒවාට කෑ ගහන්නේ නෑ. පෙළපාලි යන්නේ නෑ, සමාජ ජාලවල පොස්ට් එකක් ෂෙයාර් කරන්නේ නෑ, වෛද්‍යවරු ස්ට්‍රික් කරන්නේ නෑ . මොකද ඒවා රටේ ප්‍රශ්න මිසක් එයාලගේ ප්‍රශ්න නෙවෙයි නිසා. හැමෝම තමන්ගේ බඩට වදිනවානම් විතරයි ඔහොම කෑ ගහන්නේ. ඔච්චරම අනාගත පරපුර ගැන හිතනවානම් අනිත් ප්‍රශ්න ගැනත් කතා කරන්න, විරුද්ද වෙන්න, ක්‍රියාකාරී වෙන්න. එතකොට තම මේ රට දියුණු වෙලා ලස්සන වෙන්නේ. නැතුව සයිටම වැහුව කියල අනාගත පරපුරට රටක් ඉතුරු වෙන්නේ නෑ

:       0       3

Susil Friday, 28 April 2017 04:35 AM

ලඟදීම මේගොල්ලන්ට ඉගෙන ගන්නවද ? ගෙදර යනවද ? කියල තීරණය කරන්න වෙනව.. සරත් ෆොන්සේකා ලඟම එනව...

:       1       27

Susil Friday, 28 April 2017 04:37 AM

සිවුරු ඇඳන් ඉන්නෙත් වෛද්‍ය සිසුන්ද ?

:       1       27

Sena Friday, 28 April 2017 06:12 AM

හරිනම් මේ උද්ගෝෂණ කල යුත්තේ අනාගතයේදී සයිටම් හොර දොස්තරලගෙන් බෙහෙත් ගන්න සිදුවන මහජනතාවයි. දැක්ක නේද තමන්ගේ දු දරුවන් සයිටම් එකේ ඉගෙන ගන්න ඇමතිවරු ඇවිත් කරපු මාධ්‍ය සංදර්ශනය. මොවුන් ජනතාවගේ වෙනත් ප්‍රශ්න වලදී මෙහෙම සියලු ටීවී චැනල් එකතු කරලා සාකච්චා තියනවා දැකල තියෙනවද ?

:       21       47

kalpa Friday, 28 April 2017 07:41 AM

ඩී එස් සේනානයනක අගමැතිතුමා ගල්ඔය ව්‍යාපාරය කරන කලේ සමහර දෙසපාලකයෝ මිනිස්සුන්ට මැලේරියාව හදල මරන්න හදනවා කිව්ව එයට විරුද්ද වුනා එම ව්‍යාපාර අසාර්ථක වෙනවා කිව්ව එහෙම වෙලා තියෙනවද ඒ කලේ එහෙම විරුද්ද වුන අයගේ පක්ෂවල වර්තමාන නායකයෝ කරන්නෙත් හැමදේටම විරුද්ද වීම

:       0       2

vipula Friday, 28 April 2017 07:57 AM

උසස් පෙළට ලකුණු පනහට වඩා විෂයන් තුනට ගන්න බැරි අය කොහොමද දොස්තරලා වෙන්නේ? සල්ලි නැතිනම් ඒ දෙකයි බී එකයි ගත්තත් සමහර විට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වෙනවා...!!!

:       1       1

duminda Saturday, 29 April 2017 09:23 AM

අපේ වෛද්‍යවරු යැයි කියාගන්නා කණ්ඩායම ලොකු වර්ජනයකට සැරසෙනවා. පුළුවන් නම් අපිත් පුද්ගලික චැනල් සේවාව ලබා ගන්න එක නවත්වමු . මොකද... මොන වර්ජනය කලත් හවස ප්‍රයිවට් හොස්පිටල් එකේදී මේ වර්ජන කරුවන් බලාගෙන ඉන්නේ ලෙඩ්ඩු එනකල් තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site