IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොරෝනාවෙන් රට බේරාගන්න දිවුලපිටියේ ගම්මඩුවක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා වසංගතයෙන් ගමත් රටත් බේරා දෙන ලෙසට ඉල්ලමින් දේව කන්නලව්වක් පවත්වා සෙත් පැතීමේ ගම්මඩු ශාන්ති කර්මයක් ඊයේ රැය පහන්වනතුරු දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි.
 
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මිය ඇතුලු කාර්යාලීය නිලධාරීහු මෙම ශාන්ති කර්මයේ කටයුතු සංවිධාන කළහ.කැලණිය විශ්ව විද්‍යාලයේ නර්තන අංශයේ බාහිර කථිකාචාර්ය සරත් සුමනරාජා මහතාගේ මෙහෙයවීම යටතේ නර්තන ශීල්පීහු මෙම ශාන්ති කර්මය පැවැත්වීමට එක්ව සිටියහ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි. 
 
කොරෝනා දෙවැනි රැල්ල දිවුලපිටිය කේන්ද්‍ර කරගෙන ආරම්භවීමෙන් පසු ඇතිවූ දැඩි පීඩනකාරි තත්ත්වය මත ජනතාව ඉන් නිදහස් කර ගැනීම අරමුණු කරගිනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ කප් සිටුවනු ලැබූ අතර එහි තවත් පියවරක් අනුව මෙම ශාන්තිකර්මය පවත්වා රටට දැයට සෙත් පැතීම සිදුවිය. මෙම කටයුතු ආරම්භයේදී ආගමික වතාවත් පවත්වනු ලැබුයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සංයෝජක කලුඅග්ගල සරණසිරි හිමියන් විසිනි. ඉන්පසු අද අලුයම කිරි අම්මාවරුන් උදෙසා දානමය පිංකමක් පවත්වනු ලැබිණි.
 
ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අයේෂ් පෙරේරා, දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ලෙපාලිස් පරීක්ෂක යූ.පී.එස් ප්‍රියන්ත,  දිවුලපිටිය සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දික රාජපක්ෂ මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.



අදහස් (13)

කොරෝනාවෙන් රට බේරාගන්න දිවුලපිටියේ ගම්මඩුවක්

Nazar Sunday, 07 February 2021 08:17 AM

දිවුලපිටියේ පමණක් නොවේ. ලංකාවේ හැම ආගමකම මෙය කළ යුතුයි.

:       7       1

Binkunndaa Sunday, 07 February 2021 08:49 AM

පළමුව මිථ්‍යා මුට්ටි, ඊළඟට මිථ්‍යා පැණි, ඊළඟට මිථ්‍යා ගම්මඩු, ලංකාව අනුගමනය කරන්නේ... යක්කු සහ බලි තොවිල්ද? මාටින් වික්‍රමසිංහ විද්වතා කිව්වේ ‘‘ තොවිලය ශාස්ත්‍රයක් නොව කලාවක්‘‘ කියලා...

:       0       16

කපුරු හාමිTuesday, 09 February 2021 08:54 PM

මාර්ටින් වික්‍රමසිංහ මහතාට තේරුණු දේ අපේ මොලේ උඩ ඉන්න උගත් පණ්ඩිතයින්ට නොතේරෙන එකනේ පුදුමේ..

:       0       0

banda Sunday, 07 February 2021 05:51 PM

රටට අඩුව තිබුණේ මේක විතරයි... දැන් රට පුරාම මේක කරගෙන යන්න...

:       0       11

Shanaka Sunday, 07 February 2021 09:33 PM

අම්මෝ මෙහෙමත් ජාතියක්...

:       0       10

anura Monday, 08 February 2021 05:58 AM

කොවිඩ් පැණියයි, මේ ක්‍රියාවන් අතරයි වෙනස කුමක්ද?

:       0       10

liyanage Monday, 08 February 2021 06:10 AM

දැන්වත් ඔය මිථ්‍යාව පසුපස යන එක නතර කරනවා නම් හොඳයි..

:       0       11

ana Monday, 08 February 2021 09:55 AM

බලි තොවිල් පසුපස යන පවුල් අපේ ගමේත් ඉන්නවා. කවදාවත් ගොඩයන්නේ නැහැ. ඕවා සංස්කෘතික අංග විදිහට කළාට නම් කමක් නැහැ. ඒත් සැබෑ ගැටලුවලට සැබෑ විද්‍යාත්මක විසඳුම් තිබිය යුතුයි.

:       0       7

Sam Monday, 08 February 2021 10:46 AM

ගොඩදෙනෙක් මේක විවේචනය කළත් මම නම් මේකේ හොඳ පැත්තකුත් දකිනවා. මේ වගේ පාරම්පරික කලාව ආරක්ෂා වෙන්න නම් මේවා නිතරම එළි දක්වන්න ඕනේ. කොරෝනා වලට බලපෑමක් නැති වුණත් මේ දේවල් අලුත් පරපුරට ගෙනියන්න මේ කරපු දෙයට මෙය සංවිධානය කළ අයට ස්තුතිය පල කරන්න ඕනෑ.

:       4       7

naagahanandaWednesday, 10 February 2021 10:10 AM

කැලෑව මිනිසුන් අතරට ගෙනියන්න හොඳ කාලයක් නෙවෙයි මේක... සුදුසු කාලවලදී සුදුසු දේවල් කළ යුතුයි. නුසුදුසු දේවල් නොකර.

:       0       1

ranjith Tuesday, 09 February 2021 05:54 AM

අනේ අපොයි බුදුන්ගේ දේශය කියන රටට වෙන්න යන දේ...

:       1       8

fairoos Thursday, 11 February 2021 07:32 AM

එක එක මිනිස්සුන්ගේ එක එක ආගමික විශ්වාස... මේවාට ප්‍රසිද්ධියක් දෙන්න අවශ්‍ය නැහැ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 February 2021 01:16 PM

රටක, ජාතියකට වටිනාකමක් දීමේදී ලොව පවතින එක් ක්‍රමයක් වන්නේ එම රටේ ජාතික, භාෂාමය හා සංස්කෘතික අනන්‍යාවක් තිබීමයි. ලොව අතිශයින්ම දියුණු රටවල බුද්ධිමතුන් රහසිගතව මෙහි පැමිණ මේ රටේ පවතින මේ ශාන්තිකර්ම විධි හදාරා ගිය අවස්ථා ඇත. අපේ සංස්කෘතික දෙයට අපම මඩ ගසා ගැනීම නොකරන්නේ නම්, මැනවි. මේසන්බාස් පැනිය හා මුට්ටි පාකිරීම ගණයට මේවා දැමීම නොකළ යුතුයි. බලන්න.. සමහර ජාතීන්ට පෙරහැරක්, මෙවන් නාට්‍යමය දේවල් වැනි කිසිඳු දෙයක් නොමැතිව රංචු ගණනින් එකතු වී යාග හෝම පවත්වා අසරණ සතුන්ගේ ගෙල සිඳ කරනා තිරිසන් අපරාධ මෙන් නොව මේවා දෙස සතුටු සිතින් බලා රසවිඳින්න. ඒ ගැන පතපොත හදාරන්න. මේවායේ හිත් සුවපත් වෙන මනෝමූලික සිද්ධාන්ත අන්තර්ගතවේ. කැරොල්, පසම්, කන්තාරු, නාඩගම්, නූර්ති, කෝලම් ආදී සංස්කෘතික දේවලින් උසස් අධ්‍යාපනය ලබන විදේශිකයන් පවා සිටිනා අතර මේවා රටක ජාතියක ඇති සංස්කෘතික දායාදයන්ය. මේවා උපහාස රසය යොදාගෙන සමාජය ශෝධනය කෙරුණු අවස්ථාවන් ද ඇත. ඇමරිකාවේ ඇතිවූ තරුණ අසහනයට පිළියම් ලෙස ඉන්දියාවේ රවි ශංකර් ලවා සිතාර් වාදනය කිරීම පවා පෙරදී සිදුවී ඇත. එසේම මේ ගැමි නාටක විධි ගැනද උසස් අධ්‍යාපනය සඳහා විදෙස්වල සිදුවේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site