IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කුමන ජාතික වනෝද්‍යානය අද සිට විවෘතයි

(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී ලියනආරච්චි)
 
කොවිඩ් 19  වසංගතය සමග වසා දමන ලද කුමන ජාතික වන උද්‍යානය අද(22) සිට දේශීය සහ විදේශීය සංචාරකයන්ට යළි විවෘත කිරීමට වනජීවි දෙපාර්මේන්තුව කටයුතු කර තිබේ.
 
පෙරවරු 6.00 පමණ වනවිට උද්‍යානයේ පිවිසුම් දොරටුව විවෘත කෙරිණි.
 
වන උද්‍යානයට ඇතුළු වෙන ස්ථානයේදි නිරෝදායන නීතිවලට යටත්ව පැමිණෙන ජනතාවගේ උෂ්ණත්වය බැලීම, අත් සේදීම සහ මුඛ ආවරණ පැළඳීම නිසි අයුරින් කර ඇතැදැයි එහි නිලධාරීහු සොයා බැලූහ.
 
නැගෙනහිර වනජීවි සහකාර අධ්‍යක්ෂක ජී.යු.සාරංග මහතා උද්‍යානය  යළි විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ මෙසේ කීය.
 
‘කොවිඩ් උවදුර නිසා වසා දමා තිබුණු කුමන ජාතික වන උද්‍යානය අද දිනයේදි අපි විවෘත කිරීමට කටයුතු කළා. රජය ලබාදුන් නිරෝධායන නීතිවලට අනුකූලව තමයි මෙම වන උද්‍යානය ඇතුළට යන්න පුලුවන්. ඒක නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම වනඋද්‍යානය තුළට පැමිණෙන විට සෞඛ්‍ය දෙපාර්මේන්තුව දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න කියලා’ යැයි ඔහු පැවසීය.
 
වන උද්‍යානය ආරම්භයේ පැමින දේශිය සංචාරකයෙක් වන වෛද්‍ය ආසිරි දිසානායක මහතා මෙසේ කීය.
 
‘කොවිඩ් තත්වය නිසා වසා දමා තිබුණු කුමන ජාතික වන උද්‍යානය අද ආරම්භ කිරීම පිළිබඳව ඇත්තටම අපි රජයට ස්තුතිවන්ත වෙනවා. මාස තුනකින් පසුව පළමුව වන උදයානයට යෑමට පැමිණිලා තියෙන්නේ අපි ඒ ගැනත් හරිම සතුටුයි. ඒකාකාරි ජීවිතයෙන් මිදෙන්න මේ සංචාරය ඉතා වැදගත් කියල තමයි අපි කියන්නේ. මම වෛද්‍යවරයෙක් හැටියට  පැමිණෙන සංචාරකයින් ගෙන් ඉල්ලා සිටිනවා රජය දි ඇති උපදෙස් අනුගමනය කරමින් මෙම කුමන ජාතික වන උද්‍යානයට පැමිණෙන ලෙස’ යැයි කීය.
 



අදහස් (22)

කුමන ජාතික වනෝද්‍යානය අද සිට විවෘතයි

විජිත් Monday, 22 June 2020 02:26 PM

මේ තරම් කාලයක් කොහෙද දෙවියනේ මේ සොබාදහමේ ආශ්චර්යයන් පෙන්වන දසුන් සඟවාගෙන තිබුනේ.. අපි ඇත්තටම හරිම වාසනාවන්තයින් ජීවිත කාලයේ එකම එක වතාවක්වත් මේ දසුන් දැකගන්නට ලැබීමම... අවාසනාවකට මට මේ අවස්ථාවන් 'විඳින්නට " ඉඩ ලැබේවිදෝ කියා ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. මේ කොරෝනා ප්‍රශ්න නිසා... කමක් නැහැ. මේ සොඳුරු දසුන් නරඹලා ඔබ ලබන සතුටෙන් ටිකක් විතර මට දෙන්න කැමතිනම් විතරයි. කිඹුල් තඩියා මැරිලා වගේ ඉන්නේ කාව හරි බයිට් එකට ගන්න. ඊට පස්සේ ෆොටෝවල ඉන්නේ " සියක් කාරයෝ " කියන අයනේද..? ඒ අය සංඝටන පක්ෂීන් කීවට දැන් අපේ රටෙන් " ජාතිකත්වය " අරගෙන. අපි දුප්පත් රටක් කියලා ඒ අය දන්නේ නැහැ. ඒ ගොල්ලෝ හිතන්නේ මේ ලෝකයේ පොහොසත්ම රට කියලා. 3 වෙනි ෆොටෝඑක කොහොමද ... වතුරේ ඉන්න ඕනෑ කිඹුල්ලු දුපත අල්ලාගෙන. දුපතේ හිටපු කුරුල්ලන් වතුරට බස්සලා. ඊළඟ ෆොටෝඑකේ ඉන්න කෙනා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නම් වෙන්න බැහැ. මෙයාට මොලේ තියෙනවා. මුව පොව්වා පුරුදු පරිදිම තමන්ගේ ආරක්ෂාව ගැන තමයි කල්පනාව... ඔබත් යන්න. විඳින්න සතුන්ට ආදරේ කරන්න. ඒ සතුට සදාකාලිකයි. ඒ වගේම ඒ පරිසරය කිලිටි කරන්නේ නැතිව ඔබ ගෙනගිය ප්ලාස්ටික්, බෝතල් වැනි දෑ ඔබත් සමගම රැගෙන එන්න...

:       24       185

පූජා Monday, 22 June 2020 03:34 PM

මෙතන ඉන්න කුරුලු වර්ගයාගේ නම කුමක්ද? ඇයි එයාලා සාන්ත දාන්තව ඉන්නේ? බොරුවට බක තපස් රකිනවද? කෝ මම බොහෝ අාදරය කරන "සුලං කුරුල්ලෝ "මල් සුවඳක් අරගෙන හෙමින් ඉගිල්ලිලා ආවේ නැත්තේ ඇයි? තිත් මුවා තනිවෙලා කවුරුහරි එනකම් බලා ඉන්නවාද? අනේ මටත් ඔයාලා අතරට ඇවිත් නුඹලා විඳින ඒ අසිරිය විඳින්නට තියෙනවා නම්..

:       0       174

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 June 2020 03:42 PM

පක්ෂීන්ගේ මන බඳිනා දසුන් පෙළ සිතට ඇතිකරවන්නේ හරි අපූරුම චමත්කාරයක්.. ඔවුන්ට සොබාදම් මාතාව ලබාදී තිබෙන අලංකාර වර්ණ රටා මිශ්‍රිත ස්වභාවික සළුපිළි අපට නම් කොයින්ද? ...තිත් මුවා හිස ඔසවා බලන්නේ.. මිනිසුනේ..! ඔයාලා කොපමණ කලකින්ද දැක්කේ..? යනුවෙන් අසන්නාක් මෙනි. කුළුහරකාගේ ඇඟ මඳක් වැහැරී ගොසින්. ආහාරවල හිඟකමක් තිබෙන්නට ඇති .. කිඹුලන්ගේ දසුන්ද මනරම්. ඒත්, ඉහළ සේයාරුවේ සිටිනා කළු කිඹුලා වෙනස් පෙනුමක් ඇති සතෙක්. පිටරට සිටිනා ඇලිගේටරයා වගෙයි. ඒත්, ඊට කුඩායි. මේ රටේ ඇලිගේටරයන් නැහැ මගෙ හිතේ. මාව මරාගෙන ආහාරයට ගත්තත්, මේ කිඹුලන් අතගාන්න ඇතිනම් කියා සිතෙනවා.

:       0       168

විජිත් Monday, 22 June 2020 03:58 PM

අපි විසින් ඒ සතුන්ව හිඟන්නන් කරලා. සතුන්ට ඇති ආදරය කරපු විනාශයක්. දැන් ඒගොල්ලෝ කෑම හොයාගෙන කන්න කැමති නැහැ.. නිකම් ලැබෙන දෙයක් කාලා ඔහේ ඉන්නවා. එ් නිසා ඔයගොල්ලෝ ඒ පාප කර්මයට දායක වෙන්න එපා. හැකිතරම් ඈත සිට සතුන් නරඹන්න. කැමරාවල flash භාවිතය හැකිපමණ අඩුකරන්න. සත්තු විතරක් නොවෙයි අපි වුනත් කැමති නැහැනේ flash වලට.. ඔබ ගෙනයන කිසිම බෙහෙත් වර්ගයක් කැලෑවේ විසිකරලා එන්න එපා. සතුන් ඒවා ආහාරයට ගන්න පුළුවනි. ඒවා සතුන්ට විෂ වෙන්න පුළුවන්. පැටවූ ලැබෙන්න සිටින ගැහැණු සතුන්ගේ පැටවා කුසේදීම නැතිවෙන්නත් ඉඩතියෙනවා. සතුන්ට උසුළු විසුළු කරන්න එපා. ඒ අය කෝප වුනොත්.. ප්‍රශ්න ගොඩයි.. අපි ඉන්නේ ඒ ගොල්ලන්ගේ අඩවියේ.. ඔබගේ අහාර ගෙනයන ප්ලාස්ටික් ද්‍රව්‍ය, බෝතල් ..වැනි අපද්‍රව්‍ය කැලෑවේ දමන්න එපා. ඒවා නැවත ඔබත් සමගම රැගෙන එන්න. වීදුරු බෝතල් එහෙ දමා එන්න එපා. වීදුරු බෝතල්වල අඩිය කොටස උත්තල කාචයක් ලෙස ක්‍රියාකරලා.. වියලි තණකොළ, මානා වැනි පඳුරු ගිනි අවුලුවනවා. ඒ තමයි ලැව් ගිනි. ඉතින් ඔබටත් සුබ ගමන්.. සතුටින් යන්න.. ගිහින් සතුටින් එන්න.. සතුන්ට, පරිසරයට හැකි තරම් ආදරය කරන්න. ඒ අය ඔබට පෙරලා ආදරය කරාවි.

:       0       38

පූජා Monday, 22 June 2020 11:12 PM

කිඹුලන්ට මම එතරම් ප්‍රියතාවයක් නැත්තේ එයාලා මිනිසුන්ව කන නිසා.. ඒක ඉතින් එයාලාගේ හැටිනේ... මෙතන බොරුවට තපස් රකින කුරල්ලන්ගේ නම, විජිත් මහතා සඳහන් කළාට පස්සෙයි දැනගත්තේ.. ඒත් ඉතින් මම බොහෝ සේ "ආදරය " කරන සුලං කුරුල්ලෝ මොකද පේන්න නැත්තේ? මල් සුවඳකුත් අරන් හෙමින් ඉගිල්ලී ආවේ නැත්තේ මොකෝ? අපිත් එක්ක තරහ වෙලාද? මෙවැනි මනරම් දර්ශන දැකලා, විඳලා ඒ ආශ්වාදයෙන් සිත පිනවගෙන මොනවා වුණත් කමක් නැහැ කියලා හිතුණු වාරත් අපමණයි.. තණ අග ඇති පිනි බිඳක් වගේලුනේ මිනිස් ජීවිතය. ඉතින් කොරෝනාවත් එක්ක ජීවත් වෙනවා හැරෙන්නට වෙන විකල්පයක් තියෙනවාද? 4 වෙනි ෆොටෝ එකේ ඉන්න කෙනා මොකද කෙට්ටු වෙලා වාගේ ඉන්නේ.? සාමාන්‍යයෙන් එයාලා පෘෂ්ටිමත් විදිහටනේ අපි දැකලා තියෙන්නේ... මට හිතෙන්නේ මුව පොව්වා තනිවෙලා, කව්රු හරි එනකම් මඟ බලාගෙන ඉන්නවා වගේ.. ඒකාකාරී, සංකීර්ණ යාන්ත්‍රික දිවි පෙවෙතකින් හෙම්බත් වෙලා ඉන්න අපට මෙවන් අති සුන්දර දසුන් ගෙනඑන ලංකාදීප පුවත්පතට අප සැම ස්තුතිවන්ත වියයුතුයි... නේද?

:       0       170

විජිත් Tuesday, 23 June 2020 04:21 AM

මට තවත් ලියන්න ටිකක් තියෙනවා. එ්කත් අදම ඉවර කරන්නම්.. මොකද අපිට හෙට ගැන 100% විශ්වාසයෙන් කතාකරන්න බැරි යුගයක අපි ඉන්නේ.. හැබැයි අද හවස මට ලැබුණු විශ්වාස කටයුතු අාරංචියකින් කියැවුනේ කොරෝනා වයිරසය යුරෝපයෙන් ටිකෙන් ටික පසු බසින බවයි. යුරෝපයේ ඒ වයිරස් "විශේෂය" දැන් "අබ්බගාත" තත්වයට (ඒක ලොකු කතාවක් ඒ ගැන දැන් කතා නොකර ඉමු) පත්වෙලාලු. දැන් රෝගීන්ට වැළඳෙන්නේ හිසේ අමාරුවක්, චූටි උණක් පමණක් බවලු. එහෙම වුණොත් කොයිතරම් දෙයක්ද..? එ්ත් මිනිස්සු මේ කොරෝනා ප්‍රශ්නයෙන් පාඩම් ඉගෙන ගනීවිද..? ඔබ සැම මේ වනෝද්‍යානවලට යනවිට අනවශ්‍ය විදිහට ශබ්ද නොකිරීමට වගබලා ගන්න. මොකද වනය කියන්නේ නිශ්ශබ්ද අඩවියක්. ශබ්ද අඩුවෙන තරමට සතුන් නිදහසේ සැරිසරනවා. ඔබ කොයිතරම් ආදරය කළත් වන සතුන්ට අහාර දෙන්න එපා. (මට වුණත් මේ දෙය නොකර ඉන්න ඉතාම අපහසුයි.) හේතු ගොඩක් තියෙනවා. අපේ ආහාරවල රැඳී තිබෙන සමහර සතුන්ට ආගන්තුක විෂබීජ නිසා ඒ අය රෝගිවන්න පුළුවනි. තව හේතුවක් තමයි කලක් තිස්සේ පිටින් එන ආහාර ගැනීමෙන් ඒ සත්තු ' හිඟන්නන්ගේ ' තත්වයට පත්වීමයි. ඔයගොල්ලෝ දන්නවා නේද උඩවලවේ, ගල්ඔය පැත්තේ පාරට ඇවිත් වල් අලි "හිඟාකන" හැටි...

:       0       176

විජිත් Tuesday, 23 June 2020 04:24 AM

අපි විසින් ඒ සතුන්ව හිඟන්නන් කරලා. සතුන්ට ඇති ආදරය කරපු විනාශයක්... දැන් ඒගොල්ලෝ කෑම හොයාගෙන කන්න කැමති නැහැ.. නිකම් ලැබෙන දෙයක් කාලා ඔහේ ඉන්නවා. එ් නිසා ඔයගොල්ලෝ ඒ පාප කර්මයට දායක වෙන්න එපා. වනයේදී සුවඳ විලවුන් පාවිච්චි කිරීමෙන් වළකින්න. හැකිතරම් ඈත සිට සතුන් නරඹන්න. කැමරාවල ෆ්ලෑෂ් භාවිතය හැකි පමණ අඩුකරන්න. ඔබ ගෙනයන කිසිම බෙහෙත් වර්ගයක් කැලෑවේ විසිකරලා එන්න එපා. සතුන් ඒවා ආහාරයට ගන්න පුළුවනි. ඒවා සතුන්ට විෂ වෙන්න පුළුවන්. පැටව් ලැබෙන්න සිටින ගැහැණු සතුන්ගේ පැටවා කුසේදීම නැතිවෙන්නත් ඉඩතියෙනවා. සතුන්ට උසුළු විසුළු කරන්න එපා. ඒ අය කෝප වුණොත් ..ප්‍රශ්න ගොඩයි. අපි ඉන්නේ ඒගොල්ලන්ගේ අඩවියේ.. ඔබගේ අාහාර ගෙනයන ප්ලාස්ටික් ද්‍රව්‍ය, බෝතල් ..වැනි අපද්‍රව්‍ය කැලෑවේ දමන්න එපා. ඒවා නැවත ඔබත් සමගම රැගෙන එන්න. වීදුරු බෝතල් එහෙ දමා එන්න එපා. වීදුරු බෝතල්වල අඩිය කොටස උත්තල කාචයක් ලෙස ක්‍රියාකරලා. වියලි තණකොළ, මානා වැනි පඳුරු ගිනි අවුලුවනවා. ඒ තමයි ලැව් ගිනි... ඉතින් ඔබටත් සුබ ගමන්... සතුටින් යන්න.. ගිහින් සතුටින් එන්න.. සතුන්ට, පරිසරයට හැකි තරම් ආදරය කරන්න. ඒ අය ඔබට පෙරලා ආදරය කරාවි...

:       29       177

පූජාTuesday, 23 June 2020 07:48 AM

විජිත් ගේ දීර්ඝ සටහන් කියවද්දී මට තේරුනේ, ඔබ සොබාදහම් අම්මාට මොන තරම් ආදරය කරන කෙනෙක්ද කියලා.. එහෙම කෙනෙකුට පමණයි මෙහෙම දීර්ඝ වශයෙන් සටහන් ලියන්නට පුලුවන් වෙන්නේ...

:       0       168

විජිත් Tuesday, 23 June 2020 08:34 AM

ස්තුතියි පූජා, මම විතරක් නොවෙයි.. ඔයත් එහෙමයි.. එතකොට අපේ සමිත.. තව කොයිතරම් කට්ටියක් අපේ රටේ ඉන්නවද? මේ පරිසරයට ආදරය කරන... ඒ සියලු දෙනාටම මම නැවතත් හිසනමා ආචාර කරනවා. අපිට හැකි පමණින් අපි... පරිසරයට, සතාසිව්පාවට, ඒ වගේම මිනිස් සංහතියටම යමක් කරමු.. අපේ භාෂාවෙන්ම කියනවා නම් .".. අපි චූටි එවුන්ගෙන් තමයි පටන් ගතයුත්තේ. ඒ අයගේ සිත් කිලිටිවෙලා නැහැ.. හරිම අහිංසකයි.. මහා අය ගැන කතාකරලා වැඩක් නැහැ..."

:       0       176

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 23 June 2020 08:58 AM

විජිත්, ඔයා සියල්ල ලියලා... අපට තියෙන්නේ කියවන්න විතරයි. ඇත්තටම ඔයා වැනි සංවේදී, උගත් මිතුරෙකු මේ ලංකාදීප පුවත්පත නිසා මට හමුවුණා... පූජා ඇතුලු අනෙක් පරිසර මිතුරන් ගැනද හරිම සතුටක් තමයි හිතට දැනෙන්නේ... ලෝකය සුන්දර කරන ඔබලා වැනි අය සැමදා වාසනාවන් ... !!! ලංකාදීප පුවත්පත ද සැමදා වාසනාවන් ..... !!!

:       0       166

විජිත්Tuesday, 23 June 2020 10:06 AM

ස්තුතියි සමිත, ...කුමන වනෝද්‍යානයේ සුන්දරත්වය පෙන්වපු ලස්සන ෆොටෝ ගැන සතුටින් උඩ පැන පැන හිටපු අපි ඔක්කොම දැන් ..බිමටම වැටිලා.. හිත් තුවාලවෙලා.. අසරණවෙලා.. ඒ අවාසනාවන්ත කොටින් දෙදෙනාගේ කතාව ඇහුවට පස්සේ.. ජීවිතය කියන්නේ මහාම මහා පුදුම දෙයක්..

:       0       35

විජිත් Tuesday, 23 June 2020 01:52 PM

සමිත, අපේ රටේ මේ සත්ව ඝාතකයින්ට සහ පරිසරය විනාශකරන කැලෑ වැද්දන්ට විරුද්ධව යම් කිසි කණ්ඩායමක් අවංකවම " යමක් " කරනවා නම් මමත් අාසයි.. ඒ අයට සහයක් වෙන්න. නමුත් අපි හිරවෙලා. මම පැරීසියේ. පූජා ලන්ඩන්වල. මම හිතන්නේ ඔයා මේ දිනවල ලංකාවේ නේද..? ඉතින් මම කිව්වා වගේ සංවිධානයක් (අවංක) තියෙනවා නම් ඒ අය පොසිටිව්ලි ක්‍රියාකාරී නම් මමත් කැමතියි.. මුදල් වලින් ආධාරයක් කරලා දායකවෙන්න. අපිට මේ මොහොතේ වෙන කිසිම දෙයක් කරන්න බැරි කරලා තියෙන්නේ.. මේ කොරෝනා මාරයා. මට කියන්න කොහොමද මගේ email එක ඔයාට දෙන්නේ.. මාව දැනුවත් කරන්න...

:       0       35

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 23 June 2020 04:21 PM

බොහෝමත්ම ස්තූතියි විජිත් ඔයාට.. පූජාටත් ස්තූතියි.. අපගේ පරිසර මිතුරන්ට ද ස්තූතියි ... මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ විජිත්. මං මොනවා හරි සාර්ථක වැඩපිළිවෙළක් කරන්නන්.. පසුව මං ඔයාව අමතන්න සිතා සිටිනවා.. ඔයාගේ සැබෑ අවංක කමට නැවතත් ස්තූතියි..

:       0       35

rana Tuesday, 23 June 2020 07:09 AM

රුපියල් මිලියනයක ප්‍රශ්නය, විශාල ජීප්රථවල වෙරි මතින් විශාල ශබ්ද සින්දු දාගෙන කිසිම නීතියක් පිළිනොපදින කැලේ සෆාරි යන්නේ කවුද?

:       0       32

විජිත් Tuesday, 23 June 2020 01:34 PM

හොර දේශපාලුවන් සහ ඔවුන්ගේ ගෝත්‍රික වහල්ලු... උත්තරය හරිද?

:       0       84

විජිත් Wednesday, 24 June 2020 05:51 AM

rana, උත්තරය හරිද..? හරි නම් ලක්ෂයේ චෙක් එක "වනජීවීන් වෙනුවෙන් අපි" කියලා අරමුදලක් හදලා, නීති ව්‍යවස්ථාව නීති විශාරදයෙක් (අපේ ජගත් ගුණවර්ධන මහත්මයා තමයි හොඳ - එතුමා පරිසර නීති පද්ධතියම දන්නවා) ලවා හදවාගෙන, ලංකා බැංකුවේ ගිණුමක් අරඹලා (මේ ගිණුමෙන් කාටවත් සල්ලි ගන්න බැහැ. අවශ්‍යතාවයන් බැංකුවේ මහා කළමනාකරුට ඉදිරිපත් කොට අනුමත වුණොත් පමණක් මුදල් චෙක් එකකින් පමණයි දෙන්නේ...) පරිසරයට සතා සිවුපාවට ගහට, කොළට, ඇළට, දොළට, ඉරට, හඳට, තාරකාවට වගේම සුළඟට වගේම මිනිසාටත් ආදරය කරන "මිනිසුන්" රැසක් එකතුකරගෙන වැඩේ පටන් ගන්න. (මේ ..මම විහිළුවක් කලේ..)

:       0       20

පූජා Tuesday, 23 June 2020 07:13 AM

මම කිඹුලන්ට එතරම් කැමැත්තක් නැත්තේ එයාලා මිනිසුන්ව කන හින්දා.. බක තපස් රකින කුරුල්ලන් ඉන්න හැටි දැක්කහම මට හිනාත් යනවා. බොරුනේ කරන්නේ. 4 වැනි ෆොටෝ එකේ ඉන්න එක්කෙනා මොකද කෙට්ටුවට පේන්නේ.. අපි සුපුරුදු විදිහට දකින අය හරීම පෘෂ්ටිමත් අයනේ. තනි වෙලා ඉන්න තිත් මුවා දැක්කහම මට දුක හිතුණා. අපගේ සිත්වලට ප්‍රීති ප්‍රබෝධය ගෙනෙන මනරම් දසුන් ගෙනෙන ලංකාදීපයට ස්තූතියි.

:       33       115

පූජාWednesday, 24 June 2020 04:37 AM

විජිත්, මට හෙට ඉතා වැදගත් වැඩ වගයකට යන්න තිබෙනවා. දවස් 2ක් 3ක් විතර ඔන්ලයින් එකට එන්න වෙන්නේ නැහැ පස්සේ හමුවෙමු...

:       7       123

විජිත්Wednesday, 24 June 2020 09:06 AM

පූජා ප්‍රවේශමෙන් ගිහින් ඔයාගේ වැඩ කටයුතු කරගෙන ප්‍රවේශමෙන් ගෙදර යන්න. අමතක කරන්න එපා මාස්ක්...

:       51       142

විජිත්Thursday, 25 June 2020 04:34 AM

අද (25 ) උදේ .. යනවාද..? ප්‍රවේශමෙන් ගිහින් ප්‍රවේශමෙන් එන්න. මාස්ක් අමතක කරන්න එපා. එකක් බෑග් එකේ අරගෙන යන්න. දෙවි පිහිටයි...!!!

:       13       142

විජිත්Friday, 26 June 2020 04:38 AM

මාර වැඩේ තමයි පූජා .. ඔයාට වගේම මටත් මෙහෙ රොබින් යාලුවෙක් ඉන්නවා. මම රැකියාව කරන තැන අවට ඒගොල්ලෝ ඉන්නේ. වින්ටර් එක ඉවරවුණාම අප්‍රේල් විතර වෙද්දී යනවා.. ආයෙත් දෙසැම්බර් විතර එනවා. එයාගේ කකුල් දිහා බලන්න. කොයිතරම් සිහින්ද..? මගේ මේසය උඩ වහලා මගේ ළඟටම ඇවිත් බලාගෙන ඉන්නවා. මේසයේ අනිත් පැත්තේ ඉන්න මිතුරා " අලුත් එක්කෙනෙක් වැඩට ඇවිල්ලා " කියලා හිනාවෙනවා. මෙහෙදී මෙයා බ්ලැක් බර්ඩ් කෙනෙක් ළඟ නිතරම ගැවසෙනවා. මොකද දන්නවද..? එයා කෑම කන්නේ චූටිම චූටි කැබලි. චූටි හොටක්නේ තියෙන්නේ. බ්ලැක් බර්ඩ් කෑම කනකොට විසිවෙන කූඩු වගේ කොටස් තමයි එයා බොහෝ වෙලාවට කන්නේ. චූටි පාන් කෑල්ලක් එයාට දවස් දෙකකට විතර ඇති. ඔයා එයා ලඟට ගිහින් "විසිල්" කරන්න. දවස් කීපයකට පස්සේ එයා ඔයාව දැක්කහම විසිල් කරාවි. මගේ රොබින් එහෙම තමයි.. මාව දැක්ක ගමන් විසිල් කරලා රවුමක් කැරකිලා මගේ මුහුණ දිහා බලාගෙන ඉන්නවා. මෙයා ගැන ලස්සන කතාවක් අපේ ආච්චි කියනවා ඒ දවස්වල.. ඒක පස්සේ වෙලාවක කියන්නම්..

:       93       115

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 08:50 AM

පූජා, කිඹුලන් මාංශ භක්ෂක අය. ඒක ස්වාභාව ධර්මය. ඒත්, මට නං මාව මරාගෙන කන්න ලැහැස්ති වුණත්, මේ අයව අතගාන්න පුදුම ආශාවක් මට තියෙන්නේ.. මං මේ අයගේ මේ පිහිටීමේ ස්වභාවයට, ස්වාභාවික මෝස්තරයට හරිම ආසයි ... ඔයා දන්නවාද..? මං වයිල්ඩ් ලයිෆ් පොටෝග්‍රැෆි දිවියේදී මේ අය දිහා බොහෝවෙලා බලන් ඉන්නේ පුදුම ආශාවකින්.. ඔයා දන්නවාද..? අපගේ සිතේ තිබෙන සත්ව කරුණාව ටෙළිපති ක්‍රමයෙන් මේ අයගේ සිත්වලට ඉබේටම සන්නිවේදනය වෙනවා.. මං විෂඝෝර පොළඟුන්ගේ සේයාරූ ගත් බොහෝ අවස්ථාවලදී (ක්ලොස් අප්) එම සතුන්ගේ හිස පිරිමැද තියෙනවා. එය ඉතා භයානක වැඩක්. ඒත් මාව මෙතෙක් කිසිම දිනෙක එම සතෙක් දෂ්ඨ කොට නැහැ. එක් දිනක් මාව ලොකු ගෝනුස්සෙකු දෂ්ඨ කළා. ලේ පැන්නා. අපේ සේවකයෙකු පොල්ලක් ගෙන තලා දමන්න හැදුවත් මා එය වැළැක්වූවා. තවත් මාස කිහිපයකින් මා නැවතත් මේ අය සමඟ ගතකරන ජීවිතයට යනවා.එය හරි සුන්දරයි. එදාට මා මෙහි ලිවීමත් අඩුවී යාවි.. එතනත් පොඩි දුකක් තියෙනවා.. ඒත්, මගේ මේ මිත්‍රයන් සමග ගෙවෙනා දිවියට මං බොහොම කැමැතියි.. ඔවුන් බොහොම සුන්දරයි.

:       40       133

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site