IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කුකුල් මස් වෙනුවට විකිණෙන මොරගහකන්දේ මොනර මස්

(ඉන්දික අරුණ කුමාර)
 
මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ ජීවත්වන මොනරුන් මරා විවිධ හෝටල්වලට අලෙවි කරන සංවිධානාත්මක කල්ලියක් සිටින බව මොරගහකන්ද ආශ්‍රිත ගම්මානවල ජනතාව කියාසිටිති.
 
වගා බිම්වලට බරපතල හානි සිදුකරමින් ගැවසෙන මොනරුන් ගිනි අවි හා උගුල් උපයෝගි කර ගනිමින් මරා මස් පිණිස සකසා මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ හෝටල්වලට අලෙවි කරන බව ද සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කරන පිරිස් කියාසිටිති.
 
ඇලහැර, හඹරන මෙන්ම මාතලේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක ආපනශාලාවල කුකුල් මස් වෙනුවට අලවිකරනු ලබන මොනර මස් පිළිබදව පාරිභෝගිකයින් නොදන්නා බවත්, මෙම ජාවාරම කලක් තිස්සේ සිදුවන බවත් ඔවුහු සඳහන් කරති.
 
රාත්‍රියේ මෙන්ම දහවල් කාලයේ ද ගිනි අවි අතදරාගත් පුද්ගලයින් මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ සැරිසරන බවත්, වන අලි හා වෙනත් වන සතුන් හේතුවෙන් මෙම ප්‍රදේශවලට ආරක්ෂක අංශ හෝ වෙනත් වගකිවයුතු පුද්ගලයින්ට ළගාවීමට ඇති බාධාවන් ප්‍රයෝජනයට ගනිමින් මෙම මොනර ජාවාරම කරන බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියා සිටිති.
 
මේ සම්බන්ධයෙන් අදාළ අංශවල කඩිනම් අවධානය යොමු විය යුතු බව ද ඔවුහු අවධාරණය කරති.



අදහස් (22)

කුකුල් මස් වෙනුවට විකිණෙන මොරගහකන්දේ මොනර මස්

විජිත් Sunday, 28 June 2020 12:22 PM

අපේ ආච්චි පුංචි අපිට කියලා දීලා තියෙනවා. කතරගම දෙවියන්ගේ වාහනය මේ කියන මොනරාලු. මට ෂුවර් නැහැ.. තමන්ගේ වාහනය විනාශ කරන "නොමිනිසුන්"ට දඬුවම් දෙන්න බැරි දෙවියන්ගෙන් මිනිසුන් පිහිටක් යදීවිද?.. මත්තල ගුවන්තොටුපොළ හදද්දී නොමිනිසුන් විසින් මොනරුන් සිය ගණනක් මැරුවාලු. මොනර ගහනයේ වැඩිවීමක් පෙනෙනවා. නමුත් ඊට පිළියම මොනරුන් මැරීම නොවෙයි. ආහාර දාමයේ කොතැනක හරි ප්‍රශ්නයක්... ඒ වගේම තමයි මොනරුන් මැරුවම ප්‍රශ්නය උග්‍ර වෙන්න පුළුවනි. මොනරුන්ගේ ආහාරයක් තමයි සර්පයන්. මොනරුන් අඩුවුණාම සර්ප ගහනය වැඩිවෙලා ඒ ගොල්ලෝ මිනිස්සුන්ට තැන තැන දෂ්ට කරන්න ගත්තොත්..? සර්පයන්ගේ ආහාරය වන ගෙම්බන් වැනි ඇම්පිබියන් අඩුවෙලා.. කෘමි ගහනය වැඩිවේවි.. ඊටපස්සේ ගොවියා කෘමීන්ගේ ගොදුරක් වේවි.. පරිසරයේ වඩාත් වැදගත්ම කොටසක් තමයි ආහාරදාමය. ඒ නිසා පරිසර විද්‍යාඥයින්ගේ අවධානය මීට යොමුවිය යුතුමයි. නමුත් මම ආයෙත් කියනවා මොනරුන් මැරීම මිට විසඳුම නොව ප්‍රශ්නය දික්ගස්සා ගැනීමක් බව. ඒ කුමක් වුවත් රටේ පොලිසියටත් ලොකු වගකීමක් තියෙනවා මේ සත්ව ඝාතකයින් තම ග්‍රහණයට අසුකරගැනීමට. එ්ත්.. නීතියක් නැති රටක පොලිසියේ හැකියාව ප්‍රශ්නකාරී නොවේද..?

:       0       0

චමින්ද Sunday, 28 June 2020 12:25 PM

බොහෝවිට බස්රථවලත්, සමහර විටක ලොරිවලත් අපසැම රැක දෙන්න සුරිඳණි කතරගම ලෙසට වැකි දක්නට ලැබෙනවා. මෙම කතරගම සුරිඳුගේ වාහනය වන්නේ මොණරා කියා අසා තිබෙනවා. කතරගම දෙවිඳුන් මෙලෙස කරනවිට අප සැම රැක‍දේද?

:       0       0

nimal Sunday, 28 June 2020 01:07 PM

මොනරා යනු කතරගම දෙවියන්ගේ වාහනය කියා හඳුන්වනු ලැබේ. එමනිසා මොනර දඩයමට සහ මොනර මස් කෑම එතරම් ගුණ නැත... ප්‍රතිඵල භයානක වනු ඇත.

:       0       0

සමීර Sunday, 28 June 2020 02:02 PM

වගාවලට හානි කරනවා නම් මේ සතුන්ගේ පාලනයක් සිදු කිරීම තමයි හොඳ. ලංකාවේ වගා වලින් 40% ක් පමණම වන සතුන් නිසා හානි වෙනවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 28 June 2020 04:50 PM

අහෝ.. ඛේදයකි... !!! මේ දැවැන්ත සුන්දර පක්ෂියා මරා මස්, කුකුළුමස් ලෙස ආහාර ලෙස එකිනෙන අපූරුව...! මේ රටේ නම් දැන් සිටින්නේ .. මිනිසුන්ද ...? මනුෂ්‍ය වෙස්ගත් තිරිසනුන්ද..?

:       0       11

Kamal Monday, 29 June 2020 02:52 AM

මොනර මස් සහ කුකුල් මස් අතර ලොකු වෙනසක් නැත..

:       62       15

kamaniTuesday, 30 June 2020 11:42 AM

ඔව් අපිට පේනවා, බීලා ඔහේට ටේස් එකට දුන්නේ ඒ සතාගේ මස් නේද..? රසයි... කතරගම දෙවියන් ඔබට දඬුවම් නොකළොත් බලමු. ලැජ්ජා නැතිව කියවනවානේ. ඔබ මස් වැද්දෙක්... මේ පැත්තටවත් වද්දගන්න වටිනා කෙනෙක් නොවේ.

:       160       168

nandaWednesday, 01 July 2020 03:00 PM

අපිත් මේ සෑහෙන කාලයක සිට බලාගෙන ඉන්නවා දෙවියෝ දඬුවම් දෙනකම්. තවම නම් මොකුත් වුණු පාටක් නැහැ. මේ දවස්වල දෙවියන් තේ එකක් බීමට එළියට වත් ගිහින්ද දන්නේ නැහැ...

:       32       69

Para Monday, 29 June 2020 09:25 AM

කතරගම දෙවියන්ගේ වාහනය නිසාත්... කතරගම දෙවියන්ට ඇති භය නිසාත් මිනිස්සු මොණරට හිරිහැර කරන්නේ... මරන්නේ නෑ. ඒ නිසා දැන් අපේ ගම් ප්‍රදේශවල මොණර ගහනය ඉතා වැඩියි. සියලුම වගාවන් බලහත්කාරයෙන් විනාශ කරනවා. බල්ලන්ට වත් උන් බිය නෑ. කොටින්ම පරිසර සමතුලිතාවය දැන් නැතිවෙලා තියෙන්නේ... රජය මැදිහත් වී මෙය පාලනය කළ යුතුයි...!! ආගම්... දේව විශ්වාස ඉස්සරහට දාගෙන නම් ඒක කරන්න බෑ. ඒක කරන්න වෙන්නේ විද්‍යාත්මක ප්‍රවේශයක් එක්ක...

:       0       86

ravi Monday, 29 June 2020 11:05 AM

මොනරු කියන්නේ දෙවි, දේවතාවුන් සමග ජීවත් වන සත්තු නේද? හොඳයි අපි බලමු දෙයියෝ මේ අපරාධයට දඬුවම් දෙයිද කියලා...

:       13       0

බද්රානි Monday, 29 June 2020 03:05 PM

දැන් ඉතින් පින්තුරේ ඉන්න මොණරව දැකලා, ගොඩක් අයට කවි සංකල්පනා එහෙම පහල වෙයිනේ... නමුත් ඉතින්, ඔවුන්ගේ පෞද්ගලික දේපොලකට බැරි වෙලාවත් මේ මොණරා හානියක් සිදුකලොත් එහෙම, ආයේ මීට වැඩිය වෙනස් ඉරණමක් මොණරට අත් වෙයි කියල කවුරුන් හෝ හිතනවද? ඒ වගේම තමයි ලාබෙට තියනවා නම්, අලි මස් හරි අනුභව කරයි අපේ අප්පුලා. කාලා, අත හෝදාගෙන සතාව මරපු කෙනාට පව් ටික බැර කරන්න අපේ අය කොහොමත් දක්ෂයිනේ...?

:       220       103

සමිත සේනක අලුත්ගමගේTuesday, 30 June 2020 07:35 AM

භද්‍රානි මිස්.. ඔයා උගත් කෙනෙක්.. ඒ වගේම කවි නොලීවත් ඔයාත් සංවේදී කෙනෙක්.. ඔබේ බොහෝ ලිපි මං කියවන්නේ ආශාවෙන් ... ඔබ අප වැනි සංවේදී අයගේ වගාවකට සුළු හානියක් කලාට අප මොණරාව මරනවාද ..? නැහැනේද..?

:       171       22

බද්රානි Tuesday, 30 June 2020 08:48 AM

සමිත සේනක අලුත්ගමගේ මහත්මයා, ස්තුතියි ඔබට! ශ්‍රී ලංකා මහපොළවේ පවතින සත්‍ය යතාර්ථය ගැන යමක් ලියනවා විනා, මගේ මනෝ භාවයන් ගැන මා මේ තීරයේ කිසිවක් ලියා නොමැති තරම්... උදාහරණයක් ලෙස, මගේ වගාව මට සාපේක්ෂව සුළු දෙයක් වුවත්, තවකෙකුට එය ඔවුන්ගේ ජීවිතය හා සමාන විය හැකියි. සුන්දර දසුන් නරඹා, හෝ වන සතුන් දෙස බලා සංවේදී වන බොහෝ ශ්‍රී ලාංකිකයින්, තම මානව වර්ගයා පිළිබඳ දක්වන අසංවේදීකම, මා හට සංවේදී දසුනක්... තමන් තුළ නොමැති ගුණාංග ලෝකයාට පෙන්වීමට උත්සාහ දරන අය දුටුවාම මට නම් එය විහිළුවක්..? තම පෞද්ගලික වාසිය වෙනුවෙන් බොරුව, සමාජගත කිරීමට උත්සාහ දරන්නන්ට මගේ අදහස් පිළිකුලක්... නමුත් ඒ පිළිකුල මා හට සතුටක්...

:       201       38

විජිත් Tuesday, 30 June 2020 03:51 AM

අපේ ආච්චි ඒකාලේ අපිට කියලා දීලා තියෙනවා.. කතරගම දෙවියන්ගේ වාහනය මේ කියන මොනරාලු. මට ෂුවර් නැහැ.. තමන්ගේ වාහනය විනාශ කරන "නොමිනිසුන්" ට දඬුවම් දෙන්න බැරි දෙවියන්ගෙන් මිනිසුන් පිහිටක් යදීවිද?.. මත්තල ගුවන්තොටුපොළ හදද්දී නොමිනිසුන් විසින් මොනරුන් සිය ගණනක් මැරුවාලු. මොනර ගහනයේ වැඩිවීමක් පෙනෙනවා. නමුත් ඊට පිළියම මොනරුන් මැරීම නොවෙයි.. ආහාර දාමයේ කොතැනක හරි ප්‍රශ්නයක්... ඒ වගේම තමයි මොනරුන් මැරුවම ප්‍රශ්නය උග්‍රවෙන්න පුළුවනි. මොනරුන්ගේ ආහාරයක් තමයි සර්පයන්. මොනරුන් අඩුවුණාම සර්ප ගහනය වැඩිවෙලා ඒගොල්ලෝ මිනිස්සුන්ට තැන තැන දෂ්ට කරන්න ගත්තොත්..? සර්පයන්ගේ ආහාරය වන ගෙම්බන් වැනි ඇම්පිබියන් අඩුවෙලා.. කෘමි ගහනය වැඩිවේවි.. ඊටපස්සේ ගොවියා කෘමීන්ගේ ගොදුරක් වේවි.. පරිසරයේ වඩාත් වැදගත්ම කොටසක් තමයි ආහාරදාමය. ඒ නිසා පරිසර විද්‍යාඥයන්ගේ අවධානය මිට යොමුවිය යුතුමය. නමුත් මම ආයෙත් කියනවා මොනරුන් මැරීම මිට විසඳුම නොව ප්‍රශ්නය දික්ගස්සා ගැනීමක් බව... ඒ කුමක් වුවත් රටේ පොලිසියටත් ලොකු වගකීමක් තියෙනවා මේ සත්ව ඝාතකයින් තම ග්‍රහණයට අසුකරගැනීමට... එ්ත්.. නීතියක් නැති රටක පොලිසියේ හැකියාව ප්‍රශ්නකාරී නොවේද..?

:       1       114

දිමුත් Tuesday, 30 June 2020 05:22 AM

හැබැයි දැන් මොනරුත් වගාබිම්වලට කරදරයක් වේගෙන එන්නේ...

:       0       12

පූජා Tuesday, 30 June 2020 06:25 AM

අලුත් ඉරක්, අලුත් දවසක්... අලුත් පැතුම් ගොඩක්... ඒත් අසන්නට, දකින්නට ලැබෙන්නේ, පිළිකුල්, ජුගුප්සා ජනක දේවල්.. සිත කිව නොහැකි තරමට වේදනාවෙන් හඞන තරම්.... මා සිත පෙලන තරම්.?

:       11       111

පූජාWednesday, 01 July 2020 09:09 AM

"සිත කිව නොහැකි තරමට වේදනාවෙන් හඬන තරම්... මා සිත පෙලන තරම්.?" මේ වචන පෙළ වැරදීමකින් ලියැවුණු නිසා ඉල්ලා අස්කර ගනිමි..

:       0       17

පූජා Tuesday, 30 June 2020 11:00 AM

ලංකාවේ දේශපාලනය යනු, කුණු වූ මඩ ගොහොරුවක්. ලොව දියුණුම රටක ජීවත්වන මට එහි ගිලී, වෙලී, පැටලී ඉන්නට කොහෙත්ම වුවමනාවක් නැත. මා සංවේදී වූ පමණින් එය වෙනස් කරන්නට බැරිය. සියලුදෙනා එකම මතයකට එළැඹුණු දවසක,මා ඉපදුණු රටට හොඳ කලක් යනවා ඇත. එතකම් මම ගහට, කොළට, සතා සිව්පාවාට, සොබා දහමට, එයට ආදරය දක්වන්නට ලෙන්ගතු වෙමි. එය මගේ සිතට මහත් සතුටක් ගෙන එන්නකි. තමන් තුළ නොමැති ගුණාංග ලෝකයාට පෙන්වීමට උත්සාහ දරන අය ගැන නම්, මගේ හිත තුළ ඇත්තේද තදබල අප්‍රසාදයකි.

:       0       111

විජිත්Tuesday, 30 June 2020 02:36 PM

ලංකාවේ දේශපාලනය ගැන කතාකිරීම අපි වචන නාස්ති කිරීමක්. අපි දෙන්නම ජිවත්වන රටවල ඡන්ද පවත්වන ආකාර, ලංකාවේ ඡන්ද දවසට වඩා කොතරම් වෙනස්ද...?

:       0       11

de silva Tuesday, 30 June 2020 11:25 AM

මොනර බිත්තර ආහාරයට ගන්න සතුන් ගහණය අඩුවීම නිසා සමහර ප්‍රදේශවල මොනරු වැඩිවෙලා... වනජීවී එක මේ ගැන බලන්න ඕනේ...

:       11       27

විජිත් Tuesday, 30 June 2020 12:41 PM

ඔබ හරි de silva මහත්මයා, මට දැනගන්න ලැබුණු විදිහට.. සමහර ප්‍රදේශවල වඳුරන්, රිලවුන් වැඩිපුර ගැවසෙන නිසා ඔවුන් ගොවීන්ගේ පලතුරු, අල වගාවන් විනාශ කරනවා. මේ කට්ටියගේ හොඳ ආහාරයක් තමයිලු මොනරුන්ගේ බිත්තර... ගොවීන් වඳුරන්ට වෙඩි තියනවාලු. ඒ වගේම වනජීවී ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිය වැඩකටයුතු කරන කණ්ඩායමක් (වනජීවී දෙපාර්තමේන්තුවද කියා මම දන්නේ නැහැ) රිලවුන් සහ වඳුරන් අල්ලා වෙනත් ප්‍රදේශ වලට යවලා තිබෙනවාලු. ඒ වගේම අපරික්ෂාකාරීව ප්‍රවාහනය කළ නිසා ඒ සතුන්ගෙන් 50% පමණ මියගොස් තිබුණාලු. ඉතින් ආහාර දාමයේ කැල්ලක්.. කැඩිලා, රිලවුන්, අඩුනිසා මොනර මොනර බිත්තර සියල්ලෙන්ම වාගේ පැටවුන් බිහිවෙනවා.. මොනර ගහනය වැඩිවෙනවා. අනික අපි මෙය වටහාගෙන දැන් රිලවුන් ගහනය වැඩි කළත්.. ඒ පැරණි පැවැති සමතුලිතතාවට පරිසරය ගෙන එන්න තවත් අවුරුදු 2ක් වත් යාවි. මොකද අපි දන්නේ නැහැ.. තව කොහේ මේ දාමයේ කැඩුණු තැන් තියෙනවද කියලා...

:       0       112

sunilWednesday, 01 July 2020 03:03 PM

දෙගොල්ලන්ගෙන්ම වෙන්නේ වගා හානිය. මෙවැනි සතුන් දඩයම් කිරීම හැර, වෙන ආකාරයකට පාලනය කල නොහැකිය.

:       23       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site