(රොමේෂ් මධුෂංඛ)
පවතින අධික වර්ෂාපතනයත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයන් අද(06) උදැසන ජලයෙන් යට වීමෙන් විපතට පත් වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.
කිලිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ පිහිටා තිබූ විභාග මධ්‍යස්ථානයේ පහළ තට්ටුවල පංති කාමර ජලයෙන් යට වීමෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුදහමුදා නිලධාරීන් විසින් පහල තට්ටුවල තිබූ මේස පුටු ඉහල තට්ටු වෙතට රැගෙන ගොස් විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු දරුවන්ද ඉහළ තට්ටුවට රැගෙන යාමට කටයුතු යොදා ඇත.
එමෙන්ම විභාගයට පෙනී සිටින දරුවන්ට ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙතට පැමිණීමට නොහැකි වීමෙන් යුද හමුදා සෙබලුන් විසින් ට්‍රැක්ටර් රථ යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටීමටද පියවර ගෙන ඇත.
මේ අතර පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ද අද උදෑසන ජලයෙන් යට වී ඇති අතර විභාගයට පෙනී සිටින දරුවන් බෝට්ටු යොදාගෙන විභාග ශාලාව වෙත රැගෙන යාමටද යුද හමුදා නිලධාරීන් පියවර ගෙන ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩි දුරටත් පවසියි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
sharm warn Friday, 06 December 2019 09:11 AM
ඔව් ... අමාරුවේ වැටෙනකොට හමුදාව හොඳයි... වැඩේ කරගෙන සේරම ගොඩගියාට පස්සේ තමයි ආපහු තලගොයා කබරගොයා වෙන්නේ.. එතකොට ඩයස්පෝරාවේ ඉන්න කාලකන්නි කොඩි වනවන උඩ පනිනකොට මේවා මතක නැහැ...
jajisFriday, 06 December 2019 11:58 AM
කව්ද මේ ඩිස්ලයික් දාලා තියෙන්නේ?
namali Friday, 06 December 2019 10:38 AM
කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්.............අපේ රණවිරුවන්ට සියලු දෙවි රැකවරණයි.
ගෝනවල කුසුමා Friday, 06 December 2019 02:42 PM
කොච්චර කලත් වැඩක් නැහැ. බලන්න සුමන්තිරන්, සම්බන්ධන්, විග්නේශ්වරන්, සිවාජිලිංගම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මනෝ ගනේෂන් වැන්නන් කියන ඒවා. කිසි කෙලෙහි ගුණයක් නැහැ.
Nimal Friday, 06 December 2019 05:19 PM
ඔන්න ඕවා ලොකුවට දාන්නකෝ ඩයස්පෝරාවට පේන්න.