සම්බුද්ධාගමනයෙන් මෙ පින්බිම දහම් දිවයිනක් වීම, තුන් බෑ ජටිලයන් දහම් මඟට යොමු කිරිම, සුමන සමන් දෙවිඳුන්ට කේශධාතු පිරිනැමීම, යකුත් පලවා හැරීම යන උතුම් වූ දහම් කාරණා මුල් වූ දුරුතු පුන් පොහෝදින අදයි.
ඒ නිමිත්තෙන් දිවයින පුරා බෞද්ධ බැතිමත්හූ ආගමික සිද්ධස්ථානවලට විත් පින්කම්හි නියැලෙති. කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණි සැදැහැවත් පිරිස් ආගමික වතාවත්වල නිරතවූ අයුරු ඡායාරූපලින් දැක්වෙයි.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
අටමස්ථානයේ ආගමික වැඩසටහන් රැසක්
(උපුල් තම්මිට)
දුරුතු පුන්පොහෝ දිනය නිමිත්තෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන වලදී අද (10) ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම ආගමික වැඩසටහන් සංවිධානය කර තිබිණි.
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස උවැසි උවැසියන් අතිවිශාල පිරිසක් පෙහෙවස් සමාදන් වී සිටි අතර නව වසරේ ප්‍රථම පුන්පොහොය නිමිත්තෙන් ආශීර්වාද ලබා ගැනීම සඳහාද බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත අද අලුයම් කාලයේදී පැවති විශේෂ පූජාවෙන් අනතුරුව පෙහෙවස් සමාදන්වීම සඳහා පැමිණ සිටි උවැසි උවැසියන් සිල්සමාදන් කිරීමෙන් අනතුරුව ආගමික වැඩසටහන් ආරම්භ කෙරුණු අතර ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ කේන්ද්රෙකර රුවන්වැලිසෑය ඇතුලු අටමස්ථානය පුරාවට දාන ශීල භාවනා ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරාවට සංවිධානය කර තිබේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැලණි විහාරය බැතිමතුන්ගෙන් පිරී යයි
siri Friday, 10 January 2020 09:30 AM
නාග රාජයෝ අවේ නැද්ද ?
ranaSunday, 12 January 2020 05:18 AM
මාත් මේ අහන්න හැදුවේ ?
hiraMonday, 13 January 2020 07:32 AM
සිරි, බොරු දේවල් අත් උස්සලා පිළිගන්න ඕනේ බොරු කියලා.
vidya Saturday, 11 January 2020 01:52 AM
නායක හාමුදුරුවනේ, ලැබෙන මුදල් බැංකුවක තැන්පත් කරලා සසරේ අපමණ දුක් විඳින ගම් බද පන්සල් වල වැඩ වාසය කරන කර කියා ගන්න බැරි පොඩි හාමුදුරුවරුන් හට උදව් කරන්න. වෙනමම පින් පෙට්ටියක් තියලා මේ සඳහා සෑම ලොකු පන්සලකම මෙම ක්‍රියාව කරන්න. හදවත උණුවන සෑම මිනිසෙක්ම එම කර්තව්‍යට උදව් කරයි.
jay Sunday, 12 January 2020 05:48 AM
දැන් හැමෝම කැලණිය කිව්වම නාග රාජයෝ ගැන කතාව. මේකෙන් වෙන්නේ මහා පින් බිමක් වන කැලණියට එක ආකාරයක අපහාසයක්. අපහාස කරපු අය කරගත්තාවේ. නමුත් අපිත් ඒක පස්සේ එල්ලිලා යන එකෙන් වෙන්නේ අපි තව තවත් පව් පුරෝ ගන්න එක විතරයි. පිංකම සහ පින් බිම බලලා සතුටු වෙන එකයි අපිට කරන්න තියෙන්නේ.
Hemantha Monday, 13 January 2020 04:01 AM
සැදැහැවතුන්ගෙන් නෙමේ බෞද්ධයන්ගෙන් පිරී ගියා ලෙස නිවැරිදි විය යුථුයි.