IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ විරුවන් සමරති

 

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරයා ප්‍රමුඛ දස දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් පැවැත් වු පිංකමක්  කොළඹ 07,සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
 
ශාන්ති පදනම සංවිධානය කළ  මෙම පිංකම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ   ප්‍රධානත්වයෙන්  අද (25) උදෑසන පැවැත්විණි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  වීර කැප්පෙටිපොළගේ  සිතුවමට පුෂ්පෝපහාර දැක්වු අතර   අනතුරුව භික්ෂුන් වහස්සේලාට  උදෑසන දානය පිළිගැන්වීමට ද  එක්විය.
 
නිදහස් අරගලයේ දී දිවි පිදූ විරුවන් වෙනුවෙන් වූ විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස  හිමියන් විසින් කරන ලද අතර වීර කැප්පෙටිපොළ ගුණානුස්මරණ කථනය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති  කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ විසින් කරන ලදි. 

(36698)

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය) 

 



අදහස් (4)

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ විරුවන් සමරති

shan saudi Sunday, 25 November 2018 07:22 AM

එක්දහස් අටසිය ගණන්වලට පසුව රටේ ලොකුම පාවාදීම කරලා ලජ්ජා නැද්ද අතීත විරුවන් සමරන්න යන්න? මේකෙන් පේනවා හොඳට මොනතරම් බලය ඉදිරියේ කුජීත වෙලාද කියලා...

:       3439       3459

chathuri Sunday, 25 November 2018 02:00 PM

වැදගත්ම දේ මේ විරුවන් රටකරන කොට පාවාදීම්, කේලම්, කොන්ද නැති වැඩ කෙරුවේ කොහොමද? කියලා පොත්පත්වලින් දැනුම ගන්න එක අද හිමිවරුන් මුලික තැන අරගෙන වැඩකෙරුව නිසා... හොඳයි නැතිනම් මෙයා කතාකෙරුවා නම් රනිල්ට බැනලා ගෙදර යයි. පුදුම විදියට ලොකු ඇත්තන්ට වදින කෙනෙක්... දැන් ටිකක් බය නැහැ. මහින්ද ඉන්න නිසා ගරු ප්‍රේමදාස ජනාධිපතිටත් මල්මාලා දාපු කෙනෙක්...

:       0       7

pradeep Sunday, 25 November 2018 02:28 PM

රට වෙනුවෙන් දිවිදුන් වීරයන්ට පින් දීමට ශාන්ති පදනම කල පිංකම ඉතාමත් විශිශ්ටයි. පොත් වල තියෙන හැටියට මෙම වීරයන්ට තම දරුවන්, බිරිඳ, දේපල සියල්ල අහිමි වුණා. අවසානේ හිස් ගැසුම් කන්නටත් වුණා. රට වෙනුවෙන් කොපමණ වේදනාවක් විඳින්න ඇතිද? ( දැන් මානව හිමිකම් ගැන ලංකාවෙන් ප්‍රශ්න කරන සුදු ජාතිකයින් තමා මේවා කලේ.)

:       0       4

Rasika Sunday, 25 November 2018 02:55 PM

අපගේ විරුවන් සදා සමරමු.

:       15       45

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site