IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇළ මාර්ගය සංවර්ධනයට පොල් ගස් 1500 ක් විනාශ කරති

 

(ඩබ් ඒ පියතිලක)

මින්නේරිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, හිගුරක්ගොඩ බුද්ධයායේ ඇළ මාර්ගයක් සංවර්ධනය කිරිමට යැයි පවසමින් පොල් ගස්  1500ක්  පමණ ගලවා විනාශ කරමින් සිටින බව බුද්ධයාය පැරකුම් ගොවි සංවිධානයේ ගොවියෝ පවසති.

මේ පිළිබඳ අදහස් දක්වමින් හිගුරක්ගොඩ  බුද්ධයාය ඩී -5 ඇළ මාර්ගයේ පැරකුම් ගොවි සංවිධානයේ නියොජිත එම්.ජි.ලොකු බංඩා මෙසේ පැවසූවා ය.

‘මේක හෙන ගහන අපරාධයක් මේ වාරිමාර්ග නිලධාරින් කරන්නේ. ඇළ මාර්ගයක් සංවර්ධනය කරන්න ඕනි මුලින්. නමුත් දැන් කරන්නේ මුල සහ අග ඉතුරු කරලා මැදින් පටන් අරන් තමයි මේ අපේ ඇළ ඉවුරේ තියෙන පොල් ගස් 1500-2000ක් විතර විනාශ කරන්න හදන්නේ. මේවන කොට මාගේ පොල් ගස් 100ක් විතර ගලවා  විනාශ කරලා ඉවරයි. ඒ වාගේම අනිත් අයගෙත් පොල් ගස් මේවන විට 200ක් විතර ගලවලා දලා ඉවරයි. තව  බැකෝ 4ක් දාලා පොල් ගස් 1500-2000ක් විතර ගලවමින් තියෙන්නේ. අද වන විට පොල් ගෙඩිය මැනලා දෙන තත්වයට පත් වුණේ පොල් හිඟ නිසා කියලා.’

කරන සංවර්ධනයක්  කරන්න පොල් ගස් ටික කපන්නේ නැතුව. අපි  සිරිපාල ගම්ලත් ඇමැති තුමාත්  හමු වුණා. එත් වැඩක් වුනේ නෑ. මුළු හිගුරක්ගොඩටම පොල් දෙන්න පුළුවන් පොල් ගස් ටික තමයි මේ වාරිමාර්ග එකේ හරක් ටික ගලවලා විසි කරලා දානනේ. දෙයියනේ මේවා බලන්  ඉන්න බෑ. වහ ටිකක් කාලා මැරෙන්න හිතෙනවා. වැවක් සුද්ධ කරන්න කියපුවාම බැකෝ නෑ කියන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද බැකෝ හතරක් දාලා පොල් ගස් ටික විනාශ කරනවා මේ පුදුම ලෝකයක්. නමුත් මේ තරම් විශාල පොල් ගස් ගොඩාක් ගලවලා ඉවත් කරන්නේ නැතුව ඒ සංවර්ධනය කරන්න කියලා ගම්වැසියන් ඉල්ලා සිටිනවා.’

මේ සම්බන්ධයෙන් මින්නේරිය වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතාගෙන් විමසීමක් කිරිමේදී මෙසේ පැවසීය.

‘මම දැන් ඔය කියන ස්ථානයට එන ගමන් ඉන්නේ .ඇවිත් බලලා උත්තරයක් දෙන්නම්.’

මද වේලාවකින් එම ස්ථානයට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයා එම ස්ථානය නිරික්ෂණය කිරිමට පැමිණීමත් සමඟ ගොවින් ද එම ස්ථානයට පැමිණ දෙපිරිස අතර උණුසුම් තත්වයක් ඇති විය.

එහිදී ගොවියෝ කියා සිටියේ පොල්ගස් 2000ක් පමණ විනාශ කර කරන සංවර්ධනය වහාම නවත්වන ලෙසයි.  වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසා සිටියේ මේ පොල්ගස් සිටවලා තියෙන්නේ ඇළ රක්ෂිතයේ බැවින් පොල්ගස් ඉවත් කළ යුතු බවයි. කෙසේ නමුත් ගොවින්ගේන් පොල්ගස් ඉවත් කිරිමට එරෙහිව දැඩි විරෝධයක් දැක්විමෙන් පසු තාවකාලිකව එම සංවර්ධන කටයුත්ත නවතා දමන බව පවසා එම ස්ථානයෙන් වාරිමාර්ග ඉංජිනේරුවරයා පිටව ගියේය.

රක්ෂිතයක් තුළ  පොල් ගස් 2000ක් විතර විනාශ කර දමන්නේ නැතුව ඒවා රජයට පවරාගෙන හෝ මේවන විට රට තුළ පොල් අර්බුදයක් පවතින අවස්ථාවේ  එයින් ප්‍රයෝජන ලබා ගන්නවා මිස ඒවා ගලවා ඉවත් කිරිම ද කළ යුත්තේ යැයි බලධාරින්ගේන් ගොවියෝ විමසා සිටිති.

 



අදහස් (24)

ඇළ මාර්ගය සංවර්ධනයට පොල් ගස් 1500 ක් විනාශ කරති

Champa Monday, 28 September 2020 12:43 PM

අබුද්දස්ස කාලේ. පොළට ගියාම පොල් ගෙඩිය මැනලා විකුණන තරමට පොල් හිඟ වෙච්ච රටේ, පොල් ගස් 1500ක් කපා දාලා... හැබැයි මීට වඩා හුස්ම ඉහළට ගන්න වෙන වැඩ වෙනවා. චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලෝක වන විනාශය ගැන තොරතුරු සපයන ග්ලෝබල් ෆොරස්ට් වොච් ආයතනය පෙන්නලා තියෙනවා ලංකාවේ ඇඳිරි නීතිය තිබ්බ කාලේ වෙච්ච මහා වන විනාශයක්... හැබැයි ජුනි, ජූලි, අගෝස්තු ප්‍රස්ථාරය "පස්සේ" වෙනස් වුණා. දැන් ආපහු සැප්තැම්බර් ප්‍රස්ථාරය ඉතාම ඉහළට ගිහින් තියෙනවා. ඒ කියන්නේ මහා වන විනාශයක් ලංකාවේ සිද්ධ වෙනවා. මේ තරම් ඉතාම සංවිධානාත්මක විදිහට කවුද රක්ෂිත විනාශ කරන්නේ කියලා කාට හරි ප්‍රශ්නයක් තිබ්බා නම් දැන් උත්තරේ ලැබිලා තියෙනවා. උත්තරය හමුදාව. ඇඳිරි නීතිය කාලේ මිනිස්සු ගෙවල්වලට කොටු කරලා, සමාජ ජාල බය කරලා, සමහරු හිරෙත් දාලා, හමුදාව රටපුරාම රක්ෂිතවල ගස් කපා දාලා තියෙනවා. තහවුරු නොකළ ආරංචි වලට අනුව මේ දවස්වල අනුරාධපුරේ ඉඩම්, අක්කර 2, 3, 5 වැනි කුඩා කොටස් අරන් එකට එකතු කරනවා ඇමරිකන් සමාගම්... ඇයි මොවුන්ට පූජා භූමිම ඕනේ? අනුරාධපුරය ගැන බෞද්ධයන් නොදන්නා, මමත් දැන්ම කියන්න අකමැති, නමුත් ඇමරිකන්කාරයන් දන්නා රහස් තියෙනවා. ඔවුන් කරන්න හදන්නේ කැණීම්.

:       4       20

fairoos Monday, 28 September 2020 01:00 PM

මේවා කාට කියන්නද?

:       0       14

kamal KoyralaTuesday, 29 September 2020 06:13 AM

රට රකින විරුවා ඔබයි අපේ විරුවා, ජනාධිපතිතුමාට කියන්න. වහාම කියන්න. එතුමා ක්‍රියාත්මක වෙනවා. දැන් RMV එකට ආවා. සිංහරාජෙට ආවා. මුහුදු විහාරයට හමුදාව යැව්වා. නිවාස අමාත්‍යාංශයට ආවා. එවෙලේම විසඳුම් අපිට අවශ්‍යයි. ඒකමයි ඔච්චර කපනකම් තමුන්ලත් බලා සිටියනේ.

:       3       2

Champa Monday, 28 September 2020 01:11 PM

ඇමරිකන් සමාගම් අනුරාධපුරයේ ඉඩම් කුඩා කොටස් වශයෙන් ගන්න කතාව ඇත්ත කියලා ඒ පළාතේ කෙනෙක් ලියපු කොමෙන්ට් එකක් වෙන තැනක දැක්කා. මේ විදිහට ඉඩම් විකුණන සිංහලයින්ට කියන්නේ, අනාගතේ මේ ඉඩම්වල වැඩට එන්නේ ඇමරිකන් කාරයින්. බොහෝවිට සිවිල් වැසියන් වේශයෙන් හමුදා භටයන් වෙන්න පුළුවන්. මේ ඉඩම් එකට එකතු කරලා, වටකරලා ඒවාට යන්න අලුත් පාරවල් හදනවා. සිංහලයින්ට ඒ පළාත්වලට යන්න තහනම් වෙයි. මේ ව්‍යාපෘතිය අලුත් එකක් නෙමෙයි. යහපාලනය කාලෙත් ආවා. රනිල් කිව්වා ජය සිරි මහ බෝධිය සහ රුවන්මැලි සෑය වටකරලා අධි ආරක්‍ෂිත වැටක් හදනවා කියලා. හේතුව ඊට මෙහා තියෙන සියලු ඉඩම් ඇමරිකන් කාරයින්ට දෙන්න. නමුත් මහජන විරෝධයක් එනකොට රනිල් ඒ වැඩේ නොකර හිටියා. රට අන්‍යාගමික කරයි කියලා අපි බයේ හිටපු රනිල්වත් නොකරපු දේවල් සිංහල බෞද්ධ කියලා හිතපු ජනාධිපති සහ ආණ්ඩුව කරනවා.

:       3       24

නුවන්දිTuesday, 29 September 2020 07:18 AM

ඔය ඔක්කොම දේවල් ඔයා දන්නවනම් මේකෙ කමෙන්ට් නොකර ගිහින් අදාල තැන්වලට පැමිණිලි කරන්න පුලුවන් නෙ සාක්ෂි එක්කම.

:       4       6

ChampaTuesday, 29 September 2020 12:35 PM

"අදාළ තැන්වලට"? වැටටයි, නියරටයි පැමිණිලි කරන්නද කියන්නේ? පුත්තලමේ කඩොලාන කපා දාලා පිට්ටනියක් ඉදිකරන්න ඉල්ලනකොට ප්‍රදේශයේ වන සංරක්ෂණ රාජ්‍ය නිලධාරිනිය ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ඒ කඩොලාන පද්ධතියම ගිනි තියලා තිබුණා. හොරොව්පතාන, ආනවිලුන්දාව, වනාතවිල්ලුව, කිරින්ද, නකල්ස්, රන්දෙනිගල, මඩකලපුව, උඩවලව, එලල්ල, සෝමාවතිය, හන්තාන මේ සියලු වන විනාශයන් ගැන පරිසර සංවිධාන පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. පරිසර ඇමති කියනවා ගස් ලක්ෂ දෙකක් "උගුල්ලනවා"ලු. පරිසරය ආරක්ෂා කරන්න පිහිටවපු අමාත්‍යාංශයම ගස් උදුරනකොට කාටද පැමිණිලි කරන්නේ? රවී කරුණානායක මුදල් ඇමති කාලේ අයවැය පියවන්න ගස් ලක්ෂ දෙකහමාරක් කපලා විකුණන්න යෝජනා කළාම මම සිංහල වෙබ් අඩවියක් හරහා සිරිසේන ජනාධිපතිට ලිව්වා. ඔහු ඒක නතරකළා. මම 2015 ඉඳන් කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්න තද නීති ගෙනෙන්න කියලා ලීවා. මේ ජනාධිපති බලයට ඇවිල්ලා කාන්තා සහ ළමා කැබිනට් අමාත්‍යාංශ අහෝසි කළා!! සිංහරාජය හරහා පාර ගැන පැමිණිලි කළාම, පාර කපන වේගය මදි කියලා මාස 3න් ඉවරකරන්න මේ ජනාධිපති නියෝග කළා...! දැන් වනවිනාශය නතර කරනවා වෙනුවට ඒ ගැන දැනුවත් කරන මාධ්‍ය සහ පුද්ගලයන් දඩයම් කරනවලු...

:       0       2

Nuwan Monday, 28 September 2020 01:40 PM

මේවට කොහෙන් හිනාවෙන්නද අපේ හාමුදුරුවනේ... ?

:       0       19

siri Monday, 28 September 2020 01:47 PM

පොල් හිඟකාලේ කියපු වැඩක්නේ කරලා තියෙන්නේ. ජයවේවා..!!! 

:       0       20

ටි ඉන්දික Monday, 28 September 2020 08:21 PM

මේ අයට ගස් පේන්නම බෑ...

:       0       2

de Monday, 28 September 2020 08:27 PM

අනාගතේ අපිට පොල් මනින්න වෙන්නේ ටේප් එකෙන් නෙවෙයි කන්හැන්දෙන්.

:       0       2

චින්තක Tuesday, 29 September 2020 01:48 AM

ඇල සංවර්ධනය කරනවිට රක්ෂිතයත් එළිකරන්න ඕනෑ නැහැ නේද ඉංජිනේරුතුමෝ...? ඇලෙන් ඉවත්කරන රොන්මඩ වැනිදේ පොල්ගස් වලට යොදා ගස් සශ්‍රීක කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ. ඒ හැරත් ගස් වාරිමාර්ග රක්ෂිතයේ නම් ගොවීන්ට බදුදීමට වාරිමාර්ග කට්ටියට අදහසක් පහළ වුනේ නැද්ද? මේවා කරවන අයට පොතේ උගත්කම තිබුණත් යහපත් ආකල්ප හා කුසලතා කිසිවක් නැතිබවයි පෙනෙන්නේ.. යහපත් ආකල්ප තිබෙන කිසිවෙකු මෙවැනි විනාශකිරීම් කරන්නේ වත් කරන්න උපදෙස් දෙන්නේවත් නැත.

:       0       1

Perera Tuesday, 29 September 2020 03:48 AM

69 ලක්ෂයක් ඔය වැඩ අනුමත කරලා තියෙන්නේ.

:       1       5

janahitha Tuesday, 29 September 2020 04:16 AM

කුරවල් වුණු කැබිනෙට්ටුව ඇමැතිවරු පත්කරන්නේ පොල් ගෙඩි මැන මැන ඉන්න නොවේ. බන්දුල මහත්තයෝ අනාගත වැඩපිළිවෙළක්, නව අදහස් ඉදිරිපත් කරන්න. පොල් ඉඩම් කොටස්කර විකිණීම වහාම තහනම් කරන්න. එහෙම බැරි නම් පොල් පිටරටින් ගෙන්වන්න ඊයෙත් මින්නේරියේ පොල්ගස් 200ක් විතර ගලවලා. මේ මුග්ධ නිලධාරීන්ට දැක්මක් නැහැ.

:       1       1

nalin Tuesday, 29 September 2020 04:31 AM

මේ ආණ්ඩුවට ගස් පෙන්නන්න බෑනේ.. කොහේ හරි සංවර්ධනයක් කියලා ගස් කපන එක තමයි කරන්නේ..

:       0       4

ලුම්බිණි Tuesday, 29 September 2020 04:40 AM

හොඳ වැඩේ. මක්කයි දැන් කරන්නේ?

:       0       2

piyal batuwangal Tuesday, 29 September 2020 05:32 AM

මොළ ගෙඩි වලට හෙන ගහලද සිහලුනේ....

:       0       1

sharm warn Tuesday, 29 September 2020 05:36 AM

ඔහොම කරගෙන යන්නකෝ...

:       0       2

Wije Tuesday, 29 September 2020 06:42 AM

රටට පොල් අවශ්‍ය නැහැ. යුරෝපා, ඇමෙරිකානු, ඕස්ට්‍රේලියානු මිනිස්සු පොල් කනවද?

:       1       3

ChampaTuesday, 29 September 2020 02:03 PM

ඔව් ඒ ගොල්ලෝ පොල් කනවා. ඔබ දන්නේ නැති වුණාට, නැවුම් පොල් සහ පොල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන, පොල් කිරි, පොල් කිරි පිටි විදිහට, පොල් කිරි ක්‍රීම් විදිහට, ඩෙසිකේටඩ් පොල්, පොල්තෙල්, පොල් බිස්කට්, පොල් වතුර, පොල් විනාකිරි මේ ඔක්කොම අනිත් රටවල මිනිස්සුත් පරිභෝජනය කරනවා.

:       0       2

indika Tuesday, 29 September 2020 06:42 AM

ගස් කැපුවාට කමක් නැහැ. ඒවා ප්‍රචාරය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියා අද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරලා. අබුද්දස්සකාලේ ලබුත් තිත්තලු. ඉදිරි අවුරුදු 5 තුළ රට කාන්තාරයක් වෙනවා නොඅනුමානයි. කතාකරන්න විදිහක් නැහැ. මිනිස්සුන්ගේ කටවල් බලෙන් වහනවා.

:       0       6

kapila Tuesday, 29 September 2020 10:10 AM

ඇල දෙපස රක්ෂිතක් තිබෙන්නේ හේතුවක් ඇතිවයි. ඒ පසු කාලයක ඇලට පහලින් ඇති ප්‍රදේශවල අවශ්‍යතා සඳහා ඇල මාර්ගයේ පුළුල් කිරීම් සඳහායි. දෙපස ජීවත්වෙන උදවිය එවැනි තැන්වල පොල් හෝ වෙන ගස් සිටුවීම වරදක්. මෙවැනි දේට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දොස් පැවරීමෙන් වැඩක් නැහැ.

:       4       2

pol bandulaTuesday, 29 September 2020 01:06 PM

මේ කොමෙන්ට් එක ලියා තියෙන්නේ පොල්ලෙලි කන කෙනෙක්...

:       0       2

Bishan Tuesday, 29 September 2020 06:55 PM

"සර්" ට ගස් පේන්නම බෑ වගේ. මේක කාන්තාරයක් කරන්න සර්..

:       0       0

dhamneth Wednesday, 30 September 2020 01:41 AM

පොල් සිටවා තිබෙන්නේ රජයට අයිති ඉඩම්වල නම් රාජ්‍ය බාරයට ගැනීමයි කළයුත්තේ. මේ අවස්ථාවේ පොල් මිල ඉහළ යන නිසා පොල්ගස් කැපීම සුදුසු නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site