IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇල්ල රෝක් හි පැළ රෝපණය කරයි

(ප්‍රසන්න පත්මසිරි)

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නෙන් දැවී විනාශ වී ගිය ඇල්ල රොක් සංචාරක ප්‍රදේයේ පැළ දහසක් රෝපණය කිරීම ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) සිදුවිය.

දින තුනක් තිස්සේ  ගිනිගැනීමෙන් අක්කර 60 ක ප්‍රදේශයක භූමියේ තිබූ වනය විනාශ විය.ඇල්ල රොක් හි දේශීය විදේශීය සංචාරකයින් දහස් ගණනක් ගැවසෙන ප්‍රදේශයකි.

ගින්නෙන් විනාශ වී ගිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ආණ්ඩුකාරවරයා ප්‍රදේශයට ආවේණික ශාක වර්ග දහසක් සිටුවීමට තීරණය කළේය.

ඌව පළාත් සභාව,ඇල්ල ප්‍රාදේශීය සභාව,පාසැල්,යුද හමුදාව ඇතුළු ආයතන කිහිපයක් සහභාගී කරගනිමින් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි

ඡායාරූප - පාලිත ආරියවංශ



අදහස් (8)

ඇල්ල රෝක් හි පැළ රෝපණය කරයි

Raveendra Sunday, 01 September 2019 08:26 AM

කවුරු කරත් මෙය නම් ඉතා හොඳ අනාගත ආයෝජනයක්. සහභාගී වූ සැමට අපගේ ආචාරය...

:       0       547

sirimal Sunday, 01 September 2019 08:32 AM

කවුරුත් අතහිත දියයුතු උතුම් සත් ක්‍රියාවක්. ඒ වගේම ඇල්ල පළාතට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය නැවතීම්, සනීපාරක්ෂක සහ ගමනාගමන පහසුකම්ද නිසි ප්‍රමිතියකින් යුතුව සකස් කරනවා නම් වටිනවා. දැනට මාර්ග සංඥා හෝ වැසිකිලි, කැසිකිලි පහසුකම් කිසිවක් ඇත්තේම නැත. විශේෂයෙන් විදේශ සංචාරකයින් ගසාකන පළාතේ වැදගත්කම ගැන හෝ සුන්දරත්වය ගැන කිසි වැටහීමක් මෙන්ම තැකීමක් නැති හුදෙක් " සුද්දන් ගසා කෑම " පමණක් හිතේ තියාගෙන කටයුතු කරන කපටි මඟ පෙන්වන්නන්ගෙන්ද ඇල්ල ප්‍රදේශය පිරී ඇත. වෙළඳසැල්වල පවා විදේශිකයින්ගෙන් පානීය ජලය සහ ආහාර වැනිදේට වැඩි මුදලක් අයකිරීම පුරුද්දක් කරගෙන ඇත. ත්‍රීරෝද රියදුරන්ද එපරිද්දෙන්ම කටයුතු කරනු දක්නට ඇත. වරක් පැමිණි කෙනෙකු තව දෙතුන් වරක් ආපසු ගෙන්වා ගැනීම කාගේත් අරමුණ ලෙස හිතේ තියාගෙන කටයුතු කළොත් සුගතියක් වෙන්නේ එම පුද්ගලයින්ටමය... ඇල්ල යනු වරක් පැමිණි කෙනෙකුට නැවතත් පැමිණීමට තරම් ඇල්මක් ඇතිවෙන මනරම් පරිසරයක් ඇති සුන්දර ස්ථානයකි. මේවා නිසි අයුරින් පාලනය කළ යුතුවෙයි. අල්ල ප්‍රදේශයේ සුන්දර ස්ථාන වෙත ගමන්කිරීමේදී උපයෝගී කරගත හැකි පැහැදිලි සිතුවම් දුම්රිය ස්ථානයේදී සියලුම දෙනාට ලබාදීම වටිනවා. ජයවේවා...!!! 

:       0       329

sirimalSunday, 01 September 2019 09:15 AM

මෙහි සුළු වැරදීමක් තිබෙනවා. දුම්රිය ස්ථානයේදී සංචාරකයින් සඳහා "සිතුවම්" නොව " පැහැදිලි මාර්ග සිතියම්" නොමිලයේ ලබාදීම ඉක්මණින් කළයුතු දෙයක්...

:       0       111

Gamarala Sunday, 01 September 2019 08:58 AM

කවුරුත් මේවගේ එකතුවෙලා කරනවානම් අපේ වනගහනය කොච්චරද කියලා කියන්න බැහැ. හොඳ වැඩක්...

:       0       62

SL Sunday, 01 September 2019 10:02 AM

එයාලා කපනවා . අපි හිටවනවා. ඒකයි වෙනස. මේ වගේ වැඩක් කරන්න කලින් අපිටත් දැනගන්න ලැබුණානම් සතුටින් එකතු වෙන්න තිබුනා .

:       0       66

sachith Sunday, 01 September 2019 03:24 PM

ඉතාමත්ම හොඳ වැඩක්. මේවගේ වැඩ තවත් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.!!මගෙන් පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම්... මේවගේ දේවල් කරන කොට වැඩිහිටියෝ ඔක්කොම කාර්යයන් කරලා පුංචි ළමයින්ට කියලා පැළ හිටවන වැඩේ කළා නම් හොඳයි කියලා හිතෙනවා. එතකොට පොඩි කාලෙ ඉඳලා ගහට, කොළට ආදරේ කරනවනේ..

:       0       153

ISURANDI Monday, 02 September 2019 04:46 AM

නියම වැඩක්. අපේ රට හරිත වනාතාරවලින් සක්‍රිය කරන්න හැමෝම සහයෝගය දිය යුතුයි.

:       0       73

ජයරත්න Tuesday, 03 September 2019 12:56 AM

වැඩේ හොදටම හොදයි- ඒවගේම මේවට ජලය සැපයීම ,ආරක්ෂාව හා නඩත්තුව ගැනත් අවධානය යොමු කළ යුතුයි

:       0       47

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site