IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පැමිණිමට ජවිපෙ විරෝධය

(ළහිරු හර්ෂණ)
 
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් අද(27) ජනතා විමුක්ති පෙරමුණ  සංවිධානය කළ විරෝධතාවක්  කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
 
 විරෝධතාවයේ නිරතවීමෙ අනතුරුව  විරෝධතාකරුවෝ තානාපති කාර්යාලය වෙත ලිපියක්ද බාරදෙනු ලැබුහ.



අදහස් (32)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පැමිණිමට ජවිපෙ විරෝධය

banda Tuesday, 27 October 2020 09:04 AM

පහුගිය කාලෙ චීන නියෝජිතයෝ ලංකාවට එනකොට මෙ රිලව් ටික කොහෙද හිටියේ?

:       37       67

ranaTuesday, 27 October 2020 10:13 AM

ඔය නැටුමට ගෙවන්නේ චීනා

:       0       2

AnaTuesday, 27 October 2020 11:20 AM

විදේශිකයො එන එක නෙවේ ප්‍රශ්නය ඒ අය එන කාරණාවයි

:       0       2

thusharaTuesday, 27 October 2020 11:30 AM

බයියන්ට දැන් ඇමෙරිකාවත් දේශප්‍රේමී වෙලා... ටික දවසක් ඉන්නකො. ලගදිම අපිත් ඇමරිකන් පුරවැසියො....

:       16       48

BamunuarachchiWednesday, 28 October 2020 07:23 AM

සජී-රනිල් බයියන්ටයි මුලින්ම ඇමරිකානුවන් දේශප්‍රේමී උනේ. නැද්ද? අම්මපා. 20ට මුස්ලිම් ඡන්ද වැටෙනකොට එපා නොකිව්වා අපි, මොවුන් ඇමරිකානුවන්ට විරුද්දව පෙළපාලි ගියාම අකමැති වෙන්නේ මක්කටයි? බළලා මැට්ටෙක් උනාම මොකෝ මීයෝ අල්ලනවනම් ආයුබෝවන්.

:       4       0

NMTuesday, 27 October 2020 08:32 PM

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ජවිපෙ අතර කෙටි හමුවක් ඇතිකිරීමට නොහැකිද.?

:       2       2

Nimal Tuesday, 27 October 2020 10:05 AM

ජවිපෙ විරෝධයය දැක්වීමට පැමිණි පිරිසට වඩා වැඩි පිරිසක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සමග ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ජවිපෙ විරෝධය නොදක්වන, අකමැති කිසිදු දෙයක් ලංකාවේ සිදුකිරීමට නොහැකිද ? කෙසේ නමුත් ඔවුන්ගේ අය ඇමරිකාවේ සහ යුරෝපිය රටවල යහතින් ජිවත් වෙති. ප්‍රතිපත්තියක් නොමැති 3% පක්ෂය ක් වී ඇත්තේ එම නිසාවෙනි. ජවිපෙ පක්ෂයේ සද්දය හැර වෙන කිසිවක් නොමැත

:       0       1

Raveendra Tuesday, 27 October 2020 10:07 AM

මෙතෙක් කල් "හැම දේටම එපා, එපා ,දියව්, දීයව්" කියමින් මිනිසුන්ගේ කාලය කාදමන මේ රැල "අවශ්‍ය දෙයකට" විරෝධය දැක්වුවත් මිනිසුන් තබ ශතෙකට ගණන් ගන්නේ නැති බව තාමත් මේ රැලට නොතේරීම කනගාටුවකි.... මගේ අම්මෝ ....ඇහුවොත් නම් දැනුම පිලිබදව අර උපාධි මේ උපාධි අර දොස්තර මේ කොන්දොස්තර....

:       0       4

අතුල සෞදි Tuesday, 27 October 2020 10:31 AM

ප්ලෙන්ටියෙ කුණාටුව....

:       0       2

isuru Tuesday, 27 October 2020 10:36 AM

මේ ආණ්ඩුව ලංකාව ඇමරිකාවට විකුනන්න යන එක එයාලා ආවම මොකද වෙන්නේ ළමයිනේ.

:       1       4

kamil Tuesday, 27 October 2020 10:39 AM

තව අවුරුදු 2කින් ඇමරිකාවේ කොලනියක් වේවිදෝ මන්දා.

:       4       0

kawi Jayasekara Tuesday, 27 October 2020 10:50 AM

දේශප්‍රේමී විමල් වීරවංශ මහත්තයා , ගම්මන්පිල මහත්තයා , සීතා දේවී නෝනා එහෙම නැද්ද ඔතන?

:       1       4

විජිත් Tuesday, 27 October 2020 11:29 AM

මොන මතබේද තිබුනත් ඇත්ත කතාකරන, වංචා දුෂණ පිළිබඳව අඩුවෙන්ම නම ගෑවී ඇති ,උගත්, බුද්ධිමත් සාමාජිකයින් රැසකගෙන් සමන්විත ජාවිපේ හැර වෙන කිසිම කෙනෙකුට මේ අපේ රට ගැන චුට්ටක් හෝ ආදරයක් නැතිද...? අපේ රට හැමදාමත් රවට්ටපු දුෂිත දේශපාලුවන්ට හැමදාමත් " මුට්ටි " අල්ලපු සිවුරුකාර ජූජක බමුණෝ ටික අද හැන්ගිලාද...? ජාවිපේ මේ ආකාරයෙන්ම උද්ගෝෂණයක් චීන තානාපති කාර්යාලය අසලත් පැවත්වුවා නම් වටිනාකම තවත් වැඩිවෙනවා. අපිට සතුරන් 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි චීනා, ඇමෙරිකන් කාරයා සහ ඉන්දියන් කාරයා. ඒ වගේම තවගොල්ලක් ඉන්නවා. ඒ තමයි 1948 සිට අදදක්වාම මේ රට පාලනය කරන නුගත්, මෝඩ, දුෂිත පාලකයින් රැල. මේ රටේ සිටින නුගත් මෝඩ බහුතරයක් ජනතාව රවටා මේ රට විදේශයන්ට උකස්කළ දුෂිතයින් පලවා හැරීමට මේ නුගත් බයියන්ට ශක්තියක් නැත. කෙසේ වෙතත් ජාවිපේ මේ ක්‍රියාවට මම ස්තුති කරනවා... ඒ වගේම ජිවිත පරිත්‍යාගයෙන් හෝ අපේ රට මේ " ජාත්‍යන්තර හොරුන්ගෙන් බේරා ගැනීමට අපි සැමදෙනාම සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර්...ජාතිබේද දුරලා සියලුම ආගම බෙදා දුරලා එකා වගේ එක්වෙමු.

:       34       60

Demuni Uduwara Tuesday, 27 October 2020 12:11 PM

සියලුම අන්තර්ගතයන් සමඟ මම එකඟ වෙමි. තැඹිලි සහ සුදු ඇඳුමින් සැරසුණු දූෂිත දේශපාලකයන් මගේ රට විනාශ කළ අතර තවමත් එසේමය.

:       1       3

kamalWednesday, 28 October 2020 03:12 AM

රිළවුන්ට චරිත සහතික ඔන නැහැ. ජවිපය කියන්නේ හිටපු ත්‍රස්ත සංවිධානයක බව අමතක වුණාද?

:       7       13

බමුණුආරච්චිWednesday, 28 October 2020 10:39 AM

ඒ අය රිලව් වුනත් රටට ආදරේ ඇති නිසා තමයි මේවගේ විරෝධතා දක්වන්නේ. අනික ඒ අයව කලක් ත්‍රස්තවාදීන් කලේ මේ රටේ පාලන ක්‍රමයයි. මිනිස්සුන්ට නිකරුනේ නින්දා අපහාස කරන්න එපා.

:       6       2

sugathWednesday, 28 October 2020 12:01 PM

එකනේ ඡන්දෙකට ගියහම තවමත් බැරි වෙන්නේ.

:       1       6

kalyaniThursday, 29 October 2020 04:42 AM

හරියටම හරි, අපිත් රස්සාවල් නැතුව ඒ කාලේ දුක් වින්ද නමුත් ත්‍රස්තයන් වෙන්න නම් ගියේ නැහැ පුහු වීරයන්ගේ සුරංගනා කතා අහලා.

:       1       1

kalderaThursday, 29 October 2020 04:43 AM

කරුණාකර රිලවුන්ට අපහාස කරන්න එපා.

:       0       2

Bamunuarachchi Saturday, 31 October 2020 12:40 AM

එන්. එම්, කොල්ව්න්, වික්‍රමසිංහ, පීටර් කෙනමන් වැන්නවුන් අවුරුදු 35 පමණ කාලයක් වාමාංශික දේශපාලනය කරලා කවදාවත් නොකරන්න හිතපු ලේ සැලන විප්ලව අවුරුදු 6 දේශපාලනය කල මැට්ටෝ කරන්න ගිහින් රටම අනාථ කලා. කෝ දැන් විප්ලව ගැන කථා කරනවාද?

:       1       0

a.b srila Tuesday, 27 October 2020 12:16 PM

චීන තානාපති කාර්යාලයෙන් සියලුම ලංකාවේ දේශපාලන පක්ෂ වලට සල්ලි දෙනවා කියල කියනවා.. අපි දන්නේ නෑ ඇත්ත. නමුත් චීනා එනකොට සද්ද වහලා ඉන්න ජෙප්පෝ .. මේ අය එනකොට බෝඩ් උස්සන්නේ ඇයි කියලත් හිතෙනවා .. බයියෝ ටෝයියෝ අලි පොහොට්ටු ටෙලිපොන් උන්ට චීනා යැංකි නෙවෙයි මොනයකා ආවත් මොකෝ.. ඒ අයනේ ආවැඩුවේ

:       0       3

asanka Tuesday, 27 October 2020 02:02 PM

ඔය ඇමෙරිකානුවන් අපේ රටට ඇවිල්ලා මොනවද අපෙන් උදුරාගන්ට තියෙන්නේ? ඒ අපේ ණය කන්දද, දුප්පත්කමද, එසේත් නැත්නම් කඩන් හැලෙන කුණු කඳුද? අද අපේ රටේ ඇඟලුම් නිෂ්පාදන වලින් විශාල කොටසක් මිලදී ගන්නේ ඇමෙරිකානු සමාගම්. අද ඒ කම්හල්වල සේවය කරන කී දෙනෙක් එයින් ජීවිකාව ගැට ගසා ගන්නවාද? ඔය මොර දෙන දේශපාලකයින්ගේ දරුවන් බොහෝ දෙනෙක් අද ඉගෙන ගන්නේ බටහිර රටවල. ලංකාව ඉදිරියට යා යුත්තේ ලොව අනිකුත් රටවල් සමග මිස, හුදකලා වීමෙන් නොවේ. සිංගප්පුරුව වැනි ස්වභාවික සම්පත් අඩු රටක්, අද මෙතරම් දයුණු වී ඇත්තේ ලොව අනිකුත් රටවල් සමග එක්ව කටයුතු කිරීමෙන් මිස, හුදකලා වී සිටීමෙන් නොවේ.

:       1       8

Paala Tuesday, 27 October 2020 09:32 PM

විදේශ අතපෙවීම් කියන්නේ ඇමරිකාවේ අය විතරද.?

:       1       8

ලුම්බිණි Wednesday, 28 October 2020 12:35 AM

ලංකාවට විදේශ බලපෑම් වැඩි පුර තිබෙන්නේ චීනයෙන්. දැන් චීන තානාපති කාර්යාලය වැඩ කරන්නේ ඒ ගොල්ල මේ රටේ උරුමක්කාරයෝ කියල හිතාගෙන. පේන විදියට බොහොම දෙනෙක් ඒකට කැමති වගේ.

:       0       8

kalpani Wednesday, 28 October 2020 03:14 AM

උපවාසයක් පටන්ගනිල්ලා... තැඹිලිවතුර දෙන්න අප්පච්චි ඉන්නවා.

:       4       6

කමල් Wednesday, 28 October 2020 05:57 AM

වැසිකිලි යාමේ හදිසි අවශ්‍යතාවකට සකල සිරින් පිරි සිරි ලංකාවට ගොඩබට අති උතුම් පොම්පායෝ උතුමාණන් නමස්කාර පුර්වකව පිළිගනිමු....

:       3       9

Rata Perata Wednesday, 28 October 2020 07:11 AM

ජවිපෙ ඉතින් මේ වගේ වැඩ කර කර ඉන්න තමයි හොඳ.

:       0       8

BamunuarachiSaturday, 31 October 2020 12:54 AM

අනුර කුමාර කිව්වේ මේ වටිනා සාකච්චාවෙදී සජිත් පොම්පියෝගෙන් ඉල්ලන ඉල්ලීම. සවේන්ද්‍ර මහතාගේ ඇමරිකන් තහනම ඉවත් කරන්න. මෙහෙම කෙනෙක්ද තම නායකයා කර ගන්න හදන්නේ? බැරිවෙලාවත් පොම්පියෝ සජීගෙන් අසුවානම් මොනවද ආධාර හැටියට ඕනේ කියලා... තුවා එවන්න කියලා කියාවි.

:       1       0

A.M.A. Kumara Wednesday, 28 October 2020 08:50 AM

රනිල් මංගල එම් සි සි ගේන්න හදනකොට කට, වහගන හිටපු ජවිපෙ උන්නැහැලා දැන් දේශප්‍රේමී චරිතය රගපානවා.

:       1       7

dimuthu Wednesday, 28 October 2020 10:39 AM

මෙතන අඩුවකට තියෙන්නේ අන්තරේ කට්ටිය නැති එක විතරයි. අනිත් ඔක්කොම ඉන්නවා

:       1       3

Rata perata Thursday, 29 October 2020 07:13 AM

චීන්නු ණය දීලා රට අල්ලනකොට මෙයාලට කිසි ගානක් නැහැ. බොරු සෝබන කාරයෝ.

:       0       2

Bamunuarachchi Saturday, 31 October 2020 01:03 AM

චීන්නු යුද්ධ කරන්න ආයුධ දීල, අධිවේගී මාර්ග කරන්න, වරාය, ගුවන් තොටුපල, විදුලි බලාගාර, වරාය නගරය කරන්න ණය දීල තමයි රට අල්ලන්න හදන්නේ. ඇමරිකාව අපිට මොන බම්බුවක්‌ දීලද රට අල්ලන්න හදන්නේ? මුන් යුද්ධ කරන්න පතුරමක්වත් දුන්නේ නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site