(චමිල් රුපසිංහ)
ශ්‍රි දළදා සමිඳුන් උදෙසා සම්ප්‍රදායිකව පවත්වන ආදී වාසි මී පැණි පූඡාව මෙවරත් ආදීවාසී ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්විණි.
ආදී වාසි නායකවරයාගේ බිරිඳ හීන්මැණිකා මෑනිල ඇත්තන් ඇතුලු 100 දෙනෙකුගෙන් සමන්විත ආදි වාසින් පැමිණ ශ්‍රි දළදා වහන්සේ සඳහා සාම්ප්‍රදායික මී පැණි පූඡාව පවත්වනු ලැබුයේ 21 වැනි වරටය.
අනතුරුව ඔවුහු මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රි ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
ආදිවාසීන් විසින් වනයෙන් නෙළා ගන්නා මීපැණිවල හොදම නොඉදුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්තධාතූන් වහන්සේ වෙත පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්රයකි.
විදේශීය රටවලින් ගෙන්වන ශාඛ, කෘමිනාශක ආදිය හේතුවෙන් මී මැසි ගහණය සීඝ්රයෙන් අඩුවී මී පැණි නිෂ්පාදන අඩු වන බවත් මී මැසි ප්‍රජාව අඩුවීම හේතුවෙන් මිනිස් ජීවනය අඩාලවන බව වැදි නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන් එහිදී පැවැසීය.
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ආදී වාසින් සදහා ත්‍යග පිරිනැමීම කළ අතර උරුවරිගේ වන්නිලා ඇත්තන් තමන් හට දිස්ත්‍රික්ක 6 ක ගම්මාන 52 ක සියලු ඡනතාවන් ආරක්ෂා කර ගැනිම සදහා ඔවුනගේ ඉදිරි නව පරම්පරාව ගැන විශාල වගකීමක් ඇති බවත් තම පරපුර රටේ ඡාතියේ ආගමික පරිසරයක තමන්ගේ අන්‍යතාවයන් රැකගෙන ඉදිර ගමන යන අතරම ඔවුනගේ දැනීම් වර්ධනය කිරීමද අවශ්‍ය බව නායකවරයා පැවැසිය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආදිවාසීහු 21 වැනි වරටත් දළදා සමිඳුන්ට මීපැණි පූජා කරති