IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අවංක රාජ්‍ය සේවකයෝ

අන්තර්ජාතික දූෂණ විරෝධී දින සැමරුමට සමගාමීව ‘අවංක රාජ්‍ය සේවකයින් ඇගයීම‘ වෙනුවෙන් පැවති ‘ඉන්ටෙග‍්‍රිටි අයිකන්’ සම්මාන උළෙලේ දී අවංකම රාජ්‍ය සේවකයා ලෙස මහජන මනාප 20,000කට අධිකව ලබාගත් මතුගම ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති පී.ඒ.සී. ප‍්‍රියදර්ශනී මෙනවිය සම්මාන දිනාගත්තාය.

කොළඹ බණ්ඩාරනායක ඡාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.

ශ‍්‍රී ලංකා රේගු මධ්‍යම විමර්ශන කාර්යංශයේ සහකාර රේගු අධිකාරී ඒ.එම්.ඒ.එස්. අමරසිංහ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.කේ.පී. චන්ද්‍රකීර්තී, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ, වෙරුගල් ප‍්‍රාදේශීය ලේකම් කේ. කුණානාදන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති යන මහත්වරු ඇගයුම් සම්මානවලින් පිදුම් ලැබූහ.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා සහභාගි වූ අතර, මෙම සම්මාන උළෙල ට‍්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.

අවංකම රාජ්‍ය සේවකයාට හිමි සම්මානය  මතුගම ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති පී.ඒ.සී. ප්‍රියදර්ශනී මෙනවිය ලබාගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

 

ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (5)

අවංක රාජ්‍ය සේවකයෝ

Chandana F Tuesday, 10 December 2019 12:24 PM

අපගේ සුභ පැතුම් හා උත්තමාචාරය !

:       0       0

sudath Tuesday, 10 December 2019 12:33 PM

ඔබ ප්‍රදර්ශනය කල ආදර්ශමත් නායකත්වයට ඉතසිතින් සුභ පතමු.

:       0       0

Walter White Tuesday, 10 December 2019 01:08 PM

මගේ දෙමව්පියනුත් රටට සතයක් ණයනැති සතයක් පගා නොගත් අවංක මනුෂ්‍යයන්. එත් පැන්ෂන් ගන්නකොටත් තමන්ට කියල හරි හමන් නිවසක් නැති දුප්පතුන්. ඒ අයගේ තරුණ කාලය ජීවිතේ හොඳම කාලය ගෙව්වේ වැයකළේ මේ රට වෙනුවෙන්. ඒ වගේ අවංක ශ්‍රී ලාංකිකයන් දහස් ගණන් මේ රටේ ඉන්නවා. ඔවුන්ගේ දාඩිය මහන්සියෙන් ඵලක් නොවෙන්නේ රටේ තීන්දු ගන්න ඉන්න ප්‍රතිපත්තියක් නැති, නූගත් එත් අප්‍රමාණ ලෙස ලැජ්ජා විරහිත කපටි දේශපාලනඥයන් නිසයි. මට ඒ දූෂිත දේශපාලනඥයන් අතිශයින් පිළිකුල්.

:       0       35

Walter White Tuesday, 10 December 2019 01:12 PM

මේ අවංක මහත්ම මහත්මීන්ට මගේ කෘතඥතාවය පිරිනමන්න කැමතියි. ඔවුන් නිසයි මේ රට මේ තරමින් හරි ඉතුරු වෙලා තියෙන්නේ.

:       0       1

Gamarala Wednesday, 11 December 2019 02:46 AM

රේගුවේ ඉන්න අය මේ වගේ අවංක නම් රටේ අදායම සිය ගුණයකින් ඉහළ යන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site