IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අඹගමුවෙන් ශ්‍රීපාදය ගැලවීම ගැන දෙවියන්ට කියති

(රංජිත් රාජපක්‍ෂ)                                         

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන අමාත්‍යංශය විසින් අඹගමුව ප‍්‍රාදේශීය සභාව කොටස් තුනකට කඩා වෙන් කිරිමේදි ශ්‍රී පාදස්ථානය අඹගමුව ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයෙන් වෙන් කර මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවට ඇතුළු කිරීමට මෙරට පාලකයින් කටයුතු කර ඇති බව පවසමින් මස්කෙළිය සමන් දේවාලයේදි අද (8) කන්ද උඩරට ප‍්‍රගතිශිලි ජනතා ව්‍යපාරය මගින් විශේෂ සමන් දේව පුජාවක් පවත්වනු ලැබීය.

අතිබහුතර සිංහල ජනතාවක් වෙසෙන අඹගමුව ප‍්‍රදේශයෙන්  ශ්‍රී පාදස්ථානය කඩා වෙන් කිරිමට එරෙහිව එම ජනතා ව්‍යපාරය මගින් පසුගියදා උද්ඝෝෂණ ව්‍යපාරයක්ද පැවැත්වූ අතර එම ව්‍යපාරයේ සභාපති අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රය නන්දරාජ මහතා පවසන්නේ දිර්ඝ ඉතිහාසයක් ඇති අඹගමුව සෙල්ලිපිය සහ  ශ්‍රී පාදස්ථානය අතර අතිතයේ සිටම සම්බන්ධතාවයක් තිබු බවයි. කිහිපදෙනෙකුගේ දේශපාලන අවශ්‍යතාවයක් මත අඹගමුව ප‍්‍රාදේශිය සභා බල සීමාවෙන් ශ්‍රී පාදස්ථානය වෙන් කිරිම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි හෙලපි‍්‍රය නන්දරාජ මහතා පවසන්නේ.

මෙම ගැටලූව සම්බන්ධයෙන්  ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ  ශ්‍රී පාදස්ථානය මුළු ලෝකයේම සිටින බෞද්ධයන්ගේ මෙන්ම සෑම කෙනෙකුටම අයත් පුජනිය ස්ථානයක් බවයි. ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව මෙරට සියලූ ජාතින් අතර සංහිඳියාව නැති කිරිමට කටයුතු නොකරන ලෙසට ද උන්වහන්සේ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියහ.

 



අදහස් (8)

අඹගමුවෙන් ශ්‍රීපාදය ගැලවීම ගැන දෙවියන්ට කියති

kap Wednesday, 08 November 2017 07:54 AM

ඇත්තටම විකාරද මේ අයට? වැඩ නැති මිනිස්සු. සිරීපාදෙ කුණු කන්දක් කඩන් වැටුනා මේ ලඟදි. එතකන් අඹගමුවේ සභාවේ අය බුදියගෙනද හිටියේ? බලාගෙන, දෙවියෝ කෝපවෙලා රිටර්න් එක දෙයි.

:       34       198

suranga Wednesday, 08 November 2017 08:35 AM

මේ ආණ්ඩුව කරන්නෙම හත්පොලේ ගාගන්න එක. හරියට තෙල් ටිකක් දීගන්න බැහැ.රට අවුල් කරන එකනම් තිතට කරනවා.

:       101       3

Matipahana Wednesday, 08 November 2017 09:13 AM

දෙයියන්ට සිරීපාදේ තියෙන කුණු ගැනවත් මොකක්වත් කරගන්න බැරි එකේ මේවා නවත්තන්න තියා හිතාගන්නවත් බැරිව ඇති මොනවද වෙන්නේ කියලා.

:       26       184

Daham Wednesday, 08 November 2017 09:35 AM

අනේ මන්දා පුදුම දේවල් තමයි ලංකාවේ තියෙන්නේ දෙවියන්, බුදුන් ඉන්නේ හෝ හිටියේ කුමක් සඳහාද කියලවත් දන්නේ නැති අය බස් වලටත් ගහනවා.... බුදු සරණයි කියලා.

:       0       147

Hemantha Wednesday, 08 November 2017 11:41 AM

මස්කෙළිය තියෙන්නේ ලංකාවේ නෙමෙයිද?

:       1       38

ධම්ම Wednesday, 08 November 2017 02:48 PM

ඡන්දෙන් දිනන්න ආගමික වශයෙන් සංවේදී මෙවැනි ස්ථානවලට අතතැබීම අනාගතයේ බරපතල ගැටලුවලට අතවැනීමකි.

:       25       12

samjay Wednesday, 08 November 2017 03:20 PM

මේ අය බලේ ඉන්නයි හදන්නේ... බුද්ධාගමට මොනවා වුණත් කමක් නැහැ..

:       23       0

kalpa Tuesday, 14 November 2017 01:15 PM

නායක හාමුදුරුවෝ කිව්වේ ශ්‍රීපාදස්ථානය අයිති රත්නපුර දිස්ත්‍රික්කයට කියලා. එහෙමනම් අඹගමුවට අයිති වුනේ කොහොමද? පැහැදිලි කර දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site