IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය ජන අයිතියට

 

(ලහිරු හර්ෂණ)


මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කෙරුණු නව  පෙට් ස්කෑන් යන්ත්‍රය අද (01) පෙරවරුවේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින්  ජනතා අයිතියට පත් කෙරිණි.

රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මගින් රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර හැකිය.

පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයන පසුබිමක ජනතා සහය මත මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා රෝහලට හැකි වී ඇතැයි එම අවස්ථාවවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 



අදහස් (42)

අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය ජන අයිතියට

සඳුන් Sunday, 01 April 2018 12:49 PM

"අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි" .... අලුතින් ඇමතිතුමාට ජනතා අයිතියට පත්කරන්න දෙයක් නෑ. මේක ජනතාවගේ සල්ලි වලින්ම ගත්තු දෙයක්නේ. අනුන්ගේ දේවල්වලට ලකුණු දාගන්නේ වෙන කෙනෙක්...

:       779       2472

Chandana Fernando Sunday, 01 April 2018 01:00 PM

මෙම ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට අධාර කරපු සැමදෙනාටම පින් සිදුවේවා! නිදුක් නීරෝගී බව ලැබේවා !!!

:       0       1844

de silva Sunday, 01 April 2018 01:41 PM

හරිනම් මේවා රජයෙන් කරන්න ඕනේ වැඩ... මොහමඩ් මහතා මූලික වෙලා ජනතාවගේ පරිත්‍යාගයෙන් මේක කළාම ලැජ්ජා නැතුව මෙය එනවා විවෘත්ත කරන්න. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත්, දැන් තියන යහපාලන ආණ්ඩුවත් විනාශ වුනේ මෙවැනි පුද්ගලයින් අතලොස්සකගේ ක්‍රියා කලාපය නිසායි.

:       403       1594

abaran Sunday, 01 April 2018 01:54 PM

සඳුන්ගේ කතාව ඇත්ත... මේක විතරක් නොවෙයි රජයේ අරමුදල් වලින් ගන්න හැම දෙයක්මත් ජනතාවගේ සල්ලි... අපේ රටේ ජනතාවගේ මුදල් වියදම් කරලා කරන සෑම කර්තව්‍යයක්ම ඇමතිවරු විවෘත්ත කරලා ජනතාව මෝඩයට අන්දනවා...

:       0       609

Perakum Sunday, 01 April 2018 02:28 PM

මෙයට ප්‍රධාන හා මූලික දායකත්වය දැරූ මොහමඩ් මහතා ගැන සඳහනක් නැත්තේ මන්ද?

:       1       1368

arschfikaaSunday, 01 April 2018 09:20 PM

පැරකුම්, ඔබගේ ප්‍රශ්නය මම අගයකරමි.

:       0       198

පුජාපිටියේ සාසනවංස හිමි Sunday, 01 April 2018 09:38 PM

පැරකුම් මහත්මයා ගේ ප්‍රශ්නය අසන ප්‍රශ්නයම මාත් අහනවා. ඇයි මොහමඩ් මහත්මයා ගැන සඳහනක් නැත්තේ? එතුමා නේ තම පුතා වෙනුවෙන් අරමුදල් රැස් කළේ. පැරකුම් මහත්මයෝ අපේ රටට ලොකුම පිළිලය මේ දේශපාලුවෝ.

:       0       896

etara helayaMonday, 02 April 2018 10:44 AM

මොහොමඩ් ඇතුළු අනිකුත් දාන පතියන්ට ඇරයුම් කරන්න තිබුනා.

:       1       98

ROSHAN Sunday, 01 April 2018 03:13 PM

ඇත්තටම මේක පෙළපාලි යන්න දෙයක්ද? මහජනතාවගේ මුදලින් යැපිලා රටම කාබාසිනියා කරනවා.

:       245       453

theshanMonday, 02 April 2018 02:16 AM

රොෂාන්, මේක පෙළපාලියක් නොවෙඉ...........හොඳට බලන්න සාමකාමී පාගමනක්.

:       463       212

Indhika Sunday, 01 April 2018 03:24 PM

ජනතාව සල්ලි එකතු කරලා ගත්ත එක මෙයා මොකටද ගිහින් විවෘත්ත කරන්නේ? නිකම් බැණුම් අහගන්න වැඩ කරන්න එපා... ලැජ්ජාවක් ඇත්තේම නැද්ද?

:       110       417

lusena Sunday, 01 April 2018 03:55 PM

ලංකාවේ ඇමැතිවරු 5 දෙනෙක් තමන්ගේ අධි සුඛෝපබෝගී වාහන වලට යන වියදම හෝ අගමැතිවරයාගේ එක වෙඩි නොවදින රථයකට යන වියදම් කල මුදල මේ සඳහා වෙන් කළානම්, මෙයට බොහෝ කලකට පෙර අවසන් කල හැකිව තිබූ කාර්යයකි.

:       0       785

ramaMonday, 02 April 2018 05:55 AM

ඇත්ත තම ඇමති කෙනෙකුට කාර් එකක් ගන්න කොටි 8 ක් දෙන්න පුළුවන් ආණ්ඩුවකට මේකට කෝට් 20 ක් දෙන්න බෑ . කොහොම හරි ඔක්කොම ජනතාවගේ සල්ලි.

:       0       205

RD Sunday, 01 April 2018 03:56 PM

ලැබුණු සල්ලි වලින්, ලැබුණු පොළියෙන් වගේ ගන්න ඇත්තේ..

:       333       117

සුදත් ශ්‍රී Sunday, 01 April 2018 06:08 PM

මොහොමඩ් මහත්තයත් අන්තිමට කීවේ සමහර මාධ්‍ය ආයතන මේකට ලකුණු දා ගන්න හැදුවා කියලා. කොහොම වුනත් අපි මේක දැනගත්තේ "මනුසත් දෙරණින්". එයාල දක්වපු දායකත්වය අවතක්සේරු නොකල යුතුයි.

:       538       1542

janatha anura Sunday, 01 April 2018 07:04 PM

ආර් ඩී ඔබගේ සර්ව අසුබවාදී මනසින් රටට වෙන සෙතක් නැහැ ඔබට වෙන සෙතකුත් නැහැ. අපි මේකට දායක වුනත් කිසිම ඇමති කෙනෙක්, හිටපු ඇමතියෙක්වත් සත පහක් දුන්නේ නැහැ

:       1       869

sam Sunday, 01 April 2018 09:15 PM

නිකම් නම දාගන්න විතරයි ඉන්නේ.

:       0       42

duminda Monday, 02 April 2018 12:52 AM

මොහමඩ් මහතාට ගොඩක් ස්තුතියි.

:       20       224

piyaswna Monday, 02 April 2018 03:08 AM

මනුසත් දෙරණ කරපු දේ ගැන කවුරුත් කතා නැ.අපි දැන ගත්තේ මනුසත් දෙරණෙන් තමා

:       9       195

pradeep Monday, 02 April 2018 03:10 AM

මේවා මනුස්ස කම් තියෙන මිනුස්සුන්ගේ සල්ලි මේ ගොල්ලෝ ලෙඩක් හැදුනහම් පිට රට යනවා බෙහෙත් ගන්න ඒ කාගේ සල්ලිද

:       0       126

sathyapala Monday, 02 April 2018 03:28 AM

දේශපාලකයෝ රටේ සල්ලි පරිස්සමින් වියදම් කර මුදල් කළමනාකරණය කර මෙවැනි දේවල් රටේ ජනතාවට ගන්නවා වෙනුවට වංචාවෙන් හොරකමින් ගසා කෑ මුදලින් අදික ලෙස සුපිරි ජිවිත ගත කරන්නට ගොස් සුපිරි කෑම ගිල දමා ලේ නහර අවහිර වූ විට ඒවා සකස්කර ගන්නට නැවත ජනතා මුදලින් විදෙස් රටවල සැත්කම් කර මේ යන්ත්‍රය වගේ කිහිපයක් ගතහැකි මුදලක් වැයකර, ඉන්පසුත් නැවත ජනතා මුදල් වලින් මස් මාළු ගිලින මෙවැනි තිරිසන් සතුන් වැනි සමහරුන් මේ ලොවින් චුත වේවා කියා ප්‍රාර්ථනා කරනවා හැර මටනම් වෙන කිවහැකි දෙයක් නැත.

:       0       117

KANDEPOLA Monday, 02 April 2018 03:45 AM

ඇත්තටම මේ ඇමතිවරු ලජ්ජා නැති ජාතියක්. වෙන ලියන්න දෙයක් නෑ. සද්භාවයෙන් මේකට දායක වූ සැමට පින්.

:       0       288

kalpa Monday, 02 April 2018 03:48 AM

මෙය ජනතා අයිතියට කීම සම්පූර්නයෙන්ම වැරදියි මෙය මිලටගත්තේ ජනතාවගේ මුදලින් මෙහිදි සිදුවෙලා තියෙන්නෙ ජනතා දේපලක් රජයේ අයිතියට පත්කිරීමක් දැන් ඉතින් මේ රෝහලේ( එම අංශයේ) සිටින සේවකයන්ට ඉක්මන් පරීක්ෂණ ලබාදීල මුදලක් සොයාගන්න පුලුවන් මෙම රොහලේ එම කටයුතු ඉතාම සාර්තකව සිදුවෙනවා කියන්න කණගාටුයි මමත් ඔවුන්ගේ සේවය ලබාගෙන තිබෙනවා

:       0       80

Rasi Monday, 02 April 2018 03:52 AM

මුලින්ම මේකට දායකත්වය දක්වපු මොහොමඩ් මහතාට විශේෂයින් ස්තුතිය පිරිනමන්ට ඕන. ඒ වගේම මේ සදහා දායකත්වය දැක්වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ට බොහෝ පින්. හැබැයි රජය මේකට කිසිදු දායකත්වයක් දැක්වුයේ නැහැ. නමුත් පලකය දැක්කම, අපේ රට දේශපාලනය ගැන පුදුම කල කිරීමක් ඇති වෙන්නේ.

:       11       738

ama Monday, 02 April 2018 04:00 AM

ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි .............

:       0       197

ranjith Monday, 02 April 2018 04:55 AM

ඕක ආරම්භ කලේ මොහොමඩ් මහත්තය තමයි. නමුත් ඔහුට සුළු මුදලක් හිගයක් ආවා. අන්තිමට ඉතා සුළු මුදලක අඩුපාඩුව සපුරගන්න දෙරණ ආයතනය සහයෝගය දුන්නා.

:       136       169

NOEL Monday, 02 April 2018 05:09 AM

පෙට් ස්කෑන් යන්ත්‍රය ගන්න මුලික වුනු මොහමඩ් මහතාගේ පුතාගේ නමින් මේ යන්ත්‍රය තියෙන වාට්ටුව නම්කලොත් හොඳයි නේද ?

:       109       198

රජින්ද Monday, 02 April 2018 05:53 AM

මුදල් එකතු කලේ අහිංසක දුප්පත්-පොහොසත් සහ මධ්‍යම පාන්තික ජනතාව. එහෙම ඔක්කොම කරලා පුවරුවේ තියෙන නම්-ගම් දැකලා පශ්චාත්භාගයෙන් හිනා යනවා. මිනිස්සු මුදල් එකතු කරලා ඔවුන් විසින් තමන්ගේ නොව පොදු ජනතාවගේ සුඛවිහරණයට කරන ලද ව්‍යායාමය දේශපාලනය විසින් මෙසේ විකෘති කරන්නේ නම්, මේ රටට දේශපාලනයක් අවශ්‍ය නොවේ.

:       0       126

Rajitha Monday, 02 April 2018 06:18 AM

ලැජ්ජා නැතිකම ඇමතිකමටත් වඩා ලොකුයි කියා පෙන්නපු තවත් අනගි අවස්ථාවක්. ජනතාවගේ මුදලින් ගත්ත පෙට් ස්කෑන් යන්ත්‍රය තමන් දුන්නා වගේ පෙන්නන්න හදන්න දඟලන, අනුන්ගේ පහනෙන් එළිය බලන්න හදන්න දඟලන, පා ගමන් යමින්ම හා ජනතාවගේ කාලය කා දමමින් තමන් වගේම ජනතාවත් කාලකන්නි කරන්න හදන, දත් ගලවා නැව් ගත්ත රටටම විනයක් සහ වනයක් වුණා.

:       0       214

ලපයා Monday, 02 April 2018 06:32 AM

රජයට වත්, දියවන්නාවේ රජ සැප විඳින උදවියටවත් දොස් කියන්න එපා. ඒ අයව පත් කලේ මෝඩ මහජනතාව. ඒ උත්තමයින්ට යන්න එන්න කෝටි ගණන් වෙන් කලේ සුඛෝපභෝගී වාහන ගේන්න මිසක් ඡන්දෙ දීපු අහිංසක ජනතාවට අසනීපයකට ප්‍රතිකාරයක් කරන්න අවශ්‍ය උපකරණ ගෙන්වන්න නෙමෙයි. සනීපද දැන්...? ලැජ්ජාව කියන එක දේශපාලකයින්ට නැහැ කියන එක ඔප්පු කරන එක උත්සවයක් පමණි මේක.

:       0       99

siri Monday, 02 April 2018 06:52 AM

මෙවැනි දෙයක් ගන්න තරම් බැරි ආණ්ඩුවක්ද මේ? මිල කෝටි 20 ක පිලිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය උපකරණයක්. ඡන්ද 5000ක් ගත්ත කෙනොට කෝටි 7ක වාහනයක්.. අනේ මෙහෙමත් යමපාලන පාණ්ඩුවක්?

:       1       102

Sampath Monday, 02 April 2018 07:55 AM

මෙය ජනතා අයිතියට පත්කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇත්තේ මොහොමඩ් මහතාට සහ දෙරණ නාලිකාවට පමණි.

:       0       259

දිලුම් Monday, 02 April 2018 08:29 AM

මොහොමඩ් මහතාට අඩුමතරමේ මේකට ආරාධනා කරන්න හරි තිබුණා. අපේ මිනිස්සුමයි මේ කාලකණ්ණි දේශපාලකයින් උඩ තියාගෙන දඟලන්නේ. අපේ රටේ ඉන්නේ මේ කාලකණ්ණි දැක්කම ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටින, ඒ අය එනකොට අපි කාණුවට බහින, දුවගෙන ගිහින් කාර් එකේ දොර අරින මහ මෝඩ ජනතාවක්. ඒකයි මේ අය මේ තරම් උඩ යන්නේ.

:       0       66

kap Monday, 02 April 2018 09:08 AM

ඈත්තටම මෙවෑනි දේවල් වලට ඈමතිලා නම් දා ගෑනීම හරිම ශෝචනීයයි.

:       0       42

athula Monday, 02 April 2018 10:43 AM

කොහොමත් රටේ අවශ්‍ය දේවල් වලට සල්ලි නැහැ , මොහොමඩ් මහත්තයා ඔබට මහත්සේ පිං.

:       0       57

de silva berlin Monday, 02 April 2018 11:02 AM

හරිනම් මේවා ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කලයුතු වැඩ... මොහොමඩ් මහතා ප්‍රමුඛ ජනතාවගේ පරිත්‍යාගයෙන් මේක මිලදී ගත්තම එනවා මිනිස්සු 1000ක් විතර අරගෙන පෙළපාලියකින් පාරේ භාගයකුත් වහගෙන බෑන්ඩ් එකකුත් ගහගෙන මේක විවෘත්ත කරන්න. මම සෞඛ්‍ය ඇමැතිනම් මේක විවෘත්ත කිරීමට තබා ලැජ්ජාවට මේ පැත්ත පළාතක යන්නේ නැහැ.

:       0       47

Suneth Monday, 02 April 2018 01:16 PM

මේකට මේ එක ඇමති කෙනෙක් එක රුපිලියක්වත් දීලාද?

:       0       0

thilina Monday, 02 April 2018 01:40 PM

දුප්පත් රෝගීන් මේ ස්කෑන්වලට වියදම් කරන්න සල්ලි නැති බව දන්නේ දැන්ද? ඒකනේ ජනාදිපති අරමුදලෙන් හෙම්බිරිස්සාවටත් සිංගප්පූර්, එළිසබෙත් යන්නේ...

:       0       1

de silva berlin Monday, 02 April 2018 01:58 PM

ජනතාවගේ මුදල් පරිත්‍යාගයෙන් ගෙනාපු මේ යන්ත්‍රය විවෘත්ත කරන්න මේ වගේ අනවශ්‍ය විදිහට යතුරුපැදි සහ ජනතාව යොදාගෙන පාරේ වාහන ගමනාගමනයට අවහිර කරමින් ගමන් කරනකොට පාරේ වාහන තදබදය වැඩිවී වැඩි වැඩියෙන් විෂ දුම් පරිසරයට මුදාහැරිම නිසා සිදුවෙන වායු දූෂණය පිළිකාවලට සහ තවත් ලෙඩරෝගවලට අතවැනීමක් බව මේ සෞඛ්‍යය ඇමතිවරයාට නොතේරෙන එක ජාතියේ අවාසනාවකි.

:       0       15

surath Monday, 02 April 2018 02:39 PM

අද හුඟක් දේශපාලනඥයින්ගේ ලැජ්ජා නහරය කපලා. මෙයත් ඒ එක්කෙනෙක්...

:       69       91

Roy Tuesday, 03 April 2018 04:40 AM

මම මේ සඳහා යම් මුදලක් පරිත්‍යාග කළා .මම විශ්වාස කරන්නේ මොහොමඩ් මහතා පමණි. මේ උත්සවයට සහා බාගී විය යත්තේ කියලා .දේශපාලකයෝ කොහත්ම මේකට සහබාගී නොවිය යුතුය .

:       17       23

Banda Kandy Tuesday, 03 April 2018 08:14 AM

ලොකු ගල් පුවරුවක් ගහල... අහවල් අහවල් දේශපාලකයාගේ උපදෙස් අනුව කියල ..... මුලිකත්වය අරන් දුන්නු මෝහම්මෙඩ් මහත්තයාගේ නමවත් නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site