IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අපේක්ෂකයෝ එකම වේදිකාවක

මෙවර ජනාධිපතිවරණයට  ඉදිරිපත් වන  සියලුම   අපෙක්ෂකයන්  එකම  වේදිකාවකට  ගෙන එමින්  ඔවුන් ඉටුකිරීමට  බලාපොරොත්තු වන ප්‍රතිපත්ති  පිළිබඳ අදහස්  ඉදිරිපත්  කිරීමට  අවස්ථාව සලසමින් සහ මහජන ගැටළු සඳහා  ඔවුන්ගෙන් පිළිතුරු ලබාදීමට අවස්ථාව සලසමින් මාර්තු  12 ව්‍යාපාරය විසින් සංවිධානය කළ  මහජන  වෙිිදිකා   වැඩසටහන කොළඹ  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී  අද(05)  සවස  පැවැත්විය.

මෙම අවස්ථාවට  ජනාධිපති  අපේක්ෂකයන් වන  අමාත්‍ය  සජිත් පේමදාස, අනුර  කුමාර දිසානායක, ජෙනරාල්   මහේෂ් සේනානායක,  අජන්තා  පෙරේරා, දුමින්ද  නාගමුව, රොහාන්  පල්ලෙවත්ත, සරත්  මනමෙිින්ද්‍ර,  සිරිතුංග  ජයසූරිය, ආරියවංශ  දිසානායක  යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මාර්තු  12 ව්‍යාපාරයේ  මෙහෙයුම්  කමිටු  සාමාජිකා සාමදානී  කිරිවන්දෙණිය  මහත්මිය විසින්  මහජන  වෙිිදිකාව මෙහෙයවනු  ලැබීය.


ඡායාරූප   චතුර එස් .කොඩිකාර



අදහස් (43)

අපේක්ෂකයෝ එකම වේදිකාවක

Dr. Vajira Fernando Saturday, 05 October 2019 02:53 PM

ඉතාමත් හොඳ දෙයක්... මෙය ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම මැතිවරණ කොමිසමේ අවසර ඇතිව සියලුම රුපවාහිනී නාලිකාවලින් සජීවීව විකාශය කළ යුතුයි.

:       0       1462

RaveendraSaturday, 05 October 2019 03:39 PM

ඇත්තෙන්ම ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. එමෙන්ම දේශපාලන රැස්වීම තහනම් කර සෑම තරගකරුවෙකුටම සියලුම රුපවාහිනි නාලිකාවල සමාන ගුවන් කාලයක් ලබාදීමට මැකෝ කටයුතු කරන්නේ නම් එය මහජනතාවට කරන මහඟු සේවයකි. අප එසේ පවසන්නේ මාර්ග අවහිරවීම් මිනිසුන්ගේ වටිනා කාලය, මිලමුදල් නාස්තිය දේපළ නාස්තිය වැනි එකී මෙකි නොකී නාස්තින් වළක්වාගත හැකි නොවේද? විශේෂයෙන් මහජනතාවට අවහිර වෙන ලෙස මහජන නියෝජිතයන් යයි කියාගන්නා රිලවුන් මාර්ග අවහිර වෙන ලෙස නිලමස්සන් සමග ගමන්කිරීම "යකඩ කටවල් වලින් නැගෙන මරලතෝනි", පරිසරය විනාශ වෙන පරිදි කරන්නාවූ සැරසිලි, හැලිවඳුරන්ගේ මුහුණු සහිත විශාල ඡායාරුප වැනිදේවල් වළක්වාගත හැකි නොවේද?

:       0       2026

Sanath KandySaturday, 05 October 2019 04:40 PM

ඔබගේ අදහස් අප වැනි පහත් මාධ්‍ය සංස්කෘතියක් ඇති රටකට ප්‍රයෝගිකදැයි කල්පනා කර බලන්න. ඇතැම් රූපවාහිනි නාලිකා තම තමන්ගේ හාම්පුතුන්ගේ වුවමනාවට අනුව අපේක්ෂකයන් දෙදෙනෙක්ට පමණක් දවල් රෑ නැතුව කඩේ යද්දී අනිත් අපේක්ෂකයන් ගෙදරට වෙලා ඉන්න කියලද කියන්නේ? ඔවුන්ට තමන්ගේ මතය, වැඩපිළිවෙල ජනතාව අතරට ගෙනයන්න ක්‍රමයක් තිබිය යුතුයි..

:       6       117

තන්ත්‍රිSaturday, 05 October 2019 05:39 PM

එහෙම කළොත් ලවුඩ්ස්පීකර්, ඉස්පීකර්, වේදිකා සැරසිලි බිස්නස් එක, පෝස්ටර්, ලීෆ්ලට්, බැනර් හදන මුද්‍රණ ආයතනවලට... ඒ වගේම විශේෂයෙන්ම විවිධ ස්ථානවල මේවා අලවන එම අපේක්ෂකයින්ගේ සේවක මහතුන්ට සහ එම සේවක මහතුන් වෙනුවෙන් විකිනෙන අරක්කු සහ කෑම සැපයීමේ ව්‍යාපාරවලට වෙළඳාමක් නැතිවෙනවා නේද?

:       8       13

RaveendraSunday, 06 October 2019 02:55 PM

සනත් කැන්ඩි මයා වෙත, ඔබලාගේ අදහස් වලට ගරු කරන්නෙමු. ඇත්තෙන්ම අප සඳහන් කලේ "මැකෝට" එසේ කළ හැකි නම් (සෑම කෙනෙකුටම සමාන ගුවන් කාලයක් නාලිකාවල ලබාදීමට හැකිනම්) එය සියලුම ලාංකිකයින්ට මැකෝ කරනා අගනා සේවයකි. මේ අවස්ථාවේ නීතිප්‍රකාර බලතල මැකෝවෙත වැඩිපුර තිබෙන බැවින් එම නීතිවලින් තමන් උපන් රටට එවන් සේවයක් කිරීමට මැකෝ පියවර ගන්නේ නම් එය ඉතිහාස ගතවනු ඇත. කාරුණිකව මධ්‍යස්ථව සිතමු. වේදිකාවල තිබෙන අනේකවිධ විකාර මිනිසුන්ට මලවදයක් නොවන්නේද? මේ එකඑක මූසල හැලිවඳුරන්ගේ ඡායාරූප දැකීමෙන්ම මිනිසුන්ගේ රුධිර පීඩනය වැඩිනොවන්නේද? ඒ මදිවට මෙම හැලිවඳුරන් කියන කෙබර... අප විශ්වාස කරනවා. මෙය මැකෝට කිරීමට හැකි නම් නුදුරු අනාගතයේදී වත් මෙම මී හරකුන් ඉදිරි මැතිවරණවලට එසේ පෙළගැසෙනු ඇති යන්න...

:       0       134

SLPPSaturday, 05 October 2019 04:03 PM

කොලේ බලාගෙන කියන්න දෙනවානම් විතරයි අපි අපේ අපේක්ෂකතුමා එවන්නේ. අනුර කුමාරට අඩුවෙන් කාලය දෙන්න ඕන. එයාගේ කතා අහලා අපේ අපේක්ෂකතුමාගේ රුධිර පිඉදනය වැඩිවෙන්න ඉඩ තියෙනවා.

:       349       513

FernandoSaturday, 05 October 2019 04:17 PM

ඇමෙරිකන් පුරවැසියා අමෙරිකාවෙදිවත් දැකලා නැද්ද දන්නේ නෑ මේ වගේ වැඩසටහන්. මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව වටහා ගනීවි කාටද මේ රට මේ වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්න පුළුවන් සැබෑ යතාර්ථවාදී වැඩපිළිවෙලක් තියෙන්නේ කියලා. අපිට දැන් හොදටම පේනවා ඒ දැක්ම, කැපවීම හා අවංක උවමනාව ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාට විතරයි කියලා

:       171       210

Nissanka Saturday, 05 October 2019 02:59 PM

පොහොට්ටුවේ අපේක්ෂකයා ආවේ නැත්තේ ඇයි? මෙහෙම මගෑරලා ගියොත් මිනිස්සු හිතයි මුහුණ දෙන්න බයේ ආවේ නැහැ කියලා. කොලේ බලාගෙන කියන්න දෙන්න කියලා සංවිධායක කමිටුවෙන් අවසර අරගෙන හරි එන්න.

:       2286       4098

NishanSaturday, 05 October 2019 10:24 PM

ඇවිල්ලා මොනවා කියන්නද කියලා හිතෙන්න ඇති.............

:       0       22

නාපති USA Saturday, 05 October 2019 03:29 PM

මේක ඇමරිකාවේ සිදුකරන දෙයක් . නමුත් වසර ගානක් ඇමරිකාවේ හිටපු කෙනා මොකද ආවේ නැත්තේ ?

:       2       23

රුවන් Saturday, 05 October 2019 03:42 PM

භය ගෝඨා... කියලා නම වෙනස් කරමු.

:       1915       3098

රෝහන්තSunday, 06 October 2019 01:52 AM

මොකටද ගෝඨා එන්නේ? ගෝඨා දැනටමත් දිනලා ඉවරයිනේ. පරාජිතයෝ එක්ක එකට ඉදගෙන ඇයි කාලේ නාස්ති කරන්නේ?

:       6521       2211

ගල් බමුණා Sunday, 06 October 2019 04:46 AM

එයාට එහෙනම් සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලටම වෙලා ඉදලා මෙහෙ ඉන්න බයියෝ ටික එයා දිනෙව්වම එන්න කියන්න. 2015 එයාගේ අයියා හිතාගෙන හිටියෙත් දිනුම් කියලා තමයි.

:       5       1346

සෙල්ලදොරිSunday, 06 October 2019 05:21 AM

දන්නේ නැද්ද ජනපති තීරණය කරන්නේ සුළු ජාතීන් කියලා? දැනටමත් දෙමළ සහ මුස්ලිම් අය මීලග ජනපති කවුද කියලා තීරණය කරලා ඉවරයි. ගෝඨට අබසරණයි.

:       14       354

බන් ගොයියා Saturday, 05 October 2019 03:56 PM

කෝ අපේ ගෝඨාභය මැතිඳුන්? අසනීපෙන්වත්ද? ඉක්මනට සිංගප්පූරුවට ගිහින් සනීප වෙලා එන්න. ඇවිත් කොහොම හරි ඊළඟ වැඩසටහනටවත් සහභාගී වෙන්න. මේ ජෙප්පෝ අපිට කින්ඩිය දානවා ඔබතුමා සංවාදෙට ආවේ නැහැ කියලා...

:       2248       1602

SLSaturday, 05 October 2019 06:14 PM

එයා ගේ කතා ටික අහලම බලන්නකෝ. කොහොමටත් ජවිපෙ, සජිත් , හිටපු හමුදාපති ආව කියන්නේ අලි පැටවූ ටික ආව වගේ ගතියක් තමයි. ගොට ඉන්නේ සිංගප්පුරුවේ කියල මේක සංවිධානය කරපු එන්.ජී.ඔ .ඩොලර් කාක්කෝ ටික දන්නවනේ.මොනවා උනත් මෙවර බහුතර වුර්තිකයින් ඉන්නේ ගොටගේ පැත්තේ.රනිල් හාමුගේ ගෝලයෝ ටික දැනට සතුටු වුනාවේ.

:       48       6

NishanSaturday, 05 October 2019 10:25 PM

එතුමාට අන්තිම මොහොත වෙනකන්ම කියන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වෙන්න ඇති.

:       1       2

abiya Saturday, 05 October 2019 04:58 PM

කතාවට වැඩිය හොඳයි ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වීම...

:       0       184

vidya Saturday, 05 October 2019 05:27 PM

මෙය තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ගෝඨාභයවත්, මහින්දවත් මේවගේ වැඩසටහන්වලට එන්න තරම් හැකි පුද්ගලයන් නෙමෙයි. මේ ගොල්ලන් මග අරිනවා. කෝ නාගානන්ද? හැලිලද? ගෝඨා හොඳම අවස්ථාව නැතිකර ගත්තා. දැන් ඉතින් සාස්තරකාරයන් පස්සේ ගිහින්... ඉන්දියාවේ දේවාල ගානේ තමයි යන්න වෙන්නේ...

:       1       93

පී දයානන්ද Saturday, 05 October 2019 10:00 PM

ගෝඨා මහත්තයා ඔබ මෙතන ආවේ නැතුවට කමක් නෑ.ඔබ රට ගිහිල්ලා කරගත යුතු වැඩ ටිකට මේ වෙලාවෙ මුල්තැන දෙන්න. අපි දන්නා තරමින් ඔබ කටින් බතල කොළ නොහිටවන, කතා අඩු, හරි වැඩ කොටස වෙලාවටත් කලියෙන් කරන අයෙක්.

:       16       2

athuraMonday, 07 October 2019 04:44 AM

වටේ ඉන්න කුක්කන් විතරක් දැන ගත්තහම ඇතෙයි...

:       0       1

ranjith Saturday, 05 October 2019 11:41 PM

හොද දෙයක ආරම්භයක්. දේශපාලන නායකයෝ ලෙස බුද්ධිමත් අය එදිරිපත් කළ යුතුයි. තමන්ගේ ප්‍රතිපත්ති කියන්නේ නැතුව අනෙක් පක්ෂ වලට මඩ ගහන අනෙක් පක්ෂ වල අර්බුධ නිසා දිනන්න පුළුවන් කියන තුට්ටු දෙකේ කතා අහල එපාවෙලා. ඡන්දෙට එන්නේ මේ රට බොහෝ කාලයක් පාලනය කරපු පක්ෂ.ඒ උනාට රට තියෙන තැන කොතනද? අනාගතයේ අපේ දරුවන්ට හොද රටක් බිහි කරන්න.

:       0       131

gunarathna Sunday, 06 October 2019 01:38 AM

ගෝඨා අවේ නැත්තේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඡන්දෙට ඉදිරිපත් වෙන්න ලැබෙයිද කියලා තාම දන්නේ නැති නිසා. මොකද එන්.ජී.ඕ නඩේ තාම උත්සාහ කරන්නේ කරන්නේ ගෝඨව හිර කරන්න.ඉතින් එතුමාගේ අදහස් මෙතෙන්ට වැඩක් නැහැ කියලා තමා ගෝඨා හිතන්නේ.

:       442       11

VajiraSunday, 06 October 2019 04:36 AM

අනුර කුමාර ඉන්න කිසිම වේදිකාවකට හරි සංවාදෙකට හරි ගෝඨා එන්නේ නැහැ. මොකද අනුරගේ චෝදනාවලට දෙන්න උත්තර එයා ලග නැති නිසා.

:       111       1141

Nalaka Sunday, 06 October 2019 01:40 AM

ලොව දියුණු රටවල් වල වගේ මෙවැනි දෙයක් පළමු වරට හරි පටන් ගැන්ම අගය කරනවා. ජනපතිවරණයට පෙර තෙවතාවක්වත් සියලු අපේක්ෂකයන් අතර විවාදයක් ස්වරුපයෙන් මෙය පැවැත්විය යුතුයි.

:       13       195

මාවිල්මඩ වජිර හිමි Sunday, 06 October 2019 04:42 AM

ලෝකේ දියුණුම රට කියාගන්න ඇමෙරිකාවේ හිටපු පුරවැසියාට ඒක තේරෙන්නේ නැති එක තමා කණගාටුව. එයා හිතන්නේ ලංකාවේ මිනිස්සු තවම නොදියුණු ජන කොටසක් කියලා වෙන්න ඇති. ඒ නිසා තමා සංවාදෙට එන්නේ නැතුව මග ඇරලා ගියේ.

:       3       528

nishantha Sunday, 06 October 2019 03:07 AM

උත්තර කොළේක ලියාගෙන එන්නයි ලියල දුන්න ප්‍රශ්න පමණක් අහන්නයි සංවිධායක කමිටුවෙන් අවසර අරගන්න පුළුවන් උනානම් බය නැතිව එන්න තිබ්බා. නමේම බය කොටලා ඇති කෙනාට. උසාවි ගැනයි සොහොන් ගැනයි අහන්න තහනම් කළා නම් බය නැතුව එනවා.

:       1799       3493

amila Sunday, 06 October 2019 03:16 AM

නාගානන්ද කොඩිතුවක්කු කැපුනද? කැපුවද?

:       0       2003

FernandoSunday, 06 October 2019 04:10 AM

එයා ඡන්දේ ඉල්ලන්නේ යු ටියුබ් එකේ විතරයි.

:       1       2033

Sanath KandySunday, 06 October 2019 04:14 AM

නාගානන්ද මහතා විසින් සමාජගත කරන ලද යහපත් කතිකාවන් යතාර්ථයක් බවට පත් කළ හැකි එකම අපේක්ෂාවේ අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පමණයි. නාගානන්ද මහතාගේ ආශිර්වාදය ඔහුට හිමි වනු ඇතැයි මම සිතමි.

:       1909       1608

kuma Sunday, 06 October 2019 03:30 AM

ගොන් අලි පැටියයි. රතු අලි පැටියයි.එකම ගාලේ.

:       2935       1860

NissankaSunday, 06 October 2019 04:09 AM

බයියන්ගේ අපේක්ෂක ආවේ නැත්තේ රුධිර පීඩනය වැඩිවෙලා හදිසියේ සිංගප්පුරු ගෙනියන්න වෙයි කියලද?

:       1820       3849

FernandoSunday, 06 October 2019 04:26 AM

යුද්දෙට බයේ ඇමෙරිකාවට පැනලා ගිය කෙනා සංවාදෙට එන්නෙත් නැතුව පැනලා ගිහිල්ලා.බයියොන්ට දුකයි දුකයි දුකා......යි.

:       52       1050

Raveendra Sunday, 06 October 2019 04:48 AM

බලය ගන්න තිබෙනා උනන්දුව ඇග පුරා අපේ......ලැබුනට පසුව නැහැ කෙරුමට වැඩ හිතේ අපේ....

:       1       8

amila Sunday, 06 October 2019 05:40 AM

ප්‍රශ්න අහන එකයි උත්තර දුන්න එකයි ඉතින් අපේ දේශපාලන ඉතිහාසේ පුරාම සිද්ධ උන දෙයක්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ දේශපාලකයෝ උත්තර දුන්න විදියටම වැඩ සිද්ද නොවුන එක. කතා නෙමේ අපිට ඕන වැඩ කරලා පෙන්නන නායකයෙක්.

:       26       30

rasika Sunday, 06 October 2019 05:55 AM

මේ වේදිකාවේදී කළ යුත්තේ එකිනෙකට අවලාද කරගැනීම නොවේ.තමන්ගේ ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩපිළිවෙල සමාජගත කිරීමයි.නමුත් අනුර සහෝදරයා සහ සජිත් ප්‍රේමදාස තමන්ගේ සියලු කතාවලින් අනෙක් අපේක්ෂකයාට මඩගැසීම හැර වෙන දෙයක් කරනවා පෙන්නේ හරිම අඩුවෙන්.

:       132       294

SamanSunday, 06 October 2019 06:44 AM

එහෙම කරන්නවත් අරය ආවේ නැහැනේ ?

:       3       92

RaveendraSunday, 06 October 2019 08:00 AM

ඔබගේ වැදගත් අදහස් අප අගය කරන්නෙමු. " දේශපාලන අසුචි වලේ උදේ සවස අසුචි කෙලියේ යෙදිමින් ඉන්න මෙවන් ඌරන් " සැමවිටම දකින්නේ අනිකාගේ වැරදි බවට මෙය කදිම උදාහරණයකි.මෙම කාලකන්නි න්‍යාය ඔබ මෙන් අපද දශක කීපයක් පුරාවටම දැක තිබෙනවා නොවේද ? අපි හරි පිරිසිදු " කබරයන්ය " අනිත් සියල්ලෝම අපිරිසිදුය යන ගොන් බුරු අපත න්‍යාය මෙම දේශපාලුවන්ගේ තකතීරු ශරීරයවලට මුල්බැස ඇතිබව ස්ථිරය.

:       24       64

VajiraSunday, 06 October 2019 08:14 AM

ඔයා අනුර සහෝදරයාගේ කතාවක් සම්පූර්ණයෙන්ම අහලා නැහැ වගේ රසික. ඔහු ඉතාම තාර්කිකව හා සාක්ෂි සහිතව වංචා, දූෂණ ගැන කරුණු ඉදිරිපත් කරනවා. එම චෝදනාවලට පිළිතුරු නැති වුණාම තමයි මඩ ගහනවා කියන්නේ. ඔහු මඩ ගහනවා නම් ඇයි කිසිම කෙනෙක් ඔහුට විරුද්ධව උසාවි නොයන්නේ? රටේ මහජන දේපළ මංකොල්ල කන දේශපාලුවන්ට විරුද්ධව කර්කශ ලෙස චෝදනා කරන එක සාධාරණ නැද්ද? ඔහුගේ එම නිර්භීතකමට රටක් ලෙස අපි ණය ගැතියි.

:       14       276

YapaSunday, 06 October 2019 04:21 PM

ඇයි එහෙනම් එයා එයාලම එකතුවෙලා ගෙනාපු ආණ්ඩුවේ වංචා, දූෂණ ගැන කතා නොකරන්නේ..? එයා දැනුත් කරන්නේ රනිල්ගේ වුවමනා පිරිමසාලීමක්... දන්නෝ දනිති.

:       29       3

RasikaSunday, 06 October 2019 04:27 PM

එ්කම තමයි මමත් කියන්නේ... එහෙනම් අනුර සහෝදරයාට කරන්න තිබුණේ දේශපාලනේ නෙමෙයි, පෙරකදෝරුකම. මොකද ඔහොම තාර්කිකව හොරු අල්ලන්න පුලුවන්නම් උසාවියට ගිහින් ඒවා තාර්කිකව ඔප්පු කරන්න. එහෙම උසාවියේදී ඔප්පු කරන්න බැරිනම්, ඔය කියන ඒවා අයිතිවෙන්නේ මඩ ගැසීම එහෙම නැත්නම්, අවලාද අපහාස ගණයට. රත්තරන් අස්සයෝ, ලැම්බෝගිනි, ඩුබායි වල බිලියන ගණන්, පොර්ට් සිටිය හදන්න ලංකාවේ ගල් මදිවෙනවා, හම්බන්තොට වාරයේ... ඔය වගේ ඒවා කලින් ඡන්දෙදි කිව්වා නේද? අනුර සහෝදරයා කරන්න ඕනේ තමන්ගේ ප්‍රතිපත්ති සහ රට දියුණු කරන වැඩ පිළිවෙල ඉදරිපත් කරන එකයි...

:       53       7

Jayantha Sunday, 06 October 2019 08:23 AM

කෝ ඉතින් 41ක් මෙතන නැහැනේ...

:       2       6

SAMEERA SAMPATH Monday, 07 October 2019 09:38 AM

දේශපාලන රැස්වීම තහනම් කර සෑම තරගකරුවෙකුටම සියලුම රූපවාහිනි නාලිකාවල හා සමාඡ ජාලාවල සමාන ගුවන් කාලයක් ලබාදීමට මැකෝ කටයුතු කරන්නේ නම් එය මහජනතාවට කරන මහඟු සේවයකි. අප එසේ පවසන්නේ මාර්ග අවහිරවීම් මිනිසුන්ගේ වටිනා කාලය, මිලමුදල් නාස්තිය දේපළ නාස්තිය වැනි එකී මෙකීනොකී නාස්තින් වළක්වාගත හැකි නොවේද? විශේෂයෙන් මහජනතාවට අවහිර වෙන ලෙස මහජන නියෝජිතයන් යයි කියාගන්නා රිලවුන් මාර්ග අවහිර වෙන ලෙස නිලමැස්සන් සමග ගමන්කිරීම "යකඩ කටවල් වලින් නැගෙන මරලතෝනි", පරිසරය විනාශ වෙන පරිදි කරන්නාවූ සැරසිලි, හැලිවඳුරන්ගේ මුහුණු සහිත විශාල ඡායාරුප වැනිදේවල් වළක්වාගත හැකි නොවේද? මෙවැනි දෑ සඳහා යන වියදමි ඉතිරි කර එම මුදල්වලින් ආර්ථිකයට සහනයක් එනම් බඩුමිල අඩු කිරීම් වැනි දෑ සිදුකළ හැකි නොවේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site