IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක්



(ඡායාරූප - ගයාන් අමරසේකර)

ශ්‍රී ලංකාවේ පරිසර නීතිය මගින් ආරක්ෂා කරන ලද තලංගම අවරිහේන තෙත්භූමිය හරහා කුළුණු මත අධිවේගී මාර්ගයක් ඉදිකර වනසා දැමීමට ගෙන ඇති පියවරට විරෝධය දැක්වීම සඳහා එම වෙල්යායේ කුඹුරු ගොවිතැනෙහි නියුතු ගොවීහුද, ප්‍රදේශවාසීහුද, පරිසරයට ආදරය කරන විදේශිකයින් පිරිසක්ද
එම වැව ආසන්නයේ අද (13) විරෝධතාවයක නිරත වූහ.
 



අදහස් (20)

අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක්

Widura Saturday, 13 February 2021 10:58 AM

හිටගෙන ඉන්න නෝනා මහත්තයාලා ටිකෙන්ම පේනවා...

:       28       24

gamunuSaturday, 13 February 2021 02:37 PM

අපිට නොපෙනෙන විදුරට පෙනෙන දේවල් හෝ වෙනස සුද්දෝ ඉන්න එක පමණද?

:       11       27

ruwanMonday, 15 February 2021 03:39 AM

එන්ජීඕ අනුග්‍රහයෙන් රඟදක්වපු නාට්‍යයක් කියලා තේරෙනවා...

:       3       1

vinividaSaturday, 13 February 2021 04:05 PM

අධිවේගී මාර්ග ඉදිකිරීම රටකට අවශ්‍ය දෙයකි. පළමුව පරිසරයට පළමු තැනදීම අත්‍යාවශ්‍ය වේ. වර්තමානයේ එම තෙත්භූමි ජලජ ශාක, ජලචර සතුන්, පක්ෂීන් දෙස් විදෙස්, එමෙන්ම ගොඩබිම්හි වාසය කරන්නා වූ සාවුන් සහ වෙනත් කුඩා වර්ගයේ මිලියන ගණනකගේ ජීවන චක්‍රයට සමීපව පවතින්නා වූ පරිසරයක් තුළ කරන්නාවූ සංවර්ධනය අමිහිරි එකකි. දෙවනුව මෙම සංවර්ධන කටයතු කරන දේශපාලකයන්, කොන්ත්‍රාත් කරුවන් සහ සම්බන්ධ කිසිඳු පුද්ගලයකු අධිවේගී මාර්ග ඉදිකර වූ ප්‍රදේශවල පදිංචි කරුවන් නොවීම නිසාත් ඔවුන්ට එම ප්‍රදේශවල සිදුවීමට නියමිත පරිසර හානිය නොවැදගත් නිසා සහ සියල්ල මුදලට යටවීම නිසා ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට තිබෙන්නා වූ සහ දැනෙන්නා වූ වටිනාකම ඔවුන්ට වැදගත් නැත. සංවර්ධන කටයුතු නිසා වර්තමානයේ සිදුවන පරිසර හානියට වඩා අනාගතයේදී සිදුවන බලපෑම සහ හානිය අපමණයි. විනාශවන සංවේදී පරිසර පද්ධතීන් යලිත් යථා තත්වයට පත්කළ නොහැකිය. එම නිසා යමක් කිරීමට පෙර සෑම කෝණයකින්ම කිහිප වරක් සොයා බැලීම ඉතාම වැදගත්වේ. පිරිසිදු ජලය සහ පිරිසිදු වාතය අපට නොමිලේ ලැබෙන නිසා මේවයේ වටිනාකම් ගැන කිසිවකු කතා නොකළත් සංවේදී මනුෂ්‍යයන් වශයෙන් අවදිවීමට කාලය පැමිණ ඇත.

:       0       1

vikum Saturday, 13 February 2021 12:08 PM

මිනිස්සුන්ට රට ඇමරිකාව වගේ දියුණු කරන්නත් ඕනෑ කියකියා කෑගහනවා.. එක පැත්තකින් අනෙක් පැත්තෙන් එ්කට විරුද්ධත් වෙනවා. එතකොට කවුරු ආණ්ඩු කළත් රට සංවර්ධනය කරන්න විදියක් නැහැනේ, ගස් නොකපා හයිවේ හදන්න පුලුවන්ද? පුලුවන් නමුත් එයින් පසුකාලීනව එන හානිය මාර්ග පද්ධතියට බලපෑමක් කරනවා. එහෙනම් හොඳම විකල්පය දැන් තියෙන විදියටම යමු. දූපත් මානසිකත්වයෙන් ලෝකය දෙස නොබලනු මැනවි, ගස් වැල් කපන්න බැහැ, කුඹුරු, ඉඩකඩම් හයිවේ එකට අහු වෙන්න බැහැ, අලි කපොලු අහුවෙන්න බැහැ, ගංගා ඇල වේලි අහුවෙන්න බැහැ. ඉතින් කොහොමද එහෙම පාරවල් තියා ගෙයක් දොරක්වත් හදන්නේ..?

:       62       96

සමන්තSaturday, 13 February 2021 02:37 PM

පරිසරය රැකගෙන සංවර්ධනය කරන හැටි බලන්න කෙන්යාවට, ඉතියෝපියාවට, දකුණු සුඩානයට ගහින් බලන්න. එතකොට තේරෙයි මේ කමෙන්ට්ස් එක දාපු කෙනාගේ මොලේ තරම...

:       73       52

vikumSaturday, 13 February 2021 04:04 PM

සමන්ත, මම කෙන්යාවට, ඉතියෝපියාවට, දකුණු සූඩානයට නම් ගිහිල්ලා නැහැ. නමුත් දැනට රටවල් 10ක් අවුරුදු ගාණක් ඉන්න නිසාත්, ඉගෙන ගන්න ඉගෙන ගත්ත නිසාත් තුලනය කරලා බලවිට අප රටේ මිනිස්සු අපේක්ෂිත ඔය කියන ව්‍යාපෘති සිදු කිරීමට අවම වශයෙන් යමක් කැප කරන්න වෙනවා. නිදසුනක් විදියට කරත්තයක් අදින්න හොඳ ගොනෙක් ඔබට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ගොනාගේ කර අඔන්නම වෙනවා.. එ්ක නිසා ඔබ ඔය හිතන සංවර්ධන ක්‍රියාවලිය එතරම් පහසු ක්‍රමයක් නොව, නෙනෙකුට කියන්න පුලුවන් කුළුණු මත අධිවෙගී මාර්ග හැදීම වටිනා බව... නමුත් එක් කණුවක් වෙනුවෙන් වැය කළයුතු මුදල ඔබ දන්නවාද? අනික ඔය සියලු නිර්ණාය, වෘත්තිය සංගම්, විවිධ ව්‍යාපාර සියල්ල සතුටට පත් කොට තව වසර 5000ක් වත් ලංකාව අඩුම තායිලන්ත මට්ටමටවත් දියුණු කරගැනීමට හැකියාවක් නොමැත.

:       1       1

Jap VincentSaturday, 13 February 2021 10:02 PM

මිනිසුන්ට ජීවත් විය හැක්කේ හුස්ම ගැනීමට ප්‍රමාණවත් වායුව සපයන පරිසරය සමබර කරවන ගස්වැල්, කෘමින් සිට නොයෙකුත් සත්ව ගහනයකින් යුතු වනාන්තර වලින් යුත් රටක පමණකි. හැකිතරම් ජලය රැස්කර ඒවා නැවත ලබා දෙන්නේ වනගහනයයි. දියුණුව නමින් පරිසරය විනාශ කිරීමෙන් අවසානයේ කන්නට වන්නේ ඔය මාර්ග හා කොන්ක්‍රීට් පමණයි. මා ජීවත් වන එංගලන්තයේ මෙන්ම යුරෝපයේ වැඩිපුරම ඇත්තේ මිනිස් වාසයෙන් තොර ඉඩම්ය. පරිසරය ආරක්ෂා කරන ගමන් දියුණුවන හැටි මෙවැනි රටවලින් ගත හැකි ආදර්ශයයි. වන විනාශ නොකර පාරවල් හදන හැටි දැනගන්න නම් යුරෝපය දෙස බැලීමට අවශ්‍ය නැත. භූතානය කළ හැටි බලන්න...

:       0       1

raheem Saturday, 13 February 2021 12:50 PM

ගොවිතැන් කරන කවුරුවත් නම් පේන්න නැහැ.

:       37       19

banda Saturday, 13 February 2021 01:50 PM

කණු උඩ පාර හැදුවාම වෙන පරිසර හානිය බොහොම අඩුයි. එමනිසා මේ පාර අනිවාර්යයෙන්ම හදන්න ඕනෑ.

:       19       38

Sam Saturday, 13 February 2021 03:43 PM

රට දියුණු කරන්න ඕනෑ පරිසරය විනාශ කරලා නෙමෙයි කියලා මේ ආණ්ඩුව කරන අයට තේරෙන්නේ නැද්ද?.

:       0       1

දමිත් Saturday, 13 February 2021 04:24 PM

කුළුණු උඩ ගහන්නේ පරිසරේ රකින්න තමයි...

:       0       0

saliya Saturday, 13 February 2021 05:19 PM

මැද ඉදිකරන කොන්ක්‍රීට් කුළුණු පේලියක් මත මේ අධිවේගය සැලසුම් කර ඇත්තේ හානිය අවම වන ලෙසයි. අනෙකුත් විකල්ප මාර්ගද සොයාබලා සමාජයට අවම හානිය වනසේ තෝරාගෙන ඇත..

:       0       0

Thilina Sunday, 14 February 2021 03:25 AM

මේ මොන රටක්ද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. එතකොට කොහෙන්ද මේ පාර හදන්නේ? ඉල්ලන්නේ රට සිංගප්පූරුවක් කරන්න කියලා.. එහේ ප්‍රබල නීතියක් තියෙනවා අසත්‍ය කිසිම දෙයක් වෙබ් අඩවි වල වාර්තා කරන්න බැහැ. ඒ නීතිය මෙහෙ දාන්න ගියාම ඒකටත් විරුද්ධ වෙනවා. අනික හැමදේම විවේචනය කරන එක පුරුද්දක් වෙලා..

:       0       0

stg Sunday, 14 February 2021 04:14 AM

එක සුදු කෙස්ගහක් ගලවන කොට, තව කලු කෙස් කීපයක් ගැලවෙනවා. හොඳ දේ ගැන හිතලා කැප වෙන්න.

:       0       0

stg Sunday, 14 February 2021 04:17 AM

මොන හොඳ දේ කරන්න ගියත් මේ අයගේ පෙළපාලි, මොනවා හරි කරගන්න ඕනෑ..

:       0       0

amila Sunday, 14 February 2021 04:58 AM

ලංකාවේ ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන භූමිය ටිකයි. අනිත් ඔක්කොම තෙත්, පහත්, මඩ වගුරු, නැතිනම් කඳු... රටක් දියුණු කරන්න නම් ඉතින් මේවත් රැකගෙන සංවර්ධනය කරන්න ඕනෑ. කුළුණු මතින් දිවෙන එකක් නම් තෙත් බිමට හානියක් වෙන එකක් නැහැ කියලා තමයි හිතෙන්නේ.

:       0       0

A. Truth Sunday, 14 February 2021 05:31 AM

මම මේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මමද එහි ගියේ කුමක් දැයි බැලීමටය. සහභාගී වූ පුද්ගලයින්ගෙන් 99% ක්ම පිටස්තර පුද්ගලයින්ය. ඔවුන්ගේ බාහිර පෙනුමෙන් අපට වැටහී ඇත්තේ ඔවුන් ආර්ථිකය ශක්තිමත් පවුල්වලට අයත් වන අතර ඔවුන් නිරතුරුවම පරිසරය ගැන කතා කරන්නේ මෝස්තරයක් ලෙස පමණක් බවයි. අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අත්පත් කර ගැනීමට යන කුඹුරුවලට අයත් ගම්වාසීන් අතළොස්සක් පැමිණ සිටියහ. මෙම විරෝධතාවය තලංගම වැවේ වේල්ල මත පැවැත්විණි. නමුත් යෝජිත අධිවේගී මාර්ගය මෙම ස්ථානයෙන් යම් දුරකින් පිහිටා ඇත. මෙම අධිවේගී මාර්ගය සුන්දර තලන්ගම වැවට ඉහළින් ගමන් කරන බව මුළු ලෝකයම නොමඟ යැවීමට සංවිධායකයින්ට අදහසක් ඇති බව පැහැදිලිය. මීඩියා ඔවුන්ගේ කාර්යයන් ඉතා හොඳින් ඉටු කළේය. මා දන්නා පරිදි යෝජිත අධිවේගී මාර්ගය බිම් මට්ටමේ සිට අඩි 20 ක් පමණ ඉහළින් පිහිටි විශාල කණු මත ඉදි කිරීමට නියමිතය. පරිසර හානිය අවම මට්ටමක පවතී. එකම දෙය වන්නේ පූර්ව පාරිසරික කළමනාකරණය සහ පශ්චාත් පාරිසරික කළමනාකරණ සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම විශේෂයෙන් මෙම ප්‍රදේශයේ අධික රථවාහන ගැටළුව විසඳීමට හේතුවේ.

:       0       1

dulip Sunday, 14 February 2021 04:03 PM

මේ ඔක්කොම දේශපාලන ගේම්... කණුමතින් ගියාම ලොකු හානියක් වෙනවද? කෝ ලංකාවේ අය? ඇයි සුද්දෝ විතරක්? ඒ අයට මොකක්ද තියෙන අයිතිවාසිකම ලංකාවේ දේවල්වලට ඇඟිලි ගහන්න.

:       0       0

anura Monday, 15 February 2021 07:00 AM

සූකරයාට මඩවල දිව්‍ය ලෝකයකි. ඔය ගොල්ලොම තව ටික කාලයකින් කොළඹට කිරි අපට කැකිරි, අපට පාරක් දියව් කියලා කෑ ගසාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site