IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


20 ගැන දැනුම්වත් කරන්න අත්පත්‍රිකා බෙදති

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති   20  වැනි ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා    සංශෝධනය  පිළිබඳ  මහජනතාව   දැනුම්වත්  කරමින්  අත්පත්‍රිකා   බෙදා  දීමක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී  අද (02)  සවස   සිදුකෙරිණි.
 
එම අවස්ථාවට  ජනතා විමුක්ති පෙරමුණේ   ප්‍රධාන ලේකම්   ටිල්වින්  සිල්වා ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  විජිත  හේරත් , සුනිල්  හඳුන්නෙත්ති  කේ.ඩී. ලාල්  කාන්ත   යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි  වූහ. 
 
ඡායාරූප - චතුර එස් .කොඩිකාර 


 



අදහස් (20)

20 ගැන දැනුම්වත් කරන්න අත්පත්‍රිකා බෙදති

සතයපාල Monday, 02 July 2018 02:26 PM

මේ රටේ පළමු ජනාධිපතිවරණයේ සිට අද දක්වා වූ ජනාධිපති අපේක්ෂකයන්ගේ (ජේ.ආර්.ජයවර්ධන හා රණසිංහ ප්රේමදාස හැර) ප්‍රමුඛතම පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසී කිරිමය. නමුත් බලයට පත් එකදු ජනාධිපතිවරයෙක්වත් තම පාලන කාලය තුළ මෙම පොරොන්දුව ඉටු නොකලද මේ රටේ බහුතරය විධායක ජනපති ක්‍රමයේ ආනිසංස අත්විඳ ඇති නිසා ඔවුන්ගේ විශ්වාසය හා පැතුම වී ඇත්තේද විධායක ජනපති ක්‍රමය අහෝසිකර අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලය හිමිවන පාලන ක්‍රමයක් වන අතර එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූ හා අද පක්ෂවන අය පෙන්නුම් කරන්නේ තමන්ගේ දේශපාලන අවස්ථාවාදයේ නිරුවතයි...

:       177       176

BamunuarachchiMonday, 02 July 2018 05:07 PM

ආනිශංස කොටස් 2කට බෙදන්න පුළුවන්. හොඳ ආනිශංස සහ නරක ආනිශංස... හොඳ ආනිසංස තමයි ත්‍රස්තවාදය තුරන් කිරීමට රාජපක්ෂ ජනාධිපතිට ලැබුණු වරප්‍රසාද, මහබැංකුව කොල්ලකාලා නිරුපද්‍රිතව ශේප් වෙන්න හදපු එජාප කාරයින් ටික කොටුකරගන්න කොමිසමක් පත් කිරීම. නරක ආනිසංස ජනතාවට බලපෑවාද කියා මතක නැත. කොහොම වුණත් 2020 ජනාධිපති වෙන ඝෝටාභය මහතාට විධායක ජනාධිපති ක්‍රමය ඉතිරිකොට තැබිය යුතුය. විධායක ජනාධිපති බලතලත් රනිල්ට ගියොත් සිංහලයාට විනාශ භාවං තමයි.

:       10       0

Ranil awothTuesday, 03 July 2018 12:09 PM

රනිල් හදිසියෙන් වත් අාවොත් කෙළවෙන නිසා 20 ගෙනැල්ලා විධායකය අහෝසි කරමු.

:       0       0

kiriellaTuesday, 03 July 2018 12:11 PM

දැන් කියන්න එපා... රනිල් කවදාවත් ජනාධිපති වෙන්නේ නැහැ කියලා. සිරිසේන ජනාධිපති වුණා නම්, ඕන කෙනෙකුට ජනාධිපති වෙන්න පුළුවන්...

:       0       0

BamunuarachchiWednesday, 04 July 2018 02:28 AM

30 වතාවක් පැරදුන රනිල් ජනාදිපති වෙන්න නම් මහින්ද මහතා සමග බිත්තර ආප්පම කන්න ඕනේ. කොපි බීව නිසා අගමැති වෙලා බේරුනා. සිංහල ජාතියම නැතිකර ගන්න ඕනෙනම් රනිල්ව පත් කොරගන්න. කරන දෙයක් කියන්නත් කියන දෙයක් කොරන්නත් බැරි කෙනෙක් රනිල්. අවුරුදු 3 කැබිනට් එක සුද්දකර කර හිටිය රනිල් අවුරුදු එකහා මාරෙන් රට හදන්නලු. රනිල බලයට ආවේ කොහොමද කියල අපි දන්නවානේ.

:       0       0

tommy Monday, 02 July 2018 03:14 PM

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් අද රටේ තිබෙන ප්‍රශ්න විසඳෙනවද? මේවා නිකම් අර්ථයක් නැති වැඩ. විසිවැනි සංශෝධනය ඉල්ලා අද නහයෙන් අඬන්නේ, පෙනෙන තෙක් මානයකවත් ජනාධිපතිවරණයකින් දිනිය හැකි අපේක්ෂකයන් නැති දේශපාලන පක්ෂ පමණයි.

:       8       305

Raveendra Monday, 02 July 2018 03:52 PM

අනේ රතු මල්ලිලා අර ඇමති නෝනා කෙනෙක් කියල තියෙන වාක්‍ය ටික කියෙව්වද ? මේ පත්තරේම තියෙනවා. ඒගැන මොනවද රතු බබාලා කියන්නේ? ඔහෙලගේ හිටපු නායකයා ගැනත් දැන්වත් බැලුවොත් හොඳා වෙච්චදේ ගැන අඩුතරමින්.. පාරවල් ගානේ කුඩුකාරයෝ වගේ රස්තියාදු ගහන්නේ නැතිව අපේ බදුමුදල් වලින් ඔහෙලත් තුන් වෙලා ගිලිනවා නේද? කන්න බත් පතටවත් රට වෙනුවෙන් වැඩක් කරන්න තාමත් හිත දෙන්නේ නැතුව වගේ නේද?

:       287       346

BamunuarachchiTuesday, 03 July 2018 12:57 AM

රතු මල්ලිලා කියාවි 1972 හිටිය ඒගොල්ලන්ගේ කට්ටිය නැවත එනවානම් හොඳයි කියල.

:       30       22

abaranTuesday, 03 July 2018 04:47 AM

රවීන්ද්‍ර මහත්තයෝ...රතු මල්ලි ඔයාගේ බදු මුදල් වලින් තුන් වේල කන බව ඇත්ත...ඒත් ජනතාවට යමක් කරන්නට උත්සාහ කරලා තමයි ඒ තුන් වේල ගිලින්නේ...අනිත් ප්‍රධාන පක්ෂ දෙකේ උදවිය තුන් වේල නෙවෙයි මහා බැංකු ...ඇතුළු ජනතාවට අයිති රාජ්‍ය දේපල ගෙඩි පිටින් ගිලින එක ඔබ තුමාට නොපෙනීම ගැන මගේ කනගාටුව....රටේ වැඩි දෙනෙක්ම ඔබ වැනි කුහක සිත් ඇති උදවිය නිසා මේ රතු මල්ලිලා බලයට එන එකනම් පේන මානයකවත් නෑ..

:       105       5

simiyonTuesday, 03 July 2018 06:31 AM

රතු අලි අපිට නම් පෙන්නේ වැඩ කෙසේ වෙත්තත් හිරිකොතේ ඉන්න බවයි.

:       0       64

RaveendraqTuesday, 03 July 2018 10:43 AM

අප කිසිවිට නිල් හෝ කොළ හැතිකරයටද කඩේ නොයන්නෝය. අපගේ දුප්පත් මුදල් හොරා කාපු, මහා බැංකුව සුන්නත්දුවිලි වෙන්නම විනාශ කල සහ රටේපොදු දේපොළ හොරා කාපු කිසිදු බුරුවෙකුට අප කිසිවිට " සුදුහුණු තැවරුවේද නැත.එසේ තවරන්නේද නැත". නිල්, කොළ රෑන විතරක් නොව රතමල්ලිලාත් ඔබගේ,අපගේ දුප්පත් බදුමුදල්වලින් තුන්වේලම පිනටම ගිලිමින් ඉන්නා බව ඔබට නොතේරීම අභාග්‍යකි.මේ සියලුම අම්බරුවන් සුර සැප විදින්නේ මහජන මුදලින් බව අප නැවත නැවතත්කියන්නෙමු

:       0       25

Bamunuarachchi Monday, 02 July 2018 04:49 PM

20 සංශෝධනය පළාතටවත් ගන්න එපා. ජවිප කාරයින් පණ බයේ ඉන්නේ ඝෝඨාභයට. විධායක ජනාධිපති එපා කියමින් මෙයාලා කරන්නේ දෙමළුන්ගේ කොන්තරාත්තුවක්...

:       13       23

සරත් Tuesday, 03 July 2018 02:49 AM

මම ගම්මන්පිලට කඩේ යනවා නෙවයි. ජේ .වී. පෙ අය කටවල් වැහිලා තියෙන්නේ ගම්මන්පිල අහන ප්‍රශ්නවලට. පොඩ්ඩක් ඒවාට උත්තර දෙන්න.

:       2       89

prakaash Tuesday, 03 July 2018 03:04 AM

ජ.වී.පෙ මොනවාද අද කරන්නේ. සිරිකොතට කඩේ යන එක නේද? ලැජ්ජයි. පුලුවන්නම් විජේවීරට වූ දෙය සොයා බලනු.!

:       1       48

jayantha Tuesday, 03 July 2018 03:22 AM

මේවා දැන් කොරල වැඩක් නැහැ. රටේ ආර්ථික ප්‍රශ්න විසදන්න ඕනි.

:       0       1

premadara Tuesday, 03 July 2018 04:12 AM

උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පැවසුවාය.

:       1       1

appuhamy Tuesday, 03 July 2018 05:54 AM

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේතු මන්ත්‍රී වරු 06 දෙනාට මාසික දීමනා වශයෙන් රු. ලක්ෂ 30 ඉක්මවන මේ රටේ අහිංසක අසරණ දරිද්‍රතාවයෙන් පෙලෙන වැසියන් ගේ බදු මුදල් ලබාගන්නවා. සාමාන්‍ය රජයේ සහ අනිකුත් සේවකයින් මාසේ පඩිය ගන්න 25 වෙනිදා වෙන කල්ම කඹුරන්න ඕනි. නමුත් මේ සමාජවාදී අලසයින්ට තම දීමනාව සෑම මසක ම පළවෙනිදා උදේ 12.00 ට පෙර බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. පාර්ලිමේන්තු මහජන දන්සලෙන් හිටු කියල බුක්ති විදිනවා. මේ රටේ අද දිවා ආහාරය තියා එක වේලක්වත් කන්න නැති අය කොච්චර ඉන්නවද? තමන්ට ලැබෙන එක පාර්ලිමේන්තු කෑම පාර්සලයක් මේ ගොල්ල එක අහිංසකයෙකුට දෙනවා දැකපු කෙනෙක් නම් අසා නෑ. දැන් කෝ මේ ගොල්ලන්ගේ උත්තරීතර සමාජවාදය? මේ බලකාය තව කොච්චර කාලයක් මේ වගේ නඩත්තු වෙයිද?

:       1       1

anith 219Tuesday, 03 July 2018 12:08 PM

දැන් අනිත් 219 දෙනාට ලැබෙන්නේ ජනතාවගේ බදු මුදල් නෙමෙයිද? ඒ ගොල්ලන් දන්සැලෙන් කන්නේ නැද්ද? අනික් අයට පඩි ලැබෙන්නේ නැද්ද? ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ බත් එක දුප්පතුන්ට දෙනවාද? සමාජවාදී කියල කියන්නේ ජවිපයේ 6 දෙනා විතරද?

:       2       0

lalithsjm Tuesday, 03 July 2018 06:16 AM

විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරලා විධායක අගමැති ක්‍රමේ ගෙන්න කඩේ යන විදිහ දැක්කම හරිම සතුටුයි.

:       0       0

Bamunuarachchi Wednesday, 04 July 2018 02:31 AM

අනේ මල්ලිලා ඔයකොලයක් මටත් පාරේදී බෙදන්න් එන්නකෝ කනේ අන්ගිලිගහගන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site