IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හෙද සංගමය සයිටම් විරෝධීන්ට විරෝධය පායි

(ඡායාරූප - ශාන්ත රත්නායක)

සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවූ සරසවි සිසුන්ට විරුද්ධවත් සයිටම් ආයතනයට සහාය පළ කරමිනුත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(27) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන එහි උද්ඝෝෂණයේ නිරත වූහ.

 

 

 



අදහස් (19)

හෙද සංගමය සයිටම් විරෝධීන්ට විරෝධය පායි

de silva Tuesday, 27 June 2017 08:51 AM

දැනට අවරුදු 7-8 කට කලින් ඔය සයිටම් එකක අරින්න කියල රටේ ජනතාව රජයෙන් ඉල්ලලා සිටියේ නැත, රාජපක්ෂ රජයේ අනුග්‍රහයෙන් ඕව පටන් ගන්න කොට නිහඩව සිටි වෛද්‍ය සංගමය දැන් එලියට බස මස ගණනාවක් පාරවල් වහමින් රෝහල් වල වර්ජන කරමින් ජනතාව පිඩාවට පත්කරමින් උද්ගෝෂණ කල , දැන් ඔවුන්ට ටික ටික උත්තර ලැබෙන්න පටන් අරන් , රටේ ජනතාව වන අපේ බදු මුදලින් ඉගෙන ගත්තු සහ දැනට ඉගෙන ගන්න පුද්ගලින් අපේ එදිනෙද ජිවිතයට බාධා කරනකොට , අසාධාරණ ලෙස අපේ ජිවිත ඇපයට අරන් සෙල්ලම් කරනකොට , තවදුරටත් අප බල සිටිය යුතුද ? දැන් අපට පාරට බස විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාල වලටත් , දොස්තරලා රෝහල් වලටත් එලව දමනන කාලය පැමිණ ඇත , එසේ නොකරන එවුන්ට පහරදී හෝ අපේ අයිතින් සදහා සටන් කල යුතුය .

:       1263       1152

priyath Tuesday, 27 June 2017 09:06 AM

ඇත්තටම දැන් හෙදියන්ගේ දැනුම දොස්තරලට වැඩිය හොඳයි. ඒගොල්ලෝ පිළිවෙලට වැඩ කරනවා. සමහර දොස්තරලගේ වැඩ කිසි පිළිවෙලක් නැහැ. සමහරුන්ට ඉංග්‍රීසියෙන් කතා කර ගන්න බැහැ. ඒවාට කාටවත් ඉරිසියා කරලා පලක් වෙයිද?

:       719       1008

Rohan Tuesday, 27 June 2017 09:23 AM

මේ අන්තරේ කියන්නේ ජේවීපී හදපු කල්ලියක්.මේ අය විශ්වවිද්යාලේ ළමයෝ රවට්ටගෙන මේ දේවල් කරන්නේ රට අවුල් කරන්න.ඔය පෙළපාලි යන සිසුන්ගේ මුපියෝ මේ ගැන හිතන්න.ජේවීපී කාරයෝ හැමදාම කෙළේ රට අවුල් කරන එක.නැත්නම් ජේවීපී එකට තැනක් නැහැ.මේ අන්තරේ කල්ලියම අතුල්ලට දාල, නිදහස් කරන්න එපා.

:       289       310

Kamal Tuesday, 27 June 2017 10:01 AM

පුදුම සෙනගක් ඇවිල්ලා සයිටම් එකට සපෝට් කරන්න පත්තරයට අදහස් කට්ටිය බලාගන්න රටේ ජනමතය

:       356       504

buddika Tuesday, 27 June 2017 10:39 AM

ලක්ෂ 120ක් දීල තමන්ගේ දරුවන්ව සයිටම් යවන්න පුළුවන් හෙදියෝ කී දෙනෙක් ඔතන ඉන්නවද ? එහෙම නැත්නම් පෞද්ගලික හෙද විද්‍යාල වලින් එලියට එන ළමයින්ට රජයේ රෝහල් වල රැකියාව දෙනවට කැමති අය කීදෙනෙක් ඉන්නවද ඔතන බෝඩ් අල්ලාගෙන,, එක නිසා තමන්ගේ වාසියට කඩේ යන එක නවත්තන්න, අපි අද යම් තැනක් ඉන්නේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න, එක නිසා මතු පරපුර වෙනුවෙන් එක රැකගමු,

:       573       642

buddika Tuesday, 27 June 2017 10:46 AM

වෛද්‍ය වරුන් එක්ක තියෙන තරහට මිඩ්වයිෆ්ල එලියට ඇවිත් සටන් පාට කිව්වට තමන්ගේ දරුවාගේ රජයේ පාසලේ අඩුපාඩු ටික හදල දෙන්න කියල ආණ්ඩුවට බල කරන්න බැරි උදවියමයි, ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි, නිදහස් අධ්‍යාපනය රැක ගමු, ඔබ අද නිල අඩුම අඳින්නෙත් රජයේ අධ්‍යාපනයට පින් සිදු වන්නටයි,

:       353       424

චන්දා Tuesday, 27 June 2017 10:47 AM

කොහමද ඉල්ලපු වෙනස සර් .. අතිවිශිෂ්ඨයි සර්..

:       1       7

රොමේෂ් Tuesday, 27 June 2017 01:56 PM

පිරිමි නර්ස් වැට පනින්න කලින් කෙසෙල් කැන වැට පැනලා ඉවරයි නිසා මේවගේ නාට්‍ය තව පෙන්නුවත් ජනතාව පිළිගන්නේ නැහැ. ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. GMOA එක මහින්දගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. අවසානයේ සැබෑ ජනතා ප්‍රශ්නය යට ගිහින් සියල්ලෝම සතුටින් විසිර යනවා. සතුටු විය හැකි කරුණනම් ස්වාධින ජනතාව සයිටම් විරෝධී සටනේ අඛණ්ඩව තවමත් සිටීමයි.

:       25       196

සිරි Tuesday, 27 June 2017 04:05 PM

දොස්තරලාගේ කුහක ප්‍රතිපත්ති ගැන හොඳින්ම දන්නා සහ ඒවායින් බැටකන කොට්ටාශයක් තමයි හෙදියො. අනිත් කොට්ටාශය තමයි සම සෞඛ්‍ය අය. ඔවුන් දොස්තරලාගේ ආත්මාර්ථකාමී සටනට විරෝධය දක්වන එක පුදුමයක් නෙමෙයි.

:       61       67

ajantha Wednesday, 28 June 2017 05:18 AM

1977 දී 5/6 ක පාර්ලිමේන්තු බලයක් සහිතව එදා මේද තුර යම් පක්ෂයකට ලැබුන ස්ථාවරම ආණ්ඩුවට කෙළවුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ධවල පත්‍රිකා සහ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා. 80 ජුලි වර්ජයන , 83 කළු ජූලියට කරන්න බැරිවුණා දේ රනිල් මහත්තයාගේ වැඩෙන් ආණ්ඩුවට කෙලවුණා. මෙදා මේ කරන වැඩෙන් වෙන්නේ දරුවෙක් මල්ලෙක් නැති රනිල් තව ටික දවසකින් හොඳට මහජන මුදලින් සැප විඳලා මැරිලා යාවි. තමුන්ගේ දරුවන් දේශපාලනයට ගෙන්න බලාගෙන ඉන්න දේශපාලකයින්ට සහ ඔවුන්ගේ දරුවනට යන එන මගක් නැතිවේවි.

:       0       107

ajantha Wednesday, 28 June 2017 06:05 AM

මේ හෙද නිලධාරීන්ගේ සංගමයට ලොකු හෙද හෙදි පිරිසක් නැහැ. මෙතනත් බලන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ ඇටෙන්ඩන්ලා හැරුණහම හෙදියෝ කී දෙනාද ඉන්නේ කියලා. මේ වගේ 20 ගුණයකට වැඩි පිරිසක් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ එක්සත් හෙද සංගමයේත් ඉන්නවා.

:       1       0

nimal Wednesday, 28 June 2017 06:11 AM

මේකේ හෙදියෝ නියෝජනය කරන්නේ බෝඩ් එක විතරද? පින්තූරවල එක හෙදියෙක්වත් පෙනෙන්න නැහැ. පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ටිකයි., රෝහල් කම්කරුවෝ ටිකකුයිනේ ඉන්නේ.....

:       1       1

Hafeel Wednesday, 28 June 2017 07:51 AM

සයිටම් අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු, මැති ඇමතිවරු සහ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම ඇතුළු සියලු දෙනාම හොඳ සැප ජීවිත ගතකරමින්, දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ව පාරට බස්සලා, සමහර සිසුන් අද හිරේ. මේ සේරටම පිටිපස්සෙන් ඉන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි...

:       21       11

sena Wednesday, 28 June 2017 10:14 AM

සියලු දෙනාට ඉගෙන ගැනීමට නිදහස තිබිය යුතුයි (නිදහස් අධ්‍යාපනය මගින් හෝ මුදල් ගෙවීම මගින්) දොස්තර මහත්වරු තමන්ගේ ගොඩ වැඩි කරගන්න අනිත් අයගේ මුලික මිනිස් අයිතින්ට බාධා කිරීම නැවැත්විය යුතුයි.

:       2       3

Dick Wednesday, 28 June 2017 10:58 AM

හෙද පිරිමි තැනැත්තාගේ දේශපාලන කල්ක්‍රියාවනම් හැමෝම දන්නවා...

:       0       0

perera Wednesday, 28 June 2017 02:37 PM

පවුල් සෞඛ්‍ය සේවිකාවෝ හෙදියන්ට අල්ලාගෙන ගැහුවා මතක නැද්ද? එයාලා ඔයාට දැන් හොඳ වුණාද?

:       0       0

lalkantha Thursday, 29 June 2017 02:08 AM

අනේ අනිච්චන්, දුප්පත් නර්ස් නෝනලා ටිකත් ධනවාදී අධ්‍යාපනේට කැමති, සමන් කියන හාදයට ඩොලාර් එනවා. නර්ස් නෝනලා කහිනවා. හිනා යනවා, මේකට දොස්තරලා සපෝර්ට් නම් හිතන්න පුළුවන් තමන්ගේ දරුවෙක් වත් එ්කට යවන්න හිතා ගෙන ඉන්නවා කියලා, නමුත් මේ අයට කොහේ තියෙන සල්ලියක්ද, මේ කරන්නේ පව් කාර කමට

:       1       0

gamunu Thursday, 29 June 2017 02:11 AM

හෙදි ඇදුම් අන්දවලා ගම වල ඉන්න ගැහැණු ටිකක් සමන් ගෙන්නලා. අනේ ඇත්තට තමන්ගේ පන්තිය අමතක කර නෙවෙල් ප්‍රනාන්දුට ආවඩන හැටි, තු විතරක්

:       1       0

suresh Thursday, 29 June 2017 05:49 AM

ඔය විදිහටම පුද්ගලික හෙද පාසල්වලින් බිහිවන හෙදියන් රජයට ගන්න කියලා උද්ඝෝෂණය කරන්නකෝ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1653 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site