IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය සංගමයේ පිරිසක් අන්තරේ කැඳවුම්කරු බලන්න වැලිකඩ යති

(ජයමාල් චන්ද්‍රසිරි)

පසුගියදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයකදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු  ලහිරු වීරසේකර බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් අද(26) වැලිකඩ බන්ධනාගාරයට ගියහ.

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ඇතුළු පිරිසක් එහි ගොස් ලහිරු වීරසේකරගේ සුවදුක් විමසූහ.

 



අදහස් (55)

වෛද්‍ය සංගමයේ පිරිසක් අන්තරේ කැඳවුම්කරු බලන්න වැලිකඩ යති

lesly jayawardana Monday, 26 June 2017 10:04 AM

රජයේ දේපළ විනාශ කළාට ස්තුතියි කියන්නද ගියේ?

:       17804       13630

one srilankanMonday, 26 June 2017 10:43 AM

කව්ද දේපල විනාශ කළේ? හදවතට එකඟව කියන්න...

:       3645       6515

roshanMonday, 26 June 2017 08:15 PM

මෙහෙම කට්ටිය ඒකාලේ 2009 ට ඉස්සෙල්ල හිටිය....ඔක්කොම ඕන කිව්වා...මොකද උනේ අන්තිමට...

:       63       348

රොමේෂ්Tuesday, 27 June 2017 06:55 AM

රජයේ දේපළ විනාසකෙරුවට සහා ඒ විනාසකාරයෝන්ට රැකවරණය,අනුබල ලබාදීම වෙනුවෙන් ස්තුතියි කියන්නනම් යන්න ඕනා ජාතික ප්‍රතිපත්ති සහා ආර්ථික කටයුතු අමාත්යංශයට.

:       16       0

duminda Monday, 26 June 2017 10:07 AM

මේක ගැන නම් මට හොඳටම ලැජ්ජයි වෛද්‍යතුමෝ....

:       12191       8411

one srilankanMonday, 26 June 2017 10:48 AM

මොකටද ලැජ්ජා වෙන්නේ? එ් විශ්ව විද්‍යාලේ සිසුවෝ.... ඒ අය සටන් කරන්නේ අනාගත දරුවෝ වෙනුවෙන් කියලා තේරුම්ගන්න...

:       7570       12645

DamindaMonday, 26 June 2017 01:29 PM

අනාගත දරුවන් වෙනුවෙන් ඔබලා කල යුතු හොදම දේ කරුණාකරලා ඉක්මනින් පාඨමාලාව අවසන්කර විශ්වවිද්‍යාලයෙන් පිටවෙන්න. ඔවුන්ගේ ඉගැනීමේ ඉඩකඩ අයිතිය ලබා දෙන්න. අනුන්ගේ අයිතිවාසිකම් නොතකන්නා හට සමාජයෙන්ද අයිතියක් නොලැබේ

:       2790       4254

dumindaTuesday, 27 June 2017 05:29 AM

අන්තරේ කවදාවත් නිදහස් අධ්‍යාපනය සහ එහි ගුණාත්මක භාවය ගැන උද්ඝෝෂණය කලේ නැහැ... හැමදාම උසි ගන්වා ගෙන පාරවල් දිගේ අරගෙන යනවා. අනික රජයේ දේපලක් හානි කරනවා කියන්නේ තමන්ගේ ගෙදරට ගල් ගහනවා වගේ වැඩක්... අනික අන්තරේ ශිෂ්‍ය නායකයෝ හිරේ ගිය පළවෙනි පාර නෙවෙයිනේ... මේ එදා ඔය GMOA කොහෙද හිටියේ? අද තමන්ගේ මතයට කඩේ ගිය නිසා , අන්තරේ ගැන පුදුම කරුණාවක් පහළ වෙලා තියෙන්නේ....

:       0       2

MOHANTuesday, 27 June 2017 05:37 AM

වෛද්‍ය පීඨ වල මාස පහකින් හරියට දේශනා නැහැ. අනාගත පරපුර ගැන කතා කරනවා. තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් දරුවන් බිල්ලට දෙනවා. එකෙක් මරා ගන්නකම් නින්ද යන්නේ නේ වගේ මේ වෛද්‍යවරුන්ට . ලජ්ජයි ,.

:       0       69

Gihan Tuesday, 27 June 2017 01:48 AM

කෝටියක් මුදල් ඇති මිනිසුන්ගේ පුත්තුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ දරුවාගේ නිදහස් අධ්‍යාපනය බිල්ලට දෙන නුඹලා අනිවාර්යෙන් තමන් ගැන ලැජ්ජා විය යුතුය.

:       107       259

PrabodhaTuesday, 27 June 2017 01:50 AM

කොහොමත් ඉතින් රෙද්දක් ඇඳගෙන සයිටම් එකට කඩේ යන්න බෑ නෙ.

:       1187       16

RathnapalaTuesday, 27 June 2017 01:55 AM

සයිටම් එකට රෙදි හෝදල ලැජ්ජාවකුත් ඉතුරු වී තිබීම පිළිබඳව දුමින්ද මහතාට සම්මානයක් ලබා දිය යුතුය.

:       549       12

one srilankan Monday, 26 June 2017 10:24 AM

අත දරුවා අම්මගේ සුවඳ හොයාගන කිරි ඉල්ලනවා. ටිකක් ඉවසනවා. ටිකක් හෙමිහිට කෙඳිරිගනවා. ටිකක් අඬනවා. අපේ සිසුවෝ අට්ටාලයක් හදාගෙන අවුරුද්දකට වැඩිය හිටියා. එක ප්‍රදේශීය සභා මන්ත්‍රී තුමෙක් ඇහුවද මොකද පුතේ දුවේ කියලා? බලධාරීන්ට සාකච්ඡා වලට එන්න අඬගැහුවද? පොඩි පොඩි විරෝධතා තිබ්බා. පෙළපාලි ගියා. වටකරලා ගැහුවා කඳුළු ගෑස් ගැහුවා. දේශපාලකයින්ගේ කීමට වැඩ කළ අය දෙන අවුරුදු ගණන් බන්ධනාගාර වල ඉන්න බව ඒ අයත් දකිනවා ඇතිනේ..අපේ දරුවන්ට සමාව දී සයිටම් වසා සයිටම් සිසුවන්ට වන්දි ලබාදෙන්න.

:       3635       3221

RoshanMonday, 26 June 2017 12:51 PM

සයිටම් එක රජයට පවරාගත් විට සිදු වන විශ්වකර්මය..... 1.නැහැයි කියන ප්‍රමිතිය ඉබේම ඇතිවීම. 2.ලංකාවේ උසස් පෙළ සමත් වන සෑම සිසුවෙකුටම රජයේ විශ්ව විද්‍යාලයක නොමිලේම ඉගෙන ගැනීමට හැකි වීම 3.දැනට මුදල් ගෙවා විදේශ ටරටවල ඉගෙනුම ලබන සිසුන් නැවත ලංකාවට පැමිණ රජයේ විශ්ව විද්‍යාලයක නොමිලේම ඉගෙන ගැනීම 4.සියලුම රෝගීන්ට රජයේ රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර කිරීම. 5.සියලුම දොස්තර වරුන් රජයේ රෝහල් වල පමණක් ප්‍රතිකාර කිරීම. 6.රෝගීන් සහ දොස්තර වරුන් නොමැතිකම නිසා ලංකාවේ සියලුම පුද්ගලික රෝහල් වසා දැමීම. ආ කොහමද වැඩේ එහෙනම් කට්ටියම කියන්න බලන්න හොදට සද්දෙට "ඇබෝලිෂ් සයිටම්" (අන්තරේ ගොන් ලොජික් වලින් උපුටා ගන්නා ලදී )

:       4008       4691

praneethMonday, 26 June 2017 02:37 PM

සයිටම් බුද්ධිමත් ලොජික් ලෙස මෙසේ දැක්විය හැකිය... 1. හතර වටෙන්ම වෙඩි තැබූවත් රියදුරුට වෙඩි නොවැදීම 2. ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් කෝටි 1.5ක් හොයාගෙන තමන්ගේ දරුවා සයිටම් දැමිය හැකි වීම. 3. කලා වලින් S3 දැම්මත් වෛද්‍ය කලාව ඉගනීමට බාධාවක් නොවීම 4. ලංකාවේ උසස්පෙල සමත් සියලුම ජීව විද්‍යා සිසුන්ව සයිටම් එකට බලෙන් හෝ නොමිලේ ඉගැන්වීම 5. සයිටම් අහෝසි වීම යනු ලංකාවේ සියලුම පෞද්ගලික අධ්‍යාපනික ආයතන වසා දැමීම . මෙවන් බුද්ධිමතුන් සයිටම් පෞද්ගලිකවම පවතිනු දැකීමට ඉමහත් ආශාවක් දක්වති.

:       2435       1426

PATHIRANAMonday, 26 June 2017 01:53 PM

ඔබතුමාගේ ළමයා විතරක් ඉගනගෙන P P දාගෙන ලෙඩ්ඩු හුරන් කාගෙන වැජබෙන්න සලස්ස ගත්තාම හරිද? අනිත් යට ඉගන ගන්න නිදහසක් නැද්ද?

:       313       500

ruwanMonday, 26 June 2017 05:24 PM

ඇයි සයිටම් විතරක් ලංකාවේ තියෙන සියලුම පුද්ගලික ආයතන මම කිවුවේ NSBM, SLIIT, සියලුම ජාත්‍යන්තර පාසැල් වගේ හැම එකක්ම රයජට පවරගම්මු.එතකොට සැමට රජයෙන් නොමිලේ අධාපනය. කරමුද හා ද....!! කොහමද වැඩේ එහෙනම් කට්ටියම කියන්න බලන්න හොදට සද්දෙට "ඇබෝලිෂ් සයිටම්"

:       48       82

Nimal Monday, 26 June 2017 10:50 AM

කඩා කප්පල්කාරීන් උසි ගන්වන්නේ නැතුව තමන්ට ඕනේ මස් රාත්තලම ඉල්ලා ගන්න. දවසක ස්ලිට් එක හරි එන්.එස්.බී.එම්. එක හරි වහන්න. මැනේජ්මන්ට් ළමයි උද්ඝෝෂණයක් කළාම මෙයාලා ඒවි බලන් ඉන්න.

:       1828       2165

sam Monday, 26 June 2017 10:51 AM

ඔයාට ලජ්ජා වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ...

:       110       27

aravinda Monday, 26 June 2017 10:54 AM

මේ අය ඔක්කොමලා දන්නවා සයිටම් ආයතනය අහෝසි කල නොහැකි බවත්, අනාගතයේදී මෙවැනි ආයතන බිහි වීම වැළැක්විය නොහැකි බවත්...... දැන් මේ අය කරන්නේ දේශපාලන රඟපෑමක් පමණයි.

:       3210       3678

Hemantha Monday, 26 June 2017 10:55 AM

කුණු ගොඩට කුණු එකතු වෙනවා කියලා කියන්නේ මෙන්න මේකට....

:       3522       1341

srimala Monday, 26 June 2017 11:06 AM

තමන්ගේම අමාත්‍යාංශයට දැඩි අලාභ හානි කළාම සැප දුක් බලන්න යන සිරිතක් තියෙනවද? අනික මෙහෙම නීතියට යටත්ව බන්ධනාගාර වල ඉන්න අයව බලන්න පිට අයට අවසර තියෙනවද? දැන් අපේ කව්රුහරි නීති විරෝධී ක්‍රියාවකට බන්ධනාගාර ගත වුණොත් අපිටත් හිතෙන හිතෙන වෙලාවට ගිහින් බලන්න පුළුවන්ද?

:       809       1135

Jayampathi Monday, 26 June 2017 11:59 AM

වන් ශ්‍රීලන්කන් කියන්නේ කව්ද? මේ සයිටම් එකට විරෝධ වෙන්නේ මොනවටද? එතකොට කොතලාවල ඇකඩමියේ ලක්ෂ ගණනකට වෛද්‍ය උපාධිය දීම හොඳද? පුද්ගලීක විශ්ව විද්‍යාල ලංකාවේ තිබීය යුතුයි. නමුත් එහි ප්‍රමිතිය පාලනය කල යුතුයි. මෙහෙම ගියොත් ලංකාවේ තියෙන පුද්ගලීක සහ ජාත්‍යන්තර පාසල් වහන්න කියල රජයේ පාසල් වල ළමයින් උද්ඝෝෂණය කරයි. මෙතන තියෙන්නේ දේශපාලන අතකොළුවන් වීම සහ ඇති නැති පරතරයේ කුහක කමයි.

:       2225       2415

විජේවීරMonday, 26 June 2017 02:01 PM

ඇති නැති පරතරයේ කුහක කම නෙමෙයි, තමන්ට සල්ලි තියෙනව දුප්පත් එකාට මොලේ තිබුණත් ඌ ඉහලට යනව බලන්න බැරි ඉරිසියාව. සල්ලි තිබුනට තමන්ගේ එවුන්ට උන් එක්ක හැප්පෙන්න බෑ කියන තුච්ච ගතිය නිසා තමයි සයිටම් එකට කඩේ යන්නේ.

:       1289       1066

afraanMonday, 26 June 2017 02:03 PM

කොතලාවල කියන්නේ පෞද්ගලික එකක් නොවන බව දන්නේ නැද්ද. එච්චරටම අඩු මානසිකත්වයක් තියෙන අයද සයිටම් එකට කඩේ යන්නේ

:       1138       754

MOHANTuesday, 27 June 2017 05:38 AM

කොතලාවට පීටයේ මුදලට ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඉන්න බව දන්නේ නැද්ද?

:       0       0

Padmi fernando Monday, 26 June 2017 12:03 PM

අනාගත පරම්පරාව වෙනුවෙන් ඔබලා කරගෙන යන මේ සටන සාර්ථක වේවා...!!!

:       11697       10746

naradhaMonday, 26 June 2017 12:48 PM

රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් කළ යුත්තේ හැකි තරම් අධ්‍යාපන අවස්ථා උදා කර දීම විනා ඒවා වසා දැමීම නොවේ.

:       1       455

Kamal GunarathnaTuesday, 27 June 2017 01:57 AM

අනිවාර්යෙන්ම. හැබැයි ඒ අධ්‍යාපන අවස්ථා සල්ලි තියෙන උන්ට පමණක් නොවිය යුතුයි.

:       156       69

senaMonday, 26 June 2017 01:57 PM

මොකක්ද මේකෙන් අනාගත පරපුරට ඇති වැඩේ? අවශ්‍ය ප්‍රමාණයට රටේ දොස්තරලා නැතුව ඉන්න දොස්තරත් හරියට බෙහෙත් නොකර පෞද්ගලික රෝහල් වලට පස්සේ දුවන අනාගතයක්ද අපිට ඕනේ??

:       388       404

De silva berlin Monday, 26 June 2017 01:01 PM

මේක පුදුම වෙන්න කාරණයක් නොවේ දේශපාලකයොත් තමන්ගේ උවමන එපාකම් ඉටුකරගන්න මැර කල්ලි පවත්වාගෙන යනවා ඔවුන් හිරේ විලංගුවේ වැටුනම බලන්න යනවා , උදවු උපකාර කරනවා , වෛය්ද්‍යා සංගමයත් උද්ගෝෂණ කරන්න , පහරදෙන්න කණ්ඩායම් හදගෙන නඩත්තු කරගෙන යනවා ඔවුන් හිරේ ගියහම බලන්න යනඑක , හොඳ පෙරකදොරුවෙක් අල්ලලදෙන එක , කීයක්හරි අතමිට මොළවන එක කොහොමත් කරනවා , දේශපාලන මැරයන් සහ මොවුන් අතර තිබෙන එකම වෙනස මොවුන් උගත් කමින් වැඩි වීමය ,

:       85       535

neela Monday, 26 June 2017 01:17 PM

පුද්ගලික අධ්‍යාපනය රජයේ නියමයට යටත් කොට පුද්ගලික අංශයට. අනිවාර්යෙන් ඉඩ දිය යුතුයි..

:       80       314

Nuwan Monday, 26 June 2017 01:26 PM

සුවසිරිපායේ හානිය රු.කෝටිය පනී රජයේ දේපොල හානි කරන කිසිවෙකුට අනාගතයේ දී රජයේ රැකියා නොදිය යුතුය. ශ්‍රී ලංකාවට රාජ්‍ය සේවය පමණක් නොව සරසවි අධ්‍යාපනයද හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයේ තවමත් රජයේ සේවය පමණක් නොව පුද්ගලික අංශයේ සේවය සඳහා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා, සොරකම් ආදියට සම්බන්ධ වූ කිසිවෙකු කෙතරම් ඉහළ විභාග සමත් වුවද බඳවා ගන්නේ නැත

:       73       341

naamal Monday, 26 June 2017 02:40 PM

ආණ්ඩුව ඉක්මන් සාධාරණ තීරණයක් අරගෙන ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       116

rohana Monday, 26 June 2017 03:28 PM

වන් ශ්‍රී ලංකන් ඔයා පොදු දේපල විනාශ කරන්නේ සහ කලේ කවුද කියල දන්නේ නැත්නම් සද්ද නැතුව හිටියා නම් නේද හොඳ....?

:       365       590

de silva Monday, 26 June 2017 03:30 PM

අපේ රටේ මන්ත්‍රී කෙනෙක් වෙන්න මැරකම අත්‍යවශ්‍ය වන අතර ඉදිරියේදී හොඳ රැකියාවක් ලබගැනීම සදහා මැරකම සුදුසුකමක් වෙන්න පුළුවන්....

:       64       82

sahan Monday, 26 June 2017 04:10 PM

අප්පොච්චිගේ කාලේ වුණා නම් ලහිරුවා බලන්න යන්න වෙන්නේ බොරැල්ලේ කනත්තට

:       26       1164

ranasingheMonday, 26 June 2017 05:47 PM

කාලයට ගැලපෙන කොමෙන්ට්ටුවක්.පාදෙනියටත් එහෙම වෙනවනම් තමයි හොඳ.මොකද මිලියන 600 ක් දීල හිටපු රජ්ජුරුවෝ ඕකට අනුග්‍රය දක්වද්දී මේ අපතයෝ මැරිලද හිටියේ.

:       0       201

රවිඳු Monday, 26 June 2017 09:44 PM

සමහරවිට දෙගොල්ලන්ටම එලොවදී මුණ ගැහෙන්නත් පුළුවන් කම තිබුනා. එක අතකට ඒක එහෙම උනා නම් , අද අපිට සැනසීමෙන් ඉන්න තිබුනා. මොකද මෙහෙම එවුන් එලොවටත් මෙලොවටත් දෙකටම පලක් නැහැ.

:       141       270

SusilTuesday, 27 June 2017 01:04 AM

අනේද කියන්නෙ. මොන කනත්තෙද ? අතුරුදහන්.. මිනියත් නැහැ..

:       0       29

nimal rajapaksha Monday, 26 June 2017 05:06 PM

අපේ කලේ ඔහොම කට්ටිය ගියානම් ගියාම තමා, හැබැවටම ඒ කලේ ප්‍රවාහන පහසුකම් නොමිලේම දුන්නනේ ඒ ,විතරද සුවපහසු වෑන් වල අරන් ගියේ, දැන් ඒ වගේ පහසුකම් නැති නිසා ඔහොම යනවා,කොහොමද වෙනස ,

:       0       110

අචල Monday, 26 June 2017 06:47 PM

ඉස්සර කරා වගේ ඔක්කොටම වෙඩි තිබ්බා නම් හරි, එතකොට ඔය උද්ඝෝසන ඉබේටම නතර වෙනවා. ඔය දොස්තරලා නිසා මේ වෙනකොටම ඩෙංගු වලින් 200 කට වඩා මැරිලා, මිනිස්සු ඉස්පිරිතාල වල දොස්තරලා නැතුව ඉන්නවා, මුන් දැන් කියනවා පොලිසියට /STF එකට බෙහෙත් දෙන්නේ නෑ කියලත්. මිනිස්සුන්ට තියෙන අනුකම්පාවට නෙවෙයි මේ උද්ඝෝසන කරන්නේ, එහෙම කරනවා නම් අහිංසක රෝගින්ව දඩමීමා කරගන්න ඕනේ නෑනේ?. දොස්තරලා තමයි ලංකාවෙන් වැඩියෙන්ම සල්ලි හොයන්නේ. නවලෝකේ, ආසිරි එකේ විශේෂඥ්ය වෛද්‍යයවරයෙක් හවසට ගෙදර යන්නේ ලක්ෂ ගනන් හොයාගෙන. සයිටම් වගේ ආයතන බිහිවුනොත් වෙන්නේ, වැඩියෙන් දොස්තරලා ලංකාවේ බිහිවෙන එකයි, එතකොට එක වෛද්‍යය වරයෙක් ලගට යන සෙනග අඩුවෙනවා, එතකොට මුන්ට එන ගාන අඩු වෙනවා. අන්න ඒකට කෙළවෙනවට බයේ තමයි මුන් මේ දගලන්නේ. මෙතන තනිකර තියෙන්නේ දොස්තර මාෆියක්, මුන් කළු කඩ කාරයෝ වගේ දොස්තර පට්ටම සීමිත පිරිසකට විතරක් තියාගෙන ඉන්නයි දගලන්නේ. ඒවට ඉඩ දෙන්න එපා. දොස්තරලා නැත්නම් පිටින් හරි ගේන්න, එතකොට ඔය සැර බහියි ඉබේටම.

:       1       628

maal Monday, 26 June 2017 06:49 PM

අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපිටම කෙලින දොස්තරලා කියාගන්න මුන්ට කෙලින්න කවුරුවත් නැත්ද ? ආණ්ඩුව බය මොකෝ මේ හැතිකරේට.

:       20       274

de silva Monday, 26 June 2017 07:49 PM

සහන් අපොච්චිගේ කලේ ලහිරුල , පදෙනියල ලංකාවේ හිටියට මේ වගේ වැඩ කරන්න තබා හිතුවෙවත් නැත , ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන්නේ අපොච්චිගේ , ප්‍රේමදාසගේ පාලනය වගේ පාලන ක්‍රමයක් , වැඩි පුර නිදහස් දුන්නම වෙනදේ ගැන අලුතින් කියන්න ඕනේ නැහැනේ

:       0       186

Ivan Monday, 26 June 2017 09:10 PM

රොෂාන් දවල් හීන දකිනවා. නිදහස් අධ්‍යාපනය ගෙනියන්නේ ජනතාවගේ බදු මුදල්වලින්. නිදහස් අධ්‍යාපනය රටට විනයක් කලේමෙයාලයි.

:       0       120

sanju Monday, 26 June 2017 10:28 PM

මේ සයිටම් හොර උපාදි කඩේ වහල දැම්ම නම් කාටවත් කරදරයක් නැහැනේ. මේකෙන් හොඳ ගානක් රාජිතට සහ කිරිඇල්ලට ලැබෙනවා ඇති ඔච්චර දඟලන්නේ.

:       282       112

hemanthaTuesday, 27 June 2017 03:26 AM

දැන් රාජිත, කිරිඇල්ල ඇමතිතුමාලාට හොඳ ගානක් ලැබෙනවා නම්... මේක පටන් ගන්න අනුග්‍රහය දක්වපු අයට සහ ඒ අයගේ ගෝලයන්ට කොච්චර ලැබෙන්න ඇත්ද?

:       0       0

ranjith Tuesday, 27 June 2017 01:22 AM

අන්තරේ මෝඩයෝ මුන්ට කඩේ යනවා - උපාදිධාරින්ට එක වැටුපක් ලබාදෙන්න කියල මුන්ට උත්ගොෂණ කරන්න බැරිද හැමදාම දොස්තරලට විතරයි ඔක්කොම අනික් වෙලාවට මෙයාල කාටවත් උදවු කරන්නේ නෑ.

:       269       319

raawana Tuesday, 27 June 2017 02:01 AM

කුහකයින් සහ පාදඩයින්ගේ සන්ධානය

:       94       150

piyaruwan Tuesday, 27 June 2017 02:55 AM

යුද්ධ කාලේ පටලවාගෙන සහන රන්ජිත් දෙපලම. යුද්දෙන් පස්සේ අතුරුදහන් වුනු අයගේ ලිස්ට් එකක් එහෙම තියෙනවද ඔයාල ළඟ. යුද්ද කලේ අපි සියලුදෙනා වෙනුවෙන් එක මතක තියාගන්න.

:       128       10

anton Tuesday, 27 June 2017 03:40 AM

ජනතාවගේ මුදලින් පිනට ඉගෙනගත්තු මේ අය දහස් ගණන් ඒ ජනතාවගෙන්ම අය කරලා කරන පුද්ගලික චැනල් වහාම නැවැත්විය යුතුයි...

:       0       0

MOHAN Tuesday, 27 June 2017 05:41 AM

අන්තරේ ලලිත්, කූගන් අමතකද?

:       0       0

ROMESH Tuesday, 27 June 2017 05:49 AM

පාදෙණිය නම් දේශපාලන ගැති සභාපතිවරයා ඉවත් කර හරිත අලුත්ගේ වැනි මධ්‍යස්ථ මතයක් දරන කෙනෙක් පත් කරගන්න.

:       0       0

Banda Tuesday, 27 June 2017 06:15 AM

ඉරිසියයි බයයි ඔය ලෙඩේ නම. ඕකට ඔය දොස්තරලා ළඟ බෙහෙත් නැහැනේ. Saitam දොස්තරලා අවොත් තමන්ගේ තැන නැති වෙන බව දන්නා නිසා බයේ දඟලනවා. ඒකට තව කට්ටියක් අල්ලගත්ත නිදහස් අද්‍යාපනය නැතිවෙනවා කියල. හරි ලේසි වැඩේනේ. එකම විබාගයට මුහුණදීලා එකම සායනික පුහුණුව ලබගත්තම Saitam ළමයිත් දොස්තරලා තමයි. එකට ඉරිසියාවේ බයේ දඟලල වැඩක් නැහැනේ. ඒක තමයි ඕනෑම සාධාරන කෙනෙක්ගේ තීන්දුව.

:       0       1

de silva berlin Thursday, 29 June 2017 06:46 AM

ලංකාවේ ජනගහනයට සාපේක්ෂව වෛද්‍යවරු ප්‍රමාණය මදිය. රජයේ ප්‍රමිතීන්ට අනුව පුද්ගලික අංශයටත් ඉඩ දිය යුතුය. උද්ඝෝෂණ ක්‍රියාත්මක කරවන දේශපාලන පක්ෂය කියන පරිදි පෝසතුන්ට, සිසුන්ට පමණක් ඉගෙන ගැනීමට පුළුවන්... දුප්පත් සිසුන්ට ඉගෙන ගැනීමට ඉඩ නැත කියන තර්කය පිළිගත නොහැක. මොකද රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන දොස්තරලා පුද්ගලික බෙහෙත් හල් වල නොමිලයේ ප්‍රතිකාර නොකරති. අතීතයේ සමාජ වාදී ආර්ථික ක්‍රමයකට නැඹුරු රටවල් වන චීනයේ, රුසියාවේ, පුද්ගලික විශ්ව විද්‍යාල තිබුණි. අදත් තිබේ. මේවා නැත්තේ මම දන්නා තරමින් කියුබාවේ පමණි. නමුත් එහි පුද්ගලික රෝහල්ද නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site