IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහින්ද - මෛත්‍රී සාක්කිකරුවෝ වෙති

රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකම මේසයේ එකළඟ අසුන්ගෙන සිටියහ. විවාහයේ සාක්‍ෂිකරුවන් ලෙසින් අත්සන් කළේද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. 



අදහස් (29)

මහින්ද - මෛත්‍රී සාක්කිකරුවෝ වෙති

sandun Thursday, 07 December 2017 11:49 AM

ඔය ඉන්නේ ජෝඩු දාලා.

:       44       235

RaveendraThursday, 07 December 2017 12:36 PM

සඳුන් මයා වෙත, මොකද ඉරිසියාවක් වත් පහළ වුණාද? අපි සියල්ලෝම මෙසේ අලුත් යුවලටත් "පැරණි යුවලවල් වලටත් සුබ ප්‍රර්ථනා කරමු. එසේම අපගේ මුදල් හොරාකාපු සහ හොරාකන තක්කඩින් මේ පින්බිමෙන් තුරන් වේවා කියලත් ප්‍රර්ථනා කරමු.

:       139       1362

kUMAAThursday, 07 December 2017 12:58 PM

රවී කියන්නේ බැඳුම්කර හොරු රැල ගැනද?

:       1       270

RaveendraThursday, 07 December 2017 02:26 PM

කුමා මයා වෙත, අප කියන්නේ කාලකන්නි බැඳුම්කර හොර රැල පමණක් නොව, මීට පෙර සහ දැනටත් අපගේ රීරිමාංශ ගිලින අය ගැනත් හොයන්න ඕනෑ...

:       140       792

danushkFriday, 08 December 2017 04:56 AM

වැඩක් නැහැ අපේ මිනිස්සු ගෙන කතා කරලා. තමුන්ගේ පක්ෂේ එකා කොච්චර හොරකම් කලත් සුද්ද කරනවා. බැදුම්කර හොරු, හයි වේ හොරු, එයාපොර්ට් හොරු, ගොඩනැගිලි කුලියෙන් හම්බකරන හොරු, පොර්ට් හොරු , තීරු බදු රහිත වාහන ලෙස නීත්‍යානුකුලව හොරකම් කරන හොරු . මුන් සේරම බොන්නේ අපේ ලේ කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.

:       0       54

ravindra Thursday, 07 December 2017 12:19 PM

ජෝඩුවම ඔරිජිනල් එජාපෙ.. ඒත් කෝ එජාපෙ කාරයෝ?

:       39       91

kumar (galf) Thursday, 07 December 2017 12:50 PM

මොනපැත්ත පෙරළුනත් මේ පන්තියේ අය ගොඩ, තැලෙන්නේ පොදුජනයා විතරයි.

:       268       566

nimmi Thursday, 07 December 2017 02:02 PM

දකින්නත් ආසයි. මහින්ද ජනාධිපතිතුමා මෛත්‍රිපාල ඇමතිතුමාට උදව් කලා නම් අද රට මේ තරම් පහලට වටෙන්නේ නැහැ. එ්ත් එතුමාටම දොස් කියන්නත් බැහැ. මහින්ද මහතාට ජනාධිපති වෙන්න මෛත්‍රී මහතා කරපු උදව්වකුත් නැහැනේ. චන්ද්‍රිකා නෝනා එක්ක එකතු වෙලා හතුරුකම් කර මිසක්...

:       74       272

ajit Thursday, 07 December 2017 03:20 PM

රෑ දනියෙල්, දවල් මිගෙල් කියන්නේ මේවට තමයි.. පොඩි මිනිහා හැමදාම මේ අය වෙනුවෙන් රැවටෙනවා.

:       0       129

sachithFriday, 08 December 2017 02:48 AM

කුමාර් (ගල්ෆ්) හා අජිත්, ඔබ දෙපලගේ අදහස් දැක්වීම මේ රටේ බහුතරයකට තේරුම් ගන්න බෑ. හැමදාම දුක් විද විද ඉන්න අසාව තියෙන්නේ. දැන් බලන්න දුම්රිය වර්ජනෙන් මිනිස්සු කොච්චර දුක් විදිනවද, එත් රටේ ඇති බහුතරයකට වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ බොලද දේවල්.

:       0       11

erdi Thursday, 07 December 2017 03:28 PM

ලක්ෂ්මන් යාපා අබේවර්ධනලාට කොහොමත් කරල පැහිලා තියෙන්නේ...... මෛත්‍රිපාල මොකද? මහින්ද මොකද? එදත් එක්සත් ජාතික පක්ෂේ ඉන්නකම්ම කඩේ ගියේ මහින්දට. අපි තමා මෝඩයෝ වගේ කතිර ගහන්නේ.

:       1       214

අමල් Thursday, 07 December 2017 05:16 PM

ගොඩක් අය නොදන්නවා වුණාට මේක තමයි දේශපාලනේ ඇත්තම තත්වය. එ්ත් බලයට එන්න හදන බලයේ ඉන්න මිනිස්සු තමයි මේ රටේ මිනිස්සු අන්තිම කතා විදියට ක්‍රෝධ කරවන්නේ. හිතේ තරහක් ඇති කරවන්නේ මේ මිනිස්සුම තමයි. ඡන්ද දායක පොඩි මිනිහා උදේ පටන් ගන්නේ තව කෙනෙකුට බැනගෙන, උදේ හවස මාධ්‍යෙය් ඇහෙන්නේ දෙපැත්තට බෙදිලා බලේ ගන්න කෑගහන විදියයි. රෑ වෙනකොට මිනිහ නිදා ගන්නෙත් ඒ තරහෙන්මයි. එ්ත් ඇත්තටම වැඩියෙන්ම දුක් වෙන්නේ හිත් කලකිරීමෙන් ඉන්නේ බලය ඕනේ මිනිස්සුමද නැත්නම් ඡන්ද දායකයින්ද? ආණ්ඩු කීයක් අාවද? ජනාධිපතිවරු මහරජ වගේ ඉන්න අයලා කොපමණ බිහිවුණාද? එ්ත් බස් හරි කෝච්චි වර්ජනයක් වුණාම පේනවා මිනිස්සු මාස් පඩිය ගන්න වෙහෙසෙන විදිය. එ්ත් අාපු කවුරුවත් ඔය මිනිසුන්ගේ ගමන් බිමන් වලට නිසි විසඳුමක් දුන්නද? අවුරුදු 5කට කලින් වැඩට ගියෙත් එහෙමයි... අද යන්නෙත් එහෙමයි.

:       0       1

td Thursday, 07 December 2017 05:31 PM

මෛත්‍රී ජනාධිපතිතුමනි, අලියාගේ පිටෙන්නම් බහිනවා තියා හිතන්නවත් එපා. කොහොමත් අලියාගේ පිටේ යන එක තමා ආරක්ෂාවට ගොඩාක් හොඳ බව අමතක කරන්න එපා. අලියා ඔබතුමාව කොහොමත් ආරක්ෂා කරනවා. මෝඩකමට අලියාගේ පිටින් බැස්සොත් බැස්සම තමයි.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 07 December 2017 05:31 PM

කුරහන් සාටකය තිබුණට මුහුණේ සිනහවක් තිබ්බා මේ උත්සවය මීට වඩා ලස්සන වෙන්න තිබුණා නේද ? 5 වැනි සහ 6 වැනි පින්තූර ගැනයි මම කියන්නේ...

:       0       0

කසුන් Thursday, 07 December 2017 06:49 PM

පේනවා නේද අපි ජීවත්වන සමාජයේ වරප්‍රසාද ලත් අතළොස්සකට පමණි....මෙවැනි විශේෂ අවස්ථා ලැබෙනුයේ. ලබන ආත්මයේදී ජඩ දේශපාලකයෙක්ගේ වන්දිභට්ටයෙක් ගේ පුතෙක් වී ඉපදෙන්නට පෙරුම් පුරමි !!

:       0       0

priyantha Thursday, 07 December 2017 08:47 PM

අනගතයක පෙර නිමිති...

:       0       0

WASANTH Thursday, 07 December 2017 08:54 PM

මැතිවරණ වේදිකාවේ එකක්... මගුල් ගෙදර මේසේ ලඟ තව එකක්... ඡන්දදායක අපේ අයට මේවා කවදා වැටහේවිදෝ?

:       0       10

narada Thursday, 07 December 2017 10:13 PM

මේ ගොල්ලෝ ඔක්කොම එක පැත්තේ. මෝඩ මහජනයා විතරයි පිල් බෙදිලා ඇනකොටා ගන්නේ. මේවා අපිට හොඳ පාඩම්.

:       0       5

Bamunuarachchi Thursday, 07 December 2017 10:54 PM

රනිල් රටට කරපු ආර්ථික පරිහානියටත් මේ දෙපලට සාක්ෂි දෙන්න වේවි.

:       0       3

Bamunuarachchi Thursday, 07 December 2017 11:06 PM

ජෝඩුව ලස්සනයි. මම සුබ අනාගතයක් පතනවා.

:       0       1

Sathyayaa Friday, 08 December 2017 12:22 AM

මහින්දට ජනාධිපතිකම නැති වුණා කියලා "කෝචක්" හිනාව නැතිවෙලා නැහැ. ඔය හිනාවට මිනිස්සු මොනතරම් රැවටුණාද? බැසිල් මහතාත් එහෙමයි. ගෝඨභය මහතා ඡන්ද ඉල්ලන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් පවුලේ කෝචක් හිනාවත් අනිවාර්යයෙන්ම ආරුඪ කරගන්න වෙනවා. ලංකාවේ හැටියට එහෙම නොකලොත් මහින්ද ආයෙත් උඩට එනවා. ඒ සඳහා ඔහුට අවශ්‍ය වන්නේ මොළයක් නොව සිනහවක් පමණයි.

:       0       2

gunarathna Friday, 08 December 2017 12:51 AM

මෛත්‍රී මහත්තයෝ මෝඩි කිට් එක දාගෙන ගියානම් කොපමණ ලස්සනද නේද.ජනාධිපති හැටියට මහින්දට වඩා ලස්සනට උත්සව වලට සභාගී වෙන්ඩ ඕනේ. දැන්මෙතන කැපිල පේන්නේ මහින්දනේ.

:       1       1

lion Friday, 08 December 2017 01:20 AM

මේ මගුල් පවත්වන්න වියදම් කරන මුදල් කන්දරාව මේ යෝදය හොයාගත්තේ කෙසේද?. මොහුගේ පඩිය දේශපාලනයට ආදා ඉඳලා එකතුකලත් මේ සුපිරි හෝටලයේ මේ යෝදයට මේ මගුල පවත්වන්න බැහැ.

:       1       32

sahan Friday, 08 December 2017 01:26 AM

අනේ මේ දෙන්නගේ කසාදෙට අපේ සුබපැතුම්, දැන් ගම්වල ඉන්න බයියන්ට සහ ගොයියන්ට බඩ කපා ගන්න හිතෙනවා ඇති නේද , ගමේ උන් මේ දෙන්න වෙනුවෙන් මරා ගත්තට , දෙන්නම එක වගේ එක පතේ කෑ උදවියනේ................

:       0       7

Bamunuarachchi Friday, 08 December 2017 01:36 AM

කොහෙද කලිසම අඳින්න දන්නෙත් නැහැ ආරියසිංහල ඇඳුම අදින්න දන්නෙත් නැහැ. මේවගේ උත්සව ස්ථානයකට එනකොට ඔය ජාතික ඇඳුමට අයත් කර පටිය දාන්න පුරුදු වෙයල්ලකෝ. මනාල මහතානම් අපරාදේ කියන්න බැහැ සුදු කරපටියක් පැලනද ගෙන ඉන්න බව පෙනෙනවා.

:       2       0

Ajantha Friday, 08 December 2017 08:36 AM

එම් සහ එම් නියම දෙන්නා මෙන්න. ආණ්ඩුව වෙනස්වෙලා නොවේද? අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරාකන අයගෙන් එයාලට මගුල් ... අපට අවමගුල් !!!

:       0       0

Reks Friday, 08 December 2017 12:44 PM

අපිට ඉතින් දෙයියෝ සාක්කි තමයි.

:       0       0

wasanth Saturday, 09 December 2017 08:55 AM

මේක තමයි දේශපාලනේ.. දවල් මිගෙල් රෑ ඩැනියල් ...!!!

:       0       0

ajith ke Thursday, 14 December 2017 01:28 AM

මේවගේ ජීවිතයේ වැදගත් අවස්ථාවකට සම්බන්ධ කරගන්න උවමනා වෙන්නේ නයි මුගටි වගේ මිනිස්සු නොවෙයි. කරුණාබර හදවත් තිබෙන පුද්ගලයෝයි. නව යුවලට යහපත් අනාගතයක් වේවා! පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site